සිගිරිය අප්සරාවන්ගේ වැඳුම් පිදුම් ලැබූ පිඳුරංගල

කතෘ : දිනේෂ් ඩෙකර්
කතෘ හා සම්බන්ද වන්න : dineshdsd@gmail.com | 0716- 818740
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
අගෝ, 2010 3 4 වලාකුලින් බර මෝටර් රථය
මාර්ගය
කඩවත  -> දඹුල්ල -> සිගිරිය ->පිදුරංගල
නවාතැන
බැක් ඇන්ඩ් බියොන්ඩ් දෙහිගහ ඇල
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • විශේෂ ස්තුතිය ලක්දසුන් සංවිධානයට

  • නවාතැන් පහසුකම් සැපයීම පිලිබඳ යොහාන්ට ස්තුතිය

  • අඩුම තරමින් ජලය ලීටරයක්වත් ළඟ තබා ගන්න

  • චමත්කාරජනක දසුන් සඳහා හවස් භාගය ඉතා යෝග්‍යය.

  • පරිසය සුරකින්න

පිදුම, මගේ ආදරණිය බිරිඳට හා මාගේ නඩේට

ප්‍රථමයෙන් පිඳුරංගල නම අසු සැනින් බොහෝ සංචාරකයෝ පුදුම වන බවත් එය ඇත්තේ කොහේ දැයි පෙරලා විමසන බවත් ප්‍රකට රහසකි. පිඳුරංගල පිහිටා ඇත්තේ සීගිරියේ සිට කි.මි 2 කක් වැනි ඉතා කුඩා දුරකිනි. එනමුත් මෙම ඓතිහාසික ආකර්ෂනික පූජනීය ස්ථානය සිගිරිය නැරඹීමට එන පුද්ගලයන් හට මගහැරී යයි.


පිඳුරංගල හා සිගිරිය එකිනෙකට මුහුණලා පවතී


පිඳුරංගල


සිගිරි අප්සරාවන් පිඳුරංගල වැඳීමට මල් අරන් යාම චිත්‍රයෙන්

කස්සප රජතුමන් සිගිරිය තමාගේ බලකොටුව කරගැනීමට ප්‍රථමයෙන් එය රහතුන්වහන්සේ වැඩ සිටි ස්ථානයක් බවත් සිගිරිය තම බලකොටුව කරගැනීමට පෙර සියලු පහසුකම් සහිතව පිඳුරංගල ආශ්‍රමයක් ඉදි කල බවත් එහි භාවනායෝගී භික්ෂුන් 500 ක් වැඩසිටි බවද ඉතිහාසයේ සටහන් වී ඇත. සිගිරිය හා පිඳුරංගල එකිනෙකට මුහුණලා පවතින අතර එය සිගිරි අප්සරාවන්ගේ වැඳුම් පිදුම් ලැබූ ස්ථානයකි. පුරාවෘත්තයනට අනුව මහාවංශය ලියු මහානාම භික්ෂුව පිඳුරංගල වැඩසිටි බවට සාක්ෂි පවතී.


පිඳුරංගල

වෙලාව පස්වරු 5.30 ය. හතරවටින් වැහි අඳුර ගලා එමින් පැවතුනි. අප අපගේ ගමන පටන් ගත්තේ දෙගිඩියාවිකිනි. අපගේ ප්‍රදාන අරමුණ වූයේ පිඳුරංගල මුදුනේ සිට හිරු බැසීම නැරඹීමය. එමනිසා අපි පය ඉක්මන් කළෙමු. සිමෙන්තියෙන් සෑදු පියගැටපෙලකින් නූතන විහාරයට ඇතුල් වූ අපි පුරාණ විහාරය කර අපේ ගමන ආරම්භ කළෙමු. ටික දුරක් ගමන් කල පසු අප පිවිසියේ වන රොදක් තුලින් වැටී තිබු සීග්‍ර නැග්මකින් යුතු අතරින් පතර ඇති පඩි පෙලකටය. යම් දුරක් ගමන් කිරීමෙන් පසු කටරම් කෙටු ගල්ගුහාවක් තුල ඇති කැඩී ගිය බුදු පිළිමයක් හා ශිලලේකනයක් අපට හමු විය. එය වනාහි පුරාණ විහාරයයි. නමුත් අපගේ ගමනාන්තය ඉන් ඔබ්බෙන් පිහිටා ඇත.


පියගැට පෙළ


ශිලා ලිපිය වටකර ඇත


කැඩීගිය සැතපෙන පිළිමය

ආ මග සමග සංසන්දනය කිරීමේදී මෙම ස්ථානයෙන් ඔබ්බට තරමක් දුෂ්කර වූ අතර ගල්මත පය තබමින් යා යුතුය. එය අවසානයේ අංශක 30 ක් පමණවන මීටර් 50 ක ගල්තලාවක් තරණය කිරීමෙන් පිඳුරංගල මුදුනට පිවිසුනෙමු.


යා යුතු මග


ගල් මත පා තබමින්


සිගිරිය තේජාන්විත භාවය




පිඳුරංගල මුදුනේ සිගිරිය මුහුණලා ඇති ගල් කැබැල්ල

මුදුනේ ඇති සුන්දරත්වය විස්තර කිරීමට තරම් මම භාෂා විශාරදයෙක් නොවෙමි. එම නිසා කෙටියෙන් කියතොත් “අති සුන්දරය” සිගිරිය තේජාන්විතව නැගී සිටින අතර එයට මුහුණලා විශාල ගල් බෝලයක් පිඳුරංගල මුදුනේ පවතී. කුමක් නිසා තැම්පත් කලේද? කව්රුන් විසින් තැම්පත් කලේද යන්න අප අභිරහසක්ය.


මුදුනේ සිට දසුන්



ඝන අන්දකාරයෙන් වෙලී…

අප බලාපොරොත්තු වූ හිරු බැස්ම දැකීමට වාසනාවන්ත නොවුවත් අවට සුන්දරත්වය රිසි ලෙස විඳ වර්ෂාව ඇද වැටීමට පෙර අපි අපේ ගමන නිමකිරීමට උත්සුක උනත් අප බලාපොරොත්තු වුවාට කලින් ඇඳිරි වැටිණි.

ජය වේවා!



හොඳද නරකද කියන්න මෙතන කොටන්න

ගොනු කර ඇත්තේ: දිගු දුරක් ඇවිදීමපෞරාණික උරුමයවන්දනා ගමන්සංස්කෘතික සවාරි

Tags:

RSSComments (7)

Leave a Reply | Trackback URL

  1. viraj says:

    Hi Dinesh,

    Another nice story.
    මමත් පිඩුරන්ගල යන්න ආසවෙන් ඉන්නෙ. සීගිරියෙ සිට මාර්ග විස්තරය
    කොහොමද

    BR

    viraj

  2. admin says:

    බොහොම ස්තුති විරාජ්!!

    සීගිරියේ ටිකට් බලන (දිය අගල) පවතින ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් බව නාම පුවරුවක් මගින් දක්වා ඇත. එම ස්ථානයෙන් වමට හරි ගමන් කරන්න.

  3. viraj says:

    Hi Dinesh,

    ස්තුතියි

    ඵිදුරන්ගල මාර්ග විස්තරයට

    BR

    viraj

  4. Danushka says:

    From where did you take 1st and second photographs? Lovely capture and great work.

    • admin says:

      Thanks a lot Dhanushka.
      There is a lake behind Sigiriya. I can’t exactly remember the name. But if you ask a local they will show the road.

  5. මුගලන් කුමරු ඉන්දියාවට පැන ගියේ කාලිංඝ සොළී භික්‍ෂූන්ගේ උදව්වෙනි. අනාගත මහා ව්‍යසනය වටහාගත් කාශ්‍යප රජතුමා රට දැය සමයේ උන්නතිය තකා සීගිරි පර්වතයට ආවේය. ඒ වන විට සීගිරිය බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටි ස්‌ථානයක්‌ව පැවතිණි. කාශ්‍යප රජතුමා විසින් සීගිරියේ සිටි භික්‍ෂූන් වහන්සේලා සඳහා පිඳුරංගල ගල්ලෙන සකසා පූජා කළ බව පැහැදිළිය.

    අරිසෙන් අහුබුදු මහතා පවසන පරිදි ක්‍රි. පූ. 2554 – 2517 අතර කාලයේ හෙළ රජකම් කළ රාවන රජතුමාගේ ලංකා බළකොටු අතරින් සීගිරිය එකකි. ඊට කලින් සීගිරිය පිළිබඳව තවත් කථා පුවත් ජනවහරේ පවතී. එම කරුණු ද ක්‍රි. පූ. 437 දී අන්ත්‍රස්‌දානය වූ හෙළ අටුවා ඉතිහාසයේ තිබෙන්නට ඇත. සීගිරියේ ආරම්භය ගැන කියෑවෙන උතුරු ඉන්දියානු කථා ද තිබේ.

    උපුටා ගැනීම,
    http://www.divaina.com/2010/09/29/badada02.html

  6. බොහොම ස්තුති මේ පළකරපු සංචාරක සටහනට..
    මම සීගිරියේ ගියපු වෙලාවේ පිදුරංගල දැකල තිබුනට කවදාවත් ගිහින් නෑ.. කොහොම හරි දවසක යනවා…
    මේ ලිපිය දැක්කම පිදුරංගල ගැන මට හිතුන දෙයක් ලියන්න හිතුන..මේක මගේ උපකල්පනයක් පමණි.
    පිදුරංගල තියෙන්නේ සීගිරියට බොහොම සමීපව, සීගිරිය කියන්නේ රාවනා රජ්ජුරුවොන්ගේ බල කොටුවක් කියල මතයකුත් තියෙනවා.
    මට පොඩි කලේ ඉදල යන්තන් මතකයක් තියෙනවා සීගිරියේ ගිය වෙලාවක, එතන ඉන්න විස්තර කතිකයෙක් පිදුරංගල පෙන්නලා “මෙන්න මේ ගල උඩින් තමා රාවනා රජ්ජුරුවන්ගේ දඬු මොනරය අහසට නැග්ගුවේ” කියල කියනවා..
    ඒ කාලේ නං එක ගැන ටිකක් විද්‍යාත්මක පසුබිමකින් හිතන්න තරං ඔලුවක් තිබ්බේ නෑ..
    හැබැයි ලගකදී පිදුරංගල පින්තුර ටිකක් දැක්කම ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියල හිතන්නත් පුළුවන්.
    අපි නිකමට උපකල්පනය කරමු දඬු මොනරය කියල එකක් තිබ්බ කියල..සහ එක වැඩ කලා කියල..
    දැන් හොදට පිදුරංගල පින්තුරයක් බැලුවොත් පේනවා අංශක 45 ක් විතර ටියෙඅන බෑවුමක් තමයි ඔය ගල මුදුනේ තියෙන්නේ.
    ඒ කියන්නේ ගුවන් යානයක් දියත් කිරීමට සුදුසු ආනතියක්.
    ඔය ගල මුදුනේ තියෙන පථයේ දුර කොපමද කියල මට අවබෝදයක් නං නෑ..
    නමුත් ඇසේ මිම්මට මීටර් 150 ක් 200 ක් පමණ ඇති කියල හිතන්න පුළුවන්.
    සැහැල්ලු කුඩා ගුවන් යානයක් ගුවන් ගත කරන්න හැකියාව තියෙනවා කියල හිතන්න පුළුවන්.
    ඒ එක්කම මම දැකපු සාධකයක් තමයි පිදුරංගල පාමුල තියෙන වැව. වැවේ නම නං මම දන්නේ නෑ,
    යම්කිසි ගුවන් යානයක් ගුවන් ගතකලට පස්සේ එකේ මොකක් හරි දෝෂයක් ගුවන් ගත කිරීමේදී වුනොත් ඒක කඩා ගෙන වැටෙන්නේ ඔය වැවට.
    ඒක එක්තරා විදයක ආරක්ෂක උපක්‍රමයක් විදියට සලකන්න පුළුවන්.

    ඉතින් ඔය මට නිකමට හිතිච්ච දේවල් ටිකක්… හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්..

    තව ටිකක් කියවන්න කැමති අයට
    http://helayugaya.blogspot.com/2011/09/blog-post_30.html

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.