විජය – කුවේණි පෙම් පුවත සොයා තම්බපන්ණියට

කතෘ : දිනේෂ් ඩෙකර්
කතෘ හා සම්බන්ද වන්න : dineshdsd@gmail.com 

අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
අගෝස්තු 2010 2 5 අවුව ඇති ජීප් රිය
මාර්ගය
කොළඹ -> පුත්තලම -> අනුරාධපුර පාර -> විල්පත්තු හන්දිය -> විල්පත්තු පිවිසුම් දොරටුව -> තම්බපන්නිය
නවාතැන
හිතවතෙක්ගේ ගෙයක් 
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • පරිසරය සුරකින්න

  • විල්පත්තු ජාතික උද්‍යානයේ ටිකට් එකක් ලබා ගත යුතුයි

පිදුම, මගේ නඩේට හා ප්‍රියාදර බිරිඳට

අද මම ඔයගොල්ලන්ව එක්ක යන්න හදන්නේ විල්පත්තු ජාතික වන උද්‍යානයේ තුලින් අතීතය දකින්නයි. කට්ටිය ලෑස්තිද? හරි එහෙනම් ගමන පටන් ගමු. අපි යන්නේ කොළඹ ඉඳලානේ ඒක නිසා පළමුවෙන්ම අපි යන්න ඕනේ පුත්තලමට. ඊට පස්සේ පුත්තලම – අනුරාධපුරේ පාරේ සැලකිය යුතු දුරක් යනකොට අපිට හම්බවෙනවා විල්පත්තු හන්දිය. අන්න හරි, විල්පත්තු හන්දියෙන් තමයි විල්පත්තු උද්‍යානයේ පිවිසුම් දොරටුවට යන්න තියෙන්නේ. ප්‍රධාන පාරේ ඉඳන් කිලෝමීටර් 8 ක් විතර ගියාම හුනුවිලගම පිහිටි විල්පත්තු ජාතික උද්‍යානයේ ටිකට් කවුන්ටරයෙන් ටිකට් අරගෙන ගමන පටන් ගන්න පුළුවන්. ටිකට් එකක් ගත්තම අපිට වනජීවී එකේ guide කෙනෙකුත් ලබා දෙනවා.

හැබැයි පුතෝ 4 WD වාහනයක් නැතිව උද්‍යානය නරඹන්න බැහැ. තමන්ගේම වාහනයක් තිබ්බත් මම නම් recommend කරන්නේ සෆාරි ජීප් එකක් කුලියට ගන්න කියල. මොකද ඒ ගොල්ලොන්ට උද්‍යානය ගැන හොඳ අත්දැකීම් තියෙන්න හින්ද. ඒ විතරක් නෙමෙයි අපේ වාහන damage වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අපි නම් ගියේ කාහල ජීප් සෆාරි ආයතනයේ චමින්ද මහත්මයත් එක්කයි. බොරු කියන්න ඕන නැහැ අපිට හොඳ සේවයක් ලබා දුන්න. ඒ ගොල්ලෝ ගාව package 2 ක් තියනවා. මුළු දින සෆාරියක් රුපියල් 7000. Half Day සෆාරියක් රුපියල් මට මතක විදිහට රුපියල් 3500 ක්. යන්න ඕන නම් කතාකරන්න චමින්දට 0712 481177. 

එකෙන් මේකෙන් ඇතුල් වුණා කියමුකෝ. කිලෝමීටර් 20 ක් විතර යනකම් සත්තු වැඩිය නැහැ. ආ..ඒක නෙමෙයි විල්පත්තු උද්‍යානය ගැන ටිකක් කියන්න අමතක වුනානේ.

විල්පත්තුව ජාතික උද්‍යානය 1938 පෙබරවාරි 25 වැනිදා ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහි වර්ග ප්‍රමාණය හෙක්ටයාර 131667.1ක්. අක්කරවලින් බැලුවොත් අක්කර ලක්ෂ 3කට වැඩියි. අපේ රටේ විශාලතම ජාතික වනෝද්‍යානයද මෙයයි. විල්ලු 40ක් විල්පත්තුවේ තියනවා. විල්පත්තු කියල නම ලැබිල තියෙන්නෙත් ඒකයි. මේකේ ශාක විශේෂ 624ක් මෙන්ම සත්ව විශේෂ 370ක් වාර්තා වෙලා තිබෙනවා. ලංකාවේ උසම කුරුල්ලා වන මහ කොකාද ලංකාවේ විශාලතම ජලජ පක්ෂියා වන බහුරු මානාවා ද මෙහිදී දකින්නට පුළුවන්. විල්පත්තුවේ ලොකුම විල්ලුව වෙන්නේ කොක්කාරිය විල්ලුවයි. මේකේ වතුර නියගයන්ටත් හිඳෙන්නේ නැහැලු. ඔයගොල්ලන්ට විල්පත්තු උද්‍යානය තුල නවතින්න ඕන නම් අලුතින් ප්‍රතිසංස්කරණය කරපු තලවිල, මහවිල, කොක්මොටේ, පනික්කවිල නවතින්න පුළුවන්. ඒවා බත්තරමුල්ල වනජීවී කාර්යාලයෙන් වෙන්කරගන්න කරන්න පුළුවන්. ( නොම්බර බලන්න මෙතන click කරන්න )

විස්තර කිව්වා වැඩිද මන්ද. මේ සංචාරයේ අරමුණ ඉතිහාසය දිගේ දිගු ගමනක් යන්න. ඒක නිසා තරහවෙන්න එපා සතුන්ගේ පින්තූර අඩුවෙන් දැම්මට. අපි පළමුවෙන් යන්න හදන්නේ විජය රජ්ජුරුවෝ එන්න අවුරුදු 600 ක් තරම් පැරණි අතීතයට. ඊට පස්සේ අපි යන්නේ විජය රජතුමා ගොඩබැස්ස තම්බපන්ණිය බලන්න. ශ්‍රී ලංකා ඉතිහාසයේ ලිඛිත සාක්ෂි අනුව විජය (ක්‍රි.පූ 543-504) යනු පුරාණ ශ්‍රී ලාංකික ශ්‍රී ලංකාවේ පළමු රජතුමා. මොහු ගැන මහා වංශයේ,පාලි කතාවල හා දෙමල සාහිත්‍යයේ සඳහන් වෙනවා.

ඔයගොල්ලෝ දන්නවා ඇති විල්පතුවේ එක එක පරිසර පද්ධති තියෙන බව. ඒ විතරක් නෙමෙයි විල්පතුවේ එක පැත්තක් මුහුදට නිරාවරණය වෙලා තියෙනවා. කොට්ටින්ම කිව්වොත් විල්පතුව තමයි වයඹ ගොඩබිම් තීරයේ අවසානය. අපි තම්බපන්නිය බලන්න නම් විල්පත්තුවේ මැදින් තියෙන පුත්තලම – මන්නාරම මාර්ගය cross කරලා මුහුද පැත්තට යන්න ඕන. හැබැයි මෙතන ආරක්ෂක ගේට්ටුවෙන් යන්න දෙන්නේ වනජීවී එකේ guide කෙනෙක් එක්ක විතරයි.

සැලකිය යුතු දුරක් ගියාම අපිට කුදිරමලේ තුඩුව එහෙමත් නැත්නම් කුදිරමලේ point එක හම්බෙනවා. මෙතන කන්ද නැගල උඩට ගියාම වටේම හොඳට පේනවා. මෙතන ඉඳන් කල්පිටිය, බත්තලන්ගුන්ඩුව, පල්ලිය වාසල හොඳට බලන්න පුළුවන්. බලන්නකෝ ලස්සන…

හරි අපි ඊළඟට යන්නේ කුදිරමලේ horse mountain බලන්න. මේක ඓතිහාසිකව වැදගත් වරායක්. මේක පිලිබඳ ලිඛිත සාක්ෂි හම්බවෙන්නේ, ක්‌ලෝඩියස්‌ රජුගේ(41-54AD) රාජ සභාවේ සිටි අධිරාජ්‍ය භාණ්‌ඩාගාර නිලධාරියෙකු වූ ගේයස්‌ ප්ලිනීයස්‌ සීකන්ඩස්‌ විසින් මේ කාලයේ රචනා කළ කෘතියක් වන “නැටුරාලිස්‌ හිස්‌ටෝරියා” වලින්.ප්ලැකැමුෂ්ගේ නැව පෙරදිග දෙසට ගසාගෙන ඇවිල්ල ඉන්දියාවේ බටහිර වෙරළට ගොඩගසල තියෙනවා. හොඳටම අබලන් වූ නැව යළි පිළිසකර කර ගැනීම සඳහා තැප්‍රෝබේනය වෙත යාත්‍රා කරල තියනවා. නැව නැංගුරම් ලූවේ තැප්‍රෝබේනයේ “හිපුරෝස්‌” නම් වරායට යෑයි ප්ලිනි රචනා කොට තියනවා. හිපුරෝස්‌, හිප්පොරෝස්‌ කියන්නේ අශ්ව කන්ද යන තේරුම. අශ්ව කන්ද කියන්නේ කුදිරමලේ. දෙමළ භාෂාවෙන් කුදිර කියන්නේ අශ්වයාට. මලේ කියන්නේ කන්දට. කුදිරමලේ කියන්නේ අශ්ව කන්ද කියන එක . ඒ කාලේ ලංකාවේ හිටපු චන්ද-මුක්ක- සිව(44 -52AD ) රජ්ජුරුවෝ මේ කට්ටියව හිරකරගත්තත් පස්සේ නිදහස් කරලා තියනවා. ඒ විතරක් නෙමෙයි නැව හදා ගන්නත් උදවු කරලා තියනවා. තව ලංකාවේ නියෝජිතයන් පිරිසක් ඉතාලියට යවල තියනවා ක්ලෝඩියස් රෝම අධිරාජ්‍යයයා හම්බවෙන්න. විජය රජතුමා එන්න ඉස්සලත් ලංකාවේ හොඳ පරිපාලනයක් තිබුණු බව පැහැදිලියි.

ගේයස්‌  ප්ලිනීයස් ‌ සීකන්ඩස්

“නැටුරාලිස්‌  හිස්‌ටෝරියා”

මේ කන්ද උඩ තියෙන්නේ ගුප්ත හැඩ තල වලින් යුතු පුදුම එළවන සුළු භූ රූප පන්තියක්. හරිම ලස්සනයි, ලංකාවේ කොහෙවත් මෙහෙම තැනක් දැකල නැති බව බය නැතිව කියන්න පුළුවන්. දැනටත් පැත්තෙන් බැලුවම මේ කන්ද අශ්වයෙක්ගේ හිසට සමානයි.

තවත් කතාවක් තියනවා, කම්මැලි ද දන්නේ නැහැ…
අල්ලිරාණි / අල්ලිසේරණි කියල කුමාරියක් ඉඳල තියනවා. එයාට පිරිමි පේන්න බැහැලු. හමුදාවේ ඉඳල තියෙන්නෙත් ඔක්කොම ගෑනු කට්ටිය. මේ දවස් වල ලංකාව ප්‍රසිද්ධියක් උසුලලා තියනවා මුතු පිළිබඳව. අරාබිකරයට මුතු අපනයනය කරලා ඒ වෙනුවෙන් අරාබියෙන් අශ්වයන් අරන් ඇවිත් ගොඩ බාල තියෙන්නේ මෙතන. ඇගේ මාලිගාව මේ කන්ද තුල සඟවා ඇති බවට විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි මෙතන ඉඳන් මුහුදු සැතක්ම 20 ක් යනකම් මුතු වලට ප්‍රසිද්ධ බව ඉතිහාසයේ සඳහන්. තව මේ කන්දේ උතුරු කොනේ හින්දු දේවාලයක නටඹුන් දකින්න පුළුවන්. සමහරෙක් කියන්නේ මේ නටඹුන් ඒ කාලේ හදල තිබ්බ ආදී 35 ක් උස අශ්වයෙක්ගේ කියල.

හරි දැන් තමා සංචාර සටහනේ ප්‍රධාන මාතෘකාවට එන්නේ. අපි ඔය කුදිරමලේ කන්ද අයිනේතියෙන පාරෙන් හෙමින් බැහැල horse mountain එකට යටින් තියෙන තම්බපන්නි වෙරල තීරයට ගියා. වෙරළේ ගොඩබිම් තීරුව තඹ පාටයි. එක තමයි තම්බපන්නි කියල නම වැටිලා තියෙන්නේ. මහ වංසයේ සඳහන් වෙලා තියන විදිහට (ක්‍රි.පු. 5 වන සියවසේ දී) බුදු හිමියන් පිරිණිවන් පෑ දිනයේ තම්බපන්ණි වෙරළට විජය කුමරු සහ ඹහු‍ගේ 700 ක් පිරිස ගොඩබැස්ස බව සඳහන් වෙනවා. මේ පිරිස ගොඩ බැහැල ගොඩබිම ඇල්ලුවම අත් තඹ පාට වුන කියල ඉතිහාසයේ තියනවා. ඒක නිසා තම්බපන්ණි ලෙස හැඳුන්වුවා කියලත් ඉතිහාසයේ තියනවා. බල්ලෙකු දුටු විජය සමග සගයෙක් මෙහි මිනිස් වාසයක් සොයා බල්ලා පසුපස ගියාම ගසක් යට කපු කටිමින් සිටි යක්ෂ ගෝත්‍රික කුවේණි කුමරිය හමු වුණා. මෙසේ වරින් වර කුවේණිය වෙත පැමිණි විජයගේ සියළු සගයින් කුවේනිය විසින් සඟවා ගත්ත. අවසානයේ ඇය වෙත ‍පැමිණි විජය කුමරු ඇයව බිය වද්දා තම සගයින් නිදහස් කර ගත බවත් විජය කුමරු කුවේණියගේ සහයෙන් යක්‍ෂ රජ පවුල ඝාතනය කර ලංකාවේ රජු බවට පත් වෙලා කුවේනිය තම බිසව බවට පත්කර ගත්තා. විජය රජුට දාව දරුවන් දෙදෙනෙකු කුවේණි වැදුවා. ඔවුන් නමින් ජීවහත්ත හා දිසාලා. අන්තිමේදී කුවේණිවයි දරු දෙන්නවයි විජය රජ්ජුරුවෝ එලව ගත්තා. කුවේණි ගේ පිය බිම්බා රජු අතර රාවණා රජු ගෙන් පවත ගෙන එන බව ජනශුති වල දක්වා තියනවා.

තම්බපන්ණිය බැලුවනේ, දැන් අපි යමු කුවෙණිගේ මාලිගය බලන්න. ආපහු අපි ආපු පාරේම යන්න ඕන. විල්පත්තුවේ විල්ලු අතරින් කාලි විල්ලුව පුරා විද්‍යාත්මක අතින් වැදගත් එකක්. කාලි විල්ලුව තියෙන්නේ විල්පත්තු උද්‍යානයේ ඇතුල්වීමේ දොරටුරේ ඉඳන් කිලෝමීටර් 40 ක් පමණ දුරින්. මෙතන තමා කුවේණි හා විජය සිටි රජ මාලිගාව තිබිල තියෙන්නේ. ඒ මාලිගාවට පිරිසුදු ජලය ලබාගත්තේ මේ විල්ලුවෙන් බව සඳහන් වෙනවා. මාලිගාවේ අද ඉතුරුවෙලා තියෙන්නේ ගල් කුළුණු කිහිපයක් විතරයි. කුවේණිවයි දරුවන්වයි විජය එළවුවාට පස්සේ විජයගේ අමාත්‍යවරු තම නායකයාට සුදුසු බිරිඳක් සෙවීම ආරම්භ කලා. ඔවුනට එවැනි කාන්තාවක් හමු වුනේ දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ පඬි රජුගේ දියණියයි. කුවේණි නෑදෑන් හම්බෙන්න ගිහින් මැරුම් කෑ බව කියවෙනවා. එලෙසම ජීවහත්ත හා දිසාලා එකතු වී වැදී පරම්පරාව බිහිවුණු බව කියවෙනවා. වැදි ජනයා මහ ලොකු කිරිඅම්මලඇත්තෝ ලෙස හඳුන්වන්නේ කුවේණියයි. නොයෙක් අභිචාර වතාවත් වලදි ඉඳිගොල්ලේ කිරිඅම්මා, උනපනේ කිරිඅම්මා, කන්දේ කිරිඅම්මා, දිවස් කිරිඅම්මා, වෙල්ලස්සේ කිරිඅම්මා, කුකුළපොල කිරිඅම්මා සහ බිලි කිරිඅම්මා යන විවිධ නම් වලින් වැදි ජනයා විසින් කුවේණිය හඳුන්වනු ලබනවා.

අම්මෝ ගොඩක් ලිවුවා. අදට මම ඔයගොල්ලන්ගෙන් විල්පත්තු උද්‍යානයේ සිට ආයෙත් රසවත් සටහනක් ලියන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. comment එකකින් දිරිමත් කරන ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි.


ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: පෞරාණික උරුමයසංස්කෘතික සවාරිසවාරි

Tags:

RSSComments (32)

Leave a Reply | Trackback URL

  1. Praසන්ன says:

    වැදගත් ‍තොරතුරු ටිකක් එක්ක ලස්සන විස්තරයක්.

  2. admin says:

    thank you Praසන්ன

  3. Subhashini says:

    හරිම රසවත් වාර්තාවක්. ලියන්න ලියන්න තව ලියන්න .

  4. Prabhath says:

    ප්‍රිය දිනේෂ්
    නැවතත් ලස්සනම ලස්සන ලිපියක් අපවෙත අරන් ආවට බොහොම ස්තූතියි. ගොඩක් අසාවෙන් කියෙව්වා. ගොඩක් අපි නොදන්නා දේවල් ඔයාලගේ මේ ලිපිවලින් දැනගත්තා. ඉදිරියටත් එහෙමයි. ලස්සනට පින්තූරත් එක්ක හොඳ විස්තරයක් දීල තියෙනවා. නියමයි. අනිත් ලිපියත් ඉක්මනට පල කරන්න.. අපි බලන් ඉන්නවා.. නැවතත් මගේ ස්තූතිය.
    ප්‍රභාත් අසංක

    • admin says:

      බොහොම ස්තුතියි comment එකට.

      මම විශ්වාස කරන්නෙ
      “Never doubt that a small group of thoughtful committed citizens can change the world. Indeed it’s the only thing that ever has.”

  5. Nuwan says:

    thanks….

  6. shadeesh says:

    අනර්ඝයි.ඉතුරුටිකත් ලියන්න

  7. Kalani says:

    Thank you so much….

  8. viraj says:

    ප්‍රිය දිනේෂ්

    හරිම රසවත් සටහනක්…
    මහාවංශයට හසු නොවුණු එහෙමත් නැතිනම් උවමනාවෙන්ම අමතක කෙරුණු පැරණි හෙළයන්ගේ ඉතිහාසය නැවත සොයා තහවුරු කරන්න කාලය ඇවිත් කියන එකයි මගේ නම් විශ්වාසය. චාරිකාවකදී ඇස ගැටෙන ඉපැරණි ස්මාරකයක් තවත් ගල්කුලක් එහෙමත් නැතිනම් මැටි ගොඩක් විදිහට දකින්නේ නැතිව ඒවා නිර්මාණය කරන්න අපේ මුතුන් මිත්තන් දක්වපු ශිල්පිය නිපුනතාව, තාක්ෂනය සහ ඒවා සමග බද්ධ උන පාරිසරික කළමනාකරණය ගැන යමක් හිතන්න නුතන සංචාරකයන්ට හුරු කරන්නත් කාලය ඇවිත්.
    තවත් මෙවන් සටහනක් ඉක්මනින් අපට කියවන්න සලස්වන්න
    ඔබට ජය

    විරාජ්

    • admin says:

      බොහෝම ස්තුතියි මචන්.
      අපි ඉස්සරහට ලංකාවේ සැඟවුණු අතීතය ගැන ගවේෂණයක් කරමු.
      උදාහරණ විදිහට රාම රාවණ පුවත, විජය ලංකාවට එන්න ඉස්සල ශ්‍රී ලංකාව ගැන, යක්ෂ හා නාග ගෝත්‍ර ගැන බලමු ඉස්සරහට ලිපි ලියන්න

  9. සංචාරක සටහන් වගේම ඔබේ ඉතිහාස දැනුමත්… පෙළගස්වන ආකාරයත් විශිෂ්ටයි… දිගටම ලියන්න… සුභපැතුම්

    • admin says:

      Soda ගුණේ අයියා බොහෝම ස්තුතියි දිරි ගැන්වීමට
      ලංකාවේ ගොඩක් කට්ටිය නොදන්නා තැන් හා අතීතය ගැන දන ගන්න කාලේ හරි.

  10. සුන්දර සටහනක්. විල්පත්තුවෙ කොටි ශ කොටි මැරූ අර සුන්දර මිනිසා ගැනත් යමක් ලියවෙයි කියල හිතනව.

    • admin says:

      “අනිවාර්යයෙන්ම”

      නිහාල් ඩි සිල්වා, කියන්නේ ප්‍රවීන ගත් කතුවරයෙක් ඔහු ලියපු The Road From Elephant Pass’, ‘The Far Spent Day’ හා ‘The Ginirella Conspiracy’ යන කෘති දේශීයව විතයක් නෙමෙයි විදේශීයවත් ප්‍රසිද්ධ වුණා. ඔහු සමග 8 දෙනෙක් විල්පත්තු උද්‍යානයේ බිම් බෝම්බයකට හසුවෙලා ජීවිතක්ෂයට පත් වුණා. එම සුන්දර මිනිසා විල්පත්තුවට ගිහින් තිබුනේ ඔහුගේ ඊළඟ කෘතියට අලි පිලිඹද ගවේෂණයක් කිරීමට. නමුත් ඔවුන් ගිය double cab රථය කුඩුපට්ටම් වුණා.අපරාදේ ත්‍රස්තවාදයේ කුරිරුකම අපේ හොඳ ගත් කතුවරයෙක්ව බිලි ගත්තා.
      http://www.srilankantravellers.com/trips/wp-content/uploads/2010/05/jeep.jpg

  11. chamila says:

    Wonderful Trip report Denesh! Keep working !

  12. Irosh says:

    බොහොම ලස්සන සන්චර්‍රක සහ ඉතිහස විස්තරයක්

  13. divakara says:

    බොහොම සතුට Sadana
    සටහන් පෙලක් ස්තුති කරනව ඔබ සියලු denatama.

  14. shanaka says:

    godak stuti oyata api digatama oya ge web ekata log wenawa.

  15. Kahala Lanka says:

    හිතවත් දිනේෂ්,
    කාහල ලංකා සමග විල්පත්තු යන්න එන්න ආපහු සැරයක්.
    ඔබට ස්තුතියි,
    චමින්ද – කාහල ලංකා සෆාරි
    http://www.kahalalankawilpattu.com

  16. Bala says:

    ගගේ වාඩිය බලන්න ගියෙ නැත්ද

  17. prasangi says:

    ඉතිහාසයේ අප නොදන්නා තොරතුරු අපට විස්තර කලාට ගොඩාක් ස්තුතියි. තව තවත් ලියන්නට දිරිය, ශක්තිය ඔබලට ලෑබේවා

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.