නකල්ස් කඳු අතරින් මීමුරේට ගිය ගමන
admin | Apr 04, 2012 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 10
| කතෘ : රාජිත අනුරාධ | ||||
| කතෘ හා සම්බන්ද වන්න : rajithasomarathna@gmail.com | ||||
| අවුරුද්ද & මාසය | දින ගණන | පුද්ගලයන් | කාලගුණය | ප්‍රවාහනය |
| 2012 මාර්තු | 2 | 7 | වියලි | පොදු ප්‍රවාහන වැන් රථය |
| මාර්ගය | ||||
| මහනුවර>හුන්නස්ගිරිය>මීමුරේ | ||||
| මීමුරේ පංසල | ||||
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් | ||||
කාලෙකින් කොහෙවත් යන්න බැරිඋන නිසා හිතුවා යන්න කොහෙවත් දිහාවක්.හැමදාමත් යන සුපුරුදු ජනප්‍රිය තැන් වලින් වෙනස් වෙලා යන්න තැනක් කල්පනා කරනකොට තමයි හිතුනේ නකල්ස් කදුවලින් වටවෙච්ච මීමුරේ ගම පැත්තේ ගියොත් ටිකක් වෙනස් අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කියලා.මේ දවස් වල කැම්පස් එකේ වැඩි වැඩක් කෙරෙන්නෙත් නැති නිසා අපි 7ක් මීමුරේ යන්න සෙට් උනා.මේ ගමන යන්ට ඒ තරං ලොකු ලැස්තියක් උනේ නං නැ.කොහොම හරි අපි කස්ටිය කැම්පස් එකෙන් පිටත් වෙලා උදේ දහයට විතර නුවරට සෙට් උනා.එදා දවල් කැම නුවර යාලුවෙක් ගානේ.දවල් කැම විතරක් නෙවෙයි රැ කැමත් බැඳලා දුන්නා.ඒ විතරකුත් නෙවෙයි යාලුවගෙ තාත්තා ගානේ පාන් ගෙඩි හතරකුත්.කොහොමද බජට් එක?හික් හික්.යන පාරක් විතරක් දැනගෙන ගමන ආපු අපිට යාලුවගෙ තාත්තාගෙන් මීමුරේ ගමන ගැන ලොකු විස්තරයක් දැන ගන්න පුලුවන් උනා.දැනගත්තු විදියට ගමට යන්න එල්ෆ් වැන් දෙකක් තියෙයි.එකක් මීමුරේටම යනවා.අනික කයිකාවල කියන ගමට..මේ වැන් එකේ ගියොත් කයිකාවල ඉඳන් කිලෝමීටර් හතරක් විතර මීමුරේට පයින් යන්න වෙනවා.කොහොම උනත් මීමුරේටම යන්න තියන වැන් එකේම යන්න තමයි අපිට උපදෙස් ලැබුනේ.මීමුරේ පිවිසුම් මාර්ගය තියෙන්නේ හුන්නස්ගිරියෙන්.ඊට අමතරව රංගල කියලා තවත් පාරක් තියනවා.කොහොම උනත් හුන්නස්ගිරියෙන් මීමුරේ යන්න අපි නුවරින් මහියංගනේ බස් එකක පැය එක හමාරක විතර ගමනකින් හුන්නස්ගිරියට ලඟා උනා.එතකොට 12.30ට විතර ඇති.කලින් කියපු විදියටම කයිකාවල යන හයි රූෆ් වැන් එකයි මීමුරේටම යන ෆ්ලැඑට් රූෆ් වැන් එකයි දෙකම හුන්නස්ගිරියෙ නවත්තල තිබුනා.අපිට ඕනි බඩු ටිකක් එහෙම අරං කලිං කියා දීපු විදියට මීමුරේ වැන් එකේ නං නෙවෙයි අපි යන්ඩ සෙට් උනේ.අනික් වැන් එක.ඒකෙ වැඩිය සෙනගක් හිටියෙත් නැ.අනික එක වෙනකොට යනවා කියපු නිසාත් ඉඳගන්න ඉඩ තිබුනු නිසාත් අපි ඒ වැන් එකට සෙට් උනා. කොහොම උනත් මීමුරේට යන වැන් දෙකම හුන්නස්ගිරියෙන් 12.30ත් 1.30ත් අතර පිටත් වෙනවා. ඒ නිසා ඔයගොල්ලොත් යනවා නම් ඒ වෙලාවට කලින් හුන්නස්ගිරියට යන්න වගබලාගත්තොත් හොඳයි.මෙතන ඉඳං මීමුරේට කිලෝමීටර් තිස් හතරක් යන්න ඕනි.අපේ වැන් එකත් හෙමින් හෙමින් නකල්ස් කඳු දිහාවට ගමන යන්න පිටත් උනා.ටිකක් දුර යන කොට තමයි තේරුනේ අනික් වැන් එකේම අපිට යන්න කිව්වේ මොකද කියලා.මිනිස්සු ප්‍රවාහනය කරන්න සුදුසුම තත්වයේ නම් නෙවෙයි මේ වැන් එක තිබුනේ.ගියර් වැටෙන්නේ නැ.බ්‍රේක් ප්‍රශ්න one wheel.කොහොම උනත් ඒකෙත් පොඩි ගතියක් තියෙයි.ගමට යන පාර නම් වාහනයක් යන්න පුලුවන් මට්ටමක තියනවා.
|
||||
ගොනු කර ඇත්තේ: දිගු දුරක් ඇවිදීම • සංස්කෘතික සවාරි
Tags: කඳු • ගමන • නකල්ස් • මීමුරේ • මීමුරේට • සූරිය අරනේ • හුන්නස්ගිරි





















හිතවත් රාජිත.
බොහෝම සුන්දර අත්දැකීමක්, ලස්සනට විස්තර කරලා තියෙනවා.
ස්තුතියි.
මීමුරේ කියන්නේ මගේත් ප්‍රියතම සංචාරක ස්ථානයක්.
මීමුරේ නම් කවදාවත් ගිහින් නෑ.එත් මේ විස්තරේ කියවපුවාම යන්න හිතුනා.බොහෝම ස්තුතියි.
සා නියම ගමනක්නෙ ගිහින් තියෙන්නෙ මත් මාර අසවෙන් ඉන්නෙ ලන්කවට අවම අනිවරයෙන් යනව කතව මාව තව ඈවිස්සුව
මිට වසර කිහිපයකට මත් මිමුරේ ගියා, ඔය යන අතරේ වෙඩි ලුණු ගුහව, කොබොල්ට් කපොල්ල, ඩින්ස්ටන් පුන්චි ලොකාන්තය එහේමත් බලන්න පුලුවන්, මම දන්න විදියට කලු ගල් විතරක් පාවිචිකරලා තාප්ප දකින්න පුලුවන් එකම තැන සුනදර මි මුරේ ගම වෙනන් ඔනී!!!
හ්ම්.. ලස්සනයිනේන්නම්. යන්න ඕනෙ මීමුරේත්..
බොහොම ස්තුති. කාර් එකකින් යන්න ටරම් පාර හොදි ද?
සුන්දර සටහනක්. ස්තූතියි!
අනේ photos මදිනේ ??
තව දාන්න බැරිද?
මගෙ පොටො එකක් තියෙනව දාන්නද?
මීමුරේ අපිත් ගියා,වනජීවි බoගලාවේ නැවතුනේ එත් එක ලාභයි…කයිකාවල හා මීමුරේ ඉස්කොල දෙකටත් ගියා….කුඩා ලෝකාන්තයත් බැලුවා…වනජීවි කදවුර බලලා දොතලුගල කන්ද නැග්ගා…..නියමයි…