දෙවුන්දර ප්‍රදීපාගාරය (උස අඩි 161)
admin | Nov 09, 2010 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 7
| කතෘ : දිනේෂ් ඩෙකර් | ||||
| කතෘ හා සම්බන්ද වන්න : dineshdsd@gmail.com | 0716- 818740 | ||||
| අවුරුද්ද & මාසය | දින ගණන | පුද්ගලයන් | කාලගුණය | ප්‍රවාහනය |
| අප්‍රේ, 2010 | 3 | 4 | අවුව ඇති | මෝටර් රථය |
| මාර්ගය | ||||
| උණවටුන -> මාතර -> දෙවුන්දර | ||||
| නවාතැන | ||||
| උණවටුනේ නවාතැනක් | ||||
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් | ||||
පිදුම, මගේ ආදරණිය බිරිඳටඋතුරු කොනට පා තබා සිටි අප දකුණු කොන නැරඹීමට තීරණය කලේ හදිස්සියේය. අප අරමුණ වුයේ දෙවුන්දර ප්‍රදීපාගාරය නැරඹීමය. අපගේ වාසනාවට ගමනට එක් වූ එක් පුද්ගලයෙක් වරාය අධිකාරියේ ඉහල නිලයක් දරන පුද්ගලයෙකි. එමනිසා අවසර ගැනීම ඉතා පහසු කාර්යයක් විය. පෙරවරු 9.30 ට පමණ උණවටුනෙන් පිටත් වූ අපි පෙරවරු 11.30 පමණ වනවිට මාතරට ලඟා විය. තෙරක් නොපෙනෙන සාගරය මැදින් ඈතින් අපට දිස්වුයේ අපගේ ගමනාන්තය ය. මාතර නගරය පසුකර ඉදිරියට යාමේදී දෙවුන්දර ප්‍රදීපාගාරයට ඇති දුර දැක්වෙන නාමපුවරුවක් ප්‍රදර්ශනය කර ඇත. ඉතා සුළු දුරක් ගමන්කිරීමෙන් පසු මාතර දේවාලය ලඟින් වමට හැරී ගමන් කල යුතුය. එම පාරේ ඕනෑම වාහනයක් ගමන් කිරීමට හැකිය. ටික වෙලාවකින් අපේ ගමනාන්තයට පිවිසියෙමු. වහනය ගාල් කර ප්‍රදීපාගාරයට දෙසට ඇවිදින විට අප නෙත ගැටුනේ නිල්වන් පාටින් බබලන සාගරයයි. ප්‍රදීපාගාරය වනාහි විශ්මය දනවන නිර්මාණයකි. එහි නඩත්තු කටයුතු වරාය අධිකාරිය විසින් මනාලෙස ඉටුකර ඇති බව අපට බැලූ බැල්මට හැඟී ගියේය. අප සෙමින් සෙමින් ඉදිරියටම පියමන් කළෙමු…
|
||||
ගොනු කර ඇත්තේ: පෞරාණික උරුමය
Tags: දෙයියන්දර • දෙව්න්දර තුඩුව • දෙවුන්දර • දෙවුන්දර ප්‍රදීපාගාරය • ප්‍රදීපාගාරය • මාතර • ශ්‍රී ලංකාව

ප්‍රදීපාගාරය පිලිබඳ නාමපුවරුව 

ප්‍රදීපාගාරයට ඇතුල් වන්නේ කළු දොරෙනි
ප්‍රදීපාගාරයේ ඇතුලත 
ප්‍රථම විදුලි පහන හා ජනේලයක් 
පහත සිටින මිනිසුන් කුහුඹුවන් මෙනි…
සුන්දර දක්ෂිණ වෙරල තීරය
නෑමට සුදුසු ස්ථානයක් 




Hi Dinesh,
මේක නම් මරු !
ලේසියෙන් ලන් වෙන්න සහ රස විදින්න පුලුවන් උනාට ඈතුලට යන්න කෙනෙකුට ලෑබෙන්නෙ බොහොම කලාතුරකින්
Enjoyed reading your travel story and thank you very much for sharing such rare experience.
BR
viraj
බොහොම ස්තුති විරාජ්
එල දිනේෂ් මේ වැඩෙ නම් සිංහලින් දාපු එක නම් හොදයි පුළුවන් නම් බලමු ඔක්කොම සිංහලින් දාන්න මටත් පුළුවන් උදව්වක් දෙන්නම් දිගටම කරගෙන යන්න මමත් ඔතනට ගියා නමුත් ඉතින් උඩට යන්න තමයි බැරි
බොහෝම ස්තුතියි අසංක
භය වෙන්න එපා මේ වැඩේ දිගටම කරගෙන යනවා
සපෝර්ට් එකක් දෙන්න ට්‍රිප් රිපෝර්ට් දාලා
ගිහින් බලන්න වටිනා තැනක්. මමත් තාම ගිහින් නෑ. ස්තූතියි තොරතුරු වලට..
බොහෝම ස්තුතියි
ලස්සන විස්තරයක් මෙකට යන්න අවසර ගන්න ඔනි කොහොමඩ කියල ඩනගන්න පුලුවන් නම් ලොකු ඩෙයක්