Welcome, Guest. Please login or register.

Username: Password:

Author Topic: අලි අල්ලා හීලෑ කිරීම  (Read 1556 times)

admin

  • Nade Gura Travel & Conservation Society Forum
  • Administrator
  • Jr. Member
  • *****
  • Karma: +0/-0
  • Posts: 82
    • View Profile
    • Nade Gura Travel & Conservation Society
අලි අල්ලා හීලෑ කිරීම
« on: April 30, 2013, 09:37:33 PM »



චාමර උදයංග සොයුරාගේ නඩේ ගුරා සංවිධානය වෙනුවෙන් සැපයු විග්‍රහයක්
(Copyright 2013 | All Rights Reserved to the Author)

අලි අල්ලා හීලෑ කිරීම අදින් වසර 3000-3500 එහා දිවයන්නක්. රාවණා රජතුමාගෙ ඇතා ඝර්ජන කියල සඳහන්වෙනව ඒ වගේම සමන් දෙවියන්ගෙ වාහනය සුදු ඇතෙක් සමන්දෙවියො කියන්නෙ රාවණ පරම්පරාවට නෑකම් කියන කෙනෙක් කියලයි විශ්වාසය. ඉතින් වර්තමානයේ සමන්දෙවියො නමින් අප විසින් හඳුන්වන උත්තමයත් ඒ කාලෙ ගමන් බිමන් යන්න තමන්ගෙ වාහනය විදියට යොදාගෙන තියෙන්නෙ ඇලි (Albino) එහෙමත් නැත්නම් සුදු ඇතෙක්. එයින් ගම්යො වන්නේ රාවණ යුගයේ පවා අලි ඇතුන් හීලෑකොට මිනිසුන් විසින් භාවිතා කර ඇති බවයි.

හින්දු ආභාශයට අනුව රචිත ගජ ශාස්ත්‍රය,මාතාංග ලීලා, මහා භාරතය වැනි ග්‍රන්ථ වලත් බුද්ධ චරිතයේ එන ජාතක කථා වලත් අලි ඇතුන් ගැන සඳහන්වෙලා තියෙනව. බුද්ධ චරිතයෙදි අපට මුලින්ම ඇතෙක් සම්බන්ධ වෙන්නෙ මහා මයා දේවිය දුටු සිහිනයෙදි. එතුමිය දුටු සිහිනයට අනුව සුදු නෙළුම් මලක් සොඩ දරපු සුදු ඇත්පැටවෙක් දකුණු ඇලයෙන් කුස තුලට ඇතුල් උනා එයින් සිදුහත් කුමාරය මහාමයා දේවියගෙ කුස පිලිසිඳ ගැනීම සංකේතවත් වෙනව. දෙවන අවස්ථාව සුද්ධෝදන රජතුමා වප්මගුල් උත්සවයෙදි රන් නගුලක් යෙදූ ඇතුන් ලවා සීසාන අවස්ථාව ඒ වගේම නාලාගිරි ධමනය,වෙස්සන්තර ජාතකය, භද්‍රාවතී ඇතින්නගෙ කථා පුවත් වලදි අතීතයේ අලි ඇතුන් හීලෑ කිරීම ගැන සාක්ෂි සපයගන්න පුළුවන්.

සිංහලයන් අලි ඇතුන් ඇල්ලීමට ක්‍රම තුනක් අනුගමනය කරල තියෙනව. එනම් මදු ගැසීම (Noosing) මත් බෙහෙත් වර්ග උපායහීලීව අලියාට දී අල්ලාගෙන හීලෑ කිරීම (Doping) සහ විශාල වැටක් හෝ කොටුවක් තුළට අලි කොටුකර අල්ලා ගැනීම (Elephant Kraal) සිංහල රජ කාලයේ දී අලි ඇල්ලීමේ වඩාම ජනප්‍රිය ක්‍රමය වූයේ මදු ගැසීමයි. බිම්මන්ද, ගස්මන්ද,අත්මන්ද යන ක්‍රම මදු ගැසීමට භාවිතා කරල තියෙනව. ඒ වගේම මත් බෙහෙත් යොදල බොරැ වලවල් කපල අලි අල්ලගෙන තියෙනව. ඉතාම මෑත කාලයෙදි තමයි නිර්වින්දනය කරල අලි ඇල්ලීමේ ක්‍රමය බටහිර වෛද්යද වරැන් හදුන්වා දුන්නෙ. අලි ගාල(Elephant Kraal) ක්රලමය වඩාත්ම ජනප්‍රිය උනේ ඉංග්‍රීසි පාලන සමයෙදි.

සිංහල රජ දවස අලි ඇතුන් ඇල්ලීම සිදුකලේ කුරැවේ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රජාව. ඔවුන් හැදින්වූයේ කුරැවේ මිනිසුන් කියල. මේ පරම්පරා වලින් පැවත එන අය අදටත් ලංකාවේ නොයෙක් ප්‍රදේශවල ජීවත් වෙනව. සිංහල රජ වරැන් ඇතැම් අව්ස්ථා කුරැවේ දෙපාර්තමේන්තුවේ රාජකාරි සඳහා දකුණු ඉන්දියාවෙන් ගෝන් (Gond) වංශිකයින් ‍ගෙන්වාගෙන තියෙනව ඔවුන් පසුව සිය රටට නොගොස් ලංකාවේ ස්ථිර පිදිංචිකරැවන් වූ බව අපේ විත්ති පොත්වල සඳහන්වෙලා තියෙනව(Elephant Kraal) ක්‍රමය හෙළ දිවට හැඳුන්වා දී තිබෙන්නේ මෙම ගෝන් වංශිකයින් යැයි පැරණී මූලාශ්රනවල සඳහන් වේ. .

පෘතුගීසි ලංදේසි යුගවලත් මොවුන් කුරැවේ දෙපාර්තමේන්තුවේ රාජකාරි ඉටුකර තිබෙනව. ඈත අතීතයේ හෙළ රජ දවස විදේශ නිවිමය උපයන ව්‍යාපාරයක් වූ අලි ඇතුන් අල්ලා හීලෑ කිරීම රජයේ සේවයට අයත් උප සංස්කෘතියක් ලෙස පැවතුණි මෙම ඇත් පන්තියේ සේවය කිරිම එදා රජයේ ස්ථිර රැකියාවක් වූ අතර එම සේවයට විවිධ ජන කොටස් සම්බන්ධ වී ඇත. මෙම කුරැවේ සේවයට අයත් උඩරැටියන්ගේ බහුතරය ගොවි වංශිකයෝ වූහ. ඇතිවල පණික්කියෝ, අලි බද්දෝ සහ පොරෝකාරයෝ ආදී කොටස් තුනක ගොවි වංශිකයින් උඩරට විසූ බවට අපමණ මුලාශ්‍ර ඇත. මොවුන් වාසගම් සඳහා භාවිතා කලේ ගොවි වංශයට අයත් මුදියන්සේලාගේ වාසගම් එනම් කුරැවේ මුදියන්සේලාගේ,ගංසිංහ මුදියන්සේලාගේ, ඇත්ගාලෙ මුදියන්සේලාගේ ආදී වාසගම්ය. රෝහණ ප්රංදේශයේ කුරැවේ රාජකාරිය කළ දුරාව වංශිකයින් ගජමන්ගේ, හේවා ගජමන්ගේ, පණික්කිලාගේ, මහා පණික්කිලාගේ, ගජදීරගේ, ගජවීරගේ, ගාලගේ, ගජනායකගේ, ගජසිංහගේ ආදී වාසගම් පාවිච්චි කරති.

මදු ගසා අලි අල්ලන ඉන්දියානු සම්භවයක් ඇති මුස්ලිම් ජාකතිකයින් පිරිසක් නැගෙනහිර පළාතේ විසූ බව සඳහන්ව ඇත. ඒ අනුව 1925 ජනවාරි මස 5 වෙනි දින රජයේ පත්‍ර අංක 1318 යටතේ රාජා ඇත් පැටවා නැගෙනහිර පළාතේ එරාවුර් වලදී අල්ලාගෙන ඇත්තේ මෙම ඉන්දියානු සම්භවයක් ඇති උම්මාරැ ලෙබ්බේ නැමති මුස්ලිම් ජාතිකයෙකි. ඔහු විසින් ඇත් පැටවුන් අල්ලාගෙන ඇත්තේ දළදා මාලිගාවට පූජා කිරීම සඳහා නොව ඇතුන් අල්ලා විකිණීම ඉතාම ලාභ උපයන ව්‍යාපාරයක්ව තිබූ නිසා බව ඉතාම පැහැදිලි කරැණකි. ඇත් පැටවාගේ අංග ලක්ෂණ දැක රැ 3300 ගෙවා රාජා සහ තවත් ඇත් පැටවෙකු මිලදී ගනු ලැබුවේ මාම්පිටිය දිසාව විසිනි. 1925 දී රැ 3300ක් යනු අති විශාල වටිනාකමකින් යුත් මුදලක් බව අමුතුවෙන් කිව යුතු නැත. .

එයින් උම්මාරැ ලෙබ්බේ නැමැත්තා අධික ලාභයක් ලබන්නට ඇත. 1937 ජුලි මස 31 වෙනිදා රාජා හස්තියා දළදා මාලිගාවට පූජා කරන ලද්දේ ටිකිරිබණ්ඩාර මාම්පිටිය දිසාව ශ්‍රීමතාණන් විසිනි. එසේ නම් රැපියල් දාහේ නෝට්ටුවට රාජා ඇතා සමග යෙදිය යුත්තේ උම්මාරැ ලෙබ්බේ නැමති වයාපාරිකයාද ? නැතිනම් රාජා හස්තියා අධික මුදලකට මිලදී ගෙන වසර ගණනාවක් රැකබලාගෙන ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද මාම්පිටිය උතුමාණන්වද යන්න සාධාරණව සිහිබුද්ධියෙන් යුතුව සිතා බලන්න. එය මාම්පිටිය දිසාව උත්තමයා හට සිදුකරණ ලද බලවත් අසාධාරණයක් නොවේද ? අඩුම තරමේ මාම්පිටිය දිසාවේ උතුමාණන්ගේ නොව රජ දවස අලි ඇතුන් බාරව සිටි ගජනායක නිළමේගේ රැව මේ සඳහා යොදාගන්නට තිබිණ. මෙය කළු සුද්දන්ගේ සහ මුසළුවන්ගේ තවත් කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් ද ?
Logged
 

Sitemap 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14