-
පරිසරය සුරකින්න
-
පුරාවස්තු විනාශ කරන්න එපා
පිදුම,
ලංකාවේ ඉතිහාසයට ඇතුලත් නොවූ ඉතිහාසය සොයා ගැනීමට වෙහෙසන උගත් බුද්ධිමත් සැම වෙනුවෙන්
ශ්‍රී ලංකාවේ සැඟවුණු අතීතය සොයා යන අපට වැදගත් වෙන තවත් තැනක් හොයාගෙන තමයි අපි අද යන්න හදන්නේ. ගිය සතියේ අපි කුවේණිගේ ඥාති සොහොයුරියක් වන අල්ලිරාණිගේ මාලිගාව බලන්න ගියා මතක ඇතිනේ. මහාවංශයට අනුව ලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ විජය රජතුමාගේ ඉඳලනෙ. නමුත් විජය රජතුමා ගැනත් බොහොම සීමිත වශයෙන් තමා මහානාම හිමි විසින් මහාවංශයේ ලියල තියෙන්නේ. අපිට තියෙන සාක්ෂි අනුව අපි ඉතිහාසය හොයාගෙන ඉදිරියට යමුකෝ. නොයෙක් පුද්ගලයෝ නොයෙක් මත පල කරලා තියෙනවා ඉතිහාසය ගැන නමුත් අපි දැන ගන්න ඕන ඒවා පරිශීලනය කරලා අපේ ශ්‍රේෂ්ට හෙළ ඉතිහාසය පියවරෙන් පියවර ගොඩ නගා ගන්න. අනික් එක ඉතිහාසය කියන්නේ ටෙලිනාට්‍යයක් නෙමෙයි අපිට ඕන විදිහට හදාගන්න. මොකද ඒවා ඇත්තටම සිද්දවෙච දේවල් නිසා. ( මේක කියපු වැදගත් පුද්ගලයත් මේ සංචාරක සටහන මේ වෙලාවේ කියවනවා ඇති)
හරි, අපි ගමන යන්න ලෑස්ති වෙමුකෝ. ලෑස්තිද? එහෙමනම් යන්නේ කොහෙද කියල කියන්නම්කෝ. අපි අද යන තැන මහාවංශයට ඇතුලත් නොවුණු හෙළ ඉතිහාසයට වගේම මහාවංශයේ ඇතුලත් ඉතිහාසයටත් වැදගත් තැනක්. අපි අද යන්නේ කුවේණිය ලතෝනි දුන් ගල, ලතෝනිගල එහෙමත් නැත්නම් තෝනිගල හොයාගෙන. අමතක කරන්න එපා ලංකාවේ දිගම සෙල්ලිපිය තියෙන්නෙත් එහේ තමයි.
අපි මේ ගමන යන අතරේ තවත් ඉතිහාසයට වගේම ලංකාවේ භූ විෂමතාවයටත් වැදගත් තැනක් බලන්න යනවා. අපි නම් යන්නේ කල්පිටියේ ඉඳන්. ඔයගොල්ලෝ කොළඹ ඉඳන් එන නිසා පෑලියගොඩ – පුත්තලම පාරේ ඒ කියන්නේ A3 පාරේ ඇවිල්ල පාලවී වලින් (පුත්තලම – කුරුණෑගල ) පාරට වැටෙන්න ඕන. එතන තියෙන තුන් මං හන්දියෙන් වම් අත පැත්තට කිලෝමීටර් 8 ක් විතර යනකොට හම්බෙනවා කල්ලඩි කියන ග්‍රාමයේ තියෙන විශේෂ පිළිමයක්. මොකක්ද අප්පේ ඒ…. ඒ තමයි ලංකාවේ මම දැකල තියන එකම කුවේණියගේ පිළිමය. මේක හදල තියෙන්නේ අපි ඇතුල්වෙලා තියෙන්නේ කුවේණියගේ රාජධානිය බව සිහිගන්වන්න. මේක හදල තියෙන්නේ පුත්තලම සිමෙන්ති කම්හලෙන්. අපේ ශ්‍රේෂ්ට ඉතිහාසයේ රැජිනක් වන කුවේණිය හට එවැනි උපහාරයක් දැක්වීම ගැන අපේ උත්තමාචාරය හිමිවෙන්න ඕන.
එතන විනාඩි කිහිපයක් රැඳිලා අපේ ගමන පටන් ගමු. ඔයගොල්ලෝ දන්නවා ඇති මහඑලිය තැන්න මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2200 ක් උස බව. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1 සම්මතය තියෙන්නේ කොහෙද? හිතල බලල තියනවද? අපි දැන් යන්නේ මිනින්දෝරු දෙපාර්තුමේන්තුව විසින් සවිකරලා තියන මීටර් එකේ මූලික මිනුම් දණ්ඩ බලන්න. කුවේණි පිළිමයේ ඉඳන් මීටර් 300 ක් විතර ගියාම වම් අත පැත්තේ දේවාලයක් හම්බවෙනවා. එතනින් බැහැල මීටර් 10 ක් ඉස්සරහට ගිහිල්ල වමට හැරෙන්න ඕනේ. එතන ඉඳන් තව මීටර් 50 ක් විතර ගියාම Fundamental Benchmark එක තියනවා.

මේ විශේෂ ස්ථානය කම්බි වලින් වටකරලා තියනවා. ඒත් අපේ මිනිස්සුන්ගේ නොසන්ඩාල කම කියන්නේ ඒ කම්බි වල රෙදි වනල. අනේ මෙහෙමත් රටක්!

අපි තෝනිගල බලන්න පිටත් වෙන්න වෙලාව හරි. ආපහු කාර් එක හරවාගෙන අපි කුරුණෑගල පැත්තට යන්න ඕන. පුත්තලම් – කුරුණෑගල පාරේ කිලෝමීටර් 104 – 105 අතරේ කොට්ටුකච්චි කියල ගමක් හම්බවෙනවා. මතක ඇතිව වම පැත්ත ගැන අවදානයෙන් යන්න එතකොට පුරවිද්‍යා බෝර්ඩ් එක දකින්න පුළුවන්. එතන බෝර්ඩ් එකේ මීටර් 300 යි කියල ගහල තියනවා. හැරෙමු මෙතනින්, තව මීටර් 300 ක් ගියාම වම් අත පැත්තේ බෝර්ඩ් එකක් දාල තියනවා මීටර් 150 යි කියල. මෙතනින් බැහැල ඇවිදගෙන යමුකෝ.

ඉතිහාසේ ප්‍රෞඩත්වයත් එක්ක හරිම ගුප්ත හැඟීමකුත් දැනෙනවා ඉස්සරහට යද්දී. අපි පොඩ්ඩක් ඉතිහාසයේ ආපස්සට ගිහින් එමු.මහාවංශයේ සඳහන් වෙලා තියන විදිහට (ක්‍රි.පු. 5 වන සියවසේ දී) බුදු හිමියන් පිරිණිවන් පෑ දිනයේ තම්බපන්ණි වෙරළට විජය කුමරු සහ ඹහුගේ 700 ක් පිරිස ගොඩබැස්ස බව සඳහන් වෙනවා. කුවේණියගේ සහයෙන් යක්‍ෂ රජ පවුල ඝාතනය කර ලංකාවේ රජු බවට පත් වෙලා කුවේනිය තම බිසව බවට පත්කර ගත්තා. විජය රජුට දාව දරුවන් දෙදෙනෙකු කුවේණි වැදුවා. ඔවුන් නමින් ජීවහත්ත හා දිසාලා. සෙනරත් පරණවිතාන මහතාගේ ගවේෂණ අනුව, ජීවහත්ත හා දිසාලා එකතුවී පුලියන්දන් (වැදී ජනයා / ආදිවාසීන්) ඇතිවුන කියල තියනවා.
සෙනරත් පරණවිතාන මහතා බ්‍රිතාන්‍ය ජාතික කෝඩ්රින්ටන් මහතා 1912 දී ලියපු ඉතිහාසය පිළිගත් බවත් එම ඉතිහාසය ඔප්පු කිරීමට සෙල් ලිපි සෙවූ බවත් අපිට සිතෙනවා.(මොකද ඔහු සෙල් ලිපි කියවන්න ගත්තේ 1920 න් පස්සේ. )
  
බෝධිවංශයට අනුව කුවේනියට පුතෙක් පමණක් සිටි බව සඳහන් වෙනවා. ඔහු නමින් වීරබාහු කුමාරයා. ඔහු විසින් කුරුණෑගල දිස්ත්‍රිකයේ විල්බා ජනපදය පාලනය කල බවත් සඳහන්. ජීව + හත්ත කියන්නේ ප්‍රාණවත් අත කියන එක. වීර + බාහු කියන්නේ ශක්තිමත් අතක් ඇත්තා කියන එක. මේ නම් දෙකේ සමානත්වය නිසා බෝධිවංසය පිළිගන්න පුළුවන්. විජය රජතුමා කුවේණිව හා දරු දෙදෙනාව මාලිගයෙන් පන්නා දැමුණු බව සඳහන් වෙනවා.ඇයි පැන්නුවේ?
විජය කුමරු ආර්යයන්ගෙන් පැවතගෙන එන නිසා රජෙක් වෙන්න නම් ආර්යය රජ කුමරියක් සරණ පවා ගන්න අත්‍ය අවශ්‍යය වුණා. ඊට පස්සේ ඉතිහාසයේ කියවෙන්නේ කුවේණියගේ රාජධානියේ තිබුණු මේ ගල්තලාවට පැමිණි කුවේණි විජය කුමරුට ශාප කර ලතෝනි දුන් බවයි. මේ හේතුව නිසා එම ගල ලතෝනි ගල වී පසුව කාලයාගේ ඇවෑමෙන් තෝනිගල වූ බව කියවෙනවා. ඉන් පසු කුවේණිය නෑදායින් හම්බෙන්න ගිය වෙලාවේ කුවේණිය මරා දැමුණු බව කියවෙනව . කුවේණිවයි දරුවන්වයි විජය එළවුවාට පස්සේ විජයගේ අමාත්‍යවරු තම නායකයාට සුදුසු බිරිඳක් සෙවීම ආරම්භ කලා. ඔවුනට එවැනි කාන්තාවක් හමු වුනේ දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ පඬි රජුගේ දියණියයි. නමුත් විජයට ළමයි සිටියේ නැහැ. ඒක නිසා බුදුන්ගේ පරපුරෙන් පැවතෙන විජයගෙන් පස්සේ රජකමට පත්වුණේ උපතිස්ස ඇමති බව සඳහන්. එහෙනම් අපි කොහොමද අපි බුදුහාමුදුරුවන්ගේ ඥාති පරම්පරාවෙන් පැවතෙනවා කියන්නේ? ඒ මෙහෙමයි… උපතිස්ස රජුගෙන් පස්සේ රජවුණ පඬුවස්දෙවූ රජු අමිතෝදන ශාක්‍ය රජතුමන්ගේ මිනිපිරියක් වෙන භද්දකච්චනා කුමරිය සරණ පාවා ගැනීම හින්ද.
හරි, එකෙන් කමක් නැහැ අපි බලමුකෝ මේ තෝනිගල මොන වගේද කියල. හැම පැත්තෙන්ම පෙනෙන්නේ ගිරි ශිකර. (පුදුමයි ගල් මෝල් හිමියන්ගෙන් පරිස්සම් වෙලා තියන ඒක) ඒ අතරේ ලස්සන විලක් තියනවා නෙලුම් මල් පිරුන. ගමේ ඇත්තෝ මෙය විලෙන් ගොඩක් වැඩ ගන්නවා. ආ.. මේ තියෙන්නේ සෙල් ලිපිය. ලංකාවේ කොතරම් සෙල් ලිපි තිබුනත් මේ සෙල් ලිපිය තමයි ලංකාවේ ලිගම සෙල්ලිපිය. වටේටම යකඩ කණු ගහල වට කරලා තියෙන්නේ. මේක ලියල තියෙන්නේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයෙන්. සෙල් ලිපියට ඉදිරියෙන් තියෙන මේ විල, අච්චනගරය හා තවිකිරිය ගාමිණී අභය රජතුමාගේ පුත් තිස්ස විසින් අච්චාගාරික තිස්ස පබ්බත විහාරය සඳහා පරිත්‍යාග කල බව සෙල්ලිපියෙන් කියවෙනවා. බලන්න මේ සියවසේ ආපු පාපතරයන් මේ සෙල් ලිපිය ගාව ලියල තියන දේවල්.. මේ මිනිස්සු ලක්ෂ ගණන් වියදම් කරගෙන රට යනව වැදගත් දේවල් මෙච්චර ලංකාවේ තියෙද්දී. හොඳම වැඩේ කියන්නේ ඒ රටවල ගිහින් සුද්දෝ වගේ හානියක් නොකර බලල එනවා. ඒත් අපේ ඒවා බලන්න ආවම කෙළසනවා..
   
අපි දෙවනි සෙල්ලිපිය බලන්න යමු. ඒක තියෙන්නේ මෙතන ඉඳන් මීටර් 200 ක් ඉස්සරහ. යමුකෝ ඉතින් එකත් බලන්න. ආ… අර තියෙන්නේ.. මේකත් ඉස්සෙල්ලා එක වගේම ගොඩක් ලොකුයි. ඒ විතරක් නෙමෙයි. අච්චාගාරික තිස්ස පබ්බත විහාරය කියල හඳුන්වපු පරමාකන්ද විහාරය මෙතන ඉඳන් බැලුවම පේනවා. ඉර බහින්නත් ලඟයි එක නිසා මෙතන ටිකක් ගිමන් හැරලා ආපහු යමු…
   
මම අදට ඔයගොල්ලන්ගෙන් සමු ගන්නේ ඉදිරියේත් ලස්සන චාරිකා සටහනකින් හමුවීමේ බලාපොරොත්තුවෙන්. පහත දක්වා ඇති ප්‍රශ්න වලට උත්තර විටින් විට සංචාරක සටහන් මගින් ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ ජීවිතේට හිතපු නැති දේවල් ගොන්නක් පෙළගස්වන්න හිතන් ඉන්නේ සංචාරක සටහන් මගින්. ඒක නිසා දිගටම අප සමග රැඳෙන්න.
මොහෙන්ජොදාරෝ – හරප්පා ශිෂ්ටාචාරයට මොකද වුනේ?
මහාවංශයේ 40 වැනි පරිච්චේදයට මොකද වුනේ?
බැබිලෝනියාවේ එල්ලෙන මල් උයන හදන්න අදහස ගත්තේ කොහෙන්ද?
ඇලෙක්සැන්ඩ්‍රියාවට පස්සේ ලෝකේ හොඳම සාගර විශ්වවිදයාල තිබ්බේ කොහෙද?
මැඩගස්කර්, මාලදිවයින ලංකාව අතර සම්බන්ධය මොකක්ද?
සෙල්ලිපි වල ලක්වාසීන් ගුවනින් ගමන් කල බව දක්වා තිබ්බද ?
අපි උත්සහ කරන්නේ හෙළ දස්කම් ගල් කුලකට සීමා නොකර ගවේෂණයේ යෙදී පොත්පත් පරිශීලනය කර ඔයගොල්ලෝ දැනුවත් කිරීමයි. අපිට ලැබුණු ප්‍රතිචාර වලින් අපේ රාජකාරිය ඉටුවුණා කියල හිතෙනවා. ඒ විතරක් නෙමෙයි පොඩි නිහතමානී ආඩම්බරකමකුත් හිතෙනවා අපේ රටට කරන්න ලැබුණු සේවය නිසා.
1940 පුරාවිද්‍යා පනත යටතේ 1950 සංශෝදනයේ 15A වගන්තියට අනුව:
පුරාවස්තු හොරකම් කිරීම / විනාශ කිරීම දඬුවම් ලැබිය හරි වරදකි. දඬුවම් වශයෙන් වසර දෙකකට නොඅඩු වසර පහට නොවැඩි හිර දඬුවම් හා රුපියල් 50,000 ක දඩ මුදල් ගෙවීමට සිදුවේ. ඒ අතරම මෙය නීතිය ඉදිරියේ ඇප ලබා දිය නොහැකි වරදක් වේ.
සංචාරක සටහන ලිවීමේදී පරිශීලනය කල මූලාශ්‍ර:
සිරිලක අසු දුටු තැන් – එස් . පි . එස් . වීරසිංහ
ශ්‍රී ලංකාවේ හෙළ යුගය – ආචාර්ය සූරිය ගුණසේකර
හෙළ ජනප්‍රවාද
A comprehensive history of Sri Lanka – Nath Yogasundaram
A short history of Ceylon – H.W Corington
Pre & Prohistoric Settlement in Sri Lanka – Dr S.U Deraniyagala
Archelogical Act of Department of Archaeology
ජය වේවා!
|
වැදගත් තොරතුරු ටිකකින් අපිව දැනුවත් කළාට ස්තුතියි.
දිගටම ලියන්න.
බොහොම ස්තුතියි Praසන්ன
ඉතාම වටිනා තොරතුරු ටිකක් දැන ගන්නට ලැබුනා. බොහොම ස්තුතියි. දිගටම කරගෙන යන්න..
බොහොම ස්තුතියි සමීර
බොහෝම වටින ලිපියක්.
දිගටම ලියන්න.
හරිම ප්‍රයෝනජවත් මේවා මෙහෙම ලියලා තියන එක. විශේෂයෙන් නිකම්ම සංචාරක සටහනක් නොවී පොත් පත් ඇසුරු කරගෙන එහෙම ලියන එක.
ජය වේවා.
බොහොම ස්තුතියි දුකා
දිනේෂ්,
අද උදේ ඉඳන් ගොඩක් වැඩ තිබ්බ නිසා ඔයාගේ ලිපිය කියවන්න ලැබුනේ දැන්. ස්තූතිය්.
මාර වැඩේනේ දැන්. හිතාගන්න බැරි විදිහට ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් වෙනවනේ. අපි ස්කොලේ යනකාලේ ඉගෙන ගත්තු ඉතිහාසයේ වැරදි තැන් ගොඩක් තියෙනවනේ එතකොට. කවුද හරි කවුද වැරදි කියල හිතාගන්න බෑ. මට හිතෙන්නේ දිනේෂ් එක එක්කෙනාට ඕනේ විදිහට ලියපු ඉතිහාසය වෙනස් කරන්න කාලේ ඇවිත් නේද. අපේ ඉස්සර හිටපු කට්ටිය සුද්දන්ටයි, ලංකාවට ආදරේ නැති ලංකාවේ ලොක්කන්ටයි ඕනේ විදිහට ඉතිහාසය වෙනස් කරලා වගේ. හිතාමත කරපු දෙයක්ද නැත්නම් හරිහැටි අවබෝධයක් නැතිව කරපු දෙයක්ද කියල හිතාගන්න බෑ. වෙනත් කිසිම රටකට හිමි නැති ප්‍රෞඩ ඉතිහාසයක් තියන ශ්‍රී ලංකාවේ සැබෑ ඉතිහාසය, සියලුම ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා වැරදි නිවැරදි කිරීම ඉක්මනටම සිදු කල යුතුයි නේද.. ගොඩක්ම අසාවෙන් කියවපු ලිපියේ තවත් කොටසක් අපට කියවන්නට පල කිරීම ගැන මාගේ ස්තූතිය ඔබට. ජය වේවා.
ප්‍රභාත් අසංක
බොහොම ස්තුතියි ප්‍රභාත් මල්ලි,
අපේ ඉතිහාසයේ ගොඩක් හිඩැස් තියනවා. බොහෝ දුරට සුද්දෝ පොත් ගෙනියල ඇති.
උදාහරණයක් විදිහට සුද්දන්ගේ ප්‍රධාන රාජ්‍යය පාලන පාටය තමයි “Divide & Rule ”
කොහෙන්ද මේක සුද්ද අරන් තියෙන්නේ??
මේක සුද්දා අරන් තියෙන්නේ රාමායනයෙන්. රාමා ඔහුගේ සහෝදර අර්ජුනට දුන්න උපදෙසක් තමයි මේක.
ඔබ කරන්නේ ඉතාම ශ්‍රේෂ්ට වැඩක්. මම ඔබට හිස නමා ආචාර කරනවා.
වෙද ගෙදර මහ වෙදනා
වෙද මහතා බොහොම ස්තුතියි.
ඔබතුමා ඔහොම කියන කොට පොඩි ආඩම්බරකමකුත් එනවා.
( ඔබතුමාගේ බ්ලොග් site එකත් මං බැලුව. හරිම වැදගත් බ්ලොග් එකක් )
අද නම් සටහන උඩින් පල්ලෙන් කියවන්න උනෙ..වැඩ නිසා
පස්සෙ හිමීට කියවන්නම්….
ඔබගේ උත්සාහය අගය කරනවා…
ස්තුතියි..
බොහොම ස්තුතියි හරී
ප්‍රිය දිනේෂ්
උදේ ඉඳන්ම අන්තර් ජාල සම්භාන්දතාවයේ තිබ්බ තාක්ෂණික ගැටළුවක් නිසා සංචාරක සටහනට කොමෙන්ටුවක් දාන්න පමාවුණා.
ඉතින් අදත් බොහොම වටිනා ඉතිහාස තොරතුරු සමුහයක් ඉතා සිත්ගන්න ආකාරයට ඉදිරිපත් කරලා තියෙනවා. අපේ බොහොමයක් දෙනාගේ ඉතිහාසය පිළිඹඳ දැනුම් සිමාවෙන් ඔබ්බට ගිය මෙවන් තොරතුරු හැමෝගෙම දැනගැනීම උදෙසා සරල සුගම ආකාරයකටඉදිරිපත් කිරීම ගැන ඔබට මෙම චාරිකා සටහන කියවන හැමගේම ස්තුතිය හිමෙවෙනවා ඇති.
නියමයි,
තව ලියන්න.
ආ… විරාජ් ලොක්කා..
බොහොම ස්තුතියි.
ඉතිහාසය ගොඩක් කට්ටියට කියවන්න එපා වෙන්නේ බර වචන යොදාගෙන ලියන භාෂාවෙන් ලියල තියෙන හින්ද. ඒක නිසා පොඩි ළමයෙක්ට වුනත් තේරෙන විදිහට ලිවුවේ ඒකයි.
ගොඩක් වටිනා වැඩක්. දිගටම කරගෙන යන්න, අපි අනිවාර්යෙන් බලනවා. දැනටමත් ඔයාගේ සයිට් එක bookmark කරගෙන ඉන්නේ.
බොහොම ස්තුතියි චම්ලි….
ඉතාම අගනා වැඩක්.බොහොම ස්තුති ඔබට
බොහොම ස්තුතියි මෝල්ඩර් ෆයිල්ස්
Keep working! Keep writing! Great WORK!
Thanks a Lot Chamila!
බොහෝම වටින ලිපියක්.
මේවගේ ස්ථාන ගැන දැනුවත් කරන එක බොහොම වටිනා වැඩක්.
ස්තුති.
අන්තිමට අහල තිබුන ප්‍රශ්න සමහරකට උත්තර තියනවා මේ බ්ලොග් එකේ,
http://seuslsla.blogspot.com/
බොහොම ස්තුතියි වරුණ.
මම ඔය කියපු site එක බැලුවා. නියමයි…
ඒකේ author කව්ද කියල දන්නවද?
(මොකද අපිට ඉස්සරහට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් වෙයි )
admin, viraj දෙදෙනාටම ස්තූතියි මගේ comment ඒක බැලුවාට,
මේ mail address එක හම්බ උනේ කලින් මම දුන්න site එකේ තිබිලා, මම හිතනවා ඒක authorගේ වෙන්ඩ අති කියලා.
dazunj4me@gmail.com
රාවනා ගැන තවත් blog එකක් මෙන්න,
http://ravanalankapura.wordpress.com/ravana-is-a-hero-for-sinhala-nationalists/
රාවනා ඉතිහාසය ගැන තියෙන “කොග්ගල නිලමේ” පොත කියවලා තියෙනවද?
http://www.scribd.com/collections/3025780/History
සැබෑ ඉතිහාසය සෙයා යන ගමනට ජය වේවා……….
වරුණ බොහොම ස්තුතියි links share කලාට.
ස්තුතියි වරුණ ලින්ක් එකට
මමත් ඒ බ්ලොග් එක කියෙව්වා…..
එක කියවලා තවමත් කැරකිල්ල වගේ….
එකේ ගොඩනගල තියෙන තර්ක නම් සාධාරණ බවයි පෙනෙන්නේ…
එත් ඒවාට පාදක වෙච්ච කරුණු සොයාගත්ත මුලාශ්‍ර ටිකත් සදහන් කරනම් තමයි වඩාත්ම වටින්නේ
බොහෝම වටින ලිපියක්. දිගටම ලියන්න
බොහොම ස්තුතියි janka
විශිෂ්ටයි….. අතිවිශිෂ්ටයි….!! ඔබගේ සංචාරක සටහන්, ගවේෂණ චාරිකා හරිම උනන්දුවෙන් මුල ඉදලම කියෙව්වා… ඔබ සමාජයට කරන සේවය වචන වලින් කියල නිම කරන්න බැරි තරම්… ඔබට සුභපතනවා!!!!
Soda ගුණේ බොහොම ස්තුතියි.
comment එක දැක්කම බොන්න හිතුන…..(soda එකක්)
ඔබගෙ ලිපි පෙල ඉතාම රසවත්, විශිස්ට ගවෙශනයක්. ඔබට පසුව පොතක් ලෙස පල කරන්න පුලුවන්
මෙය සමාජ සෙවයක්. ඔබගෙ උත්සහය ඉහලින්ම අගය කරනව , තව තවත් ලියන්න ඔබට මගෙන් ආසිරි !
irosh බොහොම ස්තුතියි.
දිගටම ලියන්න. අපි ගොඩාක් සතුටින් බලනවා.
බොහොම ස්තුතියි bala
බොහොම ස්තුතිවන්ත වෙනව අවසනවකට වගෙ අපෙ ඉතිහාසය ගොඩක් අයට වටිනකමක් නෙති දෙයක් වෙල කාලා බීලා පුරවස්තු ටිකත් විනස කරල එනවා මමත් දකපු හෙම තනකම සෙල් ලිපි ලග තමන්ගෙ නම ලියලා නෙත්නම් පෙම්වතියගෙ නම . BTW Great work bro !
Thanks a Lot Bro..
අපේ රටේ මි හරක්(මි හරක්ට නින්දාවක්ද ද මන්ද) පරම්පරාවේ වැඩ ඔහොම තමා
විශිශ්ට වැඩක්
බොහොම ස්තුතියි maleesha
[නමුත් විජය එන්න ඉස්සල ඉන්දියාවේ හිටපු සමුද්‍ර ගුප්ත අධිරජයයාගේ අලහබාද් සෙල් ලිපියට අනුව ඉන්දියාවට දකුණින් පිහිටි රාජ්‍යයක සබර හා පුලින්ද කියන ජන කොටස් දෙක යටත් කල බව පැවසෙනවා]
මගේ මතකය නිවැරදි නම්, සමුද්‍රගුප්ත යනු අශෝක අධිරාජයාගේ පියා විය යුතුයි. එසේ නම් ඔහු වාසය කර ඇත්තේ ක්‍රි.පූ. 4 වන සියවසේ විය යුතුයි. විජයාගමනය සිදුවූ බව පැවසෙන්නේ ක්‍රි.පූ. 6 වන ශතවර්ෂයේ. එවිට විජ්යාවතරණයට පෙර පුලින්දයන් සිටි බව කියවෙන ඔබේ මතය පිළිගත නොහැකි වනවා
බොහොම ස්තුතියි මිගාර ඉතිහාසය පිළිඹඳ ප්‍රශ්නයක් ඇහුවට.
මම ගොඩක් කැමතියි මගේ ලිපි කියවල නොතේරෙන දෙයක් හෝ වෙනයම් නිරාකරණය කර ගත යුතු දෙයක් අසනවාට. මන් බලන් හිටියේ කොයි වෙලේ කවුරු ප්‍රශ්නයක් අහයිද කියල. (මොකද ප්‍රශ්ණයක් අහනවා කියන්නේ සංචාරක සටහන හොඳින් පරිශීලනය කරලා තියනවා කියන එකයි)
“මගේ මතකය නිවැරදි නම්, සමුද්‍රගුප්ත යනු අශෝක අධිරාජයාගේ පියා විය යුතුයි.”
මේක වැරදියි.
“විජයාගමනය සිදුවූ බව පැවසෙන්නේ ක්‍රි.පූ. 6 වන ශතවර්ෂයේ. එවිට විජ්යාවතරණයට පෙර පුලින්දයන් සිටි බව කියවෙන ඔබේ මතය පිළිගත නොහැකි වනවා”
ඔබ හරි, මම ඔබගේ ප්‍රශ්නය නිසාම මෙය ගැන පරීක්ෂණයක් කරලා බැලුවා.
“ශ්‍රී ලංකාවේ හෙළ යුගය – ආචාර්ය සූරිය ගුණසේකර” මහතාගේ පොතේ කාලය නිර්ණය කිරීමේදී පොඩි ප්‍රශ්නයක් වෙලා තියනවා . අලහබාද් සෙල් ලිපිය ලියල තියෙන්නේ විජය ඇවිල්ල අවුරුදු 200 කට විතර පස්සේ. ඉතින් ඒක නිසා එකෙන් අපිට කියන්න බැහැ පුලින්දයන් වියජගෙන් පවතෙනවද නැද්ද කියල. (බොහොම ස්තුතියි මිගාර ඉතිහාසය හොයාගෙන යන ගමනේදී අපිව නිවැරදි කලාට. )
අශෝක් මයුර එහෙමත් නැත්නම් අශෝක රජතුමා (ධර්මාශෝක) [304–232 BC] රජතුමාගේ පියා තමයි බින්දුසාර රජතුමා. ඔහුගේ මව තමයි රාණි ධර්ම. සමුද්‍ර ගුප්ත අධිරාජයා ඉඳල තියෙන්නේ අශෝක රජතුමාට ගොඩක් ඉස්සල (AD 335 – 375 අතර). සමුද්‍රගුප්ත රජතුමාගේ පියාගේ නම චන්ද්‍රගුප්ත.. විජය රජතුමා ඇවිත් තියෙන්නේ 543BC. (ඒ කියන්නේ සමුද්‍රගුප්ත අධිරාජයයා ඉපදෙන්න ඉස්සල්ල. )