යක්ෂයාගේ පියගැටපෙළ ඔස්සේ කළුපහන සිට ඔහියට
admin | May 05, 2011 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 53
| කතෘ : විරාජ් රත්නප්‍රිය | ||||
| කතෘ හා සම්බන්ද වන්න : viraj_rathnapriya@yahoo.com | ||||
| අවුරුද්ද & මාසය | දින ගණන | පුද්ගලයන් | කාලගුණය | ප්‍රවාහනය |
| 2010 ඔක්තෝබර් | 3 | 5 | යහපත් | ජීප් රථ |
| මාර්ගය | ||||
කොළඹ / වේයන්ගොඩ -> අවිස්සාවේල්ල-> බලන්ගොඩ -> කළුපහන -> බමරකන්ද -> උඩවේරිය -> ඔහිය -> බොරලන්ද -> දියතලාව -> බදුල්ල -> පස්සර |
||||
| නවාතැන | ||||
| ඌව කළමනාකරණ පුහුණු ආයතනය – පස්සර | ||||
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් | ||||
පිදුම, සංචාරයට රුචි ඔබ සැමටරිදී පාට බෝලයක් වගේ හිරු බබලමින් තිබුණා. මේ වනවිට බලන්ගොඩ නගරය පසුකරමින් සිටි අප; නමුණුකුල කර දිවෙන තවත් සුන්දර පරිසර සංචාරයක මුල්ම පැය කිහිපය ගෙවමින් තමයි උන්නේ. වහලයක් රහිත කුඩා සෆාරි ජීප් රථයෙහි අපි පස්දෙනෙක් හොදින් ඇහිරිලා හිටියා. එදා දිනයේ අපේ ගමනාන්තය වුනේ බදුල්ලෙනුත් ටිකක් දුරින් තිබුණ පස්සර කියන කුඩා නගරයයි . අතර මගදී බෙරගල නගරයෙන් හරවා පුනාගල වතුයායේ පිහිටි මිලේනියම් සහ පිල් ක්ලින්ටන් යන බැලුම් ස්ථාන නරඹමින් බණ්ඩාරවෙල ඔස්සේ බදුල්ලට ළඟාවෙන්න තමයි මුලින් අප සැලසුම් කරගෙන හිටියේඑහෙම උනත් වෙනස් නොවන කිසිවක් මේ ලෝකේ නැහැ නොවැ. මේ පැහැදිලි අහස ගැන හිතපු දිනේෂ්ට යක්ෂයාගේ පඩිපෙළ හරහා අපේ මේ දුප්පත් අශ්වයා පන්නන්න දොළදුකක් ඇතිඋනා. දිනේෂ්ගේම වචනයෙන් කිව්වොත් ” යක්ෂයාගේ පඩිපෙළ හරහා යන්නට ආයේ ජීවිතේට මේ වගේ පැහැදිලි අහසක් තියෙන දවසක් උඹලට ලැබෙන්නේ නැහැ” (ආයෙත් කොහේ ලැබෙන්නද අප්පේ ඕකෙන් පහලට දෙරිගැහුනොත් !!!! හිහ් හි ).
|
||||
ගොනු කර ඇත්තේ: කඳු තරණය • සවාරි
Tags: උඩවේරිය - බටහිර හපුතලේ • උඩවේරිය තේ කරමාන්ත ශාලාව • ඔහිය සහ බොරලන්ද • ජීප්රථ • දිය ඇල්ල • බමරකන්ද දිය ඇල්ල • බමරකන්ද පාරිසරික නිකේතනයේ • බලතුඩුව හා ගොන්මොල්ලි කන්ද • යක්ෂයාගේ පඩිපෙල • ලංකා ඇල්ල • ලංකාවේ උසම දිය ඇල්ල
කළුපහන සිට බමරකන්ද දක්වා







































නියම රිපොට් එක
Hi Admin,
මන බඳනා පින්තුර පෙළක් චාරිකා සටහනට එකතු කිරීම ගැන දිනේෂ්ටත් ස්තුතියි
niyama trip eka………
ස්තුතියි රන්දික
ලස්සනයි. නියම චාරිකා සටහනක්.
අපි 2000 බඹරකන්ද දිය ඇල්ල හරහා හෝර්ටන් තැන්නට පයින් ගියා. හොද අත්දැකීමක්.
අනිවාර්යයෙන්ම සුන්දර අත්දැකීමක් තමයි
මමත් ආසාවෙන් ඉන්නවා එවැන්නක් සදහා
ලස්සන තැනක් ගැන කිව්වට ස්තුතියි ………..
කොමෙන්ටුවට ස්තුතියි කල්හාර
බොහොම ස්තූතියි විස්තර වලට . මම මේක ම්ගේ ෆේස්බුක් එකේ ශේයර් කලා
අහන්නත් සන්තෝෂයි.
ප්‍රසන්න ඔබටත් බොහොම ස්තුතියි
නියමෙට ලියලා තියෙනවා. බොහොම ස්තූතියි…
බොහොම ස්තුතියි
පොඩි දෙයක් දැක්කා. ලිපියේ අවුරුද්ද පොඩ්ඩක් වැරදිලා නේද?
බොහොම ස්තුතියි Notice කරල අපිට කිව්වාට
නියම ට්‍රිප් එක… කියන්න වචන නැ…
උනන්දු කිරීම ගැන බොහොම ස්තුතියි
ණියම ට්‍රිප්එක මටත් යන්න ආස හිටෙනව
බොහොම ස්තුතියි තරිඳු
එලකිරි මමත් මෙ ගමන යන්න ට්‍රය් කරනව
තොරතුරු වලට තුති
ස්තුතියි ඉරෝෂ්,
ගිහින් ඇවිත් අපිටත් විස්තර කියන්න
නයිස් අයියා …. ගල්බොඩ මතක් උනා…
ආයුබෝවන් රජිත මල්ලි
කොහමද සැප සනීප …..
ලඟදි අලුත් ට්‍රිප් එකක් එහෙම ගියේ නැතිද
Mangala Sahodara….Lankave man godakma yanna asa thenak thamai Bambarakanda, Lanka ella kiyanne.. ethana indan horton plains valata payin giya eka gena poddak visthara tikak dennako.. kochchara durak yanna thiyenavada payin giyoth…navathen ehema ganne kohomada.. loku udavvak.. me’ year eke apith yanna hithan inne…
Viraj ayya….. great work… mamath 4 parak vithara Bambarakanda Lanka ella gihin thiyenava eth.. ella langata gihin beluva misak oyage paarak gena man danne ne.. godak asaven kiyavapu article ekak.. eththatama kiyanna vachana ne.. man denmama print ekak gaththa mage anith set ekatath pennanna.. ayith amuthuven visthara hoyanna one nethi venna lassanata photos dala visthara karala thiyenava oya.. thanx a lot
ප්‍රභාත් මල්ලි
කොමෙන්ටුවකින් දිරිමත් කිරීම ගැන බොහොම ස්තුතියි
ගමන ගිහින් ඇවිත් අපිටත් විස්තර කියන්න
මම බොරලන්ඩෙ කෙනෙක්
ගොඩාක් ලස්සන report එකක්.
good luck
සංජීව
ඔයා ලංකාවේ ලස්සනම පළාතක ඉන්න කෙනෙක්
මේ චාරිකාවේදී අපි දියතලාවට ගියේත් ඔයාලගේ ලස්සන පුංචි නගරය පහුකරගෙනයි
කොමෙන්ටුවකින් දිරිමත් කිරීම ගැන බොහොම ස්තුතියි
විරාජ්
Dear Viraj!
This is a very exiting trip report. Really Good! How many Kilometers are there from Kalupahana to Ohiya through Devil’s Staircase?
Chamila
Hi Chamila,
Thanks for the encouragement.
As per my memory it’s nearly 20 km from Kalupahana to Ohiya. Road up to Bambarakanda from Kalupahana(6km)can be managed even by a car.
BR
viraj
Dear Viraj,
It is great to see the information found in this site. I think any traveller would be keen on reading all interpretations available in this site together with the wonderful photographs.
Please keep it up your good work!
I wish you all the very best.
Premanath
Hi Premanath,
Thank you very much for the encouraging comment.
BR
viraj
නියමය් අය්යෙ.ඔයාගෙ ලිපිය කියවල මමත් ගියා ඔය පාරෙ Bikes වලින්. බොහොම ස්තුතිය් !!!
අහන්නත් සන්තෝෂයි දිනුක මල්ලි,
ඔයාලගේ අත්දැකීමත් අපිත් එක්ක බෙදාගන්නකෝ
එක් දිනක් තුලදි ඔබ සැම හදුනාගෙන මෙම ගමනට යන්න ලැබිම මම අදටත් ඉතා ඉහලින් අගය කරන දේයක්. හරිම සුන්දර අත්දැකිමක් තමයි.
ප්‍රිය ගයාන්,
ඇත්තටම අදටත් මතක්කර කර රසවිදින්න පුළුවන් අත්දැකීම් සමූහයක් ලබපු, ඒ වගේම හොද යාළුවෙක් අළුතින් හදුනාගන්න ලැබුන, සුන්දර චාරිකාවක් ඒක.
ස්තුතියි.
excellent work……go a head…
Hi Saman,
Thank you very much for the encouraging comment.
Pls. keep in touch.
BR
viraj
බොහොම ඉස්තුති , ඉතමත් අගය කිරිමක් කරනව මෙ චරිකා සටහන් ලබා දිම. 2011 November වල මෙ පාරේ Oහිය සිට කලුපහනට අවා හවස 2.00ට පමන පටන් ගත් ගමන හවස 6.00 විතර වන විට කලුපහනට පෑමිනියා. ඉතමත් ත්‍රාසජනක ගමනක් වුවා.
හිතවත් නිරෝෂ්,
අහන්නත් සන්තෝශයි. මිදුම කරදර කලේ නැතිද ?.
දිරිමත් කිරීමට ස්තුතියි. දිගටම අපිත් එක්ක රැදෙන්න.
හිතවත් viraj,
Oහියෙදි අහස පැහැදිලිව තිබු නිසා අවදානමකුත් සහිතව තිරනය කලා කලුපහනට ධාවනය කිරිමට, ඔබ කියන පරිදිම මෙ හදිසි තිරනය අප සියලුදෙනාටම ඉතාම ත්‍රාසජනක ගමනක් වුවා.
මිදුම විටින් විට පැමිනියත් ගමනට අපහසු ලෙස කරදර කලේ නැහැ.
මාර්‍රගය ඉතාමත් අවාදනම්, අප පැදවු Defender 110 රතය සමහර වංගුවල පසුපසට ධාවනය කිරිමට සිදු වුනා.
ඔයා සහ සියලුදෙනාටම කරන ජාතික මෙහෙවරට තව තවත් දහිරිය ලැබෙවා.
මෙම ගමනට අපත් සහභාගී වුනා වැනි හැගීමක් ඇතිවන අයුරින් රසවත්ව ලියා ඇත.
මාර්ගයේ අතරමග දුරකථන සබදතා කෙසේද? signal තිබෙන mobile providers ලා සඳහන් කිරීමේ වරදක් මට නොහැගේ. එවන් තොරතුරක් මෙවන් අවදානම් ගමනක් යාමට අදහස් කරන අයකුට ඉතා වටී.
ටයර හොඳ තත්වයේ තිබෙන සාමාන්‍ය කාරයකට මෙම මාර්ගයේ යාමට නොහැකිද?
හිතවත් Gim,
මාර්ගයේ අතරමග දුරකථන සංඥා ඉතාම දුර්වල අඩියක තමයි තියෙන්නේ. තැනින් තැනට එක එක වර්ගයේ දුරකථන වලට සංඥා ලැබුනා. වර්ග 4 කින් ස්ම්පත් 4ක් ගෙනයාම තමයි වඩා හොඳ.
//ටයර හොඳ තත්වයේ තිබෙන සාමාන්‍ය කාරයකට මෙම මාර්ගයේ යාමට නොහැකිද?//
හිතන්නවත් එපා
”
//ටයර හොඳ තත්වයේ තිබෙන සාමාන්‍ය කාරයකට මෙම මාර්ගයේ යාමට නොහැකිද?//
හිතන්නවත් එපා
”
දැනුවත් කිරීමට ස්තුතියි. මා අසා ඇත්තේ මෝඩ පැනයක් විය හැක. කෙසේ නමුත් මෙම ජායාරුප මගින් එවන් අපහසුතාවක් මා හට නොහැගේ. මෙම රූප මගින් පෙනෙනවාට වඩා ඉතා අපහසු මාර්ගයක (කොළඹ දිස්ත්‍රික්කයේ) මා හට දිනපතා ගමන් කිරීමට සිදුව ඇත.
හිතවත් Gim
//මෙම ජායාරුප මගින් එවන් අපහසුතාවක් මා හට නොහැගේ//
කාරණය ඇත්ත. ඒ මෙහි පින්තූරවලින් මාර්ගයේ සැබෑතත්වය ඔබට ඉදිරිපත්කරන්නට අප ක්‍රියා නොකල නිසයි.
හැබැයි මෙහෙම ලිව්වා,
//බඹරකන්ද සිට උඩවේරිය දක්වා වූ මාර්ගය පටුවුත් ; දැඩි බෑවුම් සමග වැලමිටි වංගු සහිතවුත් දුෂ්කර කඳුකර මාර්ගයකි. මාර්ගයේ මතුපිට තත්වයද යහපත් නොවන අතර තියුණු ගල් පතුරු ඔබේ ටයර මත සිය අණසක පැතිරවීම සදහා පෙළගැසී හිඳී. වසර පුරාවටම දවසේ වැඩි කාලයක් මිහිදුමින් වැසී පවතින මෙම මාර්ගය ඉතා සුන්දර භුමි දර්ශනයන්ගෙන් පොහොසත් වන නමුදු මෙම අත්දැකීම ලැබීම සඳහා පළපුරුදු රියදුරෙකු විසින් මෙහෙයවනු ලබන ජව සම්පන්න සේම විශ්වාසනීයවූ රළු වාහනයක් අත්‍යවශ්‍ය වේ.//
ඝණ ටයර සහිත, උස වාහනයක් මේ ගමනට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම බර අඩු වුනොත්, දැඩි ආනතියක් සහිත සහ බුරුල් වූ ගල් සහිත මාර්ග ඇති ස්ථානයන්හිදී රෝද එකතැන කැරකෙමින් ලෙස්සායාමේ හැකියාවක්ද පවතිනවා. බැරි වෙලාවත් එන්ජිමෙහි පතුල ගල්වල හැපී තෙල් කාන්දුවුවහොත්, ලඟම ඇති ගරාජයට රබර් හැතැප්ම 20ක් වත් යන්න වෙනවා. ඒකත් බොහොමයක්වෙලාවට බයිසිකල් වින්කලයකට වඩා ලොකු වැඩපලක් වෙන එකක් නැහැ.
ඔන්න ඕකයි තත්වය.
“ඔන්න ඕකයි තත්වය.”
කාලෙකට පස්සේ අද තමයි මේක බැලුවේ. තත්වයේ තියෙන බරපතලකම හොඳට පැහැදිලි කරලා තියෙනවා. පැහැදිලි කිරීම උපරිමයි.
හිතවත් Gim,
මුරණ්ඩු හිතකුයි, පලපුරුදු රියදුරෙකුයි, විශ්වාසවන්ත වාහනයකුයි (4WD නැතත් හැබැයි Ground clearance එකනම් වැඩි වාහනයක් වෙන්න ඕන ) තියෙනවානම් යක්ෂයාගේ පඩිපෙල තරණය කරනඑක අමාරු වැඩක් නෙමෙයි. හැබැයි අර කිව්ව අවදානම දරාගන්න පුළුවන් වෙන්න ඕන.
පාර හදන්න කලින් මේ ගමන යන්න…. ඒක ජීවීතය පුරාවට මතක තියෙන සුන්දර අත්දැකීමක් වේවි අනිවාර්යයෙන්ම.
මේවගේ ගමන් ගැන මගේ අත්දැකීම් සමහරක් පහත සබදතාවයෙනුත් කියවන්න පුළුවන්.
http://www.traveljournals.net/travelers/viraj/
ඔහියෙන් පටන් අරගෙන මේ මාර්ගය දිගේ අපි 4 දෙනෙක් පා ගමනින් කලුපහනට පැමිණියා. ජීවිතේ ලබපු අසීරු වගේම, ඉතාමත්ම සුන්දර අත්දැකීමක් වුවා. එම ගමන සඳහා මා පෙලඹවූයේ ඔබගේ මෙම චාරිකා සටහනයි. අද දිනයේ නැවත මෙම සටහන කියවද්දී ලැබූ තෘප්තිය උපරිමයි. අපගේ චාරිකාවට සහභාගී වූ සියලු දෙනා වෙනුවෙන් මා ඔබට ඉත්මත්ම ස්තුති වන්ත වෙමි. එසේම මෙවන් චාරිකා සටහන් අඩවියක් පවත්වාගෙන යන Admin ටත් අපගේ ස්තුතිය හිමි වේ.
බොහෝම ස්තූතියි මේක ගැන කිව්වට.කාලයක් තිස්සේ හොය හොය හිටපු තැනක්.අපි කට්ටියක් යකාගේ පියගැටපෙලේ යන්න හිතන් ඉන්නවා.ඔහියට කෝච්චියේ ගිහින් ඔහියේ ඉඳන් තමයි චාරිකාව පටන් ගන්න හිතන් ඉන්නේ.මේකේ පයින් යාගන්න පුලුවන්ද? කොච්චර දුරද යකාගේ පියගැටපෙල කියන හරිය? උදේ පටන් ගත්තොත් යකාගේ පියගැටපෙල තරණය කරලා හවස් වෙද්දි ආපහු ඔහියට හරි පට්ටිපොලට හරි එන්න පුලුවන් වේවිද? කෝච්චියේ යන්න හිතන එක මෝඩ තීරණයක්ද?
හිතවත් lucky,
//උදේ පටන් ගත්තොත් යකාගේ පියගැටපෙල තරණය කරලා හවස් වෙද්දි ආපහු ඔහියට හරි පට්ටිපොලට හරි එන්න පුලුවන් වේවිද?//
අපොයි පුළුවන්. ඔහියේ ඉදලා යකාගේ පියගැටපෙල දක්වා මාර්ගය සාපේක්ෂව බමරකන්ද පැත්තට වඩා හොදයි. ඇරත් කැමතිනම් උඩවේරිය තේ කම්හල කිට්ටුවට එනතුරු ත්‍රිරෝද රථයක වුනත් එන්න පුළුවන්.
// කෝච්චියේ යන්න හිතන එක මෝඩ තීරණයක්ද?//
අපොයි නැහැ. ඔහියෙන් එහා පා ගමන පොඩ්ඩක් දුෂ්කර වුනත් අනිවාර්යයෙන්ම සුන්දර චාරිකා අත්දැකීමක් විදින්න පුළුවන් වේවි.
ගිහින් ඇවිත් අපටත් විස්තර කියන්න,
සුභ ගමන් !
Quote :”Gim says:
September 3, 2012 at 2:39 am
ඔහියෙන් පටන් අරගෙන මේ මාර්ගය දිගේ අපි 4 දෙනෙක් පා ගමනින් කලුපහනට පැමිණියා. ජීවිතේ ලබපු අසීරු වගේම, ඉතාමත්ම සුන්දර අත්දැකීමක් වුවා. එම ගමන සඳහා මා පෙලඹවූයේ ඔබගේ මෙම චාරිකා සටහනයි. අද දිනයේ නැවත මෙම සටහන කියවද්දී ලැබූ තෘප්තිය උපරිමයි. අපගේ චාරිකාවට සහභාගී වූ සියලු දෙනා වෙනුවෙන් මා ඔබට ඉත්මත්ම ස්තුති වන්ත වෙමි. එසේම මෙවන් චාරිකා සටහන් අඩවියක් පවත්වාගෙන යන Admin ටත් අපගේ ස්තුතිය හිමි වේ.” Quote/
අපගේ චාරිකාසටහනක් ඔබගේ චාරිකා අත්දැකීම් වඩ වඩාත් සුන්දර කිරීමට දායකවූයේනම් එය නඩේගුරා කණ්ඩායම විදිහට අපගේ අභිප්‍රායන් කිහිපයක් මල්ළුල ගැනීමක් විදිහටයි මම නම් දකින්නේ. එය ඇත්තෙන්ම සංතෝෂයට කාරණයක්.
ඒ වගේම මෙලෙසින් චාරිකාව අවසානයේදී අපහට කෘතගුණ දැක්වීම පිලිබදව ඔබටත් අපගේ අවංක ස්තුතිය පලකරන්න කැමතියි.
“නඩේගුරා සමග දිගටම රැදෙමු. වගකීම් සහිත දේශීය සංචාරක සංස්කෘතියක් වෙනුවෙන් යමක් කිරීමට එක්වෙමු.!“
විරාජ්.
මම ඇත්තටම අදහස් කරගෙන ඉන්නවා බඹරකන්ද ඇල්ල බලන්න යන්න. දැනගන්න කැමතියි මේ පැත්කෙ ලඟදි ආ ගිය කෙනෙක් ඉන්නවනම් දැන් ඒ මාර්ග වල තත්වය කොහෙමෙද කියල. මට යන්න වෙන්නෙ නම් ඉතිං මරුටි යක තමයි. චාරිකා සටහන කියෙව්වට පස්සෙ කොහොමත් බඹරකන්දෙන් එහාට යන්න අදහසක් නම් නෑ මගේ වාහනේ හැටියට. ඒත් දැනගන්න කැමතියි බඹරකන්ද දක්වා වත් පහසුවෙන් යන්න පුළුවන් වේවිද කියල.
ඒත් එක්කම මේ මාර්ගයේ හෝර්ටන් තැන්නට ගිහින් එන්න (පා ගමනින්) කොච්චර විතර වෙලාවක් යාවිද? දුර පුමාණය ගැන එහෙම අදහසක් තියන කෙනෙක් ඉන්නවනම් කියන්න. මොකද පස්සෙ දවසක හරි මම අනිවාර්යයෙන්ම මේ ගමන යනවා.
බොහොම ස්තූතියි මෙවන් රසවත් ලිපි සහ අදහස් පළකිරීම සම්බන්ධව…
හිතවත් කසුන්,
මරුටියකට බොහොම පහසුවෙන් බමරකන්ද දක්වා යන්න පුළුවන්.