admin | May 02, 2012 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 22
| කතෘ : චමිල් විමුක්ති |
| කතෘ හා සම්බන්ද වන්න : cvimukthi@gmail.com |
|
| අවුරුද්ද & මාසය |
දින ගණන |
පුද්ගලයන් |
කාලගුණය |
ප්‍රවාහනය |
| 2012 ජනවාරි |
1 |
4 |
පැහැදිලි අහසක් සහිත වියළි දිනයක් |
පෞද්ගලික මෝටර් රථයක |
|
| මාර්ගය |
| (කොළඹ> පස්යාල>) මීරිගම > ගිරිඋල්ල > දඹදෙණිය |
| නවාතැන |
—
|
|
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් |
-
පොලිතින් හා ප්ලාස්ට්ක් ද්‍රව්‍ය තැන තැන දමා ඒමෙන් වළකින්න…ගල මුදුනට ගෙනියන කඩදාසි කොලය පවා භාවිතයෙන් පසු පහලට රැගෙන ඒමට කාරුනික වන්න..
-
වියලි දේශගුණය නිසාවෙන් කිසිදු හේතුවක් මත ගිනි දැල්වීමෙන් වලකින්න..විශේෂයෙන්ම දුම්වැටි දැල්වීම වැනිදා නොකරන්න… දුම්වැටි මත්පැන් වැනිදෑ රැගෙන යාමෙන් වලකින්න..
-
ඉපැරණි නටඹුන් වලට අලාභහානි කිරීමෙන් වළකින්න…
-
අඩුම වශයෙන් ජලය ලීටර් 1ක් වත් රැගෙන යන්න…
පරිසර හිතකාමී අපේ උරුමය රුකගන්න වෙහෙසෙන සියලු දෙනා හට හෘදයාංගමව පිදෙන වගයි
‘මචන් වැඩේ හරි නේද ? මම කාර් එක අරන් එනනම් ,ලැහැස්ති වෙලා හිටපන්’ //ආහ් හරි මචන් මම ලැහැස්ති වෙන්නම්,දැන් ඇහැරුනා විතරයි// තරමක අසනීප තත්වයෙන් සිටි මා එසේ පිලිතුරු දුන්නද, පෙර දින කතිකා කරගත් පරිදි අද දින කොහේ හෝ යෑමට යෝජනා කරගෙන තිබුනු බව මට අමතක වී තිබුනි.අසනීප තත්වය නිසා ඇගට කිසිදු පනක් තොතිබුනද සිතට නව පනක් ආවා සේය. ‘කොහේ හරි යන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නෑ’ අම්මා හෙමිහිට මුමුනනු ඇසුනේ උදේ කෑම වේලද නොගෙන මා පිටවී යාමට සැරසෙනු දුටු විටය..කෙසේ හෝ මෝටර් රථය ඉක්මනින් පැමිනි හෙයින් උදෑසනින්ම ගමන ආරම්බ කිරිමට අපට හැකි විණි.
අපගේ ගමනට මාද ඇතුලුව හතරදෙනෙකු සහභාගි විය.ගමනාන්තය ගැන කිසිදු අදහසක් මා තුල නොවිණි.හතරදෙනාගේම එකගතාවයට අනුව ගිරිඋල්ල නගරයේ ඇති සිද්ධස්ථාන නැරඹීමට කතිකා කරගතිමු.ප්‍රථමයෙන්ම ගිරිඋල්ල නගරයට ආසන්නවම ඇති ‘මැද්දෙපොල රජ මහා විහාරය’ ද දෙවනුව ‘දඹදෙණිය රජ මහා විහාරය’ ද නැරඹීම අපේ අරමුණ විය.වැඩි වේලාවක් යන්නට මත්තෙන් ‘මැද්දෙපොල රජ මහා විහාරය’ ට පැමිනෙන්ට අපිට හැකිවිය.මැද්දොපොල යනු ලෙන් විහාරයකි. වළගම්බා රපු සැගවී සිට පසු කාලයේදී ස්වාමින්වහන්සේලාට පූජා කල මෙවන් ලෙන් විහාර කිහිපයකටම මා මින් පෙර ගොස් තිබුනි.මීරිගම අවට ඇති කහදව, මාලදෙනිය, ලින්දර, තලගම මෙවැනිම වළගම්බා රජුට සෙවන දුන් තවත් ලෙන් විහාර වේ.
 
ඉතාම නිස්කලංක සුන්දර පරිසරයක පිහිටා තිබු මැද්දොපොල විහාරය දෙස පැය ගනනක් වුව එක දිගට බලාගෙන සිටිය හැකිය..එය එතරම්ම සුන්දරය..අවාසනාවකට අප හට විහාරය ඇතුලත දැක ගැනීමට නොහැකි විය.ඒ අවස්ථවේ විහාරය විවෘත කරගැනීමට ස්වාමීන්වහන්සේ නමක් සොයා ගැනීමට නොහැකි විය.
අපේ මීලග ගමනාන්තය වු දඔදෙණිය විහාරය නැරඹීමට යාමේ අටියෙන් අපි මැද්දොපොලට සමු දුන්නෙමු. දඹදෙණියට යන අතරමග අප සමග සිටි එක් මිතුරෙකුගේ නැදෑ ගෙදරකට ගොස් යෑමට අපි තීරණය කලෙමු. එහිදී අපට දඹදෙණිය රාජධානිය ගැන නොදන්නා තොරතුරු රාශියක් දැනගන්නට ලැබුනි. දඹදෙණිය විහාරයට ආසන්නව පිහිටා තිබු, දඹදෙණිය රාජධානියේ රජකල රජවරුන් සිය මාළිග සාදා තිබුනු ‘මාළිගා ගල’ නම් පර්වතයක් ගැන අසන්නට ලැබුනි. සිරකරුවන් රැදවීමට භාවිතා කල ‘වඩුවා කෙටු ගල’ නම් තවත් පර්වතයක් ගැනද තොරතුරු කියවිණි. නමින්ම වඩුවා කෙටු යන්නෙහි යම් කුතුහලයක් තිබු බැවින් ඒ පිලිබද මාගේ උනන්දුව වැඩි විය. ජනප්‍රවාදයට අනුව එකල මෙම පර්වතයේ රදවා සිටි එක් සිරකරුවෙකු වෘත්තියෙන් ගල් වඩුවෙකි. සීග්‍ර බෑවුමක් සහිත පර්වතයේ පහලට ගල් පඩි කැපීමට මෙම වඩුවාට හොර රහසේම හැකිවී ඇත.පර්වතයේ හතරෙන් තුනකට ආසන්න දුරක් පඩි පෙල කැපූ ඔහු පහල වු පිදුරු මඩුවකට පැන සිර ගෙයින් පැන ගොස් ඇත. ඉන් පසු මෙම පර්වතයට වඩුවා කෙටු ගල යැයි භාවිතා කොට ඇතැයි පැවසේ. මෙම ස්ථාන දෙකම දැකබලාගැනීමේ ඉමහත් ආශාවක් මා සිත තුල ඇති විය.ස්වභාවයෙන්ම කදු නගින්නට ඉතා ප්‍රිය කරන මා හට අසනීප තත්වය අමතක වී ගියා සේය. දඹදෙණිය විහාරයට මීට පෙර කිහිප වතාවක් අපි ගොස් ඇති බැවින් නව ගමනාන්තයක් සහිතව අපි එතැනින් පිටත් වූයේ ප්‍රථමයෙන්ම මාළිගා ගල නැරඹීමේ බලාපොරොත්තුවෙනි.
දඹදෙණිය රාජධානිය ක්‍රි.ව. 1232 දී ආරම්භ වී දශක 5 කට ආසන්න කාලයක් පුරා පැවතී ඇත. මුල්ම වරට දඹදෙණිය අගනගරය බවට පත්කරගන්නා තුන්වන විජයබාහු රජතුමා ක්‍රි.ව. 1236 දක්වා තම රාජ්‍ය බලය පවත්වාගෙන ගොස් තිබේ. ඉන්පසු පිලිවෙලින් දෙවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1236 – 1270), සිව්වන විජයබාහු (ක්‍රි.ව. 1270 – 1272) හා පළමුවන බුවනෙකබාහු (ක්‍රි.ව. 1272 – 1284) තම පාලන රාජධානිය ලෙස දඹදෙණිය භාවිතා කරයි. දඹදෙණි රාජධානිය හේතුන් කිහිපයක් නිසා ලංකා ඉතිහාසයේ වැදගත් තැනක් උසුලයි. දඹදෙණි යුගය සාහිත්‍ය වංශකතාවේ ස්වර්ණමය යුගයක් ලෙස හැදින්වේ. පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, කව්සිළුමිණ, සිදත් සඟරාව වැනි බෞද්ධ කෘතීන් ගනනාවක් හෙළයට දායාද වුයේ දඹදෙණි යුගයේදීය.මීට අමතරව කාලිංග මාඝගේ දැඩි ආක්‍රමණයෙන් බිඳ වැටුණු අනුරපුර, පොළොන්නරු යුගවලින් පසුව රජ රට මුළුමනින් ම විදේශ ආධිපත්‍යයෙන් මුදවා ගැනීමේ ක්‍රමෝපායන් සැලසුම් කෙරෙන්නේ ද දඹදෙණිය කේන්ද්‍රස්ථාන කරගෙන ය.
දඹදෙණිය විහාරයට යාමට කොළඹ – කුරුණෑගල ප්‍රධාන පාරෙන් අතුරු පාරට හැරීමට සූදානම් වන විට අපට ‘වඩුවා කෙටු ගල’ පැහැදිලිව දැකගන්නට ලැබුනි. වඩුවා කෙටුවා යැයි පැවසෙන පඩිපෙල ඉතා පැහැදිලිව දැකගත හැකිවිය.එහි යාමට මාර්ගයක් නොදත් හෙයින් ප්‍රථමයෙන් මාළිගා ගල ද දෙවනුව පාර අසාගෙන වඩුවා කෙටු ගල යාමට අපි තීරණය කලෙමු.
වඩුවා කෙටු ගල (කවයෙන් දැක්වෙන්නේ පඩිපෙලයි)
දඹදෙණිය විහාරය අසලින් පහලට ඇති මාර්ගය මාලිගා ගල දක්වා යෑමට ඇති මාර්ගයයි. පාර බෙදෙන තැන් කිහිපයක් හමු වුයෙන් ගම් වැසියන්ගෙන් පාර අසා ගැනීමට අපට සිදු විය.ටික දුරක් යත්ම හෙළ වංශ කථාවේ වටිනා පරිච්චේදයක් ලියූ සිව් රජ දරුවන්ගේ මාලිගා ඉදිවු ඒ අභිමානවත් මාළිගා ගල දුර තියා දැකගැනීමට අපට හැකි විය.එය ප්‍රමාණයෙන් වඩුවා කෙටු ගලට වඩා තරමක් දුරට විශාල බව අපට පෙනී ගියේය.
මාළිගා ගල
වැඩි දුරක් යන්නට මත්තෙන් මාළිගා ගල පිවිසුම් ස්ථානයට යාමට හැකි විය. එහි පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ දඹදෙණීය කාර්යාලයක් ද ස්ථාපනය කොට තිබේ. ගිමන් නිවාගැනීමට හැකි ශාලාවක්ද පසෙකින් විය.ගමනට අවශ්‍ය ජලය පුරවාගැනීමට මේ ස්ථානයෙන් හැකියාව තිබේ.
පිවිසුම් දොරටුව
පු.වි.දෙ කාර්යාලය
අවශ්‍ය කරන දෑ සුදානම් කරගෙන අපි මාළිගා ගල නැගීමට ලකලැහැස්ති වුනෙමු. ඇත්තෙන්ම මා හට මෙය වෙනස්ම අත්දැකීමක් විය මන්ද යත් අප කිසිවෙකුත් මෙහි මීට පෙර නොපැමින තිබීමත් අහම්බන් ලැබුනු ගමනාන්තයක් වීමත් නිසාවෙනි. අප හතර දෙනා එකට එකතු වුයේද සෑහෙන කලකට පසුවය. උසස්පෙළ අවසන් වීමත් සමග විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා රැකියා වල යෙදීම හේතුවෙන් එකි නෙකා හමුවනුයේ මෙවැනි අවස්ථාවලදී පමණි. ආගිය තොරතුරු කතාකරමින් අපේ ගමන ආරම්භ විය…
ආරම්බය මෙතනින්
ගලින් සාදා ඇති පඩිපෙල් සහ ගල් වැටි
ගලින් සෑදු රැදවුම් බිත්ති

ගමන අතරතුර පුරාවිද්‍යා දේපාර්තමේන්තුවට සම්බන්ධ පුද්ගලයෙකු අපට මුන ගැසිණි. ඔහුගෙන් මේ ස්ථානය ගැන සහ වඩුවා කෙටු ගල ගැනද තොරතුරැ දැනගන්නට හැකි විය.ඔහුට අනුව වඩුවා කෙටු ගල මුදුනට යාමට නිෂ්චිත මාර්ගයක් නොමැත. ගැමියන් ළදු කැළැව මැදින් ගල මුදුනට නගින බව ඔහු පැවසීය. ඔහුගේ තොරතුරු වලින් මට එහි යාමට තිබු ආශාව තවතවත් වර්ධනය විය. එහෙත් කාල වේලා නොමැති කමත් මාගේ අයහපත් සෞඛ්‍ය තත්වයත් හේතුවෙන් මාළිගා ගල පමණක් නැග එය වෙනත් දවසක යෑමට අපි තීරණය කලෙමු.
මා හට ගමන තරමක විඩාබර එකක් විය.පරිසරයේ සුන්දරත්වය ඒ අපහසුතා සංසිදුවා දැමු දිව්‍යමය ඔසුවක් යැයි මා හට හැගේ.හාත්පස දිවෙන කොළ පැහැය , නිල්ලට ඇදී යන කුඹුරැ යාය..ඈත කදු ඔස්සේ හමා එන සිහින් මද නල…පරිසරයේ සුන්දරත්වයට මා වශී වී ගිය තරම ගල මුදුනට යා යුතු යැයි අමතක වී සේය….
  කෙටි විවේකයකින් පසු නැවතත් ගමනේ…
වියලි කොළ එක්කල අපූර්වත්වය
වැඩි වේලාවක් යන්නට මත්තෙන් රජ මාලිගාවේ නටඹුන් තිබූ ඉසව්වට ලගාවිමට අපිට හැකි වුණි. අපේ හෙළ රජදරුවන්ගේ විස්මිත නිර්මාණ දුටු මා මනසින් දඹදෙණි යුගයට ගියා සේ හැගුණි. මේ මාලිගාවේ කෙතරම් අභිමානයෙන් එකල රජවරුන් කාලය ගෙවන්නට ඇත්ද? අද මෙතරම් සුන්දර මෙතන එදවස සුරපුරයක් සේ වන්නට ඇත. රජ මාලිගයට අවශ්‍ය ජල පොකුණු, ප්‍රාකාර, ගල් වැටි ආදී සියලුම අංගයන්ගෙන් පර්වත මුදුන සමන්විත විය. ඒවායෙහි නටඹුන් අදද දක්නට ඇත..


 රජ මාළිගය නටඹුන්
මාළිගය ඉදිරිපස ගල් තලාව මත ඉදිකිරීමක සලකුනු තිබිණි. එය මාළිගයට ආරක්ෂාවට තිබු ආරක්ෂක කුටියක් යැයි සිතිය හැක.ගල් මත වු විවර ලී කණු සිටුවීමට භාවිතා කරන්නට ඇත.රජ මාළිගයට මදක් දුරින් ජල පොකුණක්ද දැකිය හැක. සෑහෙන තරමක විශාල මෙය රජ සමයෙ ස්නානය සදහා භාවිතා කරන්නට ඇතැයි සිතිය හැක.
මාළිගය ඉදිරිපස ගල් තලාව මත ඉදිකිරීමක සලකුනු
ජල පොකුණ
ජල පොකුණ දක්වා මාවත
ජල පොකුණ පසු කර මද දුරක් ගමන් කල විට හාත්පස හොදින් දර්ශනය වන විවෘත ගල් තලාවකට පැමිණිමට හැකිවේ. මෙහිද ගල් තලාව මත සමචතුරශ්‍රකාර විවර රාශියක් දැකිය හැකි විය. එකල මෙහිද ආරක්ෂාවට නිරීක්ෂන කුටි හෝ යම් ඉදකිරීමක් සාදා තිබෙන්නට ඇතැයි සිතිය හැක..

එහි මද වෙලාවක් සිටි අප ආපසු හැරුනේ තවමත් නොගොස් සිටි ගල මුදුනට යාමේ අරමුණෙනි. නැවත මාළිගය අසලට ආ අප හට පෙනී ගියේ මාළිගය පිටුපසින් තවත් අඩි පාරක් ඇති බවයි. එම අඩි පාර තවත් ගල් කුලක් මුදුනට ඇදී යයි..එයද හාත්පස පෙනෙන විවෘත ගල් තලාවක් විය..සෑම තැනම පාහේ පෙර සේම ගල් තලාව මත විවර දැක ගන්නට තිබුනි. මෙහි සිට දුරින් ඇති වඩුවා කෙටු ගලද දැකගත හැකියි.
ගමනාන්තයට ලංවෙමින් සිටි අප හට හදිසියේම වැලලී තිබු උළු කැබලි කිහිපයක් දැකගත හැකි විය. හොදින් නිරීක්ෂනය කිරීමේදි විසිරී තිබු තවත් උළු කැබලි සොයා ගැනීමට හැකිවිය. අතින් නිමවා තිබු මේවා කුමන කාලයකට අයත් දැයි අවබෝධයක් අප හට නොතිබිණි..පෙනුමෙන් නම් එතරම්ම පැරණි බවක් දිස් නොවුනද දඹදෙණි යුගයෙන් පසු මෙහි කිසිදු ඉදිකිරීමක සලකුණුද දැකිය නොහැකිය.
අතරමග කෙටි විවේකයක්
වැලලුන අතීතය
වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ගල මුදුනට ලගා වන්නට අපිට හැකි විය. හාත්පස වටපිටාව ඉතා පැහැදිලිව දැකගන්නට ගල මුදුනේ සිට අවකාශ තිබුණි.ගල මුදුනට එන ගමනේදී තැනින් තැන දුටු සුන්දර ඉසව් සියල්ලම පාහේ මෙතන සිට දැකගත හැකිය..දඔදෙණිය රජ මහා විහාරය, එහි ආ ගමන් මග ආදී සියලු ඉසව් මෙහි සිට දෘශ්‍ය මානය.ගල මුදුනේ යම් මට්ටමක තද සුළගක් ද අත් විදිය හැක. අපි ගල මුදුනට වී බොහෝ වෙලාවක් මේ සුන්දරත්වය විදිමු.ඒ මතකයන් මේ ගමනින් මාස හතරක් පසුව අද වුවද නැවුම් ලෙස මා හට දැනේ. මෙම ගමන සංවිධානය කල ප්‍රභාත් ඇතුළු මා මිතුරන් තිදෙනාට මාගේ ස්තුතිය පල කර සිටිමි.මේ මාගේ පලමුවන සංචාරක සටහනයි. නඩේ ගුරා සංචාරක සටහන් වලට එක්වීමට ආරාධනා කල දිනේෂ් ඩෙකර් සොයුරාට මාගේ ස්තුතිය පිරිනැමිය යුතුය.මෙය කියවා බලා ගුන දොස් සදහන් කරන මෙන් ඔබ සැමගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තුතියි෴
ජය වේවා!
|
(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)
ගොනු කර ඇත්තේ: කඳු තරණය • දිගු දුරක් ඇවිදීම • පෞරාණික උරුමය • වන්දනා ගමන්
Tags: dambadeniya • king • temple • තුන්වන විජයබාහු රජතුමා • දඹදෙණි • දඹදෙණිය • දඹදෙණිය රාජධානිය • දඹදෙණිය විහාරය • පළමුවන බුවනෙකබාහු • රජු • සිව්වන විජයබාහු
Thank you very much Chamil for the interesting contribution
you are welcome admin..and also i want to thank you for posting this report in nade gura and share it with community..
obata godak sthutyi me gana liyala Apiwa Danuwath Kalata >>>>
@ K.G.keerthirathna ; ලිපිය කියවා මා දිරිමත් කල ඔබට බොහොමත්ම ස්තුතියි!!
හිතවත් චමිල්,
සුන්දර චාරිකා සටහනක්.
මිලඟ වතාවේ වඩුවාකෙටු ගල තරණය කරන්නත්, දඹදෙනි විහාරය ගැන වැඩියමක් සටහන් කරන්නටත් හැකිවේවා !
ඒ වගේම තවත් සුන්දර චාරිකා සටහනකින් නඩේගුරා සරසන්නත් හැකිවේවා !
බොහොමත්ම ස්තුතියි හිතවත් විරාජ්. නිවාඩු වෙලාවක් ලැබුනු ගමන් වඩුවාකෙටු ගල තරණය කරන්නත්, දඹදෙනි විහාරය ගැන සංචාරක සටහනක් ලියන්නත් මම ගොඩක් ආසාවෙන් ඉන්නේ. ඒ ඉසව්වේ තවත් පුරාවිද්‍යා වටිනාකමක් තියෙන ස්ථාන කිහිපයක් ගැන මට තොරතුරු කිහිපයකුත් ලැබුනා…මේ දේවල් බෙදා ගනිමින් ඉදිරියටත් නඩේ ගුරා සමග රැදෙන්න බලාපොරොත්තු වෙනවා….
හොඳහොඳ වැඩක්….
දිගටම කරන් යන්න ශක්තිය ලැබේවායි
බොහොම ස්තූතියි සමීර අයියා…..
නියම ගමනක්…..
අනිවාර්යයෙන්ම අමතක නොවන ගමනක්…..
හුගක් වැදගත් වටින ලිපියක් මල්ලියෝ..ජිවිතේ කවද හරි දවසක ගිහින් බලලා එන්න ආසාවක් ආවා එක කියෙව්වාමයි පොටෝ ටික බැලුවාම.හුගක් ස්තුතියි හොදේ ලංකාවේ පිහිටි මේවාගේ ස්ථාන පිළිබද දැනුවත් කරන එක ගැන. නොදන්නා අපි වගේ පිරිසක් එක්ක එක බෙදා ගත්ත එක ගැන සතුටුයි…දිගටම මේ වගේ වැදගත් ලිපි ලියයි කියලා බලාපොරොත්තු වෙනවා. ලංකාව වටා පිහිටි මේවගේ අපුරු ස්ථාන වැඩි වැඩියෙන් නැරබීමට අවස්ථාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ජය..!!!
බොහොමත්ම ස්තූතියි අක්කා….දඹදෙණි රාජධානිය කියන්නේ කොළඔට ලගින්ම තියෙන රාජධානිය ඒත් ගොඩාක් අය මේ සුන්දර වැදගත් ස්ථාන ගැන දන්නේ නෑ…ඉතින් මේ උත්සාහය ඒ සුන්දර ස්ථාන ගැන ලංකාවටම කියන්නයි….මාලිගා ගලට අමතරව දඔදෙණීය විහාරය වගේම කෟතුකාගාරයකුත් තියනවා මේ ඉසව්වේ බලන්න..අක්කා ඉක්මනින්ම දවසක ඔයාට ඒ දේවල් දැකබලා ගන්න හැකිවේවායි කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය!!!
වෑඩිපුර අහන්ට නොලෑබෙන වෑදගත් ස්තානයක් ගෑන වටිනා ලිපියක් පල කලාට බොහොම ස්තුතියි. දඔදෙණීය රාජදනිය ගෑන එතරම් විස්තර වෑඩිය දෑනගන්ටත් ලෑබෙන්නෙ නෑ නේ. මේ වගේ ස්තාන ගෑන මිනිස්සු දෑනුවත් කරන එක ගොඩක් වටිනවා. දිගටම ලියන්ට!
දිරිමත් කිරිමට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා..දිගටම ලියන්න හිතන් ඉන්නේ…ඊලග ලිපියත් ලගදීම දානවා..මේ පැත්තට ඇවිත් යන්න අමතක කරන්න එපා…
මේ තැන ගැන ජාතික රූපවාහිනියේ වැඩසටහනක් ගියා පහු ගිය දවසක.
ස්තුතියි ඔබටත් තොරතුරු බෙදා ගත්තාට
මාධ්‍ය මගින් මේ වගේ ඓතිහාසික ස්ථාන ගැන දැනුවත් කිරීම ඇත්තටම වටිනවා….අපගේ උත්සාහයත් බහුතරයකගේ ඇස නොගැටුන එවැනි ස්ථාන සොයා ගොස් මහජනයා දැනුවත් කිරීමයි…..බොහොමත්ම ස්තුතියි!!
හිහ් හීඊඊ පට්ට පට පට ගමන සුපිරි ගිය සෙට් එකත් සුපිරි නිසාකොහොමත් සුපෙර්
වඩුව කෙටු ගලත් නගින්න යමු වෙලාවක මචන්. මමත් එන්නම්.
ජය!!!!
ලගදීම යමු මල්ලි..දඔදෙනිය රාජධානිය ගැන තව ගොඩාක් දේවල් දැනගන්න ඒ පැත්තේ පොඩි රවුමක් දැම්මොත් බැරි වෙන එකක් නෑ…
අමතක නොවන ගමනක්…..
ආයෙත් අහලා මචන්…ලගදීම තව එකකින් හම්බවෙමු…..