admin | Dec 01, 2010 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 23
| කතෘ : විරාජ් රත්නප්‍රිය |
| කතෘ හා සම්බන්ද වන්න : viraj_rathnapriya@yahoo.com |
|
| අවුරුද්ද & මාසය |
දින ගණන |
පුද්ගලයන් |
කාලගුණය |
ප්‍රවාහනය |
| නොවැ, 2010 |
3 |
9 |
හවස වැස්ස |
ජීප් රථ |
|
| මාර්ගය |
| නුවරඑළිය -> කඳපොල (B39) -> බෘක්සයිඩ් ->හයිෆොරෙස්ට් ->ගොනපිටිය ->මන්දාරම් නුවර
ආපසු : මන්දාරම් නුවර -> පදියපැලැල්ල -> රිකිල්ලගස්කඩ -> හඟුරන්කෙත -> මහනුවර -> කොළඹ / වේයන්ගොඩ |
| නවාතැන |
| ස්වදේශ කටයුතු සංචාරක බංගලාව – නුවරඑළිය |
|
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් |
-
කුඩෙල්ලන් ගෙන් බේරීම සදහා සාධාරණ උපක්‍රම අනුගමනය කර තිබීම වැදගත්
-
දියඇලි ආශ්‍රිතව ඇති ගල්කුළු ලිස්සන සුළු බැවින් ඒවා මත ගමන් කිරීමේදී පරිස්සම් වීම වැදගත්
-
පර්වබිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත්
-
ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න.
පිදුම, සංචාරයට රුචි ඔබ සැමට
එලමුල්ල විදුලි බලාගාරයට දිවෙන අතුරු පාරෙන් මන්දාරම් නුවර – පදියපැලැල්ල ප්‍රධාන මාර්ගයට පැමිණි ජීප් රථ යුගල පදියපැලැල්ල දෙසට ධාවනය ඇරඹුවා. ජීවිතේ පළමුවරට පයගහපු මේ සොඳුරු අඩවියේ සොබා සුන්දරත්වයෙන් මුසපත්ව හිටපු අපට නිමල් අය්යා මීට හෝරා කිහිපයකට කලින් තවත් ලස්සන දිය ඇල්ලක් ගැන කියපු මඟ විස්තරය මතක නැතිවුන එක මහ අරුමයක් උනේ නැහැ. මේ පළාත දිය ඇලි වලින් කොච්චර පොහොසත්ද කිව්වොත්; මඟ විස්තරය අහපු හැම වෙලාවේම අප යාමට බලාපොරොත්තු වන දිය ඇල්ල හරියටම තෝරලා දෙන්න ගම්වැසියන්ට සෑහෙන පරිශ්‍රමයක් දරන්න සිද්ද උනා.
මන්දාරම් නුවර
අමිලගේ ජීප් රථය
අතුරු පාරෙන් මන්දාරම් නුවර – පදියපැලැල්ල ප්‍රධාන මාර්ගයට
සුන්දර කඳු නිම්නය ඔස්සේ නාගයෙකු වගේ දඟර ගැහෙමින් දිවෙන තාරපාර දිගේ වංගු කිහිපයක් කෙලින් කරපු වාහන යුගල ගම්වැසියන්ගේ තොරතුරු ප්‍රකාරව පුංචි පාලමක් අසලින් නතර උනේ ඇතුලේ උන්න පිරිසට බිමට බහින්න ඉඟි කරමින්. වාහන වලින් බහින අයව පිළිගන්න හිටපු බඩගිනි කුඩලු හමුදාවෙහි බලාපොරොත්තු කඩකරමින් කට්ටිය හනි හනිකට තාර පාර මැද්දට පැනගත්තත් එතනින් එහාට තිබ්බ තෙත බරිත කැලේරොද සටනෙහි වාසිය කුඩල්ලන්ට අත්කර දුන්නා.
සුන්දර කඳු නිම්නය
ප්‍රධාන මාර්ගයේ ඉඳන් මීටර 75 ක් විතර දුරින් පිහිටලා තිබුනත් පාලම ලඟට දිය ඇල්ලක් ළඟ තියෙන බවට කිසිදු සලකුණක් තිබ්බේ නැහැ. ඒ නිසා තරමක තෙහෙට්ටුවෙන් හිටපු නඩේ අනෙක් අයව තවදුරටත් මහන්සි කරන්නේ නැතිව දර්ශනත් මමත් දිය කඳුර දිගේ ඉහලට ගිහින් විපරම් කරන්න තීරණය කලා. වඩා පටු තැනකින් ලෙස්සන සුළු ගල් මතුපිටින් දිය කඳුර තරණයකළ දර්ශන ඊළඟ මොහොතේදී ඔබ අප අතුරින් පළමුවෙන්ම මේ සුන්දර ලලනාව සියසින් දුටු රසවතා බවට පත්වුණා.
දර්ශන පළමුවෙන්ම මේ සුන්දර ලලනාව සියසින් දුටු රසවතා බවට පත්වුණා
දර්ශනගේ කැඳවීමෙන් පසු පිරිසක් දිය කඳුර ඔස්සේත් තවත් පිරිසක් කුඩල්ලන් සමග සටන් කරමින් ගං ඉවුර ඔස්සේත් දිය ඇල්ල වෙත ළඟා උනා. මීටර 30 කට නොඅඩු උසින් යුතු මේ සුන්දර ලාලනිය; දුන්හිඳ විලසින් තනි පිම්මකින් පාදම පිහිටි තටාකය වෙත තමන්ගේ සුහුල් සළු උනාදමමින්; තමන් වෙත පැමිණෙන රසවතුන්ගේ මන දොළ සපුරනු ලැබුවා. පිළිවෙල එහෙම උනත් පාලු වනපෙත මැද හුදකලාවූ සුන්දර යුවතියගේ රුවින් මන් මත්වී සිටි දර්ශන නැවත පියවි සිහියට පත්වන විට ලිස්සන සුළු ගල්කුලක් මතින් දියමතට පතිතව හිටියා.
මේ සුන්දර දිය ඇල්ල; දුන්හිඳ විලසින් තමන් වෙත පැමිණෙන රසවතුන්ගේ මන දොළ සපුරනු ලැබුවා
දොන් පතන් වෙච්ච දර්ශනගේ වාසනාවකට අතේ පයේ තුවාල කිසිවක් ඇතිවෙලා තිබ්බේ නැහැ. ඒත් හිතේ ලොකු තුවාලයක් ඇතිවුණා . මොකද කැමරා දෙකක් එක්ක සෙලියුලර් දුරකතනයත් කාලෙකින් නාලා.
මෙහෙම අත්දැකීමකට මේ වගේ පරිසර සංචාරයේ යෙදෙන ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්න සිද්ද වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම අවස්ථාවකදී වහා ගතයුතු පියවර ගැන, ප්‍රථමාධාර ගැන දැනගෙන ඉන්න ඕන.
ජලයට වැටුන ඉලක්ට්‍රොනික උපකරණය වහාම ක්‍රියා විරහිත කරලා බැටරිය සහ මෙමරි කාඩ් ගලවා ඉවත් කිරීමත් පවනේ වියලෙන්නට හැරීමත් ක්ෂේත්‍රයේදී කරන්න පුලුවන් දේවල්. බාබර් සාප්පුවකින් Hair Dryer එකක් හොයාගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. මීළඟට සුදුසු සේවා ආයතනයකට යවා අදාල උපකරණය සේවා කරගැනීම තමයි වඩාත්ම සුදුසු. තරමක අවදානමක් ගන්න කැමති අයට එසේ සේවා කරගන්නේ නැතිව Desiccator එකක් පාවිච්චි කරලා උපකරණය වියලා ගන්නත් පුළුවන්. සිදුරු කිහිපයක් විදගත්ත ලොකු මාරි පෙට්ටියකට 60W විතර බලුබ් එකක් දමලා රැයක් පුරා තියන එකත් විකල්ප ක්‍රමයක්. කොහොම උනත් මේ කටයුතු සියල්ල අවසන් වෙන තුරු උපකරණය ක්‍රියාත්මක නොකර ඉන්න එක තමයි ඉතාම වැදගත් කාරණය. මොකද උපකරණය වැඩකරනවාද කියල තමන් විසින්ම පරික්ෂා කරලා බැලීමේ මෝඩ සිතුවිල්ල දමනය කරගැනීමේ හැකියාව මත ඔබේ උපකරණයේ ආයුෂ රඳා පවතින බව සිහි තබාගැනීම වැදගත්.
පාලු වනපෙත මැද හුදකලාවූ සුන්දර යුවතිය
මිටියාවතට එපිටින් මිහිදුම් සළු පොරවා; නිල් පැහැයෙන් දිස් වනුයේ පිදුරුතලාගල කඳුවැටියයි
(කොහොම නමුත් සංචාරයට සහභාගීවුණ අය වගේම මේක කියවන හැමෝගෙමත් යහපතට මේ සුන්දර නදියෙන් ස්නානය කරපු ඉලක්ට්‍රොනික උපකරණ සියල්ල දින කිහිපයකට පසු යථා තත්වයට පත්කර ගන්න ලැබුණා. වාසනාවන්……)
මේ අකරතැබ්බයේ තවත් ප්‍රතිඵලයක් විදිහට අනාදිමත් කාලයක ඉඳන් ගම්වාසීන් විසින් ඇතින්නියාවල ඇල්ල ලෙසින් හදුන්වනු ලබපු මේ සුන්දර ලලනාව කැමරා වැටුන ඇල්ල විදිහට අපේ අය විසින් බව්තිස්ම කරනු ලැබුවා. මේ සංචාරක සටහන කියවන ඔබත් කිසියම් දිනයක මන්දාරම් නුවර සංචාරයක යෙදුනොත් මේ සොඳුරු යුවතියගේ සුන්දරත්වය මොහොතකට හෝ රස විඳින්න අමතක කරන්න එපා. හැබැයි එදා අපේ දර්ශන ඉලංදාරියාට සිද්ද වෙච්ච ඇබැද්දියත් අමතක නොකොළොත් තමයි හොඳ.
ජය වේවා!
|
ගොනු කර ඇත්තේ: දියඇලි
Tags: ඇතින්නියාවල • ඇතින්නියාවල ඇල්ල • ඇල්ල • පදියපැලැල්ල • මහනුවර • රිකිල්ලගස්කඩ • හඟුරන්කෙත
haරිම රසවත් වර්තවක්. oහොම යන් යන්.තව ලියන්න. අයෙත් යන්න හිතුන.
බොහොම ස්තුතියි
මේකෙ වටිනාම දේ අපේ භාෂාවෙන් වීම ජයවේවා
අපේ මව්බසට cyber අවකශයෙහි මේ වගේ ඉඩක් සලසපු එකට Admin ටත් ස්තුත්යි
නියම පොස්ට් එක . .
බොහොම ස්තුත්යි
කොහොමද මේ ගැජට් එක අපේ බ්ලොග් එකට දා ගන්නේ කියනන් පුලුවන්ද . .
http://tipslk.com/wordpress-sinhala-comment-plugin/
වෙබ් අඩවිය බලන්න
superb…keep it up
ස්තුත්යි
මම ඔබේ ඉංග්‍රීසි අඩවිය නිරන්නතර විමසන්නනෙක්. සිංහලෙන් ලිවීම ගැන සෑහෙන්න සතුටුයි. ජය වේවා…!!!
Hi Bro.
ගොඩාක් ස්තුත්යි
බොහොම අපූරුයි. මම ඔබගේ ඉංග්‍රීසියෙන් ලියවුනු සටහන් නිතර කියවන්නෙක්. මෙහි වගේම ලක්දසුන් හී දීත්. සිංහලෙන් ලිවීම ගැන ගොඩක්ම සංතෝසයි. ජය වේවා…!!!
Hi Wanni,
ඔබට බොහොම ස්තුතියි
ඔය වැනි උනන්දු කිරීමක් වටිනාකමින් දහසින් බැඳි පියල්ලක් හා සමානයි
BR
viraj
Good job, I also like to travel in my vacations, Please add every time where we can rest in Night Time. this is a One of Most Valuable Blog I see in cyberspace.
Keep going,
Good Luck
Thank you
Hi Kulatunga,
Thank you very much for the encouragement.
This format also included the place where we spent the night under ‘නවාතැන’ . Further I will forward you request to the Admin. Until the same, try the following link :
[url]http://www.forum.srilankantravellers.com/viewforum.php?f=7&sid=be19aa762577dcd20b134850a515b17a[/url]
BR
viraj
Dear ALL,
Congratulation! Keep walking! What is this fall? Atupola fall?
Hi Chamila,
This fall is known as “ඇතින්නියාවල ඇල්ල”. As per the folk stories, an elephant (tusker) had died there Looong ago. As per a result, the fall had been known as Ethinna + Mala + Ella and changed to Ethinna – Wala – Ella later.
Thanks for your encouraging words.
BR
viraj
Hi Viraj
Thank U so much for your information! You can see atupola ella in Padiyapalella, vry close to the main road. I found that there are two falls which are named as Atupola 1 and Atopola 2 in a web site. I thought, this is Atupola 1. I really appriciate the attempt that U all are making to explore our mother nation. Thank U again.
Best regards,
Chamila.
Hi Chamila.
Thanks for your interest on this topic. But this fall is neither Atupola I nor Atupola II. This is located at ‘Elamulla village’ itself with a distance of 2.5km from Mandaramnuwara. Distance to the fall from Padiyapelalla is more than 8km. Further, the location of the same is a very rural, though it is just 75m from the main road (Mandaram Nuwara – Padiyapelella).
Pls. refer the following link for Atupola I & II:
[url]http://srilankanwaterfalls.net/waterfalls/atupola1.htm[/url]
Your comments are always welcome. !
BR
viraj
Hi Chamila,
Use this link :
http://srilankanwaterfalls.net/waterfalls/atupola1.htm
හොඳ ලස්සන වචන වලින් ලියලා තියෙනවා …. හරිම හොඳ ලිපියක්……….
කොමෙන්ටුවකින් දිරිමත් කිරීම ගැන ස්තුතියි