ලාක්ෂා : ශ්‍රී ලංකා හස්ත කර්මාන්තයේ සොඳුරු ලකුණ
admin | Aug 29, 2012 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 9
| කතෘ : දිනේෂ් ඩෙකර් | ||||
| කතෘ හා සම්බන්ද වන්න : dineshdsd@gmail.com | 0716-818740 | ||||
| අවුරුද්ද & මාසය | දින ගණන | පුද්ගලයන් | කාලගුණය | ප්‍රවාහනය |
| දෙසැ 2011 | 4 | 4 | කඩින් කඩ වැසි | පොදු ප්‍රවාහන සේවය |
| මාර්ගය | ||||
| කොළඹ->මාතලේ->ලෑලි අඹේ | ||||
| නවාතැන | ||||
| - | ||||
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් | ||||
පිදුම, ආදරණීය බිරිඳට හා මගේ නඩේටනමින් ‘ලාක්ෂා කර්මාන්තය’ එහෙමත් නැතිනම් ‘ලාකඩ කර්මාන්තය’ ලෙස හඳුන්වන මෙය අතීතයේ ආසියාව මෙන්ම යුරෝපයේද පැවතියද වර්තමානය වන විට එම සුන්දර කර්මාන්තය ඉතිරි වී ඇත්තේ ලංකාව, ඇෆ්ගනිස්තානය, පකිස්ථානය, ඉන්දියාව, මාලදිවයින සහ චීනය වැනි රටවල් අතලොස්සක පමණක් වීම කනගාටුවට කරුණකි. එනමුදු, එම අතලොස්සක් වූ රටවල් අතරට ශ්‍රී ලංකාවද එකතු වී තිබීම අපට ආඩම්බරය ගෙන දෙන්නකි. ‘ලාක්ෂා’ යන වචනය සංස්කෘත භාෂාවෙන් පැවතෙන අතර එහි අරුත වන්නේ ලක්ෂයක් යන්නයි. ලාක්ෂා කර්මාන්තය සඳහා කෙප්පිටිය හා තෙලකිරිය යන කෘමි විශේෂ වලින් ලබා ගන්නා ලාකඩ භාවිත කරනු ලැබේ.1630 දී දෙවන රාජසිංහ රජතුමා හට තම මාලිගයේ ජනෙල් හා දොරවල් එවකට ඉන්දියාවේ ජනප්‍රිය වී තිබු ලක්ෂා කර්මාන්තයෙන් අලංකාර කිරීමට අවශ්‍යය වූ හෙයින් රට පුරා අඬබෙරකරුවන් යැවීය. දුෂ්කර ගමක වාසය කල පුසප්පු නම් නිර්භීත පුද්ගලයෙක් මෙම අභියෝගය භාරගෙන ශ්‍රී ලංකාවට ආවේනික කැටයම් වලින් සහ ලාක්ෂා වැඩ වලින් පරිපූර්ණව මාලිගාව ඔපවත් කරනු ලැබුවා. මෙයින් සතුටු වූ රජ ඔහු හට ගම් නියන් ගම් හා ඇතෙකු තෑගී කල බව ඉතිහාසයේ සඳහන් වනවා. තමන් හට තෑගී කල ගම් බිම් කරා ඇදුනු පුසප්පු ගමන් කල ඇතා වැතිරුණු ස්ථානය හපිහිඩ නමින් හඳුන්වා පසුව හපුහිඩ ද යථා කාලයේ පල්ලේ හපුවිට නමින්ද හඳුන්වනු ලැබුවා. පුසප්පු ශ්‍රී ලංකාවේ ලාක්ෂා කර්මාන්තයේ පෙර ගමන්කරු වන අතර පල්ලේ හපුවිට ලාක්ෂා කර්මාන්තය ආරම්භක ස්ථානය ලෙස සැලකෙනවා.නියපොතු වැඩ සහ පට්ටල් වැඩ ලෙස ලාක්ෂා කර්මාන්තයේ අංශ දෙකක් ඇත. මෙයින් නියපොතු වැඩ ලංකාවට ආවේණික වූ ක්‍රමවේදයකි. නමුත් පට්ටල් වැඩ සෙසු රට වලදීද හඳුනා ගත හැකිය.ලාකඩ එහෙමත් නැත්නම් වෙළඳ පොලේ චලෙට් නමින් හඳුන්වන මෙය වර්තමානයේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබනවා. ඉන්පසු ලාකඩ දියකර වර්ණ සමග මුසුකර ලාක්ෂා කැබලි නිර්මාණය කර ගනු ලබනවා. ගිනි සපු හා ගං සූරිය ලි වර්ග ලාක්ෂා කර්මාන්තය සඳහා යොදා ගන්නා අතර එය පළමුවෙන් කපා පොතු ගසා ලියවන පට්ටලය ආධාරයෙන් අවශ්‍ය හැඩය මතුකර ගැනීමෙන් පසු අත් යන්ත්‍රයට සවිකර කැර කැවීමෙන් ලාක්ෂා ආලේප කර ගනු ලබනවා. ඉන්පසු පන් කොලයකට පොල්තෙල් ආලේප කර පිරි මැදීමකින් භාණ්ඩයේ ඔපවත් බව වැඩි කර අවසානයේ කටුවක් ආධාරයෙන් ශ්‍රී ලංකාවට අවේණික කැටයම් වලින් සුන්දර වන මෙය වෙළඳ පොලට පැමිණෙනවා. ලාක්ෂා ආලේප කිරීමෙන් සුන්දර වූ සේසත්, හැරමිටි, බට නලා, අළු බඳුන්, ආබරණ මංජුසා හා තවත් බොහෝ දේ ඔබට මිලදී ගන්න පුළුවන්.වර්තමානය වන විට මෙම සුන්දර කර්මාන්තය මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේ හපුවිට, ලැලීඅඹේ හා යාබද තවත් ගම් කිහිපයක පමණක් පැවතෙන අතර ලාක්ෂා කර්මාන්තයේ තවත් අංගයක් වන බීරළු වැඩ තංගල්ල ආශ්‍රිත අඟලමදුව ගම් පියසේ තවමත් දක්නට ලැබෙනවා.අමුද්‍රව්‍ය මිල අධිකවීම, පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම, කර්මාන්තය පුහුණු කරන ස්ථාන නොමැති වීම, පරම්පරාවෙන් පරම්පරාවට ලාක්ෂා කර්මාන්තය විකාශනය නොවීම නිසා අවුරුදු 400 ක් පමණ පැවතුනු ලාක්ෂා කර්මාන්තය පරිහානියට ලක්වීමට අපේ දේ අගයන සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස කනගාටුවීමට කරුණකි.ජය වේවා! |
||||
ගොනු කර ඇත්තේ: පෞරාණික උරුමය • සංස්කෘතික සවාරි
Tags: ගං සූරිය • ගිනි සපු • දෙවන රාජසිංහ රජතුමා • පල්ලේ හපුවිට • පුසප්පු • ලාක්ෂා • ලාක්ෂා කර්මාන්තය • ලැලීඅඹේ











ලාක්ශා පිලිබඳව වැඩිදුර කතාබහ කරනවා දැකලම නැහැ..ඔබේ මේ ලිපිය ඒ නිසා ඉතා ඉහලින් අගය කරනවා..ලංකාවේ අභාවයට යන කර්මාන්ත අගයා ඒ සඳහා වටිනාකමක් දෙන්න වගකිවයුත්තෝ ක්‍රියාකරනවනම් හොඳයි..කොහොම උනත් වටිනා ලිපියක්
රාජිත මල්ලි බොහොම ස්තුතියි අගය කිරීමට..
දැන් මේ අඩවියේ ලිපි ලියවෙනවා අඩුද මන්දා?
අර චලෙට් කියන්නෙ කෘමීන්ගෙ අසූචිද? එහෙමත් නැත්නම් ඔවුන් පිට කරන යම් දියරයක්ද? සීල් තියන්න ගන්න ලාකඩ හදලා තියෙන්නෙ මොනවයින්ද කියලත් කියන්න පුලුවන් නම් හොඳයි..
බොහොම ස්තුතියි විස්තරයට!
හරි, ඔව් යම් කිසි අඩුවක් තියනවා..
නඩේ ගුරා කියන්නේ සංචාරක හා සංරක්ෂණ සංවිධානයක් , ඉතින් අපේ සංරක්ෂණ වැඩකටයුතු නිසාවෙන් ලිපි අන්තර්ගත කිරීමට වෙලාව කලමන කරණය පිලිබඳ ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. එනමුත් සතියකට වරක් හෝ සංචාරක සටහනක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.
බොහොම වටිනා සටහනක්. හැමවිටම සංචාරක සටහන් ලියනකොට කවුරුත් උත්සහ කරන්නේ ස්ථානිය වටිනාකමකින් යුතු දේවල් ලියන්නයි . නමුත් කලානුරුපියව මෙවැනි සටහන් එක් කිරිම නඩේගුරා වේබ් පිටුවල වටිනාකම වැඩිකරනවා. එලසම සම්ප්‍රදායික වටිනාකම් ඇති චාරිකා සටහනුත් ඉදිරියේදි එක්වෙනවානම් ගොඩක් වටිනවා .උදාහරණයක් විදියට දළදා මාළිගයේ පෙරහැර,මඩු දේවස්තානය වන්දනාව, වාර්ෂිකව පාද චාරිකාවෙන් කතරගම වන්දනාවට පැමිණිම වගේ දේවල්..
අතීත කර්මාන්තයක් පිළිබඳව වැදගත් කරුණු සොයා බලා ඉදිරිපත් කළාට ස්තුතියි.
ලාක්ෂා ක්‍රුමීන්ගෙන් ගන්න විදිහ ගැන තව පැහැද්ලි කළා නම් හොඳයි
හිතවත් දිනේෂ්,
වටිනා තොරතුරු කිහිපයක් රැගත් චාරිකා සටහනක් අපිත් එක්ක බෙදාගත්තාට බොහෝම ස්තුතියි.
අතීත කර්මාන්තයක් පිළිබඳව වැදගත් කරුණු සොයා බලා ඉදිරිපත් කළාට ස්තුතියි.ඔබේ මේ ලිපිය ඒ නිසා ඉතා ඉහලින් අගය කරනවා.