සෙංකඩගල වැළලුනු සුදු ආඩම්බරය – ගැරිසන් සොහොන

කතෘ : ලහිරු යසස් අකුරැටියගේ
කතෘ හා සම්බන්ද වන්න : lahiruakuratiyage@yahoo.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2010 දෙසැම්බර් 1 4 වැසිබර මහනුවර සිට පා ගමනින්
මාර්ගය
දළදා මාළිගය සහ වැව අතර මාවතෙන් මාළිගාවේ පිටුපස ඇති( නුවර-දිගන පාරේ )u වංගුව අසලින් ඇති අඩිපාරට පිවිසෙන්න
නවාතැන
-
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • ස්ථානයේ ගරුත්වයට හානි නොවන සේ හැසිරෙන්න.

පිදුම, ඔබ සැමට

ඔහු නමින් කපිතාන් ජේම්ස් එඩ්වර්ඩ් මැක්ග්ලෑෂන්.වෝටලූ සටනෙදි වගේම බසාකෝ,ඇල්බියුරා වගෙ සටන්වලදි රැජිනගෙ 19වැනි රෙජිමේන්තුව වෙනුවෙන් සටන් වැදුනු සම්මානලාභී රණ ශූරයෙක්.දරුණු සතුරු බලමුලු මැද්දෙ ජීවිතේ බේරගෙන යුධ වැදුනු බ්‍රිතාන්‍ය සෙන්පතියෙක්.1817දි 1වෙනි සිලෝන් රෙජිමේන්තුවට අනුයුක්ත වෙන කපිතාන් ජේම්ස් ටිකක් මුරණ්ඩු හිතුවක්කාරය.තමන්ගෙ සගයො එපා කියල දහ අතේ අනතුරු අඟවද්දි කපිතාන් ත්‍රිකුණාමලේ ඉඳන් නුවරට පයින්ම එන්න පිටත් වෙනව.එන ගමන හරිම දුෂ්කරයි.විශේෂයෙන්ම ඝර්ම කලාපයෙ ඔරොත්තු නොදෙන ආර්ද්‍රතාවයි රස්නෙයි දරාගෙන වගුරු දියකඩිති වදුලු මැදින් මේ එන ගමන කොහොමහරි නුවරට ඇවිත්ම තමයි ඉවර වෙන්නෙ.මෙ සිදුවීම් සිද්ධ වෙන්නෙ නොවැම්බර් මාසෙ අග හරියෙදි. ඇවිත් ටික දවසකින් කපිතාන් දරුණු උණකට ගොදුරු වෙනව.කොච්චර වීරය උනත් මේ උණට නං කපිතාන් තමන්ගෙ ජීවිතෙන්ම පරාද වෙනව.ඒ හරියටම දෙසැම්බර් 2වැනිද.

ඔයාල ඒ ඇහුවෙ යටත් විජිත කාලෙ අපේ රට පාලනය කරපු හුඟාක් බ්‍රිතාන්‍ය සෙබලු අත්විඳපු මරණයෙ එක් උදාහරණයක්.අපේ සෙබලුන්ගෙ කඩුවට වඩා සුදු ජීවිත බිලිගන්න සමත් උනා ඒ කාලෙ හිටපු මදුරුවො.මේ අපේ ඉතිහාසයෙම අපි බොහොම හැල හැප්පිලි,කැරලි කෝලාහල මැද ජීවත් උන කාලයක්.නමුත් ඉතිහාසය කියන කාරණාවෙදි අපිට අමිහිරි මතක එක් කලත් මේ සමය ලංකාවෙ අනාගතය වෙනස් කරන්න සමත් උනු තීරක කාල පරිච්ඡේදයක්.මම කියපු කතාවෙ කපිතාන්ගෙ සොහොන් ඵලකය තමා කතාව මුලදිම ඔබ දක්කෙ.මේක අපි නිතර දෙවේලෙ යන තැනක් ලඟ තිබ්බත් හුඟක් දෙනා මේක දැකල නැතුව ඇති.අපිට කපිතාන් මැක්ග්ලෑෂන් විතරක් නෙවෙයි මේ වගෙ කතා සියගණනක අයිතිකාරයො හම්බෙන්න පුලුවන් ගැරිසන් සුසානයෙදි.

ගැරිසන් සොහොන තියෙන්නෙ දළදා මාලිගාව පිටිපස්සෙ.දිගන දිහාවට යන පාරෙ මාලිගාව පිටිපස්සෙ වංගුව ලගින් වම් පැත්තට විහිදෙන පොඩි පාරෙ තමා මේ තැන තියෙන්නෙ.1820-1870 අතර කාලෙ මිහිදන් උන බ්‍රිතාන්‍ය ජාතිකයින් 190ත් 200ත් අතර දෙනෙක්ගෙ කතා මෙතන වැලලිල තියෙනව.ඒ අතර කවුරුත් නිතර අහල තියෙන ජෝන් ඩොයිලි,ග්‍රෙගරි ආණ්ඩුකාරයගෙ බිරිඳ එලිසබත් වගෙම පුංචි අතදරුවො පවා ඉන්නව.

මෙතනට ගියාම අපිට හම්බෙනව මෙතන භාරකාරය.ඔහු නමින් චාල්ස් කාමයිකල්.ඔහු මේ සුසානය බොහොම පිලිවෙලට පවත්වගෙන යනව.මෙතනට යන ඕනෙම කෙනෙක්ට මෙහෙ තියෙන හැම ඵලකයකම හැංගිල තියෙන කතාව බොහොම රසාලිප්තව ඉංග්‍රීසියෙන් කියල දෙන්න කාමයිකල් උන්නැහේ සමත්.ඉඳල හිටල ගැරිසන් සොහොනට එන සංචාරකයන්ට අමතක නොවෙන කතාරසයක් දනවන්න,එක් කරන්න පුලුවන් පුද්ගලයෙක් ඔහු.සොහොනට අමතරව ඒ ලඟම පොඩි කටුගෙයකුත් තියෙනව.කාලයක් වල්බිහිවෙල තිබ්බ මේ තැන පහුගිය කාලෙක සිද්ධ උන චාල්ස් කුමාරයගෙ ලංකා ගමනට සමගාමීව හෙලිපෙහෙලි කෙරිල තියෙනව.ඉතින් මම මීට වඩා මේ තැන ගැන කියන්න යන්නෙ නෑ මොකද ඊට වඩා ලේසියි ඔයගොල්ලො හැමෝටම මාලිගාවට ආපු වෙලාවක පැය භාගයක් විතර වෙන් කරගෙන මෙතනට එන එක.

මේ වෙලාවෙ මාව මේ තැනට එක්කං ගියපු එහා ගෙදර වින්සි අන්කල්ව මතක් නොකරම බැහැ.ඉතින් පුලුවන් වෙලාවක නුවර ගියාම ගැරිසන් සොහොනට යන්න.එතන ඉන්න හුඟක් දෙනා බලන් ඉන්නෙ “නොදන්න රටක තනිවුනු තමන්ගෙ දුක්බර කතාව” කියන්න.ඒක මෙතෙක් නොලබපු වෙනස්ම අත්දැකීමක් වෙනවට කිසිම සැකයක් නැහැ.

 

ජය වේවා!

ගොනු කර ඇත්තේ: පෞරාණික උරුමයසංස්කෘතික සවාරි

Tags:

RSSComments (20)

Leave a Reply | Trackback URL

  1. Prabhath says:

    ලිපියට ගොඩක් ස්තූතිය්.

    මගේ මතයක් මං ඉදිරිපත් කලාට මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියල හිතනවා. ඔය පරසුද්දෝ (ඊට පෙර පරංගි, ලන්දේසි) තමයි අපේ සිංහල දේශය, ජාතිය, ආගම, ඉතිහාසය විනාස කලේ. ඔබගේ ලිපියේ මාතෘකාවෙන්ම (“සෙන්කඩගල වැලලුන සුදු ආඩම්බරය”) අපිට පොඩි දුකක් එනවා. ඔය සුද්දෝ ඇවිත් මේ රට විනාශ කලේ නැත්නම් අදටත් අපිට ආඩම්බරයෙන් ජීවත් වෙන්න තිබ්බා. අපේ රටට තියෙන ආදරේට ඇවිත් මැරුණ මනුස්සයෝ නෙමේනේ ඔය ගැරිසන් සොහොනේ ඉන්නේ, අපේ රටට විණ කරපු අය. ඔය ආපු එවුන් අපේ රටේ තිබුන සියලුම වටින දේවල් උන්ගේ රටවල් වලට ගෙනිහින් අපේ ඉතිහාසය විනාස කරලා උන්ගේ ඉතිහාසයේ දේවල් විදිහට තියාගෙන, ජරා දේවල් සේරම දීල රට විනාස කරපු අය. (මෙය මගේ හිතට ආපු මතයක් විතරයි)

    නොදන්නා දෙයක් ගැන දැනුවත් කලට නැවතත් ලහිරු සහෝදරයට ස්තූතිය.

    ප්‍රභාත් අසංක

    • Dinesh Deckker says:

      “සෙන්කඩගල වැලලුන සුදු ආඩම්බරය”
      මචං මේකෙන් කියන්නේ සුද්දන්ගේ ආඩම්බරය සෙන්කඩගල වැලලුනා කියල.

      • viraj says:

        දිනේෂ් / ප්‍රභාත්,

        දිනේෂ් හරි. මේකෙන් කියන්නේ සුද්දන්ගේ ආඩමිබරය සෙන්කඩගලදී වැලලුනාය කියන එක තමයි. ප්‍රභාත්ට වගේම මුලදි මටත් පොඩි අමුත්තක් දැනුනා මාතෘකාව දැක්කහම.

        “ඔය සුද්දෝ ඇවිත් මේ රට විනාශ කලේ නැත්නම් අදටත් අපිට ආඩම්බරයෙන් ජීවත් වෙන්න තිබ්බා.”

        අපි හැගීමබරව මෙහෙම කිව්වාට, අද රට පාලනය කරන කළු සුද්දෝ රටට කරන වින්නැහිය දකින කොට යුරෝපෙන් ආව උං තව හොදයි කියලා හිතෙනවා බං……

        මේ ලගදි ඔය ගැන පුංචි සංවාදයක් ගියා සයිබර් අවකාශයේ, වැදගත්ය හිතුන නිසා සබදතාව දැම්මා. පහතින් බලන්නකෝ

        http://sathsamudura.blogspot.com/2011/11/18.html

        තවත් එකක්, අපි එලාර රජු‍ගේ සොහොනටත් ගරු කරපු ජාතියක් හොදේ.
        ඒ නිසා එදා හිටපු වීර සිංහලයන්ගේ මුණුපුරන් විදිහට, පරාජිත සතුරාට ගෞරව දැක්වූවාට වරදක් නැතිබවයි මටනම් හිතෙන්නේ.( හැබැයි ඒ උතුම් ගතිගුණය අපේ මිනිස්සුන්ගේ මෝඩකමක් බව‍ට පත් වෙව්ව අවස්තාද නැත්තේ නොවේ)

        කොහොම උනත් නොදන්නා දෙයක් ගැන අලංකාර සංචාරක සටහනකින් අපව දැනුවත් කලට ලහිරු සහෝදරයට මගෙත් ස්තූතිය.

  2. Dinesh Deckker says:

    මමත් ගොඩක් නුවර ගිහින් තිබුනත් මෙය සුසාන භූමිය දැකල නැහැ.
    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  3. දිනේෂ් කිව්ව හරි.කියන්න ඕනෙ උනේ අපිව පාගන් හිටපු සුද්දන් ඔවුන්ගෙ පුහු ආඩම්බරයත් එක්කම වැළලිලා ගියා කියලයි.ආඛ්‍යානයේ ව්‍යංගය සහෝදරයට තේරිලා නැතුව ඇති.කපිතාන්ට වීරය කිව්වෙත් ඒකයි.ස්තුතියි අදහස්වලට.

  4. රූ says:

    ලස්සන තැනක් වගේ..
    ආයෙ නුවර ගිහාම යන්න ඕනි අනිවාර්යෙන්ම..
    ස්තුතියි දැනුවත් කලාට..

  5. Praසන්ன says:

    ස්තුතියි දැනුවත් කළාට. ආයෙ පාරක් නුවර ගියාම බලන්න යන්න ඕන.

  6. chathura says:

    හොඳ ලිපියක් , මේ මගින් මේ රටේ තවත් අපි නොදන්නා තැනක් පෙන්නූවට ස්තුතියි .

  7. හරී says:

    නොදන්නා තැනක් ගැන කියලා දුන්නාට ස්තුතියි.

    මගේ මතය… එක්කො ඕනෙ නෑ

  8. Podimalli says:

    ප්‍රිය ලහිරු,
    මම හරිනම් මෙ තෑනට කියන්නෙ War cemetery කියල. මෙ වගෙ තව එකක් තියෙනව තිරිකුනාමලයෙ.
    නඩේ මොකඩ කියන්නෙ?
    මොකඩ එක මාසෙක ඔය කට්ටියගෙ නෑඩෑයො රට ඉඩල එනව කට්ටියව අනුස්මරනය කරන්න.

  9. Dhanushka says:

    Thanks For Information

  10. ඩයනා says:

    මගෙ ගමත් නුවර….. ඒත් කවදාවත් මෙතනට ගිහින් නම් නැහැ..ගෙදර ගියාම අනිවර්යෙන් යන්න ඹ්නි… ස්තූතියි දැනුවත් කළාට. ජය

  11. Podimalli says:

    ඩයන,
    ඔබ හරි. ගොඩක් අය මෙම තෑන ගෑන දන්නෙ නෑ.ලහිරු කියන්නෙත් මම කියන තෑන ගෑන නම් එහි විස්තරයක් මෙම ලින්ක් එකෙන් ගන්න පුලුවන්.

    http://www.lankalibrary.com/geo/warcemeteries.htm

    මම කියපු තෑන් දෙක ගෑනම විස්තරයක් මෙහි තියෙනව.

  12. ඩයනා says:

    Podimalli කියන ස්ථානය නම් තරමක් ප්‍රසිද්ධ තැනක්. ඔය කියන war cemetery ය තියෙන්නෙ පේරාදෙණිය මහ රෝහල පහු කරලා නුවර පැත්තට ගියාම ගැටඹේ හරියට යනකොට තියන මහනාම විද්‍යාලය පහු උන ගමන් වගේ වමට තියෙන පාරේ මහවැලි ගඟ අයිනේ. එතන කොළඹ නුවර පාර අයිනෙම ලොකු බෝඩ් එකක් තියෙනවා War Cemetery කියලා. මම හිතන්නේ මේ කියන තැන ඊට වඩා පොඩියි. ඒකයි අප්‍රසිද්ධ

    Thanks for the Link…

  13. Podimalli says:

    මුලින්ම කට්ටිය සමාවෙන්න ඔනෙ මොකද මටත් පොඩ්ඩක් තෑන පෑටලුනා. මගෙත් වසර 8ට් 10ට් පෙර මතකයක් තමයි ලහිරු අවදි කලෙ. ඩයන,ඈඩ්මින් ගොඩක් ඉස්තුතියි මාව දෑනුවත් කලාට.

  14. DIlan says:

    අද ලංකාදිප පත්තරේ(21-12-2011) වාර්ථා කරලා තිබුනා, ගැරිසන් සොහොන ඉවත් කරන්න කියලා මධ්‍යම පලාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව මහතා රජයෙන් ඉල්ලිමක් කරල තියෙන බව. දලදා මාලිගවට හා කැප්පෙටිපොල පිලිරුවට ඉහලින් මෙය තිබිම සුදුසු නොවන නිසා මෙම ඉල්ලිම කල බව සදහන් වෙනවා.

    http://www.lankadeepa.lk/index.php/articles/18707

  15. ඩයන කිව්ව හරි.ඒ වගේමයි අර ප්‍රවෘත්තිය ගැන කියන්න තියෙන්නෙ ඒක මහ තේරුමක් නැති තීරනයක් කියලයි.ඒ වගේම තව දෙයක්,මම අහල තියෙන විදියට ජේම්ස් ටේලර් වළ දාල තියෙන්නෙ මහයියාවෙ සුසාන භූමියෙ.

  16. Hasitha says:

    වටිනා විස්තරයක් නුවර ගිය වෙලාවක් බලන්න යන්න ඕනේ

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.