admin | Dec 22, 2011 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 33
| කතෘ : විරාජ් රත්නප්‍රිය |
| කතෘ හා සම්බන්ද වන්න : viraj_rathnapriya@yahoo.com |
|
| අවුරුද්ද & මාසය |
දින ගණන |
පුද්ගලයන් |
කාලගුණය |
ප්‍රවාහනය |
| 2011 සැප් |
2 |
6 |
අවුව ඇති |
ටොයෝටා ටවුන්ඒස් වෑන්රථය |
|
| මාර්ගය |
| ගම්පහ/කොළඹ-> රත්නපුර -> බලංගොඩ ->හපුතලේ ->දියතලාව ->ෆොක්ස් හිල් |
| නවාතැන |
| දියතලාව යුධහමුදා නිවාඩු නිකේතනයක් |
|
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් |
-
බිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත් විය හැක.
-
මෙම ප්‍රදේශය දැඩි ආරක්ෂක කලාපයක් වන බැවින් ආරක්ෂක හමුදාවන්ගේ ඉහල නිලයක මැදිහත්වීමකින් තොරව සාමාන්‍ය දිනයකදී සිවිල් පුද්ගලයනට මෙම ස්ථානයට පැමිණීමට අවසර නොමැත
-
මෙම ප්‍රදේශය ආධුනික සැගවුන වෙඩික්කරුවන්ගේ (Sniper) පුහුණු බිමක් වන බැවින් ඔවුන්ගේ පුහුණු කටයුතු සිදුකෙරෙන මොනයම් හෝ අවස්ථාවකදී කවර තරාතිරමක පුද්ගලයකුට වුව මෙය තහනම් කලාපයක් වෙයි. මක්නිසාදයත් කිලෝමීටර කිහිපයක් දුර සිට හදිසියේ පහලවන පුහුණු ඉලක්කයක් වෙත පියඹා එනුලබන උන්ඩයකින් ඔබේ හිස මොහොතකින් සුනුවිසුනු වී යාහැකි බැවිණි.
-
නුවරඑලිය වසන්ත සැනකෙලි සමයේදී මෙම නරියාකන්ද ප්‍රදේශය පොදු මහජනතාව සදහා විවර වේ. ඒ ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් මෝටර්රථ ධාවන තරගය සදහාය.
-
ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න
පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.
ඔබ කිසියම් දිනක උඩරට දුම්රිය මාර්ගයෙහි බණ්ඩාරවෙල දක්වා ගමන් කර ඇතිනම්, දුම්රිය හපුතලේ පසුකර දියතලාව කරා ධාවනය වන අතරතුරදී ඔබේ වම්පසින් විහිදුන නිම්නය මැදින් නැගීසිටිනා සුදුපැහැ නරියකුගේ රුව සහිත නරියා කන්ද නැතහොත් ෆොක්ස් හිල් දැකඇතුවාට සැක නැහැ. ඒත් ඔබ නිකමට හෝ සිතුවාද ඔබට යම්දවසක මේ ස්ථානය ආසන්නයට ගොස් එහි සුන්දරත්වය අත් විදින්නට හැකිවේය කියා. එහෙම හිතුවත් නැතත් මේ ආරාධනය නඩේගුරා සමග ෆොක්ස් හිල් සංචාරයකට එක්වෙන්නටයි.
තවත් දවසකට ඉර උදාවෙමින් තිබුණා. රාත්‍රිය පුරා ඉදිරි කඳුවලල්ල වසා පැතිර තිබූ ඝණ මිහිදුම් පදාසයද, ක්‍රම ක්‍රමයෙන් තුනීවෙලා ගිහින්. අප රාත්‍රිය ගතකල සුවපහසු නිවාඩු නිකේතනයෙහි පසුපස බැල්කනි සියල්ල, සුවිසල් නිම්නයකට මුහුණලා පිහිටා තිබුණා. සරුසාර එලවළු වගාබිම් රැසකින් සමන්විතවූ මෙම නිම්නය, සුප්‍රසිද්ධ ඇඩිෂම් බංගලාව පිහිටි තංගමලේ රක්ෂිතයට අයත්වූ හපුතලේ සිට ඉදල්ගස්ඉන්න දක්වා විහිදගිය කඳුවැටියකින් අවසන් වුවා. ගතවු රාත්‍රියේ තැපැල් දුම්රිය මෙම කඳුවැටිය ඔස්සේ ගමන්කිරීම අපේ සිත්ගත් නිරීක්ෂණයක් වූබවද නොකියාම බැහැ. ඒත් මේ සුන්දර ස්ථානයට පිවිසීමේ වරම් ලැබෙන්නේ නම් එහෙමත් කෙනෙකුට පමණයි. මොකද අප මේ මොහොත ගත කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත්, දියතලාව යුධහමුදා පුහුණු පාසල තුල පිහිටි නිලධාරීන් සදහා වූ නිවාඩු නිකේතනයක් තුල වීමයි. කොතරම් සුන්දර වුනත් ආරක්ෂක හේතුන් මත මෙම සංචාරක සටහන සරසන ඡායාරූප සියල්ල තෝරාබේරාගෙන ඉදිරිපත් කරන්නට සිදුවුනේ නඩේගුරා නිරතුරුව වගකීම් සහිත සංචාරක සංස්කෘතියක් ඇතිකිරීම වෙනුවෙන් පෙනීසිටින නිසයි.
  නිවාඩු නිකේතනයෙහි අමුත්තන්ගේ ආහාර පිලියෙල කිරීම සදහාත් අනෙකුත් පහසුකම් සොයාබැලීම සදහාත් මෙහි කාර්යමණ්ඩලය නිරතුරු කැපවී සිටින්නේ හමුදාව සතු විනය උපරිමලෙස පවත්වාගෙන යන අතරතුරයි. මෙය කණ්ඩායමෙහි සිටි හමුදා නිලධාරීනට සාමාන්‍ය දෙයක්වුවද සිවිල් සමාජය නියෝජනය කල අප කිහිපදෙනාහට පුංචි නුහුරු බවක් ඇතිකල බවනම් නොකියාම බැහැ. පාතරාසයෙන් අනතුරුව නරියාකන්ද නැරඹීමේ අවස්ථාව අපට උදාකරදීමට වඩා උසස් නිලධාරිවරයකු මැදිහත් වූවා. ඒ අනුව මාර්ගෝපදේශකත්වය සදහා තවත් නිලධාරිවරයකුගේ සේවය අපට ලබාදෙනු ලැබුවා.
දියතලාව යුධහමුදා පුහුණු පාසල් භූමිය තුල පිහිටි, ඒ වනවිට පිලිසකර කෙරෙමින් පැවති ජලාශයක් අද්දර වූ මුරපොලක් වෙත රපෝර්තු කිරීමෙන් අනතුරුව, එම වැව අද්දරින් වැටුන බොරළු පාර දිගේ ඉහලට ඇදුන අප තවත් මීටර 500 ක පමණ දුරකදී දියතලාව සැගවුන වෙඩික්කරුවන්ගේ පුහුණු පාසල අසලට ප්‍රවේශය ලැබුවා. එතැනින් තවදුරටත් ඉදිරියට යමින් පයිනස් වනය තුලට ඇතුළුවු අප, මන්සන්ධි ගනනාවක් සහ පුහුණු බිම් ගනනාවක් පසුකරමින් විවෘත කඳුමුදුනක් වෙත ප්‍රවේශය ලැබුවා. යුධහමුදා නිලධාරීන් අතර ජනප්‍රිය සම්භාශණ ස්ථානයක් වූ මෙම ස්ථානයට ඔබ්බෙන් සුප්‍රසිද්ධ ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් මෝටර්රථ ධාවන තරගය පවත්වනු ලබන ධාවන පථය පිහිටා තිබුණා. එදින රාත්‍රියෙහි පැවැත්වීමට නියමිතව තිබූ එවන් සම්භාශණයක් වෙනුවෙන් ගිණිමැලය සදහා සකසන ලද යෝධ දර කුළුණ, අපතුල විමතියක් ඇතිකලබවනම් අමුතුවෙන් කියන්න ඕන නැහැ.
 මෙම ස්ථානයේදී රථයෙන් ඉවතට පැමිණි අප සියළුදෙනා සුන්දර නරියා කන්ද හෙවත් ෆොක්ස් හිල් පසුබිම් වන ලෙස සමූහ ඡායාරූපයකට පෙනී සිටියා. නරියා කන්දත් අප සිටි ස්ථානයත් වෙන්කර තිබුනේ සුවිසල් වගුරු බිමකින්. දියකූඩැල්ලන් සහ විවිධ සර්පයන් ගහන මෙම වගුරුබිම දිගේ රාත්‍රිය පුරා කිලෝමීටර ගනනාවක් බඩගාමින් සිය ඉලක්කය සොයා යාමට ආධුනික සැගවුන වෙඩික්කරුවන්හට සිදුවනබව කියැවෙනවා.
 
අපගේ මාර්ගෝපදේශකත්වය සදහා පැමිණි නිලධාරිවරයා මෙම ස්ථානයෙහි අතීතය කථාව සහ වර්ථමානයේ භාවිතයත්, සුපර් ක්‍රොස් තරග පිලිඹදවත් අපේ දැනුම බොහෝ ඉහල මානයකට ගෙනගියා. එයින් සමහරක් මම ඔබේ දැනගැනීම සදහා ඉදිරිපත් කරන්නම්.
අතිරේක තොරතුරු උපුටා ගැනීම http://www.dinamina.lk/2009/05/15/_art.asp?fn=f09051510 වෙබ්පිටුවෙන්.
මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරග (Fox Hill – Supercross-2009) පැවැත්වෙන දියතලාවේ නරියාකන්ද (Fox Hill) ආශි‍්‍රත කඳුකරය වසර අනූහයකට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියයි. මම කඳු අතරින් එක් උස කඳු ගැටයක් “නරියා කන්ද” යන නමින් නම් කෙරුණේ 1913 වසරේදීය.
ඒ අපේ රට බි‍්‍රතාන්‍ය පාලනයට යටත්ව තිබූ සමයයි. එකල බි‍්‍රතාන්‍ය රාජකීය නාවුක හමුදාවේ කඳවුරක් දියතලාව් ස්ථාපිත කර තිබුණි. ඉන්දියන් සාගරයේ රාජකාරි කටයුතුවල යෙදුණු බි‍්‍රතාන්‍ය නාවුක හමුදාවේ නැවියන් සිය කෙටි නිවාඩු ගත කිරීම සඳහා පැමිණියේ මෙම කඳවුරටයි.
1913 දී මෙම කඳවුරට පැමිණි බි‍්‍රතාන්‍ය නාවුක හමුදාවට අයත් එච්. එම්. එස්. ෆොක්ස් (H.M.S. Fox) නමැති යුද නෞකාවේ නැවියන් තම ගමන සිහිවනු පිණිස මෙම කඳුකරයේ එක් උස් කඳු ගැටයක් මත නරියකුගේ රුව තිරුවානා ගලින් සටහන් කෙළේය.
එතැන් පටන් මෙම කඳු ගැටය නරියා කන්ද නමින් ප‍්‍රචලිත විය. එච්. එම්. එස්. ෆොක්ස් නමැති යුද නෞකාවේ ලාංඡනය නරියා වූ අතර සංග‍්‍රාමවලදී භාවිතා කළ හැකි එම නෞකාවට පමණක් සීමා වූ යුද උපක‍්‍රම නිසා එවැනි නමකින් එම යුද නැව හැඳින්වූ බව පැවැසේ.
පළමුවන හා දෙවන ලෝක සංග‍්‍රාම හා බැඳි විවිධ සිද්ධීන්ට සම්බන්ධ සිහිවටන රාශියක් අද වන විටත් දියතලාව අවට පිහිටා ඇත. නරියා කන්ද අද ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරග සඳහාය. ආරම්භයේ සිටම යුද හමුදාව සතු වූ මෙම කඳුකර පෙදෙස හමුදා කටයුතු සඳහා වෙන්ව පැවැතිණි. එසේ වුවද හැත්තෑව දශකය ආරම්භය දක්වාම මෙම පෙදෙස ශ‍්‍රී ලාංකික වන සත්ව ලෝලීන්ට හා පරිසරවේදීන්ට පාරාදීසයක්ව පැවතිණි.
ඕලු මුවන්, වල් ඌරන්, නරියන්, ඉත්තෑවුන්, සර්පයන් හා සංචාරක පක්ෂීන් ඇතුළු විවිධ පක්ෂීන් නරියා කන්ද ආශ‍්‍රිත බිම් ප‍්‍රදේශවල සුලබව දක්නට ලැබුණි. ඒ හැරුණු විට අලංකාර පුෂ්පයන්ගෙන් යුත් විවිධ ශාක හා පැළෑටි වර්ග සිය ගණනක් මෙහි විය.
එහෙත් පසුකාලීනව ඇතිවූ දේශපාලන අරගල හා ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතුවෙන් මෙම රමණීය බිම් පෙදෙස පරිසරවේදීන් ඇතුළු සාමාන්‍ය ජනතාවගෙන් දුරස් වූ අතර හමුදා පුහුණු කටයුතුවලට පමණක් සීමා විය. ඒ හැරුණු විට කඳු ගැටි වසා පැතිර ගිය ෆයිනස් වගාව නිසා මෙම බිම් පෙදෙස කෙම් බිමක් කරගෙන සිටි විවිධ සත්ව හා ශාක ප‍්‍රජාව ඈත් විය. අද මෙහි කිරුළ දරා සිටින්නේ පයිනස් වගාව හා වල් ඌරන් පමණි.
1993 වසරේදී නරියා කන්ද අසල එක්තරා ස්ථානයකින් ගිනි කන්දක් මතුවූයේ යයි රාවයක් රට තුළ පැතිර ගියේය. එකල සිටි දේශපාලන නායකයන් තලු මරමින් රස විඳි මෙම ප‍්‍රවෘත්තිය “අතේ රෝල්” කළ ප‍්‍රවෘත්තියක් පමණි.
කෙසේ වෙතත් එදා නරියා කන්ද අවට දැක ගත හැකි වූ සොඳුරු දසුන් අද මැකී ගොස් ඇතත් එදා මෙහි අසිරිය විඳි පරිසරවේදීන්ගේ සිත්වල එම දසුන් නොමැකී පවතී.
මේ පුවත්පත් වාර්ථාවට අනුව එදා තත්වය ඒ ආකාර වුනත් අද තත්වය නම් එයට තරමක් වෙනස්. මොකද ඒ වන විට සූදානම් කෙරෙමින් තිබුන ආකාරයට නම්, එදා රාත්‍රියේ…., ඇගහිරිගඩු නංවන සීතලේ, මිහිදුම් සළුමත එතෙමින්, බුරබුරා නැගෙන්නට ඇති ඒ සුවිසල් ගිණිමැලය අද්දර, ගැයෙන සුමිහිරි කණ්ඩායම් සංගීතයකට අනුව නරියාකන්ද ඉදිරියේ හිද සියගනනක් මධුබදුන් හිස්වන්නටත් ඇති.

ෆොක්ස් හිල් සංචාරයෙන් අනතුරුව නැවත නිවාඩු නිකේතනය වෙත පැමිණි අප දියතලාව නගරය ආසන්නයෙන් ඇරඹි අතුරු මාර්ගයක් ඔස්සේ, එතෙක් නිවාඩු නිකේතනයෙහි බැල්කනියේ සිට නෙත්පුරා රසවිදි සුන්දර නිම්නය ඔස්සේම තංගමලේ අභයභූමිය මැද පිහිටි සුන්දර ශා.බෙනඩික් තාපසාරාමය හෙවත් ඇඩිෂම් මාලිගය වෙත ප්‍රවේශය ලැබුවා. ඇඩිෂම් බංගලාවට මීට පෙර ගිහින් නැතිකෙනෙක් ඉන්නවානම්, නඩේගුරාගේ ඇඩිෂම් චාරිකාව සදහා මෙතන කොටන්න.
 
වැදගත් :
සංචාරයක් සැලසුම් කිරීමේදී ඔබට ඇතිවන ගැටළු වලට පිලිතුරු දෙන්නත් නඩේගුරා කණ්ඩායම විදිහට අප සූදානම්. හැබැයි ඒකට අපේ පෝරමයෙහි ලියාපදිංචි වෙන්න ඕන. පෝරමය බහුමාධ්‍ය එකක්. සිංහල, ඉංග්‍රිසි ඕන එකකින් ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. Spam කරදරකාරයන්ගෙන් බේරෙන්න ඕන නිසා දිනේෂ් ඒකට සාමාජිකයන් බදවාගැනීමේදී විධායකය අනුමත කිරීමේ සැලැස්මක් හදුන්වලා දීලාතියෙනවා. ඒත් සිංහල පාඨක ඔයාලා හැමෝම මේ පෝරමයට සාදරයෙන් පිලිගන්නවා. පෝරමයට පිවිසීමට මෙතන කොටන්න. නැතිනම් අපේ මුල් වෙබ් පිටුවේ ඒසදහා යොදා ඇති සබදතාව භාවිතා කරන්නත් පුළුවන්.
තව එකක්, ඔබ අපේ මේ සංචාරක සටහන් කියවා, කොමෙන්ටුවකින් ගුණදොස් පලකලොත් ඒක ඉදිරි සංචාරක සටහන් වල දොස් අඩුවීමට අනිවාර්ය හේතුවක් වේවි. ඒවගේම පණකඩාගෙන පරිගණකයේ අකුරුකොටන අපේ සංචාරක සටහන් කතුවරුන්ට පුංචි දිරියකුත් ලැබදේවි. ඉතිං නැවත මෙවන් සුන්දර සංචාරයක තොරතුරු සමගින් හමුවනතුරු,
ජය වේවා!
|
(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)
ගොනු කර ඇත්තේ: කඳවුරු බැඳීම • කඳු තරණය
Tags: ඇඩිෂම් මාලිගය • දියතලාව යුධහමුදා පුහුණු පාසල • සුන්දර ශා.බෙනඩික් තාපසාරාමය • ෆොක්ස් හිල් • ෆොක්ස් හිල් ධාවන පථය • ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් මෝටර්රථ ධාවන පථය
හැමදාමත් වගේ ලංකාවේ අසිරිමත් තැන් සොයා ගොස් අපූරුවට ඉදිරිපත් කරන ඔබට ස්තුතියි..නරියා කන්දේ උස භූගෝලීය පිහිටුම ගැනත් පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?
හිතවත් රූ,
//නරියා කන්දේ උස භූගෝලීය පිහිටුම ගැනත් පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?//
මේක හමුදා පරිශ්‍රයක් තුල පිහිටි කන්දක් නිසා විස්තර තියෙන්නේ බොහොම ටිකයි. උස ගැනනම් හොයාගන්න බැරිවුනා. මා සතුව GPS උපකරණයක් තිබුනත් මෙම ස්ථානයට ගෙනගියේ නැහැ. පහත සබැදිය සමහරවිට වැදගත් වේවි.
http://www.dailynews.lk/2009/04/18/spo02.asp
ස්තුතියි
බොහොම ස්තුතියි !
හිතවත් හරී,
උනන්දු කිරීම ගැන බොහොම ස්තුතියි.
Good work. Really nice report. Will look in to other reports as well. I am familiar with your name ‘viraj’ in another travellers site (lakdasun). Is that you?
Hi Gkw,
Thanks for the encouragement.
Answer for your last question is :YES
BR
viraj
බොහොම වටිනව සංචාරක මාර්ග උපදෙස්. පිට රටවල්වල ඔවුන්ගේ භාශාවෙන් මෙවන් පොත් තියෙනවානේ. සිංහලෙන් ලියන මේ වටිනා ලිපි පොතක් හැටියට එලිදක්වන්න කටයුතු කලොත් බ්ලොග් අවකාශයට නොඑන අයටත් බොහොම ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවා
ප්‍රිය වැලිමැඩියා,
//සිංහලෙන් ලියන මේ වටිනා ලිපි පොතක් හැටියට එලිදක්වන්න කටයුතු කලොත් බ්ලොග් අවකාශයට නොඑන අයටත් බොහොම ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවා//
යෝජනාව නම් අනර්ඝයි.
බලමු ඉදිරි කාලයකදී එහෙම දෙයක් කරන්න හැකිවේවිද කියාලා නඩේගුරා කණ්ඩායම විදිහට.
උනන්දු කිරීම ගැන බොහොම ස්තුතියි.
නියම ට්‍රිප් එක අපි අවම ජොඉන්ට් වෙලෙ යමු ටව ජෆ්ෆ්න ගන හෙම පුලුවන්නම් ඩන්න හොටෙල් වල විස්ටරට් ඩන්න වඩි ගනන් නඉට්ව ඉන්න පුලුවන් ටව යන අයට පෙර්මිස්සිඔන් ගන්න විඩිය හෙම ටිබ්බන් නම්
හිතවත් ප්‍රදීප්,
යාපනය චාරිකා සටහනක් අපගේ ඉංග්‍රිසි වෙබ් පිටුවේ නම් තියෙනවා. සිංහල සටහනක් ඉදිරියේදී එකතු කරන්නම්.
සංචාරයක් සැලසුම් කර ගැනිමේදී අවශ්‍ය තොරතුරු වලින් සහය දෙන්නත් අපි හැම විටම සූදානම්. හැබැයි ඒකට අපේ පෝරමයෙහි ලියාපදිංචි වෙන්න ඕන. පෝරමය බහුමාධ්‍ය එකක්. සිංහල, ඉංග්‍රිසි ඕන එකකින් ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්…..
උනන්දු කිරීම ගැන බොහොම ස්තුතියි. ලංකාවට ආවම කියන්න.
අපි ඉදිරියේ හැමදාම පෙනෙන්න තිබුනත් ඒ ගැන ආකර්ශණීය ලෙස ඉදිරිපත් කල ඔයාට බොහොම ස්තූතියි. ඒ වගෙම ඔයා ඔය කියල තිබ්බ වගුරු බිම භාවිත කරන්නෙ VFTS එකේ බෝම්බ පුහුණු වලට. පළමු පින්තූරෙ නරියට දකුණු පැත්තෙන් තියන ගල් කුල සුදු පාටට තියෙන්නෙ එතනට තමා RPG Target කරන්නෙ. ( එතන රතු පාටට කතිරයක් ඇදලා තියනවා දකින්න ඇති ) ඔය කන්ද අප්‍රේල් මාසෙ හැරෙන්න අනිත් මාස වලදි පුහුනු වීම් වලට් යොදා ගන්නවා.
කොහොම උනත් ගොඩක්ම ස්තූතියි………………………………….
හිතවත් සූරි,
බොහොම ස්තුතියි. අප නොදන්න වැඩිදුර යමක් මේ සටහනට එකතුකලාට.
අපේ ගමන අතරතුරේදී අත් බෝම්බ පුහුණුවට යොදාගන්නා ජලය පිරුණු ආවාටයකුත් දැක්කා….
හැකිනම් තව විස්තර ටිකක් දෙන්න.
ජය !
සාමාන්‍ය ජනතාවට යන්න බැරි ඔය වගේ තැනකට ගිහිල්ල ලස්සන විස්තරයක් ඉදිරිපත් කළාට ස්තුතියි.
හැමදාම වගේ ලස්සන චාරිකා සටහනක්.
හිතවත් ප්‍රසන්න,
හැමදාමත් අපව උනන්දුකරන ඔබට ස්තුතියි. ලංකාවේ ලස්සන තැන් බලන්න යමුද අපිත් එක්ක සවාරියක් ?
සුන්දර චාරිකා සටහනක් අප හමුවේ තැබීම ගැන විරාජ්ට බොහොම පින්…….
උනන්දු කිරීම ගැන බොහොම ස්තුතියි.
Thank u Viraj. maxxa trip ekak.
Hi Sasitha,
Thanks for the encouragement.
වෙනදා වගේම වටිනා ලස්සන සංචාරක සටහනක් ඉදිරිපත් කලාට බොහෝම පින්….
හිතවත් රන්දික.
උනන්දු කිරීම ගැන බොහොම ස්තුතියි. දිගටම අප සමග රැදෙන්න.
වෙනදා වගේම ලස්සන විස්තරයක් ,ස්තුතියි! තව තවත් ලියන්න
හිතවත් ඉරෝෂ්,
බොහෝම ස්තුතියි. දිගටම අප සමග රැදෙන්න.
අලුත් දෙයක් ගැන ලස්සන සටහනක් ! ගොඩාක් ස්තුතියි
හිතවත් චන්දන,
උනන්දු කිරිම ගැන බොහොම ස්තුතියි. නඩේ ගුරා සමග දිගටම රැදෙන්න.
ගොඩ කාලෙකට පස්සෙ!
වෙනදා වගෙම ලස්සන ගමන් විස්තරයක් අපිට ගෙනාවට නඩේ ගුරා කන්ඩායමට ගොඩක් ස්තුතීයි. දිගටම මේ වගේ සවිස්තරාත්මක රසවත් චාරිකා සටහන් ඉදිරිපත් කරන්ට!
ජයවේවා!
හිතවත් යූ.
කාරණේ ඇත්ත. අපේ ඇඩ්මින් (දිනේෂ්) සොයුරා මේ දවස්වල බර වැඩකට අත ගහලා… ඉතිං පෙබරවාරි 4 වෙනිදා වෙනකල් චාරිකා සටහන් රැසක්, එලිබහින්න හැටියක් නැතිව පෝලිමෙහි රැදිලා තියේවි.
උනන්දු කිරිම ගැන බොහොම ස්තුතියි. නඩේ ගුරා සමග දිගටම රැදීසිටියාට බොහොම තුති.
මොකද ටික කලක් නිහඩව සිටියෙ ඔබගෙ සිරිපා ප්‍රජා සත්කාරය සාර්තකව ඉටු කරන්න ඈති කියල හිතනව කාලය ශ්‍රමය දනය කෑප කරමින් ඔබ කරන මේ ජාතික මෙහෙවරට බොහොම පින්.
හිතවත් මහේන්,
නඩේගුරා කණ්ඩායමෙහි අරමුණු වඩාත් පුළුල් පරාසයකට විහිදවමින් සයිබර් අවකාශයෙන් ඔබ්බට පරිසරය සුරැකීමේ ක්‍රියාවලිය ගෙනයාමේ පියවරක් ලෙසින් සූදානමකෙරුණ සිරිපා ප්‍රජා සත්කාරය සාර්තකව ඉටු කරන්නට හැකිවූ බව පමණක් මම මෙහිදී සටහන් කරන්නම්. වැඩි විස්තර දිනේෂ් කියාවි.
http://www.youtube.com/watch?v=PGiVDzsd1PQ&feature=player_embedded
උනන්දු කිරිම ගැන බොහොම ස්තුතියි. නඩේ ගුරා සමග දිගටම රැදීසිටියාට බොහොම තුති.
නියමයි….. හරිම රසවත්
Jagath
ප්‍රිය ජගත්,
උනන්දු කිරිම ගැන බොහොම ස්තුතියි. නඩේ ගුරා සමග දිගටම රැදෙන්න.
මමත් ඔය කන්දෙ ටික දුරක් ගිහින් තියනව. ඉතිරි ටික ඔයා නිසා බලගන්න පුලුවන් වුනා. ගොඩක් ස්තුතියි ඔයාල ලබාදෙන විස්තර වලට
ජය වේවා!
ඒ සමගම සුභ උපන්දිනයක් වේවා ජනවාරි 6 දිනට
කොමෙන්ටුවනම් දන්න කෙනෙක්ගෙන් වාගේ….,
ස්තුතියි.
හපුතලේ ලිප්ටෝන් ශීට් කියල තෙනක් තියෙනවා එතනටත් එන්න ලස්සනයි. මීදුම නෙත්නම් කතර ගම කිරි වෙහෙරත් පෙනෙන්වලු . මම ගිය දවසේ මීදුම නිසා බලන්න බේරී උනා . . .