රත්නපුර – බලංගොඩ චාරිකාව 2 (කුරගල – වැනසී යන බෞද්ධ උරැමය)

කතෘ : දිලාන් ද සිල්වා
කතෘ හා සම්බන්ද වන්න : dilanqs@yahoo.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2011 සැප්තැම්බර් 2 7 වැසිබර කුලි වැන් රියක්
මාර්ගය
කඩුවෙල > බත්තරමුල්ල > පන්නිපිටිය > පාදුක්ක > ඉංගිරිය > රත්නපුර සමන් දේවාලය > මල්ලව හන්දිය > පුංචි දඹදිව > මල්වල හන්දිය > දෙහන ඇල්ල> වේවැල්වත්ත > බෙරුවත්ත ඇල්ල > අලුපොල ඇල්ල >බලංගොඩ > කුරගල
නවාතැන
බලංගොඩ රෙස්ට් ඉන්
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • ස්තුතිය

    * කඩුවෙල සදහම් කැබ් ආයතනයට හා රියදුරු මහතාට-කිසිදු අතුරු ආන්තරාවකින් තොරව අප ප්‍රවාහනය කිරිම වෙනුවෙන්.

    * නවාතැන් පහසුමක් (තත්වය කෙසේ වුවත්) ලබාදුන් බලංගොඩ රෙස්ට් ආයතනයට

    * චාරිකාව සැලසුම් කිරිමට ලබාදුන් අමිල සහය වෙනුවෙන් ලක්දසුන් වෙබ් අඩවියට හා එහි කසුන්ට, විශේෂයෙන් මිතිල අයියාට.

    * අනෙක් සහයෝගය දුන් සැමට

    වැදගත් දුරකථන අංක

    රත්නපුර පොලිසිය: 045 2222223 රත්න ලංකා පෞද්ගලික රෝහල: 045 2223090 රත්නපුර මහ රෝහල: 045 222 2261~5 රථ වාහන අලුත්වැඩියා ස්ථාන: D. S. S. N. Auto Engineering (Pvt) Ltd – 045 2 224560

  • බලංගොඩ/බෙලිහුල් ඔය හා බඹරකන්ද අවට නවාතැන්පොලවල් වල මිල ගනන් සමහරක් පහත ඇත.

    1. Bambarakanda rest – 1800 per head ( Half board) – T.P: 071 1707692 2. Belihul oya rest (Belihuloya)- 6820 per triple bed room ( Meals ?)- T.P: 045 228 0156 3. Water garden(Belihuloya) – 7810 per triple bed room ( Half board)- T.P: 045 228 0254 4. River Garden (Belihuloya) – 6100 per triple bed room ( Half board)- T.P: 045 228 0222/3 5. Landa house (Belihuloya)- 5300 per double bed room (Meals?)- T.P: 0772 923366 6. Dharshan Inn (Balangoda) – 1250 per Double bed room (Meals?)- T.P: 045-2222674 7. Chamara Rest (Balangoda) – 880 per Triple bed room (Without Meals)- T.P: 045-2287244 8. Balangoda Resort Inn(Balangoda) – 1000 per bed room(4/5 peoples) (Without Meals)- T.P: 045-2287207

පිදුම, ඔබ සැමට

උදැසන, 7ට පමණ බලංගොඩ රෙසිට් ඉන් වෙතින් පිටත් වුයේ දෙවන දිනයේ ප්‍රථම නැරඹුම් ස්ථානය වු කුරගල බලාය. බලංගොඩ සිට කුරගලට වු කිලෝමිටර් 22, කල්තොට මාර්ගය ඔස්සේ යැමට සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 45ක් පමණ වුවද, රියදුරා කල්තොට මාර්ගය වෙනුවට බෙලිහුල් ඔය දෙසට යැම නිසා,පඹහින්නෙන් හැරි උදැසන ආහාරයද ගෙන සමනල වැව මාර්ගය ඔස්සේ රජවකට පැමිණ කුරගලට පැමිණන විට උදැසන 9.30 පමණ වි තිබිනි.

බෞද්ධාගමිකයන්ට මෙය වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන්නේ පුරාණයේ මෙහි රහතන් වහන්සේලා වැඩසිටි බවස සලකන නිසාවෙන් හා මෙහි ක්‍රි.පු. දෙවන ශතවර්ශයේදි බෞද්ධාරාමයක් පැවති නිසාවෙනි. එමෙන්ම මෙය බෞද්ධ මූලාශ්‍රවලට අනුව කකුසද, කෝනාගම, කස්සප හා ගෞතම යන බුදුවරයින්ගේ ශ්‍රී පාද ස්පර්ශය ලද පුන්‍ය භූමියක් බව සදහන්වන බව සමහරු පවසති. බුදු රජානණ් වහන්සේ ලක්දිවට වැඩිය අවස්ථාවක, සමන් පව්වට වඩින අතරමග දිවා විහරණය කිරිම පිණිස මෙම ස්ථානයට පැමිණි බව සකලන නිසාවෙන් මෙමෙ ස්ථානය දිහා ගුහාව ලෙසද හැදින්වේ.

ඉට අමතරව මෙම කුරගල යනු සිංහල ජනවර්ගයේ ආරම්භක ජනවර්ගයක් ලෙසින් සමහරු සලකන යක්ශ ජනවර්ගයේ ප්‍රභල රජකෙනෙකු වන රාවණා රජුගේ ගිරිරාජධානි 7න් එකක් වන ඉන්ද්‍රගිරි රාජධානිය ලෙසද සලකයි. ක්‍රි.පු 1500ට පෙර ශ්‍රි ලංකාව පාලනය කල රාවණා රජුගේ ගිරිරාජධානි 7 මෙසේය2:

මහේන්ද්‍රගිරි රාජධානිය- රුහුණ

චන්ද්‍රගිරි රාජධානිය-සපරගමුව(වෙල්ලවත්ත)

ඉන්ද්‍රගිරි රාජධානිය-කුරගල

සිවගිරි රාජධානිය-සිගිරිය

හෙලගිරි රාජධානිය-දෙවුන්දර

මලයගිරි රාජධානිය-හන්තාන කන්ද, නුවර

මුල්ගිරි රාජධානිය-මුල්කිරිගල

එමෙන්ම රාමානයනට අනුව, රාවණා රජු සිතා දේවිය පැහැරගෙන ආ පසු, ඇය නැවත රැගෙන යාමට, රාමා කුමාරයා ලක්ශ්මන් හා හනුමන්තා සමග ලක්දිවට පැමිණ ඇත. (මෙසේ පැමිණි හනුමන්තා වෙනුවෙන් ඉදිකල කෝවිල හා ඒ අසලම ඇති සිතා අම්මාන් කොවිල ගැන මිට පෙර මා ලියා ඇත.)එහිදි ඇතිවි ගැටුමෙන් රාමා ජයගෙන සිතා දේවිය නැවත ඉන්දියාවට රැගෙන ගොස් ඇත. එම ගැටුමට, රාවණාගේ සොයුරා වි විභිශණ, රාමාට සහයෝගය දි ඇත. එම සහයෝගයට කලගුණ සැලකිමක් ලෙසින් ඉන්ද්‍රගිරි රාජධානිය රාමා විසින් විභිශණට ප්‍රධානය කර ඇති බව සදහන්ය. තවත් කතාවක් වන්නේ වලගම්බා රජතුමා මෙහි සැගවි සිට සේනා රැස්කල ස්ථානයක් ලෙසයි.

මුහුදු මට්ටමෙන් අඩි 1000ක පමණ උසින් පිහිටි මෙයට පිවිසෙන්නේ ගල්පඩි පෙලක් තරණය කරමින් මුස්ලිම් ආගමිකයන් ඉදිකල තොරණක් යටින්ය. බෞද්ධ පසුබිමක් ඇති ස්ථානයක මුස්ලිම් තොරන් ඉදිවිම වෙනමම කතා කල යුත්තකි.

ගල්ගුහාවක ඇති විවරය නිසාවෙන් මෙම ස්ථානය ප්‍රථමයෙන් කුහරේ ගල ලෙසද පසුව කුරගල ලෙසින් හැදින්විමට පටන්ගෙන ඇති බව සදහන්ය.


කුරගල මුදුනේ සිට බලන විට ඇතින් දිස්වන දර්ශනය මනරම්ය.උඩවලවේ ජලාශය, උඩවලවේ වනෝද්‍යානයේ කොටසක් මෙන්ම බුදුගල ස්ථුපයද මනාව දිස්වේ.

මෙහි ගල් ගුහා 30-40ක් පමණ ඇති අතර ඉන් සමහරක කටාරම්ද කොටා ඇත.අතිතයේ මෙහි කලුගල් උලුවස්සක් තිබි ඇති අතර දැන් එය දක්නට නැත.

දැන් මුස්ලිම් ආගමිකයන්ට මෙහි ඇති වැදගත්කම බලමු. මොහමේදාන්(Mohammedan) නම් මුස්ලිම් ආගමේ ශාන්තුවරයෙක්ගේ සොහොන මෙහි ඇති බව ඔවුන් විශ්වාස කරයි. එමෙන්ම මෙහි ඇති කුරගල පිහිටි ගුහාවෙන් ස්වර්ගයට යන මාර්ගය ඇති බවද ඔවුන් විශ්වාස කරයි. මුස්ලිම් භක්තිකයන් මෙය ඩොෆිටර් ජොලානි (Dafter Jailany) ලෙසින් හදුන්වයි. එසේ හදුන්වන්නේ ක්‍රි.ව. 510 සිට 521 දක්වා ඩොෆිටර් අබ්දුල් කාදර් ජොලානි නම් පූජකවරයෙක් මෙහි වාසය කල බව ඔවුන් විශ්වාස කරන නිසාවෙනි.ඔහු මුහම්මඩ් නබි තුමගෙ මුනුබුරෙකු ලෙසද විශ්වාස කරයි.

“1968-07-15 දින නිකුත් කරන ලද දµඅතර් ජෙයිලානි ගයිඩ් නම් ඔවුන්ගේ මග පෙන්වීම් පත්‍රිකාවේ සඳහන් පරිදි කූරගල මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ බවට පත්වී ඇත්තේ එකොලොස්‌වන ශත වර්ෂයේදීය. 10 වන සියවසේ අරාබි අක්‌ෂර මෙම ස්‌ථානයේ තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත. මස්‌තාන් වැනි සාන්තුවරයන්ද අෂාම් අබ්දුල් නමැති දේශාටකයාද මෙහි හිඳ භාවනා කළ බව මේ ප්‍රකාශනයේ සඳහන් වේ.”1

මෙහිදි භාරයක් වුවහොත් එක ඉශ්ඨ වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ජුලි හා අගෝස්තු මාසවලදි මෙම ස්ථාන මුස්ලිම් ජාතිකයන්ගෙන් පිරි යයි.ජූලි 03 පැවැත්වෙන පල්ලියේ කොඩි එසවී‍ෙම් උත්සවය හා අගොස්තු මස 04 -05 දිනයන් හී පැවැත්වෙන පල්ලියේ අවසන් උත්සවය වෙනුවෙන් 10,000-15,000ක් පමණ පිරිසක් පැමිනෙන බව සදහන්ය.

මෙසේ පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව විසින් හදුනාගෙන ප්‍රකාශයට පත් කර ඇති ඇති පුරාණ බෞද්ධ ස්ථානයක් මුස්ලිම් වුයේ කෙසේද? අප දන්නා පරිදි මුස්ලිම්වරුන් ශ්‍රි ලංකාවට පැමිනියේ වෙලදාම සදහාය, ඒ ක්‍රි.පු 2 ශතවර්ශයට බොහෝ කාලයකට පසුය.

“1920 දී පමණ මෙම පුද බිම ආක්‍රමණය කල මස්තාන් නැමති මුසල්මානුවා එහි ඉදිකල තාවකාලික ගොඩනැගිලිද කඩා ඉවත්කර ඉන් පිටවිය යුතුබවට අධිකරණයෙන් අණ කර ඇති බව කල්තොට ආරච්චි මහතාගේ දින පොතක සටහන් වී ඇත.ඉන්පසුව ’70 අගභාගයේදි ප්‍රදේශයේ දේශපාලන බලය ලබාගත් එක්තරා මුස්ලිම් මන්ත්‍රීවරයෙකු කූරගල මුස්ලිම්වරුන්ගේ පුද බිමක් බවට පත්කිරීමේ කටයුතු වේගවත් කල අතර ඔහුගෙන් සැලකිලි සත්කාර මෙන්ම “චක්‍රවර්තී” පට්ටම් ලබාගත් ඇතැම් උන්නාන්සෙලා මෙම විනාශය නිහඩවම අනුදැන වදාලහ.”

“මුස්‌ලිම්වරු දහනව වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස්‌ කංසා වෙළෙ¹ම හා දඩමස්‌ වෙළෙදාම ජයටම කරගෙන යමින් සිටියහ. අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් ඒ පුවත සඳහන් කරන්නේ මෙසේය. මෙයට වසර හැත්තෑවකට අසූවකට අතර කාලයෙහි බින්තැන්නේ සිට බෝවත්ත දක්‌වා අලි කොටි වලස්‌ ආදී වන සතුන් බහුලව ගැවසුණු අතර මොලමුරේ දක්‌වාම එය එසේ විය. බළන්ගොඩ සිට යැම සඳහා එකම මඟ වූයේ බෝවත්ත දක්‌වා වැටී තිබූ කරත්ත පාරයි. තන්ජමට හා කල්තොට දක්‌වා යා යුතු නම් බෝවත්තේ සිට කෙරතල දෙනිපිටිය හරහා තන්ජමට ඇති ගම් සභා පාරෙන් යායුතු විය. එකල මස්‌තම් නම් මුස්‌ලිම් භක්‌තිකයෙක්‌ කූරගලට ගොස්‌ හිටුවන්ගල ගල්ගෙයි නතරව සිට ඒ ප්‍රදේශයේ කංසා වවා ඒවා බළන්ගොඩට ගෙන ගොස්‌ විකුණමින් සිටියේය.”

“නාරද හිමියන් පවසන පරිදි 1922 වන විට මුස්‌ලිම්වරු කූරගල ගල්ගෙවල්වල ස්‌ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදැනිවරු මේ ප්‍රදේශයේ සැරිසරන කල්හි මුස්‌ලිම්වරු ගල්ලෙන්වල තිබූ බුදු පිළිම කඩා බිඳ දමදින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය.මේ පිළිබඳ එම්. ජී. බ්‍රාහ්මණහාමි නැති ආරච්චිවරයා ඉහළට රපෝර්තු කළේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි. එම ප්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්‌වා ඇත්තේ මෙලෙසය.

කල්තොට ආරච්චි නමටයි… අලි මස්‌තාන් විසින් කූරගල අලුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කළ බව රපෝර්තු කරනු.

දහඅට වන ශත වර්ෂයේ අවසාන භාගයේ සිට තන්ජම අවට නීති විරෝධී ව්‍යාපාර කළ මුස්‌ලිම්වරුන්ට කූරගල වැදගත් වන්නට වූයේ එහි තිබූ හාස්‌කම් දැනගන්නට ලැබීමෙන් යයි සිතිය හැකිය. වෙසෙසින්ම ශ්‍රී පාද වන්දනාව ගැන ඔවුහු උනන්දු වූහ. ප්‍රධාන ශ්‍රීපාද ස්‌ථානයට විකල්ප වශයෙන් කූරගල පූජ්‍ය ස්‌ථානය වැදගත් මුස්‌ලිම් සිද්ධස්‌ථානයක්‌ ලෙසට වර්ධනය කරලීම ඔවුන්ගේ අරමුණ විය. 1923 දී ඔවුන්ගේ තාවකාලික පැල ඉවත් කර ගැනීමට සිදු වූවද 1930 පමණ වන විට මුස්‌ලිම් පල්ලියක්‌ මෙහි තාවකාලිකව අටවා ගැනීමට හැකි විය. එම තීරණය ගන්නා ලද්දේ බළන්ගොඩ ගොරොක්‌ගහමඩ පල්ලියේ දී බව පූජ්‍ය විකිළියේ නාරද හිමියන් සටහන් කර තිබේ.”

මෙම පුරාවිද්‍යා භුමියේ ඉදිකිරිම් කටයුතු සිදු කිරිම තහනම් බව සදහන් පුවරුව පිටුපස මෙන්ම ඒ අවට ඇති ඉදි කිරිම් දෙස බලන කල මතුවන ගැටලුව නම් මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව අක්‍රිය කල බලවතා කවුද යන්නයි.

ඔහු ප්‍රභල බලවතෙකු බව සිතෙන්නේ මෙය කියවන විටදිය.

“මේ අතර බලංගොඩ උඩඇල්ලේපොල ශ්‍රී බෝධී මාලකාරාමාධිපති කොලොන්නේ සිරි ශාන්ත විජය හිමි ඇතුළු පිරිසක් කූරගල බොදු අයිතිය වෙනුවෙන් 2005 වසරේ දෙසැම්බර් 9 වන දින අංක Hර්‍/6030/05 යටතේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීය. 2009 වසරේ ජනවාරි 29 දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ අතර කූරගල මුසල්මානුවන් විසින් ආක්‍රමණය කිරීම මගින් පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ත බෞද්ධයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් සිදුකර ඇති බැවින් ආක්‍රමණිකයා තමන් විසින් නීති විරෝධීව ඉදිකල සියළු ගොඩනැගිලි කඩා ඉවත් කර ගනිමින් එම බොදු පුද බිමෙන් තීන්දුව ප්‍රකාශයට පත් කල දිනේ සිට දින 14 ක් ඇතුලත ඉවත්විය යුතු බවට තීන්දු විය.”

“නමුත් මෙම තීන්දුව ප්‍රකාර කටයුතු කිරීම ආකමණිකයා විසින් මේවනතෙක් නොසලකාහැර අති අතර ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව හෝ වෙනයම් අදාල ආයතනයක් ක්‍රියා කල බවට සාක්ෂිද නොමැත.”

මානව හිමිකම් කොමිසමේ තිරණය ක‍්‍රියාත්මක කිරීම වෙනුවට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් විසින් මැයි 3 දා අගතියට පත් පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය කැදවා සාකච්ඡුාවක් පවත්වා තිබේ.

“දශක 4 ට වැඩි කාලයක් තිස්සේ අබුසාලි නම් දේශපාලකයාගේ මෙහෙය වීමෙන් බලහත්කාර කමින් අත් පත් කොට ගෙන සිටින කූරගල ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෛඑතිහාසික පුදබිම යලි බොදු ජනතාවට ලබා ගැනීම වෙනුවෙන් 2011/05/03 උදෙ 10 00 ට පුරා විද්‍යා කොමසාරිස් තුමාගේ සහ,සංස්කෘතික ඇමතිතුමා මූලිකත්වයෙන් පැවැත් වුනු අතර …”

පැය දෙකකට ආසන්න කාලයක් මුස්ලින් ආක්‍රමනිකයන් අල්ල ගත් බෞද්ධ ස්ථානයක් වු කුරගල සැරිසරා පෞරාණික ස්ථාන මෙන්ම මනරම් පරිසරයක සුවය වින්දෙමු.

ගමන ආරම්භයේ සිය අවසානය දක්වා අපගේ මගපෙන්නවන්නන් ලෙස ගිය බලු මිතුරන් දෙදෙනා වෙනුවෙන් මාරි බිස්කට් සංග්‍රහයක් ලබාදි අය 11.15ට පමණ කුරගලින් පිටත් විමු. පිටත් වන මොහොතේ එක් බල්ලෙකු මා කෙරෙහි අමනාපයෙන් මෙන් අහල බලා සිටියේ වෙන්වන දුක නිසා නම් නොව උගේ ගොදුරක්වු අහිංසක වදුරු පැටිය, මා විසින් උට අහිමි කල නිසා විය යුතුය.

මෙම චාරිකාවේ තවත් කොටසක් ළඟදීම බලාපොරොත්තු වන්න..

 

මුලාශ්‍ර

1.http://mahawansa.wordpress.com

2. කඩරොදගම සුධිර.(2005). සපරගමු පලාතේ දිය ඇලි පුද සිරිත් විමර්ශනයම.කොලඹ:එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

3. http://www.lakdasun.org

 

 

ජය වේවා!

ගොනු කර ඇත්තේ: පෞරාණික උරුමයවන්දනා ගමන්සංස්කෘතික සවාරි

Tags:

RSSComments (36)

Leave a Reply | Trackback URL

  1. Amila says:

    කූරගල පැරනි නටබුන් මත මුස්ලිම් අක්ෂර සහ වෙනත් ඔවුනගෙ ඉදිකිරීම් කර තිබෙන බව මමත් මීට කලින් ඔතනට ගිය වතාවක දැක්කා.

  2. viraj says:

    හිතවත් දිලාන්,

    කවුරු කලත් පුරාවිද්‍යා සාධක විනාශකරන එක කම් සහ ගහන අපරාධයක්. මේ විනාශ වෙන්නේ සිංහල දෙමල මුස්ලිම් එක එක ජන කොට්ඨාශයක ඉතිහාසය නොව ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි කාගෙත් ඉතිහාසයයි. මේක තේරුම් නොගන්න එක තමයි වැරැද්ද. මේ වගේ ස්ථානයක් සර්ව ආගමික වන්දනා ස්ථානයක් විදිහට පවත්වාගෙන යන්න බැරි ඇයි ?

    සියළු ආගම් වලින් බලාපොරොත්තු වන්නේ මිනිසා වඩා යහපත් පුද්ගලයෙක් බවට පත්කිරීම නම්, වඩා වැදගත් වන්නේ අධ්‍යාත්මික සුවය නම්, නැතිවීයන භෞතික දේවල් මත මිනිසුන් මේ තරම් එල්ලී සිටින්නේ ඇයි ?

    මටනම් හිතෙන්නේ මෙවන් ස්ථානයන් විධිමත් පුරාවිද්‍යාත්මක සංරක්ෂණ ක්‍රියාවලියකට ලක්කර, සර්ව ආගමික වන්දනා ස්ථානයන් විදිහට පවත්වාගෙන යායුතු බවයි.

    සංවාදයට විවෘතයි.

    • DIlan says:

      විරාජ්,
      දැනට මේක සර්ව ආගමික ස්ථානයක් ලෙසින් සලකන්න පුලුවන්. මොකද බෞද්ධ වගේම මුස්ලිම් අයත් මෙතනට එන නිසා, නමුත් ඉතිහාසයේ බෞද්ධ පුදභුමියක් වෙච්ච මෙහි අද බලය තහවුරු කරගෙන ඉන්නේ මුස්ලිම් අය. ඒ විතරක් නෙමේ අද ඔවුන් පවසන්නේ මෙහෙ තිබෙන ස්තුපය මැත කාලයේ ඉදිකල එකක් කියලා. නමුත් එහි පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවෙන් සදහන් කරලා තිබෙනවා මෙය ක්‍රි.පු 2 ශතවර්ශයට අයත් පුදබිමක් කියලා.
      අපි කුරගල කියන ස්ථානයට ඔවුන් කියන්නේ ජෙලානි කියලා. මේ තියෙන්නේ ඒ වෙනුවෙන් පවත්වාගෙන යන වෙබ් අඩවිය.

      http://jailani.org

    • චමිල් විමුක්ති says:

      සර්ව ආගමික වන්දනා ස්ථානයන් ???? ඇත්තටම කට්ටියටම අං එනවද කියලා පොඩ්ඩත් අතගාලා බලන්න…කතරගම දේවාලය සර්ව ආගමික ස්ථානයක් කියන්න පුලුවන්. මොකද එතනට හිනදු භක්තියකයෝ විතරක් නෙමෙයි බෞද්ධයොත් එනවා. ඒ දෙගොල්ලම කතරගම දෙවියෝ අදහනවා..එහෙමයි කියලා බෞද්ධයෝ කතරගම දේවාලයට අයිතිවාසිකම් කියන්න යන් නෑනේ..ඒක හිනදු ආගමේ පුද බිමක් ඒත් ආගමික භේදයකින් තොරව අදහනවා…දැන් කියන්න බලන්න මෙතන මොකකද්ද තියෙන සර්ව ආගමික කම??? මේක පැහැදිලිවම සිංහල බෞද්ධ පූජනිය සිද්ධස්ථානයක් ඒක පිලිගන්න මැලි වන ඔහෙලට කියනනේ නිවටයෝ කියලා….මේක බෞද්ධ සිද්ධස්ථානයක් මුස්ලිම් උන්ට ඕන කෙනෙක් හිතින් මවාගෙන ඇවිත් වන්දනා මාන කලාට අපිට ප්‍රශ්නයක් නෑ…යකෝ මෙතන වෙලා තියෙන්නේ අනිත් පැත්තනෙ දැන්….මේවට කතා කරන්න මිනිස්සු බයයි…ඒක පැහැදිලිවම පේනවා මේකේ තියන කමෙන්ට් දැක්කහම…ඇයි දෙයියනේ මේක අපේ රට අපිට ඉන්න හිටින්න පැලක් අටවගන්න අරාබියෙන් ඉඩම් දෙන්නේ නෑ….සිංහල බෞද්ධයෝ කියන්නේ රතු දත්ත පොතට යන ජාතියක්…බෞද්ධ පුරාවස්තු ලෝකෙ හැමතැනම නෑ..පදුරකට පයින් ගැහුවොත් මුස්ලිම් පල්ලි 100 ක් විතර විසික් වෙන යුගයකට අපි මේ ඇදිලා යන්නේ…ඉතිහාසයේ මේ වෙනකම් රට පාලනය කලේ සිංහල බෞද්ධ ජනාධිපති වරු..එහෙව් තත්තවයක බෞද්ධයාට වෙන්නේ මේකනම් තව අවුරුදු 10 කින් 20 කින් මුස්ලිම් නායකයෙක් යටතේ ශ්‍රි පාදස්ථායට යන්න වෙයි මකර තොරන වෙනුවට හම්බ තොරණක් යටින්…උතුම් ශ්‍රී පාද පද්මේ තියෙයි හම්බ පල්ලියක් ඇතුලේ…තොපි එතකොටත් කියාපියව්,

      ” සියළු ආගම් වලින් බලාපොරොත්තු වන්නේ මිනිසා වඩා යහපත් පුද්ගලයෙක් බවට පත්කිරීම නම්, වඩා වැදගත් වන්නේ අධ්‍යාත්මික සුවය නම්, නැතිවීයන භෞතික දේවල් මත මිනිසුන් මේ තරම් එල්ලී සිටින්නේ ඇයි ?

      මටනම් හිතෙන්නේ මෙවන් ස්ථානයන් විධිමත් පුරාවිද්‍යාත්මක සංරක්ෂණ ක්‍රියාවලියකට ලක්කර, සර්ව ආගමික වන්දනා ස්ථානයන් විදිහට පවත්වාගෙන යායුතු බවයි.”

      කියලා…දුකයි මචන්..ඇයි අපිට මෙහෙම උනේ?????????????????????????????

      • “කතරගම දේවාලය සර්ව ආගමික ස්ථානයක් කියන්න පුලුවන්. මොකද එතනට හිනදු භක්තියකයෝ විතරක් නෙමෙයි බෞද්ධයොත් එනවා. ඒ දෙගොල්ලම කතරගම දෙවියෝ අදහනවා..එහෙමයි කියලා බෞද්ධයෝ කතරගම දේවාලයට අයිතිවාසිකම් කියන්න යන් නෑනේ..ඒක හිනදු ආගමේ පුද බිමක් ඒත් ආගමික භේදයකින් තොරව අදහනවා”

        >>>කතරගම දේවාලය කියන්නේ හින්දු ආගමික් ස්ථානයක් මිසක් බෞද්ධ සිද්ධස්ථානයක් වත් සර්ව ආගමික සිථානයක්වත් නෙමේ. බෞද්ධයෝ එම දේවාලයට යන බව නම් ඇත්ත, නමුත් ඔවුන් යන්නේ බෞද්ධ ආගමික වතාවත්වල යෙදෙන්න නෙමේ, හින්දු ආගමික වතාවත් වල යෙදෙන්න. මම දන්නා තරමින් පුජාවට්ටි මත රු 500/1000 කොල තියල දෙවියන්ට පුජාකරමින් දෙවියන් අදහන්න වගේ පුජාක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කරල නැහැ.සර්ව ආගමික ස්ථානයක් වන්නට නම් සියලු ආගම් භක්තිකයන්ට සදහා සිය ඇදහිම් කිරිමට ආගමික් ස්ථානයක් තිබිය යුතුය.එයට උදාහරණයක් නම් අම්බුළුවාවයි, එහි බෞද්ධ, හින්දු හා ක්‍රිස්තියානි හා මුස්ලිම් සියලු භක්තිකයන් සදහා ආගමික් ස්ථාන ඉදිකර තිබෙනවා.

        “දැන් කියන්න බලන්න මෙතන මොකකද්ද තියෙන සර්ව ආගමික කම??”

        >>>මෙතන දැනට මුස්ලිම් ආගමික් ස්ථනයක් තිබෙනවා.තවද බෞද්ධා ආගමික් ස්ථානයකුත් තිබෙනවා(දාගැබක්).ආගම් දෙකකට අයත් ආගමික් ස්ථානයන් තිබෙන නිසයි මම සර්ව ආගමික් ස්ථානයක් ලෙසින් සදහන් කලේ.

        “මේක පැහැදිලිවම සිංහල බෞද්ධ පූජනිය සිද්ධස්ථානයක් ඒක පිලිගන්න මැලි වන ඔහෙලට කියනනේ නිවටයෝ කියලා”

        >>>මේක මිට වසර ගණනාවකට පෙර බෞද්ධ පූජනිය සිද්ධස්ථානයක් (සිංහල බෞද්ධ පූජනිය සිද්ධස්ථානයක් නොව ), නමුත් අපේ රටේ නිතිය ක්‍රියාත්මක කරන ආයතන හා අපි වෙනුවෙන් පාර්ලිමෙන්තුවට යැවි උත්තමයන්ට පින්සිද්දවෙන්න අද මේ භුමිය මුසල්මානුවෝ අරක්ගෙන.

        “.මේවට කතා කරන්න මිනිස්සු බයයි…”

        >>> මෙම කුරගල ගැන නඩු තින්දු ලැබිතිබියදිති ඒවා ක්‍රියාත්මක නොවන්නේ නම් කථාකිරිමෙන් කුමන ඵලයක්ද?

        “අවුරුදු 10 කින් 20 කින් මුස්ලිම් නායකයෙක් යටතේ ශ්‍රි පාදස්ථායට යන්න වෙයි මකර තොරන වෙනුවට හම්බ තොරණක් යටින්”

        >>>කුරගල දැන් මුසල්මානුවෝ අරක්ගෙන හමාරයි, ඔවුන් එලවලා නැවත බෞද්ධයන්ට ගන්නාවානම් ඒ නිතිය හරහා කල යුතු දෙයක්, නැතිනම් එය රටේ ආගමික සමගියට අහිතකර ලෙස බලපාන්න පුලුවන්.
        අනාගතයේ මුසල්මානුවන් ශ්‍රි පාදස්ථායට හෝ වෙනත් ස්ථානයක ඔවුන්ගේ ආගමික් ස්ථාන ඉදිකිරිමට සැරසෙන්නේ නම් අධිකරනය හරහ ඒවා නැවත්විම අදාල බලධාරින්ගේ මෙන්ම අපි කාගේත් යුතුකමයි.

        “දුකයි මචන්..ඇයි අපිට මෙහෙම උනේ?????????????????????????????”

        >>>එය එසේ වුනේ 1920+ දි ලබාදුන් අධිකරණ නියෝගය කල්තොට ආරච්චි ක්‍රියාත්මක නොකලා නිසා හා ඉන් පසුව වත් එවන් පියවරක් නොගත් නිසා වගේම 2009 වසරේ ජනවාරි 29 දින දුන් නඩු තීන්දුව, බෞද්ධ ජනාධිපති, අගමැති මෙන්ම සංස්කෘතික සිරින අපේ රටේ බලධාරින් ක්‍රියාත්මක නොකල නිසා.

        • චමිල් විමුක්ති says:

          ඔබගේ පිලිතුරු දැත්වීම මම අගය කරනවා…කතරගම ගැන කල නිවැරදි කිරීමට මම එකගයි…ඔබ හෝ මෙහි ඇඩ්මින් වරුන්ගේ ප්‍රතිචාර විවේචනය කිරීම ගැන සමාව ඉල්ලා සිටිමි…මෙහි දී අප අතර විරසකකම් ඇති වීම කිසිසේත්ම සුදුසු නොවේ…මෝඩ දේශද්‍රෝහි දේශපාලුවන්ගේ හා මුස්ලිම් අන්තවාදි කොටස් නිසා ඇතිවු මෙම ප්‍රශ්නය තුල මාගේ ප්‍රතිචාරය සිමාව ඉක්මවා යැමකි…මෙහිදී අප හට කල හැක්කේ මෙවැනි ලිපි තුලින් සත්‍ය තත්වය පෙන්වීම විනා ආවේගකාරී ලෙස හැසිරීම නොවන බව මා තේරුම් ගතිමි…..කෙසේ හෝ දීර්ඝ ඝවේෂනයකින් පසු මේ ලිපිය පල කල ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙමි….

          • මගේ හෝ මෙහි ඇඩ්මින් වරුන්ගේ ප්‍රතිචාර විවේචනය කිරීම වරදක් නොවේ. යම් වරදක්/ අඩුපාඩුවක් විවේචනය කිරිමට ඔනැම අයෙකුට අයිතියක් තිබෙනවා. එසේවුවද විවේචනය කිරිමේදි ආවේගශිලි නොව්, භාවිතකරන වචන පිලිබදව අපි වඩා සැලකිලිමත් විය යුතුයි.ස්තුතියි.

  3. Praසන්ன says:

    ඔය සෑම ආගමකම ඉහළින් ඉන්න අයගෙ ප්‍රශ්න නිසා තමයි මේ වගේ දේවල් වෙන්නෙ කියලයි මටනං හිතෙන‍්නෙ.

  4. ishan says:

    “ඩොෆිටර් අබ්දුල් කාදර් ජොලානි නම් පූජකවරයෙක් මෙහි වාසය කල බව ඔවුන් විශ්වාස කරන නිසාවෙනි.ඔහු අල්ලා දෙවියන්ගේ මුනුපුරෙකු ලෙසද විශ්වාස කරයි.”

    අල්ලා දෙවියන් නොව මුහම්මඩ් නබි තුමගෙ මුනුබුරෙකු ලෙස මෙය වෙනස් විය විය යුතුය.

    • admin says:

      ඉෂාක් සහෝදරයා
      “අල්ලා දෙවියන් නොව මුහම්මඩ් නබි තුමගෙ මුනුබුරෙකු ලෙස මෙය වෙනස් විය විය යුතුය.”
      බොහොම ස්තුතියි නිවැරදි කිරීමට..

    • DIlan says:

      මා මෙය දැන ගත්තේ පහත වෙබ් අඩවිය මගින්. එහි සදහන් වෙන්නේ මෙහෙම,

      “They justify this by claiming that a paster named Dafter Abdul Jailany had lived there. Muslim believe him as a grandson of the Allah.”

      http://www.ecopalace.lk/artical/kuragala/Kuragala.html

      දැනුවත් කිරිමට ස්තුතියි . පසුව මේ ගැන කරුණු සොයා බලන්නම්.

    • ලියොන් says:

      සිරී පාදෙත් උOගෙලු. කූර ගලති උOගෙලු.චන්ද වලට, පගා වලට කෙල හලාගෙන ඉන්න අපෙ මහ එහුන්ට මේ රට ඔනම එකෙකුට පාවල දෙන එක මහ දෙයක් නෙවෙයි. හරිම කනගාටුයි මට මේ ලිපිය කියෙව්වම.

      හෑම ආගමක්ම එක වගේ කියල කියන්න එපා. බුදු දහම අවිහින්සාවාදය උපරිමයෙන් අගය කරන ධර්මයක්.

      නමුත් ඉස්ලාම් ධර්මයෙන් කියන්නෙම මරන කතා. මරවන කතා.මෑරීමට අනුබල දෙන උනන්දු කරවන යොමුකරවන කතා. (3 වසර ඉස්ලාම් පොත බලන්න. පොඩි එක කාලෙ ඉන්දන් මොනවද උගන්නන්නෙ කියල) ඉස්ලම් ධර්මය පදනම් කරගෙන තමයි ලොකෙට ත්‍රස්තවාඩය බිහිවෙලා තියෙන්නෙ. ඒකට හේතුව තම කුරානයෙ තියන ඉගෑන්වීම් .

      මෙව ගෑන සිOහලයෙක් කතා කලොත් තමයි ජාති වාදී. උO කරන හෑම පාහර වෑඩක්ම හරි.

      මේව අනාවරනය කලාට නඩේ ගුරාට බොහොම ස්තූතියි.

      ඈයි අපේ ගොO හරක් තවම නිදි?

  5. admin says:

    නඩේ ගුරා විදිහට පාට ආගම් බේද ජාති බේද වලින් තොරව ලංකාවේ සුන්දර තැන් සොයා යාම අපේ අරමුණයි.
    පුරාවිද්‍යාත්මක ස්ථානයක් විනාශ කිරීම ඉතිහාසය විනාශ කිරීමක් හා සමානයි.
    එම නිසා මේවා පිලිබඳ පුද්ගලයන් දැනුවත් කිරීම අපේ ජාතික යුතුකමක් සේ අප සලකනවා.

  6. mahen says:

    හිතවත් විරාජ්
    ඔබගෙ අදහසට මමත් එකග වෙනව නීතිය මගින් පමනක් කල නොහෙකි බොහො දෑ තිබෙනව මෙම උරුමය නිසි තෙන පෑවතිය යුතුමුත් එයට නිසි ක්‍රමවේදයක් භාවිතා කලයුතු වෙනව ………. ඉත්තෑවගෙයි කබෑල්ලවගෙයි කතාව දන්නවනොවෙ ?

  7. නඩේ ගුරා
    මේ ගැන මම කීප පලකම තියෙන ලිපි කියවලා තියෙනවා. බැලුවහම ලේ කෝප වෙන එක තමයි වෙන්නේ. දැනට 10% ක් වගේ ඉන්න මුස්ලිම් සුළුතරයකට මේ තරම් බලයක් තියෙන රටේ, ඔය ප්‍රතිශතය වැඩි වෙච්ච දවසක තව මොන මොනවා වෙයිද.
    අර “හුටු” සහ “ටුට්සි” ගෝත්‍රික කතාව වගේ වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.
    මේකට ප්‍රධාන වශයෙන්ම වග කියන්න ඕනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
    මම දන්න එක සිංහල බෞද්ධ ගෙදරක මිදුලේ තියෙන කෝට්ටේ යුගයට අයිති ඉතාම කුඩා සෙල් ලිපියක් නිසා ඒ මිනිස්සුන්ට තමන්ගේ ගෙදර ඉතිරි ඉදි කිරීම් කර ගන්න දුන්නේ නැහැ. ඒත් මේ වගේ ඉතිහාසය ගසාගෙන කන වෙලාවක අතපය අකුලගෙන ඉන්න එක පිටිපස්සේ හැමෝම දන්න දේශපාලන කුණුගොඩ තමයි තියෙන්නේ.
    අපේ දේශපාලු හැතිකරේ චන්ද ගැන හිතනවා මිසක් රටක ජාතියක් ගැන හිතන්නේ නැහැ.

    • admin says:

      ලොකු පුතා,
      සුන්දර තැන් හොයාගෙන යන ගමනේදී පුරාවිද්‍යාත්මක භාවයට හානි වන ලෙස ගොඩනගා තිබෙන නව ඉදිකිරීම් ගැන පමණක් කතා කරමු.
      ශ්‍රී ලංකාව කියන්නේ බහුවාර්ගික රටක්. ඒක නිසා රට දියුණු වෙන්න නම් ආගම් පාට වර්ග බේද පසෙක දමා එකා මෙන් වැඩ කල යුතුයි.
      නමුත් යම් වරදක් දුටුව හොත් එකිනෙකා හා සාකච්චා කර විසඳ ගන්න පුළුවන්.

  8. පොඩි නිවැරදි කිරීම්ක් කරන්න ඕනි මෙතන දාල තියන ගමන් විස්තරේ මල්ලව කියන තැන මල්වල කියලා නිවැරදි වෙන්න ඕනි..ඒ වගේම වෙල්ලවත්ත කියන එක වේවැල්වත්ත කියලා නිවැරදි වෙන්නත් ඕනි…

  9. dann ohoma balala awama attada………..
    oya bauddayakknamm me aparadaya nawattanna bauddayo ras karanna………………

    • admin says:

      දැන් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.
      අලුත් ඉදිකිරීම කඩ බිඳ දැම්මා කියල විනාශ වෙච්ච දේවල් හම්බවෙන්නේ නැහැ
      ඒක නිසා මේක සර්ව ආගමික ස්ථානයක් ලෙස රැක බලා ගැනීම අප කාගේත් යුතුකමක් වගේම වගකීමක්.

      • jaliya says:

        මටනම් අහන්න තියෙන්නෙ
        ඈස් ගෙඩි ඩෙකට හෙන ගහලda සිහලුන්නෙ කියල විතරයි

      • Dilan says:

        දැන් මුස්ලිම් ආගමික් ස්ථාන කඩලා අයින් කරල්, කුරගල බෞද්ධ කරන්න යන එක නම් බුද්ධිමත් ක්‍රියාවක් නෙමේ. එකෙන් ආගම් අතර ලොකු ගැටුමක් ඇතිවෙන්නත් ඉඩ තිබෙනවා. නඩේගුරා කිව්වා වගේ දැන් මෙම ස්ථානය සර්ව ආගමික ස්ථානයක් ලෙස, බෞද්ධයන්ගේ උරුමය ආරක්ශාවන ලෙස පවත්වාගෙන යන එක තමයි කරනන් ඔනි.

        • ලියොන් says:

          මම සම්පුර්නයෙන් විරුද්දයි මේ නඩේ ගුරාගෙ යොජනවට. ඈයි දෙයියනෙ අපෙම උO මේ තරම් නිවට වෙලා? අපේ දේවල් වලට අපේ කියල කෙලින් කට ඈරල කියන්නත් බයවෙල?

  10. Podimalli says:

    ප්‍රිය දිලාන්,

    විවාදය කෙසේ වෙතත් මෙම ආන්දොලනය ගෑන මමත් මීට කලින් අහලා තියෙනව.

    ඒක නෙවේ, ඔයපාරෙ තව ටිකක් දුර ඉස්සරහට යනකොට නේද දූවිලි ඈල්ල තියෙන්නෙ? ඒකත් බලන්න වටින තෑනක්.

    • admin says:

      පොඩිමල්ලි, වාර්තාවේ 3 වැනි කොටසේ කල්තොට දූවිලි ඇල්ල ගැන තියනවා

  11. Pubudu says:

    නියමයි Mr. නඩේ ගුරා. waiting for next post.

    • admin says:

      Pubudu, Credit Goes to Dilan Who wrote the article and නඩේ ගුරා supplied the platform. If you have any reports in Sinhala and English you can send it to us..

  12. මම පෞද්ගලිකව ඔයාලගේ මේ වැඩේ අගය කරන අතර, අතිශයින් අගය කරන්නේ මෙන්න මේ හේතුව නිසාය. ඔයාල මේ යන ගමන වලදී හමුවෙන අමුත්තන් හෙවත් තිරිසන් සතුන්ට ඔයාල දක්වන ආදරයයි සහ ඒ ගැන දක්වන කතා බහයි.ඒක හරිම මානසික සුවයක් අපි වැනි සතුන්ට, ගහ කොලට, සහ පරිසරයට ආදරය දක්වන අයට. හරිම අගය කරනවා ඔයාලගේ මේ ප්‍රයත්නය. ලංකාවට අපු දවසක මේ වෙබ් සයිට් ඒක ටුවර් ගයිඩ් එකක් හැටියට ගන්න හිතාන ඉන්නේ. ගොඩක් පින් ඔයාල සැමටම. කපිල ජපානේ සිට.

    • admin says:

      බොහොම ස්තුතියි කපිල අගය කිරීමට..
      අපි අපේ පෞද්ගලික ධනය වියදම් කරලා, නමුත් ලාභ අපේක්ෂාවක් නැතිව පවත්වා යන වෙබ් අඩවියක් තමා නඩේ ගුරා කියන්නේ ..
      (google ad එකක්වත් දාල නැහැ නඩේ ගුරා වෙබ් අඩවියේ)

      අපිට පාටකයන්ගේ හා සොබදර්මයේ නිරතුරු ආශීර්වාදය ලැබෙනවා. ඒක ලොකු හයියක්..
      කපිල, සකුර මල් පිපෙන දේශයේ සිට ලංකාවට ආ දිනක නඩේ ගුරා සමග එක් වී චාරිකාවක යෙදෙන්න ආරාධනා කරනවා

      • ගොඩක් ස්තුතියි ආරාධනාවට. ඔයාල දෙසැම්බර් 27 සහ ජනවාරි 14 අතර දවසක ලංකාවේ කොහෙහරි ඇවිදින්න යනවනම්(චාරිකාවක) මම එන්න කැමතියි. ඔයාල ඇවිදිනවා වගේ හැමතනම ඇවිදින්න මමත් ගොඩක් ආසයි. නමුත් ඒකට හරියන යාලුවෝ නැහැ. ගොඩක්ම ස්තුතියි reply එකට.

  13. චමිල් විමුක්ති says:

    සර්ව ආගමික වන්දනා ස්ථානයන් ???? ඇත්තටම කට්ටියටම අං එනවද කියලා පොඩ්ඩත් අතගාලා බලන්න…කතරගම දේවාලය සර්ව ආගමික ස්ථානයක් කියන්න පුලුවන්. මොකද එතනට හිනදු භක්තියකයෝ විතරක් නෙමෙයි බෞද්ධයොත් එනවා. ඒ දෙගොල්ලම කතරගම දෙවියෝ අදහනවා..එහෙමයි කියලා බෞද්ධයෝ කතරගම දේවාලයට අයිතිවාසිකම් කියන්න යන් නෑනේ..ඒක හිනදු ආගමේ පුද බිමක් ඒත් ආගමික භේදයකින් තොරව අදහනවා…දැන් කියන්න බලන්න මෙතන මොකකද්ද තියෙන සර්ව ආගමික කම??? මේක පැහැදිලිවම සිංහල බෞද්ධ පූජනිය සිද්ධස්ථානයක් ඒක පිලිගන්න මැලි වන ඔහෙලට කියනනේ නිවටයෝ කියලා….මේක බෞද්ධ සිද්ධස්ථානයක් මුස්ලිම් උන්ට ඕන කෙනෙක් හිතින් මවාගෙන ඇවිත් වන්දනා මාන කලාට අපිට ප්‍රශ්නයක් නෑ…යකෝ මෙතන වෙලා තියෙන්නේ අනිත් පැත්තනෙ දැන්….මේවට කතා කරන්න මිනිස්සු බයයි…ඒක පැහැදිලිවම පේනවා මේකේ තියන කමෙන්ට් දැක්කහම…ඇයි දෙයියනේ මේක අපේ රට අපිට ඉන්න හිටින්න පැලක් අටවගන්න අරාබියෙන් ඉඩම් දෙන්නේ නෑ….සිංහල බෞද්ධයෝ කියන්නේ රතු දත්ත පොතට යන ජාතියක්…බෞද්ධ පුරාවස්තු ලෝකෙ හැමතැනම නෑ..පදුරකට පයින් ගැහුවොත් මුස්ලිම් පල්ලි 100 ක් විතර විසික් වෙන යුගයකට අපි මේ ඇදිලා යන්නේ…ඉතිහාසයේ මේ වෙනකම් රට පාලනය කලේ සිංහල බෞද්ධ ජනාධිපති වරු..එහෙව් තත්තවයක බෞද්ධයාට වෙන්නේ මේකනම් තව අවුරුදු 10 කින් 20 කින් මුස්ලිම් නායකයෙක් යටතේ ශ්‍රි පාදස්ථායට යන්න වෙයි මකර තොරන වෙනුවට හම්බ තොරණක් යටින්…උතුම් ශ්‍රී පාද පද්මේ තියෙයි හම්බ පල්ලියක් ඇතුලේ…තොපි එතකොටත් කියාපියව්,

    ” සියළු ආගම් වලින් බලාපොරොත්තු වන්නේ මිනිසා වඩා යහපත් පුද්ගලයෙක් බවට පත්කිරීම නම්, වඩා වැදගත් වන්නේ අධ්‍යාත්මික සුවය නම්, නැතිවීයන භෞතික දේවල් මත මිනිසුන් මේ තරම් එල්ලී සිටින්නේ ඇයි ?

    මටනම් හිතෙන්නේ මෙවන් ස්ථානයන් විධිමත් පුරාවිද්‍යාත්මක සංරක්ෂණ ක්‍රියාවලියකට ලක්කර, සර්ව ආගමික වන්දනා ස්ථානයන් විදිහට පවත්වාගෙන යායුතු බවයි.”

    කියලා…දුකයි මචන්..ඇයි අපිට මෙහෙම උනේ???????????????????????????

    • ලියොන් says:

      @චමිල් විමුක්ති
      සහතික ඈත්ත සහොදරය. 100% ක්ම ඈත්ත.

  14. Reader says:

    ” ඉස්ලාම් ධර්මයෙන් කියන්නෙම මරන කතා. මරවන කතා.මෑරීමට අනුබල දෙන උනන්දු කරවන යොමුකරවන කතා.” me wage dewal katha karana kota hithala katha kaloth hondai. Religion ekak gena gemburin adyanaya nokara comments dena eka echchara yahapath kriyawak newei. Anunge religion ekak nigrahayata lak karana pudgalaya kawadawath thamange religion eka hariyata adahana kenek newei kiyalai mata hithenne.

    Yamek yam kisi stanayak akramanaya kala nam ekath Sri Lankan history eke chapter ekak wenawa misak, Warathamanaye minissu kulal ka gene thawath chapter ekakata ya yuthuda kiyala hithenawa.

    Ugath Sri Lankikayani Buddimathwa hithanna. Meka Ape Rata. Api Religion ekakin lable wenna giyoth , Apiwa pagala wena ratak ape mulu ratama akramanaya karai. We are all SRI LANKANS one nation, one country ….. so please try to maintain unity among our selves

    Anyways thanks a lot dilan for your exploration about hidden places in Sri Lanka

    • චමිල් විමුක්ති says:

      Reader නමැත්තා විසින් පල කරන ලද ප්‍රතිචාරය හා බැදේ ; Reader ඔබ විසින් පල කල ඇති ප්‍රතිචාරයේ මුල් කොටස පිලිබදව මම අදහස් දැක්වීමට යාමෙන් වලකිමි. එහෙත් මම පෞද්ගලිකව විශ්වාස කරන එක් මතයක් තිබේ එනම් ඕනෑම ආගමක් අදහන පුද්ගලයෙකුට තමාගේ ආගමේ සමහර ඉගැන්වීම් කාලානුරූපීව හෝ සාධාරනීය හේතු මත යම් යම් කොටස් නොගැලපේ යැයි හැගේ නම් එය අනුගමනය නොකර සිටීමට හැකියාවක් ඇත.මම කිසිදු ආගමක් නරක යැයි නොකියමී..කිසිදු ආගමක් 100 % නිවැරදි යැයිද නොකියමි..එය අදහන පුද්ගලයා විසින් ආගම හරි හැටි තේරුම් ගෙන ඇදහීම වැදගත් බව සලකමි..සමස්ථයක් වශයෙන් ගත්කල සෑම ආගමකම වෑයම වී ඇත්තේ මිනිසුන් නිවැරදි මගට යොමු කර යහසමාජයක් බිහි කිරීමයි. එය සෑම ආගමිකයෙකුම තේරුම්ගෙන ආගමේ හරය ඇදහීම වටී.
      ඔබ විසින් පල කරන ලද ඔබගේම මතය සැකයට බදුන් වන ප්‍රකාශයක් උපුටා දැක්වීමට කැමැත්තෙමි…”yamek yam kisi stanayak akramanaya kala nam ekath Sri Lankan history eke chapter ekak wenawa misak” ඒ අනුව යම් කෙනෙකු හෝ යම් ආගමික පිරිසක් විසින් තවත් කෙනෙකුගේ හෝ වෙනත් ආගමික පිරිසකගේ ආගමික ස්ථානයක් ආක්‍රමනය කිරීම ඉතිහාසයේ තවත් එක් පිටුවක් මිසක් එය නරක දෙයක් නොවන බව ද ඒ උදෙසා විරෝධය පෑම අරගලයක් නිර්මාණය කිරීමක් ලෙස ද හදුන්වයි..ඔබතුමා පවසන පරිදි ඇත්තටම අරගලයක් ඇතිවීමට හේතුව ආක්‍රමණය කිරීම නොව එයට විරෝධය පෑම නම් සියල්ලන් ම වහා වහා කල යුත්තේ අන්යන්ගේ ස්ථාන, අන්යන්ගේ ආගමික ස්ථාන හැකි තාක් ආක්‍රමනය කර ඉතිහාසයේ නව පිටු පෙරලීමයි..තවද එවැනි ආක්‍රමණය කිරීම් වලට කිසිදු පුද්ගලයෙකු විරුද්ධ වීමද නොකල යුතුය..එසේ විරුද්ධ වන්නවුන් ජාතිවාදීන් හෝ දේශද්‍රෝහීන් සේ සලකා දඩුවම් කල යුතුය.. Reader නමැති උගත් බුද්ධිමත් කියවන්නා විසින් විසින් one nation, one country වෙනුවෙන් ලබා දෙන උපදේශය එයයි…එමනිසා maintain unity among our selves කිරීමට කරුනාකර ඉහත උපදෙස් පිලිපදින ලෙස ඔහු සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටියි….

  15. කොළොන්නේ ශාන්ත හිමියන් ඉදිරිපත් කල පැමිණිල්ල මත මානව හිමිකම් කොමිසම 2009 වසරේ ලබාදුන් මානව හිමිකම් තීන්දුව පදනම් කොට ගෙන පුරාවිද්‍යා නීති අංශය මුස්ලිම් වරුන් වෙත නඩුවක් ගොනු කරන ලදී.

    බලංගොඩ මහේස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය විසින් 2012.04.20 දින පණතේ 10(1) වගන්තිය ප්‍රකාරව අනවසරයෙන් පදිංචි වි සිටින මුස්ලිම්වරුන් නෙරපිමට නියෝයක් ලබාදි ඇත.

    මෙම තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කරලීමට වග උත්තර කරුවන් දැනට කටයුතු කර ඇත.
    ඒ පිලිබදව ලියවුනු ලිපියකි මේ.

    http://www.lankacnews.com/sinhala/main-news/58569/

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.