හුදකලාව සැතපෙන දකුණු ආසියාවේ විශාලතම බුදු පිළිම වහන්සේ

කතෘ : සුනෙත් නිර්මාල් විතාරණ
කතෘ හා සම්බන්ද වන්න : snwitharana@gmail.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2012 මැයි 1 2 වියළි පොදු ප්‍රවාහනය
මාර්ගය
අම්බලන්ගොඩ->කරන්දෙණිය
නවාතැන

විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න

  • විහාරස්ථානයකට සුදුසු වස්ත්‍රාභරණයෙන් සැරසී පැමිණෙන්න./ වීනීතව හැසිරෙන්න.

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

ශ්‍රී ලංකාවේ ඉදිවූ දැවැන්ත හිඳි පිළිම, හිටි පිළිම පිළිබඳව කොතෙකුත් අපේ මතකයට නැඟුනද සම්බුද්ධ පරිනිර්වාණය විදහා දැක්වෙන දැවැන්ත සැතපෙන පිළිම වහන්සේලා පිළිබඳව මතකයට නැඟෙන්නේ නැති තරම්ය. එසේ මතකයට නැඟුනත් නැඟෙන්නේ පොළොන්නරුව ගල් විහාරයේ නිර්මාණය කොට ඇති විශාල සැතපෙන පිළිම වහන්සේ පිළිබඳවය. නමුත් එයටත් වඩා විශාල වූ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් මෙරට තුළ නිර්මාණය වී ඇති බව ඔබ දැන සිටියාද? එවැනි දැවැන්ත සැතපෙන පිළිම වහන්සේ නමකගෙන් යුත් අලංකාර හා අප්‍රකට විහාරස්ථානයක් පිළිබඳව කණ වැකීමෙන් එම ස්ථානය සොයා යෑමේ මහත් උනන්දුවක් අපට ඇති විය.

අම්බලන්ගොඩින් බසයකට නැඟගත් අපි අම්බලන්ගොඩ – ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර 3ක් පමණ ගමන් කිරීමෙන් පසු හමුවන ඇරැව්වල මංසන්ධියෙන් බැස එතනින් වමට වැටී ඇති මාර්ගය ඔස්සේ ගමන් කරන්නට වීමු. කුරුඳු වගාවෙන් මැදිවූ පටු කඳුකර මාර්ගය දෙපස දර්ශනය සුන්දරය, එමෙන්ම නිස්කලංකය. එම මාර්ගයේ මිනිත්තු 15ක් පමණ ඇවිද යාමෙන් පසු අප සොයා යන ස්ථානය අප දෑස් ඉදිරියේ දර්ශනය වන්නට විය. කරන්දෙණිය, ගලගොඩ ශ්‍රී ශෛලතලාරාමය එසේත් නැතිනම් දකුණු ආසියාවේ විශාලතම සැතපෙන බුදු පිළිම වහන්සේ නිර්මාණය වූ විහාරස්ථානය වෙත ප්‍රවිශ්ඨ වීමට අපට තවත් මිනිත්තු කිහිපයක් ගතවිය.

විහාරස්ථානය වෙත පැමිණීම සඳහා මාර්ග දෙකක් පවතින අතර ඉන් එකක් වන්නේ අප අනුගමනය කළ මාර්ගයයි. අනෙක නම් විහාරයට පැමිණීම සඳහා ඉදිවූ පුරාණ පියගැට පෙළයි. පඩි 208කින් යුත් මෙම පියගැට පෙළ ගම්වාසීන් හා වන්දනාකරුවන් විසින් අදටද භාවිතා කරති.

ගාලු පාර අසල පිහිටුවා ඇති පුවරුව
ඇරැව්වල මංසන්ධියේ සිට පාර කියා දෙන පුවරුව
පඩි 208කින් යුත් පියගැට පෙළ

ගලගොඩ ගල්තලාව මතුයෙහි පිහිටා ඇති මෙම ස්ථානයේ ඉතිහාසය දඹදෙණි යුගය දක්වා දිව යන්නකි. එකල දේවපතිරාජ නම් සෙනෙවියා දකුණු මුහුදු තීරයේ සතුරු නැව් ගමනාගමනය නිරීක්ෂණය කිරීම සඳහා සුදුසු බැලුම්ගලක් සොයමින් සිටින අතර අම්බලන්ගොඩ ප්‍රදේශයට නුදුරින් පිහිටි උස් ගල්තලාවක් නෙත ගැටී ඇත. හාත්පස සියලු තැන් මෙන්ම දකුණු වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක් නිරීක්ෂණය කළ හැකි කඳු ගැටයක් වූ මෙය බැලුම්ගලක් සඳහා සුදුසුම ස්ථානයක් බව දේවපතිරාජයන්ට වැටහී ඇත. මෙහි සිට බලන්නෙකුට මාදම්පේ සිට අම්බලන්ගොඩ දක්වා මුහුදු තීරයද, මාදම්පා ගඟද, බලපිටිය කොස්ගොඩ දක්වා දිවෙන මාදු ගඟද පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිවේ.

දකුණු වෙරළ තීරය දිස්වන අයුරු
බැලුම්ගලින් එහා ලෝකය

මේ අයුරින් බැලුම්ගලක් හා මුර කුටියක් වූ ගලගොඩ කඳු ගැටය පසුකාලීනව ගණින්වහන්සේලා වැඩ වසනා පූජනීය ස්ථානයක් බවට පත්ව ඇත්තේ නුවර යුගයේදීය. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස නැවත උපසම්පදාව ලක්දිවට වැඩම කළ පසු වරින් වර භික්ෂූන් වහන්සේලා මෙහි වැඩ වාසය කර ඇත.

මෙකල ප්‍රදේශයේ වාසය කළ සැදැහැති බෞද්ධයෙකු වූ ටී. එච්. ඉයෝනිස් උපාසක මහතාට ගලගොඩ විහාරස්ථානය අද්විතීය බෞද්ධ සිද්ධස්ථානයක් කිරීමේ සුවිශේෂී උනන්දුවක් ඇතිවී තිබේ. ඉයෝනිස් උපාසක මහතාගේ අවධානය යොමුවී ඇත්තේ දැවැන්ත සැතපෙන පිළිමයක් මෙහි ඉදිකිරීමටය. මේ සඳහා දඹදිව කුසිනාරාවට ගොස් සම්බුද්ධ පරිනිර්වාණය පිළිබිඹු කෙරෙන ප්‍රතිමාව සියසින් දැක බලා ගෙන පැමිණීමේ අවශ්‍යතාවයක්ද ඔහුට ඇතිවී තිබේ. අද මෙන් ප්‍රවාහන පහසුකම් නොතිබුණු ඒ යුගයේ ඉයෝනිස් උපාසක තැන ඔරුවකින් දඹදිව ගොස් සැබෑ පිරිනිවන් මංචකයක තිබිය යුතු ලක්ෂණ නිරීක්ෂණය කර පැමිණි බව ජනප්‍රවාදයෙහි පැවසෙයි. ඉන්පසු අනුරාධපුර ප්‍රදේශයේ මූර්ති ශිල්පියෙකු සොයාගත් උපාසක තැන ස්වකීය කාලයත්, ශ්‍රමයත් ධනයත් වැය කරමින් දකුණු ආසියාවේ විශාලතම සැතපෙන බුදු පිළිමය නෙළීමේ කාර්යයෙහි නිරත වී ඇත. දීර්ඝ කාලයක් වෙහෙස මහන්සි වී අසූ අටරියන් පිරිනිවන් මංචකය සහිත විහාරයක් ඉදිකිරීමට හේ සමත් වී ඇත. මෙම දැවැන්ත පිළිමයට අමතරව සූවිසි විවරණය, රහතන් වහන්සේලා මෙන්ම දුටුගැමුණු එළාර යුද්ධයද විහාරස්ථානය තුළ මූර්තිමත් කිරීමට ඉයෝනිස් උපාසක මහතා ප්‍රමුඛ දායක සභාව කටයුතු කොට ඇත.

අසූ අටරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ
අසූ අටරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ
සූවිසි විවරණය
රහතන් වහන්සේලා මූර්තිමත් කර ඇති ආකාරය
දුටුගැමුණු රජ සිය සේනාවන් පිරිවරා…
එළාර මූර්තිය
බුදු මැදුරෙහි වහළය මල් කැටයමින් අලංකරණය කර ඇති ආකාරය
ඉයෝනිස් උපාසක මහතා

අසූ අටරියන් පිළිම වහන්සේ සහිත මැදුරට පිවිසීම සඳහා දොරටු පහක් පවතින අතර මෙම දොරටු සියල්ලෙහිම උඵවහු තනි කඵගලින් නිර්මාණය කර තිබීමෙන් අප අතීත පෞඩත්වය මැනවින් පිළිබිඹු වේ.

කඵගලින් නිර්මිත උඵවහු

කාලයේ ඇවෑමෙන් සහ කිසිවකුගේ පාලනයට නතු නොවීමෙන් අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දෙමින් තිබූ ගලගොඩ ශෛලතලාරාමය වර්ෂ දෙදහසේදී පූජ්‍ය මාගල සෝමානන්ද හිමිපාණන්ගේ ආගමනයත් සමඟ සැළකිය යුතු දියුණුවක් ලබා තිබේ. සෝමානන්ද හිමියන් මෙහි පැමිණෙන විට ඉපැරණි බිතුසිතුවම් විනාශ වී තිබූ බවත් පිළිම වහන්සේගේ නේත්‍රා හා පපුව ප්‍රදේශය නිදන් හොරුන්ගේ ප්‍රහාරයට ලක්ව විනාශ වී තිබූ බවත් උන්වහන්සේ අප සමඟ පැවසීය. ඉන්පසු වර්ෂ 2001දී විහාරාධිපති සෝමානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹී ඇත. අද වන විට පිළිම වහන්සේගේ පිළිසකර කටයුතු මුඵමනින්ම පාහේ අවසන් වී ඇති අතර බුදු මැදුර තුළ තවමත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළ හැකි විය. රජයේ හෝ වෙනත් කිසිඳු වගකිවයුත්තෙකුගේ හෝ කිසිඳු අනුග්‍රහයක් නොමැතිව මෙම විහාරස්ථානය පිළිසකර කිරීම බෙහෙවින් අපහසු කාර්යයක් වී තිබේ. ප්‍රදේශවාසීන්ගේ හා වන්දනාකරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු වල විශාල කොටසක් තවමත් ඉතිරිවී ඇති බව සෝමානන්ද හිමියන් අප සමඟ පැවසීය.

බිතු සිතුවම් විනාශ වී ඇති ආකාරය

බුදු මැදුරට පිවිසෙන ස්ථානයෙහි වැඩ නිම නොකළ මකර තොරණ

තීන්ත ආලේප කර අවසන් කර නොමැති පිළිම වහන්සේලා

පිළිසකර වෙමින් පවතින බුදු මැදුර

උන්නතිය උදෙසා දිවි හිමියෙන් කැපවන පූජ්‍ය මාගල සෝමානන්ද හිමි

ජනප්‍රවාදයන්ට අනුව ගලගොඩ ශෛලතලාරාම විහාරස්ථානය පිහිටා ඇති ගල්තලාවේ ඉපැරණි ස්වාභාවික දිය උල්පතක් තිබී ඇත. නමුත් කන්දේ අනෙක් පස සිදුවන ගල්බෝර දැමීම හේතුවෙන් පසුකාලීනව මෙම උල්පත සිඳී ගොස් තිබේ. අද වන විට එම උල්පත පිහිටා තිබුණේ යැයි සැළකෙන ස්ථානයේ දැකුම්කඵ පොකුණක් ඉදිකර තිබෙනු දැක ගැනීමට හැකිවිය.

අඵතින් නිර්මාණය කර ඇති පොකුණ

බුදු දහමට නන් දෙසින් තර්ජන පැමිණෙමින් තිබෙන සමයක මෙවන් බෞද්ධ උරුමයන් දිවි හිමියෙන් සුරැකීම සෑම බෞද්ධයෙකුගේම පරම වගකීමකි. තවත් චාරිකා සටහනකින් හමුවෙමු.

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: පෞරාණික උරුමයවන්දනා ගමන්

Tags:

RSSComments (47)

Leave a Reply | Trackback URL

  1. ගොඩක් ස්තුතියි මේ ලිපියටනම්. නොදැන, නොඅසා සිටි තැනක්. වැඳපුදා ගන්න යායුතුම තැනක් බවටනම් සැකයක් නැහැ.
    ස්තුතියි ඔබලාගේ වෑයමට.

  2. Sanath says:

    Machan suneth,
    Niyama gamana neda bn.Uba niyameta liyala thiyenawa.Elaz..! E langa niwaduwatath thawa trip ekakata set wemu…!

  3. Hasitha says:

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට මෙහෙම ස්ථානයක් ගැන කලින් දැනගෙන හිටියේ නහැ. පුලුවන් වුණු අවස්ථාවක යන්න ඕනේ

  4. viraj says:

    හිතවත් සුනෙත්,

    වටිනා සටහනක්. මෙම ස්ථානය අළුත්වැඩියා කෙරෙමින් පවතින බව දැනගන්නට ලැබීම සැබැවින්ම සතුටක්.

    • SunethNW says:

      ස්තූතියි විරාජ්. අලුත්වැඩියාවට රජයෙන් හරි වෙනත් සංවිධානෙකින් හරි සහය නොලැබෙන එකයි කණගාටුවට කරුණ.

  5. Vajira says:

    Great Work!

  6. Praboda says:

    හොඳ වෑයමක්.

  7. Thanuja Lakmini says:

    හොඳ උත්සහයක්! දිගටම කරගෙන යන්න….

  8. Lahiru868 says:

    එල එල මචං…

  9. Asitha says:

    Good job .Keep it up ..!

  10. Kalana says:

    මේ වගේ තැනකට කාගෙවත් අවධානය යොමු නොවීම පුදුමයක්.

  11. Kasun says:

    එලzzz

  12. Lakmini says:

    Hi suneth,
    great place.Thanks for sharing.

  13. Aruna says:

    හොඳ ලිපියක් මල්ලි.

  14. isuru chameera says:

    ගොඩක් වටින සන්චාරක සටහනක්! ඉදිරියත් ලියන්න !!

    • SunethNW says:

      ස්තූතියි ඔබේ කොමෙන්ටුවට. ඉදිරියටත් ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා.

  15. Janaka says:

    Hi suneth.
    Good report.I never heared about this place.This is the only article i found on internet about this place.
    http://www.angelfire.com/in4/visitsl/cities/shailatharamaya/shailatharamaya.htm

  16. Anushka says:

    මාත් අම්බලන්ගොඩ හිටියට මේ පන්සලට ගිහිං නෑ. දැන් නම් අනිවාර්යයෙන් යන්න ඕන. ස්තූතියි!

  17. Dilini says:

    Ithama watina lipiyak.All the best.!

  18. Amila Sandaruwan says:

    එල වැඩක් මචං

  19. Amila says:

    එල වැඩක් මචං.

  20. Dilshan says:

    වටිනා ලිපියක්. මමත් මෙතනට දෙවරක් ගිහින් තියෙනවා. මතකය අලුත් වුණා. ස්තුතියි.

  21. SunethNW says:

    ස්තූතියි ඔබේ කොමෙන්ටුවට.

  22. Amila Prasad says:

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට මෙහෙම ස්ථානයක් ගැන කලින් දැනගෙන හිටියේ නහැ. හොඳ උත්සහයක්! දිගටම කරගෙන යන්න….

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.