කබරගල කදු මුදුනේ දෙනිතින් දුටු සුන්දරත්වය

කබරගල යන්න නඩේගුරා අපි කට්ටිය කතාකරගත්ත විදියට කොටුවට ආව දීර්ග සතිඅන්ත නිවාඩුවක් නිසා අම්බානකට සෙනග කොහොම හරි ඉතින් අනිතිමට නුවර සීටීබි බසයකට ගොඩවෙදී රාත්‍රී 9ත් පහුවුනා රාත්‍රී 12-30 වෙනකොට නුවරට ලගාවුනා
සුන්දර කඩි ඇල්ල / කඩියන්ලෙන / කැටබූල ඇල්ල

සුන්දර කඩි ඇල්ල නැරබීමට නාවල පිටියට ගොස් තලව කැලේ මාර්ගයේ(B317) කිලෝ මීටර් 10ක් පමන යන විට මාර්ගයේ ඉහලින් හා පහලින් කොටස් තුනකින් සමන් විත මෙම අලංකාර දිය ඇල්ල දිස්වෙයි පොදු ප්‍රවාහන සේවයෙන් ඇල්ල නැරබීමට යනවානම් නාවල පිටියට කෝච්චියෙන් පැමින 715/1 නාවල පිටිය තලව කැලේ බසයට ගොඩවී කඩියන් ලෙනට ටිකට් ගෙන ඇල්ල ගාවින් බස්සවන්න කිවුවනම් ඇල්ගාවින්ම බැසගත හැක
හපුගස්තැන්න ( දෙහෙනකන්ද-මුක්කුවත්ත ) දුෂ්කර වනගත මාර්ගය ඔස්සේ ශ්‍රීපාදස්ථානයට

සුපුරුදු පරිදි ඉතා අගනා වටිනා වන්දනා ගමනක් යෑමේ අදිටන ඇතිව මා සිකුරාදා රාත්‍රියේ රත්නපුර, මාදම්පේ නිර්මාල්ගේ නිවසට සේන්දු උනෙමි. මා එහි යන විටත් නිර්මාල් හා මිලිදු එහි පැමිණ හමාරය. ගමනට අවශ්‍ය ආහර ද්‍රව්‍ය හා අනෙකුත් දෑ පිළියෙල කරගැනීමෙන් අනතුරුව පැය 2 1/2 පමණ කෙටි නින්දක යෙදී පාන්දර 3.30ට පමණ නිර්මාල්ගේ මව විසින් සාදාදුන් බත් හා පාන් ආදියද රැගෙන කොළඹ බලා ඇදෙන බස් රථයකට ගොඩවීමු.
අලවල පොත්ගුල් විහාරය හා පොත්ගුල් කන්ද

අත්තනගල්ල ගලපිටමඩ ප්‍රධාන මාර්ගයේ අත්තනගල්ලේ සිට කි.මි 5-6ක් පමණ ගියපසු අලවල නගරය අසලින් වමට ඇති පොත්ගුල් විහාර පාරේ මිටර 500ක් පමණ ගමන් ගත්විට දකුණු දෙසට ඇති කුඩා ඔයෙන් එතර වී සුන්දර වෙල්යාය මැදින් ගිය විට පොත්ගුල් විහාරය දක්නට ලැබේ. එමෙන්ම මෙම විහාර භූමියට අයත් තවත් භූමි භාගයක කුඩා ප්‍රමාණයේ චෛතයක් හා බණ ශාලාවක් දක්නට ලබේ. මෙම කොටස ඇත්තේ කුඩා ඔයෙන් එතර විමට පෙරයි. පුරාණ විහාරය තුල ඉපැරණි බෝධි වෘක්ෂය හා දැවැන්ත නා ගස විහාරයේ වටිනාකම ඉහළ දමයි.
දුම්බර රහස් සොයා…

නකල්ස් රක්ෂිත වනාන්තරයට මෙතරම් සිත ඇද බැද ගනුයේ එහි නිරන්තර පවතින මීදුම නිසාද එසේ නොමැති නම් සතර අත පෙනෙන කදු මුදුන් නිසාදැයි නොදනිමි. මේ සිත්කළු, නෙත්කළු බව නිසාම ඒ පිළිබද බොහෝ කරැණු සොයන්නට උත්සුක වුනෙමි. පළමුව රත්තොට හරහා රිවස්ටන් වෙතද දෙවනුව බඹරැල්ල වෙතද තෙවනුව හුන්නස්ගිරිය වෙතද පිය මනින්නේ නොයා සිටිය නොහැකි නිසාවෙන්ම විය යුතුය.
පුඩළු ඔය ඇල්ල (Dunsinane Falls)

එක් පසෙකින් ෂීන් වතුයායද අනෙක් පසින් ඩන්සිනන් වතුයායද උරුම කරගත් ඇය මෙම වතුයායන් දෙක දෙපසට කරමින් දගකාර විලසින් ඩන්සිනන් ගලාබසී
කුවේණිය දෙස් තැබූ යක්දෙස්සා ගල

යක්දෙස්සාගල කන්ද තරණය කිරීම ඉතාම අවධානම් කටයුත්තක් මෙන්ම එය තරණය කිරීමේදී මාර්ගය ගැන අවදානයෙන් සිටීම තමන්ගේ යහපත සඳහා උපකාර වේ. මන්දයත් වන සතුන් දඩයම් කිරීම සඳහා භාවිතා වන බඳින තුවක්කු මෙහි බහුලව ඇති බැවිනි.
දුම්බර දිය ලලනාවිය

රත්නපුර පානදුර මාර්ගයේ ඉංගිරිය පසු කර යනවිට පුරාන පත්තිනි දේවාලය හමුවෙයි පත්තිනි දේවාලය පසුකරනවාත් සමගම දුම්බර වතුයායේ බෝඩ් එක දිස්වෙයි එතන ගග හරහා ඇති පාලම පසු කරනවාත් සමගම පාර දෙකට බෙදෙයි ඉන් වමට හැරී මද දුරක් යනවිට පාලම් දෙක යන ස්ථානය හමුවෙයි ඇල්ල නැරබීමට ගමන් ඇරබිය යුත්තේ එතැනෙනි එතැන් සිට දොල පාරට බැස මීටර් 500ත් පමන ඉහලට ගල් මතින් යනවිට දුම්බර ලලනාවිය දිස්වෙයි
නකල්ස් සුන්දරත්වය – සේර ඇල්ල

ඔබ රිවර්ස්ටන් කඳු මුදුන හා පිටිවල පතන ඇති බවට සැකයක් නැහැ. නමුත් ඊට නුදුරින් පිහිට ඇති ඉතා සුන්දර දිය ඇල්ලක් තමයි සේර ඇල්ල. මීටර් 10 ක උසකින් කඩ හැලෙන මෙම දිය ඇල්ල තෙල්ගමු ඔයේ නිර්මාණයක්. සේර ඇල්ලේ ඇති විශේෂත්වය වන්නේ දිය ඇල්ල වැටෙන ස්ථානයේ පසුපස ගල් ගුහාවක් පිහිට තිබීමයි. මෙම නිසා මෙම දිය අනිකුත් දිය ඇලි වලට වැඩ [...]
කොළඹ දියඇලි සොයා ගියෙමු

කොළඹ ජිවත් වන අප කොළඹ දිස්ත්‍රික්කය ගැන දන්නේ මොනවද? ලංකාවේ දිය ඇලි ගැන කියවීමේදී අපට දක්නට ලැබුනේ කොළඹ දිස්ත්‍රික්කයේ ද දිය ඇලි 4 ක් ඇති බවය. මම ත් මගේ මිතුරත් කතිකා කරගත්තේ මෙම කොළඹ දිස්ත්‍රික්කයේ ඇති දිය ඇලි ගැන සොයා යාමටයි.
ඔහිය සිට කළුපහනට, යකාගේ පඩිපෙළ හරහා පාද චාරිකාවක්

පසුදින පාන්දරින්ම අප ගමන ආරම්භ කිරිමට අදහස්කර සිටියත් පෙරදින දුම්රිය ගමනේ නිදිවර්දිත බව නිසා අවදිවනවිට හත පසුවී තිබිණ. අප ගමන ආරම්භ කරනවිට අටත් පසුවී තිබිණ. මේ නිසා ගාමිණී මහතාගේ රථයෙන් අපව මහඑළිය (හෝර්ටන්තැන්න) දක්වා ඇරලවාගතිමු. මේ අතර මැදදී නැරඹිම සදහා ප්‍රවේශපත්‍ර ලබා ගත යුතුය.
වියළි සුළං රැළි දියබිඳු වළින් තෙත් කළ ගිමිහාන කඳවුර

මෙතෙක් වේලා බොහොම නිශ්චලත්වයෙන් හිටි නල කුමරුන් හෙමින් හෙමින් සිය රංගනයන් දක්වන්නට පටන් ගත්ත. මඳ වේලාවකින් සිය වේගය වැඩිකර ගත් ඔහු අපවත් ඉහළට ඔසවා ගෙන යාහැකි තරමේ රංගනයක් අපි ඉදිරියේ රඟන්නට උනේ අපේ පුංචි එවුන්ට සතුට සදා දෙමින්. හිටපු ගමන් වියරු වෙස් අරගන ඔහු රැගුවෙ ඔහුගේ නල කුමරිය ඔහු අතහැර ගිය සෝකය හා කෝපය නිසා දෝ කියලත් හිතුන.
වවුල්පනේ හිරිගල් ගුහාව – ලංකාවේ එකම අභ්‍යන්තර කිවුල් දිය ඇල්ල

මේ සංචාරක සටහන කියවන ඔබ, කවරදාක හෝ වවුල්පනේ හිරිගල් ගුහා නරඹලා තියෙනවාද? එහෙම නැතිනම්, පරිසර සංචාරකයෙක් විදිහට ඔබේ සංචාරක දිවිය සම්පූර්ණ නැතැයි කියා මම අද ඔබට කියනවා. ඒ මොකද, වසර කෝටිගනනක් පැරණි, අතිසුන්දර හිරිලඹින් සහ හිරි ටැඹින් පිරුණ වවුල්පනේ හුණුගල්ගුහා ගවේෂණයෙන් ලැබෙනා අත්දැකීම, අනෙකුත් ඒ හා සමාන පරිසර සංචාර හා සැසදීමේදී බොහෝම වෙනස් සහ විරල ගණයේ සංචාරක අත්දැකීමක් වන නිසාමයි.
ලාක්ෂා : ශ්‍රී ලංකා හස්ත කර්මාන්තයේ සොඳුරු ලකුණ

නමින් ‘ලාක්ෂා කර්මාන්තය’ එහෙමත් නැතිනම් ‘ලාකඩ කර්මාන්තය’ ලෙස හඳුන්වන මෙය අතීතයේ ආසියාව මෙන්ම යුරෝපයේද පැවතියද වර්තමානය වන විට එම සුන්දර කර්මාන්තය ඉතිරි වී ඇත්තේ ලංකාව, ඇෆ්ගනිස්තානය, පකිස්ථානය, ඉන්දියාව, මාලදිවයින සහ චීනය වැනි රටවල් අතලොස්සක පමණක් වීම කනගාටුවට කරුණකි.
සැඟවුන මං පෙතක වංහුං ඔස්සේ – පනාවිටිය අම්බලම සොයා

අම්බලමක්ය කියන්නේ පුරාණ ලංකාවේ බහුලවශයෙන් භාවිතයට ගැනුන වැදගත් පොදු ගොඩනැගිල්ලක්. බොහෝ විද්වතුන්ගේ මතය වෙලාතියෙන්නේ ගමේ වැඩිහිටියන් පොදුකාර්යන් සදහා එක්රැස්වුන රැස්වීම් ශාලාවක එහෙමත් නැතිනම් බුලත් විටක් හපමින් ඕපාදූප වල්පල් දොඩන්නට පහසුකම් සැපයූ ( මෑත කාලයේදී නම්කෝපි කඩයක ස්වරූපය ගත් ) සමාජ-ශාලාවක කාර්යය එමගින් ඉෂ්ඨ වන්නට ඇතිය කියන එකයි.
ආධ්‍යාත්මික සුවය සොයා යන්නන්ගේ නවාතැන්පොළ – කඵගල ආරණ්‍ය සේනාසනය

ඉස්සෙල්ලාම කියලා ඉන්නම්කො අද අපි කොහාටද යන්න ලක ලෑස්ති වෙන්නෙ කියලා. මේක සංචාරයක් වගේම වන්දනා ගමනක් වශයෙන් හඳුන්වන්නත් පුඵවන්. මොකද මේ ස්ථානයට එන බොහොමයක් දෙනෙක් එන්නෙ දාන වේලක් පිළියෙල කරගෙන මේ ස්ථානය වන්දනාමාන කරගෙන යන්න. අද අපි මේ යන්න සූදානම් වෙන්නේ කඵගල ආරණ්‍ය සේනාසනයට.



