සැගවුනු හුන්නස්ගිරියේ සැගවිය නොහැකි දිය ඇල්ල

කතෘ : හසිත ජයවර්ධන
කතෘ හා සම්බන්ද වන්න : hasithajs@gmail.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
ජූනි මස 03 වැනිදා 1 15 වැහිබර වෑන් රථ
මාර්ගය
A9 – කලල්පිටිය හන්දිය – උකුවෙල – ඇල්කඩුව – හුන්නස්ගිරිය
නවාතැන

විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • හුන්නස්ගිරි හෝටලයට පසු කුළුණු දක්වා යන මාර්ගය ඉතාම අපහසුය

  • වැසි සහිත දිනකනම් එම මාර්ගය ලිස්සන සුළුය. තාර දමා නැත.

  • රටටම සෙත සදන පරිසරයක් බැවින් එය අපවිත්‍ර නොකරමු.

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

හුන්නස්ගිරිය නම ඇසූ පමණින්ම අපට මතක් වන්නේ මහනුවර-මහියංගන මාර්ගයේ ඇති හුන්නස්ගිරියයි. ඒ අපි කවුරුත් දන්නා මීමුරේ යනවිට හමුවන හුන්නස්ගිරියයි. නමුත් ‍මේ කියන්නට යන්නේ එම හුන්නස්ගිරිය ගැන නම් නොවේ. මේ කියන්නේ Hunas Falls Hotel පිහිටා ඇති ප්‍රදේශය ගැනයි. හුන්නස්ගිරි වතු යාය ඇත්තේ මෙතැනයි. තැන් දෙකටම එකම නම භාවිත වුනාට මේ ස්ථාන දෙක එකිනෙකට බොහෝ දුරින් පිහිටි තැන් දෙකක්.

ඇල්කඩුව-වත්තේගම මාර්ගයේ ඇල්කඩුව සිට කි.මී. 5 ක පමණ දුරින් වම් පසට හැරීමට මාර්ගයක් හමුවේ. එය හෝටලයට සහ ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාව කරා දිවෙන මාර්ගයයි.

එම මාර්ගයට හැරී එතැන් සිට හෝටලයට මදක් කලින් හමුවන ප්‍රවේශපත්‍ර අලෙවි කරන ස්ථානය අසල වාහන නවතා හුන්නස්ගිරි දිය ඇල්ල නැරඹීමට යා යුතුයි. ප්‍රවේශ පත්‍රයක මිල එක් අයෙකුට රු.50.00යි.

ඔය පේන්නේ හුන්නස්ගිරි දිය ඇල්ල තමයි. මේ ඇල්ලට උඩින් තියෙන්නේ ස්වාභාවික ජල තටාකයක්. එතන තමයි හෝටලය තියෙන්නේ. ඒක අයිති හෝටයටලු. ඉතින් අපිට ඒක බලන්න බැරි වුනා.

ඔය පේන දිය ඇල්ල මුදුනින් පාලමක් පේනවා. ඒක තියෙන්නේ හෝටල් සීමාව ඇතුලේ. ඉතින් එතනට නම් යන්න බෑ. මේ දවස් වල වතුර ඉතාම අඩුයි. වැහි කාලෙට නම් ඔය දිය සීරාව වගේ තියෙන තැනිනුත් වතුර දෝරෙ ගලනවලු.උඩ ඉදල එන වතුර ගල් පොත්තක වැදිල පුදුම සුන්දරත්වයක් තමා මවන්නෙ. වැහි නැතිදාට මෙහෙම නම් වැහි ඇතිදාට මෙතන කොහොම තියේවිද නේද?

ඔන්න අපි හුන්නස්ගිරි දිය ඇල්ල බැලුවා. එක්කෙනෙක් මෙතනින් නොනා ඉන්නෙ කොහොමද කියල මේ සීතල වතුර නෑවා. හරිම සුන්දරයි.

ඉතින් ඊට පස්සෙ අපි හිතුවා මේ පාර දිගේ මේ කදු මුදුනටම යන්න. ඔන්න ඉතින් අපි හිමීට ඉදිරියට ඇදුනා. ළගින්ම හමු වෙනව හෝටලය. ඒක පහු කරගෙන යනකොට පාර හොදටම අමාරුයි. තාර දාපු නැති කරත්ත පාරක් වගේ. ඒත් ඉතින් කදු මුදුනක තියෙන සුන්දරත්වය උඩ පැනල බලන්න බෑනෙ. එතෙන්ට යන්නම ඕන. එහෙම හිතපු අපි අමාරුවෙන් අමාරුවෙන් උඩටම ගියා.

මේ මගදි හමුවෙන දැනට වසා ඇති තේ කර්මාන්තශාලාවක්. ඉස්සර නම් හොදට වැඩ කරන්න ඇති. බලන්නකො දැනටත් විරාජමානව ඉන්න ලස්සන. ඒක නෙමෙයි – ග්‍රාමීයව තිබුණු මේ වගේ තේ කර්මාන්තශාලා කීපයක්ම දැන් වහල දාල. වහන එක නෙමෙයි වැඩේ, ඒ ආශ්‍රිතව ජීවත් වුන හුගක් මිනිස්සු දැන් කුළී වැඩ හොයාගෙන යනව. හරි හරි අපි මේව ගැන හිත හිත ඉදිරියටම ගියා.

මේ පාරෙ අපහසුකම නිසාම අපි නවත්තපු තැනක තිබුනු දර්ශනයක්. ඔන්න අපි පළමුවෙනි කුළුණ ගාවට ආවා. මේ කුළුණු සංස්කෘතිය නිසා කදු මුදුන්වල සුන්දරත්වය නම් විනාශවෙලා තමයි. ඒත් ඉතින් තාක්ෂණය නැතුවත් බෑනෙ. අනික කුළුණක් නොතිබුනා නම් මෙතෙන්ට එන්න මෙහෙමවත් පාරක් නැති වෙයි. හැබැයි ඉතින් පාර හැදුනහම ආත්මාර්ථකාමී අය ඇවිත් මේ තැන් වනසනව. එහෙම බලනකොට නම් පාරක් නැති එකමයි හොද නේද?

මේ තියෙන්නෙ පළමු කුළුණ. මේක ගුවන් විදුලි සංස්ථාවෙ. වෙළද සේවයෙ එහෙම ඔය කියන්නෙ හුන්නස්ගිරියෙන් මෙගා හර්ට්ස් *** කියල. අන්න ඒ මෙන්න මෙතන තමයි. මෙතන හිටපු කාරුණික මහත්වරු දෙදෙනෙක් අපට විස්තර කිව්වා. එයාල වැඩ කරන්නෙ වැඩ මුර ක්‍රමයටලු. මීදුම තියෙන කාලෙට ඝන මීදුමකින් මේ හරියම වැහෙනවලු. අනේ මේ වගේ තැනක වැඩ කරන්න තිබුනනම් කියලත් හිතෙනව.

අපි ගිමන් හැරල ඊට උඩින් තියෙන කුළුණු කීපය තියෙන තැනට යන්න ආයෙත් වාහන වලට නැග්ගා. හැබැයි මෙතන ඉදල පයින් ගියා නම් තමා හොද කියල පස්සෙ හිතුනා.

ඔන්න ආපු පාරෙ ලස්සන පේනව නේද?

ඔය පේන්නෙ හෝටලය. පේනව නේද ඇවිත් තියෙන දුර.

මේ ඉතින් අපි දන්න කියන කෙනෙක් තමයි. ඒත් ඉතින් ලස්සනයි නේද?

මේ ලස්සන පරිසරය හිත පුරා විදගෙන ඇති තරම් වෙලා ඉදල අපි නැවත එන්න පිටත් වුනා. ඊළගට අපි ගියේ සෙම්බුවත්ත වැවට. ඒ ගැන ඊළග ලිපියෙන් කියන්නම්.

කියන්න තව එක දෙයක් තියෙනව. අපි නම් එක පොලිතින් කෑල්ලක්වත් විසිකළේ නම් නෑ. අපේ කුණු අපි බෑග් එකක දාගෙන ආවා. ඔබත් එහෙම කළොත් හෙටටත් දකින්න, විදගන්න, මේ වගේ ලිපි ලියන්න පුළුවන් පරිසරයක් අපිට නෙවෙයි අපේ මතු පරපුරට ඉතුරු වෙයි නේද?

මාත් එක්ක මේ ගමන යන්න ආපු ඔබ සෑම දෙනාටම ආයු බෝ වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: කඳු තරණයදියඇලි

Tags:

RSSComments (7)

Leave a Reply | Trackback URL

  1. රූ says:

    මේ කන්දට කියන්නෙ හුනස්ගිරිය. ඒ නම හා බැඳුනු ජනකතා ගොඩකුත් තියනවා..
    අපි ගියපු වෙලාවෙ කඳු මුඳුනට යන පාර හොයාගන්න ගොඩක් අමාරු වුනා..එහෙම අමාරුවෙන් නැගලා මුදුනෙ ඉඳන් බලනකොට මීදුමෙන් වටේම වැහිලා.
    ස්තුතියි හසිත සටහනට..

  2. Dilshan says:

    මම දන්නා විදියට නම් ඔය හුන්නස්ගිරි ඇල්ල ස්වභාවික එකක් නෙවෙයි. එබහර්ඩ් කවුටිෂ් මහතාගේ ලංකාවේ දිය ඇලි කියන පොතට අනුව හුන්නස්ගිරි ඇල්ල කෘතිමව සකස්කරන ලද්දක්. කොහොම වුනත් ඔයාගේ වාර්තාව ලස්සනයි. ෆොටෝ ටිකත් සුපිරි.

  3. U says:

    හුන්නස්ගිරිය ඈල්ල වගේම සෙම්බුවත්තත් ස්වභාවික ඒවා නෙමේ කියලා මමත් අහලා තියනවා. ඈල්ල ගාව කෑම කන්ට හදල තියන තෑන නම් හොදයි. නෑත්තම් එතනත් විනාස වෙනව.
    වාර්තාව ඉතාම ලස්සනයි. ඊලග ලිපියත් ඉක්මන්ට පල කරන්ට.
    ජය!

  4. Hasitha says:

    ස්තුතියි විස්තරේට :)

  5. Kandyan says:

    පළාත ලස්සනයි. ඒත් හේ පළාතේ මිනිස්සු ගත කරන ජීවිතය දැක්කාම දුක හිතෙනවා. මගේ හොඳ මිත්‍රයෙක් හුනාස් ෆෝල්ස් හෝටලයේ ජී.එම්. වෙලා හිටියා ඒ නිසා නිතරම ඒ පත්තේ ගියා මෑතක් වෙනකම්. දවසක් එහේ යනකොට ඇල්කඩුව හන්දිය ලඟදී තාත්තෙකු අම්මෙකුයි පොඩි පුතෙකුයි පයින් යනවා බොහොම අම්මරුවෙන්. අපි වාහනය නවත්වලා ඇහුවා කොහාටද යන්නේ කියලා. කිව්වේ ටවර් එක ලඟට යන්නේ පුතාට උණ හැදිලා බේත් ගේන්න ගියා කියලා. ඒ වෙනකොටත් හැ 1 1/2 ක් විතර පයින් ඇවිත්. තව හැ. 2ක් විතර කන්දේ යන්න තියනවලු. අන්තිමේ අපි ඒ අයව ගේ කිට්ටුවට ගිහින් බස්සලා ආවා.

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.