වළගම්බා අතීතය සමග පිළිකුත්තුවට
admin | Apr 23, 2012 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 10
| කතෘ : ඉසුරු චමීර මදුසංක | ||||
| කතෘ හා සම්බන්ද වන්න : suruayiya@gmail.com | ||||
| අවුරුද්ද & මාසය | දින ගණන | පුද්ගලයන් | කාලගුණය | ප්‍රවාහනය |
| 2012 අප්‍රේල් | 1 | 3 | වියලි | යතුරු පැදි 02ක් |
| මාර්ගය | ||||
| කොළඹ>මිරිස්වත්ත >වතුරගම>පිළිකුත්තුව | ||||
| - | ||||
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් | ||||
පිදුම සියලුම පරිසර හිතකාමින්ට,නඩේ ගුරා වෙබ් පිටු අතරට ම විසින් ඉදිරිපත් කරන ලද පළමු චාරිකා සටහන “සුන්දර මාළිගාතැන්න” එක් කිරිම පිළිඹදව නඩේ ගුරා සංවිධානයට ස්තුති වන්තවෙමි. එ මෙන්ම මාළිගාතැන්න චාරිකාසටහන වෙනුවෙන් අදහස් හා නව යොජනා එක්කල සියලු දෙනාට මාගේ හදපිරි ප්‍රණාමය. අද දිනයේ සටහන් තබනුයේ සියනෑ කොරළයේ(ගම්පහ ) ඉතා පැරණි ලෙන් විහාරස්ථානයක් පිළිඹදවයි, ඒ පිළිකුත්තුව රජ මහා විහාරයයි.කොළඹ නුවර පාරේ මිරිස් වත්ත හන්දියෙන් හැරි වතුරගම ප්‍රධාන පාරේ කී.මී. 05 ක් පමණ ගිය පසු ඇති පිළිකුත්තුව හන්දියෙන් වමට හැරි මි. 500 ක් පමණ ගිය පසු පිළිකුත්තුව විහාරයට ලගා වන්න පුලුවන්. පිළිකුත්තුව යනු මෙම විහාරය හා ගම හදුන්වන නාමයයි. වළගම්බා රජු පහත රට සැගව සිටින කාලයේ පිළිකුත්තුව ලෙන් ගුහාතුල වැඩි කාලයක් සැගවිසිටිබව කියවේ.එම අවධියේ රජතුමාගේ බිසව වු සෝමා දේවියගේ රාජකීය ඇදුම් අයිත්තම් ආරක්ෂාව පිණිස සගවා තිබු ස්ථානය මෙය වු බැවින් “පිළි” සගවා තැබු තැන පිළිකුත්තුව බව එක් ජනප්‍රවාදයකි. එලසම රාජමහා ඇමතින්ට රෙදි- පිළි සැපයු තැන පිළිකුත්තුව බව තවත් මතයකි. පිළිකුත්තුව විහාර භූමියතුල කි.පු. යුගයට අයත් ලෙන් ගුහා අති විශාල ප්‍රමාණයක් ඇත.ඉපැරණි පොකුණු, කටාරම් කොටා ඇති ලෙන්, වටිනාකම මිල කල නොහැකි වෘක්ෂලතා මෙම විහාරයේ වටිනා කම ඉහළ දමයි.විහාර භූමිය තුළ ඇති දැවැන්ත පොකුණට ජල සැපයුම වළගම්බා රජු දවස ක්‍රමවත් වන්නට ඇත. පර්වත ඉහළ කටාරම් කෙටු ගල් ලෙන් වල ජලය ක්‍රමාණුකුලව එක් තැනකට එක්වි අවසානයේ පහළ පොකුණට එක්වන තරම් විශිෂ්ඨ ජලනල පද්දතියක් එකල පවතින්නට ඇත.දැන් ඇත්තේ එහි නටඹුන් පමණි. උඩ මලුව තුල කුඩා ගල් ලෙන් විහාරයක් හා විශ්ණු දේවාලයක් දැකිය හැක.මෙම විහාර ලෙන තුල මහනුවර යුගයේ දක්නට ලැබෙන ලෙන් විහාර සිතුවම් දක්නට ලැබේ.මෙම චිත්‍රවලින් ධර්මපාල ,වෙස්සන්තර, ජාතක කථා සිතුවමට නගා ඇත. විහාරයේ පහළ මලුව වැදපුදා ගැනිමෙන් පසු අක්කර 200 පමණ ප්‍රමාණයක පිහිටා ඇති පිළිකුත්තුව විහාර කන්ද තරණය කළ හැකිය.මෙහි ඇති ඉපැණි පුස්වැල (වසර 1000 ක් පමණ යැයි විශ්වාස කරයි.)දිග්ගල,බැලුම්ගල, බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන විහාර කන්ද සුන්දර කරයි.කි.පු. තුන්වන සියවසට පමණ අයත් යැයි සළකණු ලබන ඉපැරණි සෙල් ලිපියක් එක් ලෙන් ගුහාවක් තුල දක්නට ඇත. මෙය ලක්දිව බුදුසමය පැමිණි මුල් භාගයේ කරවන ලද්දක් බව පරණවිතාන මහතාගේ අදහසයි.මෙහි ඇති තවත් එක් රමණීය අංගයක් වන්නේ පැරණි පුස් වැලයි.මෙහි පුස්වැල අධාරයෙන් ඉහලට නැගුනු අප හට සුන්දර වටපිටාවක් දක්නට ලැබුණි. පුස්වැල විටක දැවැන්ත සර්පයෙකුසේ සමීපයේ වු ගසේ එති කලා කෘතියක් නිර්මාණය කලහ.මෙම නිස්කලන්ක පරිසරය ගතට මෙන්ම මනසට සුවයක්ම විය. මෙහි ඇති රුක්ගොමු තුළ යටගිය දවස වලගම්බා රජු සැගවි සිටින්නට ඇත. එවන් ඉතිහාසයකට හිමිකම් ඇති මෙම පින්බිම අද දවස මිනිස් නොපනත්කම් වලින් විනශවෙමින් පවතී.නිධන් හොරුන් හා වදුරු ගති ඇති මිනිසුන් ද අසංවර පෙම්වතුන් විසින් පිළිකුත්තුව අපිරිසිදු කරඇත.නිසි බලධාරිගේ අවදානය පිළිකුත්තුව විහාරයට යොමු වේ නම් මේ පිං බිම මතු අනාගතයට සුරැකෙනු ඇත.තවත් චාරිකා සටහනකින් හමුවනතුරු…අයුබොවන්!
|
||||
ගොනු කර ඇත්තේ: කඳු තරණය • ගල්ගුහා නැරබීම
Tags: pilikuththuwa • ජාතක කථා සිතුවම • ධර්මපාල • පිළිකුත්තුව • පුස්වැල • වළගම්බා රජු • විශ්ණු දේවාලය • වෙස්සන්තර
















හිතවත් ඉසුරු,
තවත් සුන්දර චාරිකා සටහනක් අපිත් එක්ක බෙදාගත්තාට ස්තුතියි.
චාරිකා සටහනට පොඩි ඌණපුර්ණයක් කරන්නම්,
සුප්‍රසිද්ධ බෝගොඩ පාලම හා සැසදීමේදී ප්‍රමාණයෙන් ඉතා කුඩාවුවත්, මහනුවර යුගයේ කරවනලදැයි සැලකෙන ලී පාලමක් පිළිකුත්තුව විහාරයේදී ඔබට දැකගන්න පුළුවන්. ඒ වගේම හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වැඩමවීමට භාවිතා කරපු දෝලාවකුත් මේ විහාරයේදී දැකගන්න පුළුවන්.
තවඑකක්, පිළිකුත්තුව විහාරයේ ලෙන් 99ක් ඇතිබව තමයි කියැවෙන්නේ.
ජය !
පිලිකුත්තුව විහාරයේ පිටුපස ඇති ගල් තලාව දුටුවිට සරසවි මිතුර මිතුරියන් සමඟ ගත කල සොඳුරු අතීතය නැවත මතක්වුනා..කැම්පස් එකේ නිවාඩු කාලයක අපි පිලිකුත්තුවට ඇවිත් පැය ගාණක් වල්පල් කියවමින් මේ ගල්තලාව මත ගතකලා..
ස්තුතියි ඒ මතකය අළුත් කලාට..
ගොඩක් ස්තූතියි මෙම වටිනා ලිපියට.
කියවගෙන යද්දී මතක් උනේ අපි පාසල් කාලයේ දි පිළිකුත්තුව කැලේ නායකත්ව සංවර්ධන කඳවුරක් පැවැත්වූවා දින 02 ක. ඉතාම මිහිරි අත්දැකීමක්. ඒ මතකය අළුත් කිරීම පිළිබඳව මාගේ ප්‍රණාමය…
පිළීකුත්තු අඹ නමින් පිළීකුත්තුවටම ආවේණිඅක අඹ වර්ගයක් අපිට මගපෙන්වන්නා විසින් ලබා දුන්නා.
අපිට නම් වෙනසක් තේරුනේ නෑ. නමුත් ඔහු කිව්වෙ අනිත් අඹ වලට වඩා රසයේ වෙනසක් ඇති බව.
අපිට වැරදුන සහ වරදින අමතක වු සභ අමතක වන ඉසව්වන් පිලිබඳව ඔබලා මෙලෙස කරන අවධිකරලිම් ගෞරවණියව අඟය කරමි…..
මම පිලිකුත්තුවෙ ඉන්න මීයන් පිලිබද පරීක්ශනයකට සහය උනා මීට වසර 15 කට විතර පෙර.මෙම සුන්දර වනයෙහි ගත කල එ දවස් මට මතක් උනා මෙ ලිපිය කියවදි..බොහොම ස්තුති ලිපියට
මාත් එක් වරක් මේ පිළීකුත්තුව රජ මහා විහාරය බලන්න ගියා දවසක්ම යන්න තියනවා හුගක් නිස්කලංක පරිසරය..මේකේ ලෙන විහාර 99 ක් තියනවාලු..තම සොයා ගත්තේ නැති ඒවාත් තියනවලු…හුගක් වටිනා ලිපියක්…ජිවිතේ ආපහු වරක් මම අනිවාර්යෙන්ම බලන්න යන්න හිතන ඉන්නවා මෙතන නම්……:)
හුගක් ස්තුතියි….!!!
එල වැඩක්!
පිළීකුත්තුවට අවෙනික කුරුල්ලෙක් ඉන්නාබව අමතක කරන්න එපා
මත් ගෙහින් තියනව . නියම ප්ලcඑ අකක්. තව ඔතන තෙය්නව උරපොල පන්සල