නිහඩ අරණ සල්ගල ආරණ්‍ය සේණාසනය
admin | May 10, 2012 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 8
| කතෘ : ඉසුරු චමීර මදුසංක | ||||
| කතෘ හා සම්බන්ද වන්න : suruayiya@gmail.com | ||||
| අවුරුද්ද & මාසය | දින ගණන | පුද්ගලයන් | කාලගුණය | ප්‍රවාහනය |
| 2012 පෙබරවාරි | 1 | 4 | වියලි | ත්‍රී රෝද රථයක් |
| මාර්ගය | ||||
| කොළඹ>නිට්ටඹුව > අත්තනගල්ල > අල්ගම > ගලපිටමඩට> සල්ගල | ||||
| - | ||||
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් | ||||
පිදුම, බිරිඳ ලළිඳි කෞෂල්‍යාට සහ සියලුම පරිසර හිතකාමින්ට !ගවේෂණශිලී කාගේත් බලාපොරොත්තුව තමයි කෙටිකාලයකින් අඩු වියදමකින් විදින්න පුලුවන් විවිදත්වයක් සහිත ස්ථානයන්ට එක චාරිකාවකින් ළගා විම , අන්න එවැනි අයවෙනුවෙන් තමයි අද දවසේ සිට ඉදිරියට මම චාරිකා සටහන් ඉදිරිපත් කරන්නේ. මේ යටතේ සල්ගල සල්ගල අරණ්‍ය සේණාසනය(ගලපිටමඩ), දුනුමාල ඇල්ල ( අල්ගම ) , අලවල පොත්ගුල් ගල්ලෙන් රජමහාවිහාරය, අත්තනගල්ල රජ මහාවිහාරය යන ස්ථාන පිළිඹදව සටහන් තබනවා. සියලු ස්ථාන එකවර සටහන් කල හැකි නමුත් වඩාත් පැහැදිලිවත් වැඩි ඡායා රුප ප්‍රමාණයක් එක් කිරිම සදහාත් සියලු චාරිකා ස්ථාන වෙන වෙනම ඉදිරිපත් කරන්න අදහස් කරනවා.අද දිනයේ මම චාරිකා සටහන් තබනුයේ නිහඩ අරණ සල්ගල ආරණ්‍ය සේණාසනය ගැනයි. සල්ගලට ලඟා වියහැකි පහසු ක්‍රම කිහිපයක් තිබෙනවා. නිට්ටඹුව හංවැල්ල පාරේ නිට්ටඹුවේ සිට කී.ම්. 06ක් පැමිණ අත්තනගල්ල හන්දියෙන් හැරි අල්ගම හරහා තවත් කි.මී 13ක් පමණ ගලපිටමඩට පැමිණ එතනින් තවත් කී.මි 4ක් පමණ තරමක් දුෂ්කර මාර්ගයක පැමිණ සල්ගල සල්ගල අරණ්‍ය සේණාසනයට එන්න පුලුවන්. මිට අමතරව වරකාපොල අගුරුවැල්ල පාරේ ගලපිටමඩ හරහා සල්ගලට එන්න පුලුවන්.සල්ගල අරණ්‍ය සේණාසනය පිහිටා තිබේන්නේ කෑගල්ල දිස්ත්‍රිකයේ පිහිටා ඇති වැහැල්ලව රක්ෂිතය තුලයි මෙම වනාන්තරය පහත රට තෙත් සදාහරිත වනාන්තරයක්. හෙක්ටයාර 134.4 භුමි ප්‍රමාණයක පිහිටා ඇති වැලැල්ල 1949 රක්ෂිතයක් බවට පත්කරන ලදි.
|
||||
ගොනු කර ඇත්තේ: කඳු තරණය • ගල්ගුහා නැරබීම • වන්දනා ගමන්
















බොහොම සුන්දර තැනක්. ඒවගේම හරිම නිසංසල තැනක්.
ඔය ගලපිටමඩ පැත්තේ රබර්වතු අතර පිහිටලා තියෙන සමහර කඩමංඩි, 50/60 දශකයේ සිනමා සිත්තම් වල දර්ශනතල සිහිගන්වනවා.
ඔව් මේ පලාත තවම්ත් අර්ධ වශයෙන් තමයි නගරීකරනය වෙලා තියෙන්නේ. අදහසට ස්තුතියි.
මම එක වතවක් ගිහින් තිබෙනව හෑබෑඉ මෙච්ච්‍ර ඩිඋනු තත්වයක් තිබුනෙ නෑහෑ ඹොහොම ස්තුති විස්තරයටත් පින්තුරුවලත් ඔබලට තෙරුවන් සරනයි
අදහස් දැක්වුවාට ස්තුතියි. ඔබත් තෙරුවන් සරණයි !
මගෙ ගම ගලපිටමඩ . අර්ධ නගරිකරනය වෙල තියන මෙ පලතෙ අධ්‍යාපනය බොහොම හොඳයි .BROADBAND INTERNET ,3G එහෙමත් හොඳට තියනවා.කොලබට පැය 2.00 යි. අපේ ගම් වල මිනිස්සු ත් හරිම එකමුතුයි.ඒ උනාට ගලපිටමඩ නොදියිනු ප්‍රදේශයක් ලෙස සලකා දම ඇති comment වලට මගේ විරෝධය
තව ෆොටෝස් ටිකක් දාන්න පුලුවන්නම් හොඳයි. ලස්සන වටපිටාවක්
සුන්දර චාරිකා සටහනක් …..
Excellent!