දුම්බර දිය ලලනාවිය

කතෘ : සුමුදු මහේෂ් සංජය පෙරේරා
කතෘ හා සම්බන්ද වන්න : p.s.m.s.perera@gmail.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2012 ඔක්තෝම්බර් 1 2 යහපත් ත්‍රි රෝද රථය
මාර්ගය
නවාතැන
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • බිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත් විය හැක.

  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න

  • සොබා දහමේ සින්නක්කර අයිතිය සොබා දහමටම ලබාදෙන්න එය ඔබේ නොව මතු පරපුරේ උරුමයයි මතක තබාගන්න ඔබගේ මවටද ජීවය දුන්නේ මේ සභාකෙතයි එය කෙලෙසීම තම මව කෙලෙසුවා හා සමානයි

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

රත්නපුර පානදුර මාර්ගයේ ඉංගිරිය පසු කර යනවිට පුරාන පත්තිනි දේවාලය හමුවෙයි පත්තිනි දේවාලය පසුකරනවාත් සමගම දුම්බර වතුයායේ බෝඩ් එක දිස්වෙයි එතන ගග හරහා ඇති පාලම පසු කරනවාත් සමගම පාර දෙකට බෙදෙයි ඉන් දකුණට හැරී මද දුරක් යනවිට පාලම් දෙක යන ස්ථානය හමුවෙයි ඇල්ල නැරබීමට ගමන් ඇරබිය යුත්තේ එතැනෙනි එතැන් සිට දොල පාරට බැස මීටර් 500ත් පමන ඉහලට ගල් මතින් යනවිට දුම්බර ලලනාවිය දිස්වෙයි

මෙම ඇල්ලට ලගාවීම තමක් දුෂ්කර හා අවදානම් ගමනක්වන අතර දොල පාරදිගේ යාමට ඇත්තේ ගලින් ගලට පැනමින් එහෙයින් ලිස්සායාමට ඉඩකඩක් ඇතිබැවින් ප්ර්වෙසම් වීම අනතුරු වලකයි තවද ඇල්ලට ලගාවෙත්ම තරමක් විෂාල ගල් පර ‍ෙදකක් තරනය කලයුතුව ඇත දොලට නොබැස වත්ත හරහා ඇල්ල ලගට යාමට පාරක් ඇතැයි පැවසුවද අපට එවැනි පරක් සොයාගත නොහැකි විය ඇල්ල වැටෙන ගල තරනය කරමින් ඇල්ල උඩට යාමට හැකිවුවද එය තරමක අවදානම් කට යුත්තකි

ඉතාමත් අලංකාර පරිසරයක පිහිටා ඇති මෙම දිය ලලනාවිය මීටර් 15ක් පමන් උසකින් යුක්තය එක එල්ලයේ කඩා ‍ෙනාවැටෙන මෙම දිය ලලනාවිය සේලයක් මෙන් ගල මතින් රූටා වැටේයි

මෙහි ඉහලට ගියවිට ස්නානයට ජල තටාකයක් ඇති අතර එතනට යාමට නැවතත් පාරට විත් මීටර් 200ක් පමන ඉදිරියට ගොස් උඩහට ඇති පාරෙන් මීටර් 500ක් පමන ගමන් කලපසු තටායට බැසීමට කුඩා අඩිපාරක් ඇත මෙහි මුල යම් මඩ ගතියක් තිබුනද ටිකක් ඉදිරියට ගියවිට එම මඩගතිය පහව යයි

අනතුරුදායක වලවල් පෙනෙන්නට නොතිබුනද වර්ෂාවත් සමග අනතුරුදායක වලවල් තිබියහැක මෙම දිය දහරේ ඇති ලොකුම අනතුර බෝතල් කටුය නාන ස්ථාන වල පවා බෝතල් කටු ඇත සභාදහම් මාතාව මිනිසාට කල සේවය ඇගයීම වස් මිනිසා විසින් ලබාදුන් සේවා ඇගයීමේ සම්මානය එයයි

ලංකාවට ආවේනික මිරිදිය මසුන් වර්ග කීපයක්ම මෙහි ජීවත් වන අතර එම දියදහර සුරකීම මගේද ඔබේද වගකීමවෙයි

 

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: දියඇලි

Tags:

RSSComments (8)

Leave a Reply | Trackback URL

  1. viraj says:

    හිතවත් මහේෂ්,

    අපූරු දියඇල්ලක් නොවැ,
    දුම්බර කිව්වාම එක්වරම මතක්වුනේ නකල්ස් කඳුවැටියයි. තවත් දුම්බරක් තියෙනවා කියලා අදයි දැනගත්තේ.

    තොරතුරු බෙදාගත්තාට බොහෝම ස්තුතියි.
    තව තවත් ලියන්න.

  2. admin says:

    බොහොම වටිනා ලිපියක්
    බොහොම ස්තුතියි මෙවන් සැඟවුණු දිය ඇල්ලක් ගැන වාර්තාවක් ගෙන ආවාට

  3. අමිල says:

    2013 පලමු ලිපිය ලස්සන දිය අැල්ලක් ගැන.ස්තූතියි…..

  4. බන්දු says:

    සුමුදු සහෝදරයා,

    ලිපියේ මාර්ගය පොඩ්ඩක් වැරදියි. ඒක නිවැරදි කරන්නයි මේ කමෙන්ට් එක දාන්නේ.

    පත්තිනි දේවාලය ලඟ පාලමෙන් හැරුණ ගමන් වමට හැරෙන්න කියලයි ඔබ ලියා තිබෙන්නේ. ඒත් පාලම් දෙක හමුවන්නේ දකුණට හැරිලා ගියාමයි. ටිකක් නිවැරදි කරන්න. (වමට හැරිලා ගියොත් දුම්බර වත්තට අයිති කැටේපොල කියන කොටසට යන්නේ.)

    • sumudu says:

      ඇත්තටම මම ඒකට සමාව යිල්ලනව සියලුම දෙනාගෙන් යම් කෙනෙක් ට අපහසුතාවක් වුනානම් මා ඒ ගැන කනගාටුවන අතර නැවතත් සමාව යිල්ලමි
      Bandula Weerakoon සහෝදරය ඔබට ගොඩක් ස්තුති මෙය පෙන්වා දුන්නාට එය ඉක්මනින්ම සකසන්නන්

  5. Lahiru Pradeep says:

    @viraj,

    මේ කියන දුම්බර ගැන ඔබ නොදන්නවා නොවේ,

    “ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
    කන්නේ කරවලයි රට හාලේ බතට
    බොන්නේ බොරදියයි පූරුවෙ කළ පවට
    යන්නේ කවදාද මවුපියෝ දකින්නට”

    මුලු රටම දන්නා දුම්බර පතල පිහිටා ඇත්තේද මේ ආසන්නයේමය. අදටත් නටඹුන්ව ගිය පතල දැකගත හැකි අතර මේ අවට ගම් වලද පතල් කැනීම සඳහා හාරන ලද යෝධ ලිං මෙන් වලවල්ද ඉතිරිව ඇත.

Leave a Reply