ශ්‍රී ලංකාවේ උසම කන්ද උඩ ලැබූ සුන්දර අත්දැකීමක්… (Piduruthalagala)
admin | Dec 14, 2010 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 11
| කතෘ : දිනේෂ් ඩෙකර් | ||||
| කතෘ හා සම්බන්ද වන්න : dineshdsd@gmail.com | 0716- 818740 | ||||
| අවුරුද්ද & මාසය | දින ගණන | පුද්ගලයන් | කාලගුණය | ප්‍රවාහනය |
| නොවැ, 2010 | 3 | 9 | අවුව ඇති | ජීප් රිය |
| මාර්ගය | ||||
| කොළඹ -> අවිස්සාවේල්ල ->හැටන් ->නුවරඑළිය | ||||
| නවාතැන | ||||
| රජයේ බංගලාවක් | ||||
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් | ||||
පිදුම, මගේ ආදරණිය බිරිඳට හා මාගේ නඩේටපාසල් කාලයේ සාමාන්‍යය පෙළ විෂය ධාරාව හැදෑරු අප ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය ගැන අධ්‍යනය කිරීමේදී නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ගැන ප්‍රධාන වශයෙන් කතා කරයි. එමගිනුත් නුවරඑළිය ප්‍රධාන තැනක් ගනී. ඒ මක්නිසාදයත් අමුතුවෙන් විස්තර කලයුතු නැත. ශ්‍රී ලංකාවේ උස අතරින් ඉහල ස්ථානයක නුවරඑලිය පවතින නිසා එහි ඇති බොහෝ කඳු පන්ති උස අනුව අකාරාදී පිළිවෙලට ගොනු කිරීමේදී උස අතරින් ප්‍රධාන තැනක් ගන්නා කඳු නුවරඑළියේ පවතී.මධ්‍යහනය ළඟාවන විට නුවරඑළියට සේන්දු වූ අපිට නුවරඑළිය ඉහලින් නැගී සිටින මීටර් 2554 උසින් යුතු පිදුරුතලාගල කඳුවැටිය යාන්තම් මීදුම අතරින් දිස්වෙද්දී, මදකට නතරවුණු අප එය දෙස මදක් නෙත් දල්වා සිටිනවිට අව් රශ්මිය අතරින් මද සීතලක් දැනුනේ “පුංචි එංගලන්තයේ” සුන්දරත්වය තවත් ඔපවත් කරමිනි. මද වෙලාවක් එහි රැඳී සිට නැවත අපගේ ගමන ආරම්භ කළේය. ප්‍රථමයෙන් අපගේ නවාතැන වෙත ගොස් මුහුණ කට සෝදා ගිමන් හැරියේය. මදවේලාවකට පසු සිරි නැරඹීමට එලියට පැමිණි අපහට දක්නට ලැබුනේ කුමක්ද?ඒ අන්කවරක් නොව ශ්‍රී ලංකාවේ උසම ශිකරය වන පිදුරුතලාගලයි. අපගේ අදිටන අපරභාගයේ මෙය තරණය කිරීමයි. කොපමණ කලක් එය තරණය කිරීමට උත්සහ කලද “අධි ආරක්‍ෂිත” කලාපයක් නිසා එය සිහිනයක් පමණක් විය. මෙම දුර්ලභ අවස්ථාව ලබාගැනීමට හැකි වුයේ මා ප්‍රිය බිරිඳගේ හිතවතකුගේ මාර්ගයෙනි. (මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිඛිත අවසරය අනිවාර්යය වේ.)දහවල් දෙකේ කණිසම වදිනවිට පිදුරුතලාගල තරණය කිරීමට නික්මුණු අප ත්‍රීරෝද රථ රියදුරෙකුගෙන් පාර අසාගෙන ගමන ආරම්භ කළේය. ඔහුගේ මග පෙන්වීමට අනුව මද දුරක් යනවිට රූපවාහිනී සංකේතය සහිත නාම පුවරුවක් පසු වූ බැවින් අප ගමන් ගත් මාර්ගය නිවැරදි බව අප හට තේරුම් ගියේය.ගමන මුලසිටම නැග්මක් වූ අතර මාර්ගය යහපත් තත්වයේ පැවතුනි. මීටර් 500ක් පමණ ධාවනය කිරීමෙන් පසුව අප නෙත ගැටුනේ “පිදුරුතලාගල ප්‍රධාන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට කිලෝමීටර් 6 යි යනුවෙන් සඳහන් කල පුවරුවකටය. ඊට ඔබ්බෙන් “පිදුරුතලාගල වන සංරක්ෂිතය” යනුවෙන් සටහන් කල කහ පුවරුවක්ද විය.තවත් කිලෝමීටර් 2 ක් පමණ ගමන් කරනවිට පිදුරුතලාගල කඳු පාමුල පිහිටි ප්‍රධාන මුර කපොල්ල හමුවිය. මෙම ස්ථානයෙන් ඉදිරියට යාමට නම් ලිඛිත අවසරයක් අත්‍යවශ්‍යය.අප අත ඇති අවසර පත්‍රය පෙන්වූ විට ඔවුන් ළඟ පැවති මුල් පිටපත සමග සසඳා තොරතුරු ගැලපුන බැවින් අප හට අවසර ලැබුණි. නමුත් අවාසනාව මහත, අපගේ ජාතික හැඳුනුම්පත්,කැමරා උපාංග හා කැමරා සහිත ජංගම දුරකථන මෙහි රඳවා යා යුතු බවට අපට නියෝග ලැබුණි. අපගේ තෘප්තිය උදෙසා ජාතික ආරක්ෂාව උකසට තැබීමට අප අකමැති වූ බැවින් සියලු කාමර එහි රඳවා ගමන ආරම්භ කළේය. මෙම ස්ථානයෙන් ඔබ්බට ගමන් ආරම්භ කල විගසම අපට හමු වුයේ ටර්පන්ටයින් වන ගහනයකි, මාර්ග කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙන විට ආනතිය වැඩි වූ අතර නගම ක්‍රමයෙන් සීග්‍ර විය. ඒ අතරම දේශගුණයේ යම් වෙනසක් අප හට දැනෙන්නට විය. පරිසරයේ උෂ්ණත්වය අඩුවන අතර වංගු අතරින් ඉදිරියට ඇදෙද්දී රාජකාරියේ නියුතු සෙබළුන් රැසක් හමු විය. මෙම මාර්ගයේ පයින් ගමන් කිරීම හා හවස 7 න් පසු වාහන ඇතුළු කිරීම සපුරා තහනම්ය. කිලෝමීටර් 2 ක් පමණ පැමිණි විට වන රොද ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් මුහුණුවරක් ගත්තේය. මෙතෙක් අප දැක නැති වෛවර්ණ තුරුලතා පිදුරුතලාගල සුන්දරත්වය තවත් ඔපවත් කළේය. අපි නොනැවතීම ඉදිරියට ඇදුනෙමු. සමහර ස්ථාන පසුකරනවිට වන ආවරණය නිසා අඳුරු ගුප්ත බවක් දිස්වුනි. අප සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන විට කිලෝමීටර් 5 කණුව පසු කරන විට මුදුනට ඉතා ආසන්න බව හැඟුනේ අවට ගස් පිලිබඳ අධ්‍යනය කිරීමෙන්ය.තවත් මීටර් 100 ක් පමණ ගොස් සීග්‍ර වංගුවක් ගත් අපට අපගේ ගමනාන්තය වන පිදුරුතලාගල කන්දේ ඇන්ටනා සහිත මුදුන දිස් විය. කුතුහලය දනවමින් ඉදිරියට මීටර් 300 ක් පමණ ගමන් කරන විට අපට දැක ගන්නට ලැබුනේ කන්ද වටාම යොදා ඇති ආරක්ෂක වැටකි. එහි ඇති එකම ඇතුල්වීමේ දොරටුව අසල මුර කපොල්ලකි. යුධ හමුදාව විසින් පිදුරුතලාගල පාලනය කරනු ලබයි. ගේට්ටුව වෙත සේන්දු වූ අපව යුධ හමුදාව සාදරයෙන් පිළිගනු ලැබීය. වාහනය නතර කර ඔවුන් හා සුහදව කතාබස් කරනවිට අපට දැන ගන්නට ලැබුනේ මෙම ස්ථානයේ ඉතා විශාල සෙබලුන් ප්‍රමාණයක් රාජකාරියේ නියුක්තව සිටින බවය. පිදුරුතලාගල කඳු මුදුන ඉතා විශාල අතර එහි ආපන ශාලා,නවතැන් පහසුකම් හා සියලු මුලික පහසුකම් වලින් සමන්විතය. එමනිසා රාජකාරි පැමිණි සෙබළුන් මාසයක් දෙකක් එකදිගට රාජකාරි කරයි. ඔවුන් සමග කතා කරනවිට නිරීක්ෂණය කල තවත් දෙයක් නම් ඔවුන් කන් වැසෙන සේ උපකරණ පැළඳ සිටි අතර අධික ශීතල සඳහා භාවිතා කරන ඇඳුම් වලින් සන්නද්ධ වී සිටීමයි. එය පිළිඹදව විමසු විට ඔවුන් පවසා සිටියේ එක්වරම ශීතල වැඩිවීමට ඉඩ ඇති බවය. ඇතැම් දිනවල එලියට පවා බැසීමට නොහැකි තරමේ සීතලක් ඇති බව ඔවුන් ප්‍රකාශ කළේය. අපට ප්‍රථමයෙන් අවශ්‍යය වුයේ මුදුනේ ඇති උසම ස්ථානය නැරඹීමයි. අපගේ අවශ්‍යතාවය සැල කර සිටි පසු හමුදා සෙබළකුගේ සහය අපට සැපයීමට ඔවුන් කටයුතු කළේය.හමුදා සෙබළා අපට මග පෙන්වූ අතර රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට වමෙන් ඇති පියගැට පෙළක් තරණය කිරීමෙන් මෙම ස්ථානයට ලඟා විය හැකිය. පැය ගණන් ඇවිදීමෙන් අත්දැකීම් ඇති අප පියගැට පෙළ තරණය කිරීමෙන් පසුව හති දැමීමට පටන් ගත්තේය. මෙය දුටු සෙබළා සිනාසී සර් ඔක්සිජන අඩුනිසා කන්ද උඩදී මහන්සි දැනීම වැඩි බව සැලකර සිටියේය. එය අපහට නැවූම් අත්දැකීමක් විය. කන්දේ උසම ස්ථානයට පැමිණි අපට මන්දාරම් නුවරට මුහුණලා සිමෙන්තියෙන් සෑදු මාලිමාවක් වැනි දෙයක් දැකගත හැකි විය. එහි උස මීටර් 2554 වශයෙන් සටහන් කර තිබුණි. ඊට ඔබ්බෙන් පැවතියේ රණවිරු ස්මාරකයකි. එය සාදා ඇත්තේ 1983 දී LTTE ය විසින් පිදුරුතලාගල මුදුනට එල්ල කල ප්‍රහාරයෙන් මියගිය නිර්භීත විරුවන් සිහිකිරීම සඳහාය. එහි නම් 5-6 ක් පමණ සටහන් වී තිබුණි. කියවනවිට හිත සලිත වූ නමුදු එම කුරිරු අතීතය මදකට අමතක කර මන්දාරම් නුවර නැරඹුම් අංගනයට පියමැන්නෙමු.අවසනාවක මහත!
|
||||
(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)
ගොනු කර ඇත්තේ: කඳු තරණය • සවාරි
Tags: highest • Mountain • Piduruthalagala • Piduruthalagala Mountain • sri lanka • අධි ආරක්‍ෂිත • උඩ රදැල්ල • කිකිලියාමාන • කොනිකල් හිල් • නුවරඑළිය • පිදුරුතලාගලය • පුංචි එංගලන්තයේ • සිංගල් ට්‍රී හිල් • හක්ගල
















නියම රෙපොර්ට් එක . ජය පතමි
බොහොම ස්තුතියි අමිල
ප්‍රිය දිනේෂ්
දුර්ලභ අත්දැකීමක් පිළිඹඳ තවත් සුන්දර චාරිකා සටහනක්….!
ආරක්ෂක හේතුන්මත පොදු මහජනයාට ප්‍රවේශ විය නොහැකි; දිවයිනේ උසම ස්ථානය තරණය කිරීමේ දුර්ලභ අත්දැකීම හැබැහින් අත්විදින්න ලැබීම කෙනෙකුට තමන්ගේ ජිවිත කාලේ පුරාවටම අමතක නොවන්නක්. මේ අත්දැකීම සුන්දර චාරිකා සටහනකින් හැමෝම එක්ක බෙදාහදා ගත්තට ඔබට බොහෝම ස්තුතියි.
ඔබට ජය !
බොහොම ස්තුතියි විරාජ්
වැදගත් චාරිකා සටහනක් අප හා බෙදාගැනීම පිළිබදව ඔබට ස්තුතියි.
කියවීම ගැන ඔබට ස්තුතිය
මරෙ මරු .
බොහොම ස්තුතියි ලහිරු
සහතිකයි වටිනා කියන අත්දැකීමක්… පිංතූර ටිකකුත් තිබ්බානම් තමයි අගේ… ඒත් කමක්නෑ. පිංතූරවලට වඩා අත් දැකීම වැදගත්නේ.
ජය..!!!
බොහොම ස්තුතියි වන්නි
හ්ම්ම් නියමයි තමයි. මමත් යන්න ඔනෙ මෙතනට කවද හරි කොහොම හරි (නීතිවලට එකඟව
)