නිහඩ අරණ සල්ගල ආරණ්‍ය සේණාසනය

image011

ගවේෂණශිලී කාගේත් බලාපොරොත්තුව තමයි කෙටිකාලයකින් අඩු වියදමකින් විදින්න පුලුවන් විවිදත්වයක් සහිත ස්ථානයන්ට එක චාරිකාවකින් ළගා විම , අන්න එවැනි අයවෙනුවෙන් තමයි අද දවසේ සිට ඉදිරියට මම චාරිකා සටහන් ඉදිරිපත් කරන්නේ. මේ යටතේ සල්ගල සල්ගල අරණ්‍ය සේණාසනය(ගලපිටමඩ), දුනුමාල ඇල්ල ( අල්ගම ) , අලවල පොත්ගුල් ගල්ලෙන් රජමහාවිහාරය, අත්තනගල්ල රජ මහාවිහාරය යන ස්ථාන පිළිඹදව සටහන් තබනවා.

කිරිගල්පොත්තේ චුරු චුරුවෙන් ඇරඹී ලෝකාන්තයෙන් දෝරගලා ගිය වසන්ත කඳවුර

image027

අපි මහ නිදහස් ජාතියක්ලු. දේශමාමක කම ඉහින් කනින් බේරෙන්නෙ. ඒත් තවමත් අපේ ජාතික මහා උරුමයන් හඳුන්වන්නෙ අපේ රටට වින කරපු පරගැති සුද්දන්ගෙ නමින්. කොහොමෙන් කොහොමෙන් හරි අපේ පැරැුන්නො මහඑළිය තැන්න හෙවත් ගෝනතැන්න කියල හඳුන්වපු ඒ අයස්කාන්ත පරිසර පද්ධතිය හොයාගෙන අපේ ළමා සමාජ දරුවනුත් කැටුව ගිය ඒ වසන්ත කඳවුර ගැන ලියන ලියැවිල්ල වෙනදට වැඩිය වෙනස් මුහුණුවරක් අරගෙන.

දඹදෙණි රජුන් මාළිගා තැනූ මාළිගා ගල

pic 5

දඹදෙණිය විහාරයට යාමට කොළඹ – කුරුණෑගල ප්‍රධාන පාරෙන් අතුරු පාරට හැරීමට සූදානම් වන විට අපට ‘වඩුවා කෙටු ගල’ පැහැදිලිව දැකගන්නට ලැබුනි. වඩුවා කෙටුවා යැයි පැවසෙන පඩිපෙල ඉතා පැහැදිලිව දැකගත හැකිවිය.එහි යාමට මාර්ගයක් නොදත් හෙයින් ප්‍රථමයෙන් මාළිගා ගල ද දෙවනුව පාර අසාගෙන වඩුවා කෙටු ගල යාමට අපි තීරණය කලෙමු.

වන මැද සැගවුනු ඔලංගල ආරණ්‍ය සේනාසනය

image013

විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හමාර කළ අපි වසර 3 හමාරක් ගෙවපු ඌව වෙල්ලස හැර යාමට පෙර යෙදුනු පුන්චි සංචාරයේ එක් නැවතුම් පොලක් බවට අහම්බෙන් ඔලංගල ශ්‍රී සුදර්ශන ආරණ්‍ය සේනාසන පුදබිම පත් වුනා.

වළගම්බා අතීතය සමග පිළිකුත්තුවට

image013

කොළඹ නුවර පාරේ මිරිස් වත්ත හන්දියෙන් හැරි වතුරගම ප්‍රධාන පාරේ කී.මී. 05 ක් පමණ ගිය පසු ඇති පිළිකුත්තුව හන්දියෙන් වමට හැරි මි. 500 ක් පමණ ගිය පසු පිළිකුත්තුව විහාරයට ලගා වන්න පුලුවන්. පිළිකුත්තුව යනු මෙම විහාරය හා ගම හදුන්වන නාමයයි. වළගම්බා රජු පහත රට සැගව සිටින කාලයේ පිළිකුත්තුව ලෙන් ගුහාතුල වැඩි කාලයක් සැගවිසිටිබව කියවේ.

හුදෙකලා නිම්නය (සිංහරාජය)

image015

අපේ අරමුණ වෙලා තිබුනෙ අඵත්ගමට ඇවිත් එතනින් මතුගම පාරෙ මතුගමට ඇවිත් අගලවත්ත, කුකුළේගඟ හරහා කලවානට ඇවිත් එතනින් සිංහරාජෙට යන එකයි. අපි කලිං ගණං හදලා තිබුණු විදියට අම්බලන්ගොඩ ඉඳං කලවානට කිලෝ මීටර් 150ක් විතර තියෙනවා. කුකුළේගඟ හරහා කලවානට යන අතරමඟ බලන්න දේවල් ගානක්ම තියෙනවා කියලා අපේ නඩේ සනත් අපිට කලින්ම කියල තිබුණා. ඒවත් බලාගෙනම අපි ඉස්සරහට යමුකො.

සුන්දර මාලිගාතැන්න

maligathenna

නිවාඩු දිනයක බොහොම පහසුවෙන් ළගා විය හැකි නමුත් සුන්දරත්වයෙන් පිරුනු වටපිටාවක අසිරිය විදින්න කැමතිනම් මෙන්න සුදුසුම තැනක්, මාලිගාතැන්න. මාලිගාතැන්නට කොළඹ නුවර මාර්ගයේ මිරිස්වත්ත හන්දියෙන් හැරි වතුරගම පාරේ ගොස් බොහොම ලෙහෙසියෙන් ළගාවෙන්න පුලුවන් !

නකල්ස් කඳු අතරින් මීමුරේට ගිය ගමන

meemure25

කාලෙකින් කොහෙවත් යන්න බැරිඋන නිසා හිතුවා යන්න කොහෙවත් දිහාවක්.හැමදාමත් යන සුපුරුදු ජනප්‍රිය තැන් වලින් වෙනස් වෙලා යන්න තැනක් කල්පනා කරනකොට තමයි හිතුනේ නකල්ස් කදුවලින් වටවෙච්ච මීමුරේ ගම පැත්තේ ගියොත් ටිකක් වෙනස් අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කියලා.මේ දවස් වල කැම්පස් එකේ වැඩි වැඩක් කෙරෙන්නෙත් නැති නිසා අපි 7ක් මීමුරේ යන්න සෙට් උනා.මේ ගමන යන්ට ඒ තරං ලොකු ලැස්තියක් උනේ නං නැ.

විජයබා කොල්ලය හා කුමරි පැන්න ගල

4

මේ ගමන කියන්න යන්නෙ යන්නෙ බලන්න ගියපු තවත් තැනක් ගැන.අපේ බැච් එකේ නං බහුතරයක් දෙනා මේ තැනට ගිහින් තියෙනව.මෙතනට ළඟාවෙන්න පුලුවන් හොරණ ඉඳන් 420 බස් පාරෙ කලුතරට යන අතරමග.හොරණ මතුගම බස් එකෙනුත් ලඟා වෙන්න පුලුවන්. බස් පාර ආසන්නයෙම වගේ රෙමුණ හරියෙදි දකුණු පැත්තෙන් වංගුවකුත් සමගම මේ පර්වතය මුණ ගැහෙනව.ඒ හරියටම කලුතර මතුගම පාරවල් බෙදෙන්න ටිකකට කලින්.

මරණ භය කැන්දු බැරන්ඩිගල (Brandy Rock)

Brandy Rock 4

2011 අවුරුද්දේ නත්තල නඩේ ගුරා කණ්ඩායමේ අපි කිහිප දෙනෙකුට ඉතා සුවිශේෂී එකක් වුණා. මොකද මේ නත්තල අපි ගතකලේ මාතලේ දිස්ත්‍රිකයේ තියන රත්තොට කියල පුංචි නගරයක. අපේ ගම් රටවලින් ඈත්ව හුදකලාව ගතකල මේ කෙටි කාලය අප සියලු දෙනාගේ සිත් සතන්වල කිසිදා නොමියන සුන්දර මතකයන් සමුදායක් නිදන් කල එකක් වුණා.

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල, දූල්තොට ඇල්ල

Bambarakanda8

මේ සංචාරක සටහන කියවන බොහෝදෙනෙක් සොබාදහම් මාතාව අපේ රටට දුන්න මහානර්ඝ දායාදයක් ලෙසින් නම්කලහැකි, සංඛ්‍යාවෙන් දෙසියයකට නොඅඩු වූ සක්‍රිය දියඇලි සමූහය අතුරින් අඩුම තරමේ කිහිපයක්වත් නරඹලා ඇති (මෙතෙක් ඔබ නරඹා ඇති දියඇලි සංඛ්‍යාවේ අනුපාතය කෙතෙක් සුළුදැයි දැන් ඔබට වැටහේවි). මේ අතුරින් ලංකාවේ උසින් වැඩිම දිය ඇල්ල වූ දූල්තොට ඇල්ල වෙත ඔබව මොහොතකට රැගෙන යන්නටයි නඩේගුරාගේ මේ සූදානම.

දැරණියගල උඩමාලිබොඩ හරහා සමනල රක්ෂිතය ඔස්සේ ශ්‍රී පාද වන්දනාව

Uda Maliboda Sri Pada 1

ඔන්න ආයෙත් සිරිපාද වන්දනා සමය එලඹිලා. උදුවප් මහ පෝයෙන් ඇරඹී වෙසක් පෝයෙන් අවසන්වන සිරිපා කරුණාකිරීමේ වාරයේදී දිවයිනෙහි හතරදිගින් පැමිණෙන විවිධ ආගම් වලට අයත් ලක්ෂ ගණනක බැතිමතුන්ගෙන්, සමන් දෙවියන්ගේ අඩවියේ සමනල සිරස මත පිහිටුවා ඇති සිරිපතුල වන්දනාවට පත්වෙනවා.

ආරුகம் Bay “රළ බිඳෙන තැන” – ගිණිකොණදිග වෙරලේ දිනක්

Arugam Bay5

ගමන හරිම ඒකාකාරීය, එක දිගටම වාහනේ ඇතුලේ ගිය නිසා. හැබැයි ලාහුගල කැලේ මැද්දෙං යනකොට වට පිටාවේ තබ්බේ පුදුම දර්ශණයක්. ලා වැස්සත් එක්ක, අමුතු ගුප්ත බවක්, පාර ට ඉහලින් ඝනව වැඩුනු තුරු වියන අස්සෙන් යාන්තමට පාරට වැටෙන ආලෝකය, දෙපැත්තෙන් ඝණ කැලෑව, එක දිගට ඈතට පේන් පාර, පරිසරයට ගෙනාවේ බොහෝම අපූරු අත්දැකීමක්.

සුන්දර නරියා කන්ද හෙවත් ෆොක්ස් හිල්

fox hill diyathalawa sri lanka8

ඔබ කිසියම් දිනක උඩරට දුම්රිය මාර්ගයෙහි බණ්ඩාරවෙල දක්වා ගමන් කර ඇතිනම්, දුම්රිය හපුතලේ පසුකර දියතලාව කරා ධාවනය වන අතරතුරදී ඔබේ වම්පසින් විහිදුන නිම්නය මැදින් නැගීසිටිනා සුදුපැහැ නරියකුගේ රුව සහිත නරියා කන්ද නැතහොත් ෆොක්ස් හිල් දැකඇතුවාට සැක නැහැ. ඒත් ඔබ නිකමට හෝ සිතුවාද ඔබට යම්දවසක මේ ස්ථානය ආසන්නයට ගොස් එහි සුන්දරත්වය අත් විදින්නට හැකිවේය කියා. එහෙම හිතුවත් නැතත් මේ ආරාධනය නඩේගුරා සමග ෆොක්ස් හිල් සංචාරයකට එක්වෙන්නටයි.

රත්නපුර – බලංගොඩ චාරිකාව 3 (කල්තොට දුවිලි ඇල්ල,සමනල වැව,බඹරකන්ද ඇල්ල)

291835_10150492378679202_706944201_11076612_1284390921_n

බලංගොඩ මානවයා සොයා ගැනීම සිදුවුයේ මෙම දිය ඇල්ල ඇශ්‍රිත බෙල්ලන් බැදි පැලැස්ස ග්‍රාමයෙන් බව සදහන්ය.ලංකාවේ දුවිලි ඇලි 5ක් දක්නට ලැබෙන අතර මෙය ඉන් එකකි.සමන් දෙවියන් විසින් මැවිවැයි ගැමියන් විශ්වාස කරන මෙය, සොයාගත්තේ අලි දඩයමේ ගිය ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයෙකි.

රත්නපුර – බලංගොඩ චාරිකාව 2 (කුරගල – වැනසී යන බෞද්ධ උරැමය)

312617_10150492357619202_706944201_11076482_487261346_n

උදැසන, 7ට පමණ බලංගොඩ රෙසිට් ඉන් වෙතින් පිටත් වුයේ දෙවන දිනයේ ප්‍රථම නැරඹුම් ස්ථානය වු කුරගල බලාය. බලංගොඩ සිට කුරගලට වු කිලෝමිටර් 22, කල්තොට මාර්ගය ඔස්සේ යැමට සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 45ක් පමණ වුවද, රියදුරා කල්තොට මාර්ගය වෙනුවට බෙලිහුල් ඔය දෙසට යැම නිසා,පඹහින්නෙන් හැරි උදැසන ආහාරයද ගෙන සමනල වැව මාර්ගය ඔස්සේ රජවකට පැමිණ කුරගලට පැමිණන විට උදැසන 9.30 පමණ වි තිබිනි.

  • Page 1 of 5
  • 1
  • 2
  • 3
  • ...
  • 5
  • >