මිහිදුම් සළුමැද තනිවූ සුන්දර අශෝක වනය

කතෘ : විරාජ් රත්නප්‍රිය
කතෘ හා සම්බන්ද වන්න : viraj_rathnapriya@yahoo.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2011 ඔක්තෝබර් 3(තුන්වන දිනය) 5 අවුව ඇති බොහොමයක්
මාර්ගය
පස්සර ->5 කනුව ->වේවැස්ස වත්ත(ඉහල කොටස) -> ග්ලෙන් ඇල්පින් කොට්ඨාශය -> දෙයනගල්ල කොට්ඨාශය-> නමුණුකුල ශිඛර 4 සහ 3 -> දෙයනගල්ල කොට්ඨාශය-> ග්ලෙන් ඇල්පින් කොට්ඨාශය -> ස්ප්‍රින්වැලි -> බදුල්ල ->පස්සර
නවාතැන
ඌව කළමනාකරණ පුහුණු ආයතනය – පස්සර
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • පස්සර දෙසින් නමුණුකුල තරණය කිරීමේ වනගත මාර්ගය; නමුණුකුල තරණය කිරීමේ දිගු සහ දුෂ්කර මාර්ගය ලෙස සැලකේ. පළපුරුදු අයෙකුට වුව මුදුන් නමයම තරණය කොට ආපසු පැමිණීම සදහා පැය 12 ක් පමණ ගතවනබව පැවසේ

  • කලින් දින චාරිකාවෙහිදී සිදුවූයේ කුමක්දැයි සැකහැර දැනගැනීම සදහා 5 කණුවේ සිට ජිප්රථ මාර්ගය ඹස්සේ වේවැස්ස ඉහල කොට්ටාශය වෙත පැමිණ එතැන් සිට නමුණුකුල කන්ද වටා ගොස් පහලට දිවෙන මාර්ගයක් ඹස්සේ ග්ලෙන් ඇල්පින් කොට්ඨාශය වෙත අප ගමන් කලද ග්ලෙන් ඇල්පින් කොට්ඨාශය වෙත ප්‍රවේශවීම සදහා 3 කණුවේ සිට කෙටි මගක් පවතී

  • මේ අනුව පස්සර දෙසින් නමුණුකුල තරණය කිරීමේ නිවැරදි මාර්ගය 5 කණුවේ සිට ජිප්රථ මාර්ගය ඹස්සේ වේවැස්ස ඉහල කොට්ටාශය වෙත පැමිණ එහි ඉහල කෙලවරේදී වනයට ඇතුල්වීම සහ පිලිවෙලින් 9 මුදුනේ සිට ඉදිරියට ගමන්කිරීම ලෙස දැක්විය හැක

  • නමුණුකුල තරණය කිරීමේ පහසු සහ ජනප්‍රිය මාර්ගය බලන්ගෙ‍ාඩ වැවිලි සමාගමට අයත් දෙයනගල්ල කොට්ඨාශයෙන් ආරම්භ වන අතර බදුල්ල පස්සර මාර්ගයෙහි 3 කණුවෙන් හෝ බදුල්ල ස්ප්‍රින්වැලි මාර්ගයෙහි ස්ප්‍රින්වැලි වතුයාය ඔස්සේ ග්ලෙන් ඇල්පින් කොට්ඨාශය හරහා දෙයනගල්ල‍ට ලගාවිය හැක

  • කඳු මුදුන් වල වල් ඌරං සහ කුළු හරකුන් ගැවසිය හැකි බැවින් ප්‍රවේශම්විම වැදගත් .

  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න.

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

වනගත මාර්ගයක් ඹස්සේ පස්සර දෙසින් නමුණුකුල කදුවැටිය තරණය කරන්න ගිහින් අපට වෙච්ච ඇබැද්දිය ඹයාලට මතක ඇතිනේ මතක නැතිනම් ඒ විස්තරය කියවලා ඉන්නතකෝ

කුළු නවයක් මැද අතරමංව

පස්සරට ඉර උදාවෙන්නටත් කලියෙන් 1:50,000 මීටර් සිතියම මතින් එදාදවස ආරම්භ කලේ ඒතුලින් නමුනුකුල කදුවැටිය ආශ්‍රිත වතුකර මාර්ග පද්ධතිය සහ කලින්දවසේ අපගේ ගමන් මාර්ගය පිලිඹදව පැහැදිලි අවබෝධයක් ඇතිකරගන්නා බලාපොරොත්තුව ඇතිවයි. සිතියමින් වේවැස්ස ඉහල කොට්ටාශය වෙත ප්‍රවේශ වීම සදහා 5 කණුවේ සිට පැවති කෙටි ජිප්රථ මාර්ගය ඉතා පැහැදිලිව හදුනාගත හැකිවූ අතරම, කලින් දින චාරිකාවෙහිදී සිදුවූයේ කුමක්දැයි සැකහැර දැනගැනීමේ දැඩි අවශ්‍යතාව‍යෙන් අප හැමෝම පෙලුනාය කිව්වොත් තමයි වඩාත්ම නිවැරදි. ඒ නිසාම 5 කණුවේ සිට ජිප්රථයෙන් වතුකර මාර්ගය ඹස්සේ වේවැස්ස ඉහල කොට්ටාශය වෙත පැමිණ එතැන් සිට නමුණුකුල කන්ද වටා ගොස් පහලට දිවෙන මාර්ගයක් ඹස්සේ ග්ලෙන් ඇල්පින් කොට්ඨාශය වෙත ගමන් කර; කලින් දින අප චාරිකාව අවසන්කල දෙයනගල්ල‍ කොට්ඨාශයට ලගාවීමට ඒ අනුව ගමන් සැලසුම පිලියෙල කෙරුණා. එසේ නොවූයේ නම් සිතියමට අනුව; බදුල්ල පස්සර මාර්ගයෙහි 3 කණුවේ සි‍ට සාපේක්ෂව කෙටිදුරකින් ග්ලෙන් ඇල්පින් කොට්ඨාශය වෙත පහසුවෙන් ප්‍රවේශවීමට අපට හැකිය‍ාව තිබුණා.


මිහිදුම් සළුවෙන් හැඩවුන සුන්දර නමුනුකුල

5 කණුවේ සිට ජිප්රථයෙන් වතුකර මාර්ගය ඹස්සේ වේවැස්ස ඉහල කොට්ටාශය වෙත

බදුල්ල පස්සර මාර්ගයෙහි 5 කණුවේ සි‍ට ගමන් ඇරඹූ අපට; කලින් දින චාරිකාවෙහිදී වේවැස්ස ඉහල කොට්ටාශයේදී හමුවු හින්දු පුජා ස්ථානයක් අසල වූ තුන් මං සන්ධිය වෙත ලගාවිමට ගතවූයේ විනාඩි 15 ක‍ටත් වඩා අඩු කාලයක්. පා ගමනින්නම් එය මිනිත්තු 45 ක‍ට වැඩි නොවන්නක් නමුදු කලින් දින දළු ට්‍රැක්ටරයෙන් කිලෝමීටරයකට අසන්න දුරක් ගමන් කිරීමෙන් අනතුරුවද මේ තුන් මං සන්ධිය වෙත ලගාවිමට අප පැය 3 කට ආසන්න කාලයක් වැයකර තිබුණා.

වේවැස්ස ඉහල කොට්ටාශයේදී හමුවු හින්දු පුජා ස්ථානය

මේ අනුව අපගේ කලින් දින මගපෙන්වන්නාට සැගවුණු අරමුණක් තිබුබව හොදින් පැහැදිලි වුනා. එනම් අපව හැකිතාක් අසීරු මාර්ගයක රැගෙන ගෙ‍ාස්, හැකිතාක් ඉක්මනින් අපගේ ශක්තිය හීන කොට, හැකිතාක් වේලාසනින් ගමන අතහැර දැමීමට අප පොළඹවා ගැනීමයි. (අපගේ තීරණයක් මත ගමන අතහැර දැමීම සිදුවීනම් එය ඹහුගේ ගාස්තුවට බල නොපාන බව ඹහු හෙ‍ාදින්ම දැන සිටියා.) මේ විස්තර සියල්ල මා සදහන් කරන්නේ මෙම චාරිකා සටහන පරිශීලණය කරන ඹබටත් එය යම්දිනක වැදගත් වියහැකි බැවිණි.එනම් එවන් එක මොට්ටයකුට සමුහයකගේම පරිශ්‍රම‍යක් අප‍ෙත්හල හැකි බවයි.

බදුල්ල නගරය

කොට්ටෝරුවා කෙසෙල් ගස‍ට කෙටුවා වාගේ අපගේ මගපෙන්වන්නාටද කලින් දින වැරදිනි. ඹහුට සිය පටු අරමුණ සඵලකරගත නොහැකි වූයේ අපෙන් කිසිවෙක් පසුබසින්නකු නොවූනිසාමය.

හින්දු පුජා ස්ථානය අසල වූ තුන් මං සන්ධිය සිට නමුණුකුල කන්ද වටා පහලට දිවෙන මාර්ගයක් ඹස්සේ ග්ලෙන් ඇල්පින් තේ කම්හල තෙක් පැමිණි අප එතැන් සිට කදුවැටියේ බටහිර බෑවුම ඹස්සේ ස්ප්‍රින්වැලි දෙස‍ට කිපලෝමීටර 4 ක් පමණ තවදුරටත් පහලබැස අනතුරුව හමුවූ තුන් මං සන්ධියකදී හැරී විල්ලුද වන් සරුසාර තේ වගාවන් මැදින් දිවුන පටු මාර්ගයෙහිවූ මහා නැග්මක අවසානයේදී දෙයනගල්ල‍ කොට්ඨාශය වෙත ප්‍රවේශවන ලදී.

ග්ලෙන් ඇල්පින් තේ කම්හල

විල්ලුද වන් සරුසාර තේ වගාවන් මැදින්

කලින් දින අප චාරිකාව අවසන්කල දෙයනගල්ල‍ කොට්ඨාශයෙහි පිහි‍ටි ද්‍රවිඩ ගම්මානයෙහි වැසියන් දෙපලක් අපට මගපෙන්වන්නට ස්වේඡාවෙන් ඉදිරිපත් වුනා ( අය්යෝ…. ආයෙත් වලේ වැටෙන්නයි යන්නේ….!) මේ සංචාරය හැකි ඉක්මනින් අවසන් කොට එදිනම ආපසු කොළඹ ය‍ාමේ අවශ්‍යතාවය අප හැමෝටම තිබුන නිසාම අප ඔවුන්ගේ මැදිහත්වීම භාරගනු ලැබූවා. කොහොම හරි මිනිත්තු 20 ක පමණ පා ගමනකින් අප කලින් දින චාරිකාව අවසන්කල වනගහනය අද්දරට ලගාවෙන්න අපට හැකිය‍ාව ලැබුනා.

අප කලින් දින චාරිකාව අවසන්කල වනගහනය අද්දරට

වනගහනය තුල හමුවූ පැහැදිලි අඩිපාරක මිනිත්තු 15 ක පමණ ගමනක අවසානයේදී තරමක විවෘත ප්‍රදේශයකට අප ප්‍රවේශය ලැබූ අතර එය‍ට අඩි සියයක පමණ ඉහලින් තවත් කදුමුදුනක් හදුනාගත හැකි වූවා. කුළු හරකුන් ගැවසිය හැකි බැවින් කදුමුදුන වෙත යාම මගපෙන්වන්නන් විසින් අනුමත නොකලද අප කිහිපදෙනෙකු ඒ මතට ගොඩවදිනු ලැබුවා.

වනගහනය තුල හමුවූ පැහැදිලි අඩිපාරක

කෙටි විවේකයක්

වනගත අඩිපාරෙහිවූ කෙටි නැගීම් බැසීම් කිහිපයකට පස්සේ තරමක විශාල නැග්මක් හමුවූවා. එයින් අනතුරුව හමුවූ Y හංදියෙන් අප තෝරාගත්තේ දැඩි බෑවුම් සහිතමුත් වඩා කෙටිවූ වම්පස මාර්ගයයි. (මෙම ම‍ාර්ග දෙකම කදුමුදුන කරා දිවෙයි )

එතැන් පටන් ඉහල නගින පියවරක් පාසාම පරිසරය සීඝ්‍ර ලෙස වෙනස්වන්නට වුනා. පිග්මි ගස් මත රැදුන මහ ර‍ාවනා රැවුල්, මීවන, අපිශාක, ලයිකන වර්ග ආදියෙන් අප මේ පැමිණ ඇත්තේ කදුකර තෙත් වනාන්තරයක් වෙත බවට ඉගිකල‍ා.

ගස් මත රැදුන පෙද පාසි
නමුනුකුල උසම කදුමුදුන, අක්කර කිහිපයක වපසරියක් හිමිකරගන්නා තැනිතල‍ාවක්



ජනප්‍රිය කදවුරු බිමක් බැවින්

                                             අත්හැර දමන ලද කුඩා ලිදක්

කෙනෙකුට එකවර විස්වාස කිරීම අපහසු වුවද ලංකාවේ උසින් 12 වන ස්ථානය හිමිකරගන්නා නමුනුකුල උසම කදුමුදුන, අක්කර කිහිපයක වපසරියක් හිමිකරගන්නා තැනිතල‍ාවක්. එහි පස තිරිවාණ ජීරණයෙන් තැනි, සුදුපැහැ පසකින් යුක්ත වන අතර සුළගට ඹරොත්තු දෙනලෙසින් කුරුබවට පත් මහ රත්මල් සහ අ‍ශෝක ගස් වලින් පිරී පවතිනවා. අත්හැර දමන ලද කුඩා ලිදක් සහ පූජ්‍ය ස්ථ‍ානයක ‍අවශේෂයන්ද දැකගත හැකිවූ අතර මෙය සංච‍ාරකයන් අතර ජනප්‍රිය කදවුරු බිමක් බැවින් එතැනට නෙ‍ාගැලපෙන සමහර දෑද තිබූබව කණගාටුවෙන් වුව සදහන් කල යුතුමයි.

පූජ්‍ය ස්ථ‍ානයක ‍අවශේෂයන්

අ‍ශෝක

වසරෙහි සෑමදිනම ඝන මිහිදුමින් වැසී පවතින මෙම සුන්දර කදුමුදුණ, බැලුම් ස්ථ‍ාන රැසකින් සමන්විත වේ. නැගෙනහිරින් පස්සර-මඩොල්සිම සිට අම්පාර, මඩකලපුව, මොනරාගල සහ බටහිරින් ස්ප්‍රිංවැලි ප්‍රදේශයෙහි මේමලර් වත්ත දක්වා පැතිරුණ දර්ශන පථයක් එය සතුවෙයි. සොබාදහම් මාතාව අපවෙත සිය උපරිම කරුණාව දක්වා තිබූ නිසාවෙන්දෝ මිහිදුම් බිදකුදු රහිතව සොබා අසිරිය විදගැනීමේ අවස්ථාව අපට ලැබිණි. එය කලින් දින අප විදි ගැහැට වෙනුවෙන් ලැබූ තිලිණයක් ලෙසයි අපට හැගුනේ. මොකද මේ කන්ද තරණයකල බොහෝදෙනකු කදුමුදුණෙහිදී මිහිදුම හැර කිසිවක් අත්විදලා නැතිබවයි කියැවෙන්නේ.

උතුරු දෙසට වන්නට පැවති බැලුම් ස්ථ‍ානය කදුමුදුණෙහි සිට මීටර 200 ක පමණ දුරකින් ස්ථානගතව තිබූ අතර ද්‍රවිඩ ගම්මානයෙහි වැසියන්ගේ වැදුම් ලබන ශුද්ධ ස්ථානයක්ද ඒ ආසන්නව පිහිටා තිබිණි. එහිදී නුවර – මහියන්ගනය ප්‍රදේශය දුරින් දිස්වන විට, ද්‍රවිඩ ගම්මානය සහ එහි නවත‍ාතබන ලද අපගේ ජිප්රථය නුදුරින් නිරීක්ෂණය කලහැකිවිය.

නුවර – මහියන්ගනය ප්‍රදේශය දුරින් දිස්වන විට
ද්‍රවිඩ ගම්මානය

අපේ නඩය


ගම්මානයෙහි නවත‍ාතබන ලද අපගේ ජිප්රථය

දිගු මාර්ගය ඹස්සේ Y හංදිය‍ට පැමිණ කඩිනමින් පහලබැසි අප ද්‍රවිඩ ගම්මානයෙහි වැසියන්ගෙන් සමුගත්තේ ස්ප්‍රිංවැලි වෙත ය‍ාමේ අරමුණ සහිතවයි. දිවා ආහ‍ාරය ලබා නොසිටි අප තේ කඩයකට ගොඩවැදී කුස මදක් සනසාගනිමින් මේමලර් වතුයායේ පිහිටි බ්ලැක්පූල් (කඵවල) නමැති ස්ථානය සොයා යාත්‍රා කලා. අතරමගදී හමුවූ හින්දු කෝවිලක් අද්දර ජිප්රථය නතරකල අප එතැන්සිට වූ අඩිප‍ාර ඹස්සේ ඉදිරියට ඇදුනා. මීටර 300 ක පමණ පාගමනකින් පසු ස්ප්‍රිංවැලිහි පිහිටි සුන්දරම ස්ථානය ලෙස විරුදාවලි ලද මෙම ස්වාභ‍ාවික තට‍ාකය වෙත අප ප්‍රවේශය ලැබුවා. තටාකයෙහි ඈත කෙලවරින් කුඩා දිය ඇල්ලක් කඩාහැලුන අතර කඵපැහැ ජලය එහි ගැඹුර ගැන බියකරු හැගුම් ඇතිකලා. ඒ කොහොම උනත් වෙහෙස‍වී සිටි අප නොගැඹුරු වැලි පතුලක් ඇතැයි පෙනුන මෑත කෙලවරින් සීතල ජලයට බහිනඑක වලකන්නට නඩේගුරාටවත් හැකිවුනේනැහැ. ෴



ස්ප්‍රිංවැලි පිටිසරබද නගරය

මේමලර් වතුයායේ…….

අඩිප‍ාර ඹස්සේ

ස්ප්‍රිංවැලිහි පිහිටි සුන්දරම ස්ථානය – බ්ලැක්පූල

ස්ප්‍රින්ග් වැලිහි කළුදිය පොකුණ

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: කඳවුරු බැඳීමකඳු තරණයදියඇලි

Tags:

RSSComments (16)

Leave a Reply | Trackback URL

  1. admin says:

    නියමයි ලොක්කා තව ලියන්න

    • viraj says:

      සිංහල පාඨකටන්ට අමතන්නට මේ වේදිකාව සකසාදීම ගැනත්, නිරතුරුව රචකයන් දිරිමත් කිරීම ගැනත් ඇඩ්මින්ට ස්තුතියි.

  2. Praසන්ன says:

    නියමයි. ලස්සන විස්තරයක් වගේම ලස්සන ෆොටෝ ටිකක්.

  3. Dhanushka says:

    නියමයි..අපි කියවනවා ඔයාල ලියන්න.

  4. irosh says:

    ලස්සන විස්තරයක් හරියට අපිත් ගමන ගියා වගේ, මම විරාජ්ගෙ ලිපි විශාල ප්‍රමානයක් විවිද වෙබ් වල තිබිල කියවල තියෙනවා, ඉතා මනරම්. මම විදෙශගතව රකියාව කරන්නෙ නිවාඩුවට ලන්කාවට ආවහම පුලුවන්තරම් ඉස්තාන බලන්න යනවා.ඔබලගෙ ලිපිවලින් අප්‍රකට ඉස්තාන විශාල ප්‍රමානයක් ගන තොර තුරු ලබා ගත්තා . තමන් සොබාදහමෙ ලස්සන විදින ගමන් අපටත් එම තොරතුරු ලබා දිම ගැන ගොඩාක් ස්තුතියි.

    තව තවත් ගවෙශනය කරන්න , තවතවත් ලියන්න, ඔබට ජය !!!

    • viraj says:

      හිතවත් ඉරෝෂ්,

      බොහෝම ස්තුතියි. !
      ඔය වැනි අගයකිරීමක් දහසින්බැදි පියල්ලකට වඩා අගනේය.
      දිගටම අපත් සමග රැදීසිටින්න. මේ පුංචි දිවයිනේ සුන්දරතැන් එමටයි.

      ජය !

      විරාජ්

  5. panda says:

    විරාජ් මේ පැත්තෙද ? ඒ කිව්වෙ ඌව පළාතෙද ? කලින් ලිපියකත් මේ පෙදෙස ගැන සැහෙන්ට ලියල තිබ්බා..මම දැනට බදුල්ලෙ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නව..එත් මේ කිසිම එකක් තාම බලන්න යන්න බැරි වුනා..ඒත් ඔයාලගෙ වර්තා ඒ අඩුව ගොඩාක් දුරට පුරවනව..අපූරුයි

    • viraj says:

      හිතවත් panda,

      අනේ නැහැ. මම බස්නාහිර පළාතේ, හරියටම කිව්වොත් සියනෑකෝරළයේ.ඌව පළාත කියන්නේ මගේ සිත්ගත් සුන්දරතම ප්‍රදේශයක්. ඒ නිසාම වෙන්න ඇකි එහි සුන්දර ස්ථාන ගනනාවක් ගැන සංචාරක සටහන් ලියන්න හේකුවෙන්න ඇත්තේ.
      ( මීට අමතරව ඉංග්‍රිසියෙන් ලියැවුන සටහන් ගනනාවක් කියෙනවා Web site කිහිපයකම. පහතින් දක්වන්නේ එයින් එකක් )

      http://www.traveljournals.net/travelers/viraj/journals/12675/

      දේශන, සටහන්, නිබන්ධන අතරේ ගෙවෙන (අ)මිහිරි සරසවි ජීවිතය සුන්දර කරගන්න, විවිධ කන්ඩායම් විදිහට සිදුකෙරෙන මේවගේ සංචාරත් (‍බැච් ට්‍රිප්, ගැන්සි ට්‍රිප්, පොකට් ට්‍රිප්…) හේතුනවෙන බවනම් අමතක කරන්න එපා.

      ඔබට ජය !

  6. රූ says:

    ගස් මත රැඳුනු පෙඳ පාසි පින්තූරය අපූරුයි. අපි නමුණුකුල තරණය කල දවසේ හමු වූ බවක් මතක නෑ.
    මට මතකයේ වැඩිපුරම රැඳී ඇත්නේ ග්‍රේට් වෙස්ටන් කඳු වැටිය ආපසු බැසීමේදි දුටු පෙඳ පාසි රැඳුනු ගස් වැල් පේළියයි. එතරම් සුන්දර දසුනක් මට ජීවිතේටම හමු වී නැහැ.
    රිදී පාට පාසි මත රැඳුනු පිණිබිඳු දිලිසෙන අයුරු තාමත් මැවී පෙනෙනවා.
    ගවේශකයන්ට පමණක් උරුම මේ සොඳුරු දසුන් අන් අයත් සමඟ බෙදා ගත්තාට පින්.

    • viraj says:

      හිතාදර රූ,

      “ගවේශකයන්ට පමණක් උරුම මේ සොඳුරු දසුන් අන් අයත් සමඟ බෙදා ගත්තාට පින්”

      අපේ පුංචි උත්සාහය අගය කලාට බොහෝම ස්තුතියි.

      ඹබට ජය !

  7. chamara says:

    saaaa niyama gamanak lassanata liyala thiyanawa.

    • viraj says:

      හිතවත් චාමර,

      උනන්දුකිරීම‍ට ස්තුතියි.
      ඉඩක් ලැබුනොත් නමුණුකුල නගින්න. අනිවාර්යයෙන්ම ඒක අති සුන්දර අත්දැකීමක් වේවි.

  8. ලියොන් says:

    මට මේ පාර නිවාඩුවේ මොනවද මේ වෙලා තියෙන්නෙ? අහම්බෙන් නඩේ ගුරා අඩවියට ආවට පස්සෙ මට (සවාරී)උණහොඳටම වෑඩිවුනා වගේ :ඩී

    • viraj says:

      හිතවත් ලියොන්,

      //අහම්බෙන් නඩේ ගුරා අඩවියට ආවට පස්සෙ මට (සවාරී)උණහොඳටම වෑඩිවුනා වගේ//

      උණ සනීපවෙන්න “චාරිකා 8 ක් එක මාසෙකට ගිහින් ට්‍රිප් රිපෝර්ට් 5ක්වත් අප්ලෝඩ් කරන්න.

      අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි !

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.