පුඩළු ඔය ඇල්ල (Dunsinane Falls)

කතෘ : සුමුදු මහේෂ් සංජය පෙරේරා
කතෘ හා සම්බන්ද වන්න : p.s.m.s.perera@gmail.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2012 දෙසැම්බර් 4 13 වැසිසහිත ජීප් රථය
මාර්ගය
කොළඹ – ගම්පොල – තලවන් තැන්න – පුඩළු ඔය පාර කිලොමීටර් 6 යි
නවාතැන
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • බිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත් විය හැක.

  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න

  • සොබා දහමේ සින්නක්කර අයිතිය සොබා දහමටම ලබාදෙන්න එය ඔබේ නොව මතු පරපුරේ උරුමයයි මතක තබාගන්න ඔබගේ මවටද ජීවය දුන්නේ මේ සභාකෙතයි එය කෙලෙසීම තම මව කෙලෙසුවා හා සමානයි

  • නඩේ ගුරා සංවිධානය වෙනුවෙන් සහභාගී වූ සාමාජිකයන් සිහිපත් කරනු කැමැත්තෙමි.

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

එක් පසෙකින් ෂීන් වතුයායද අනෙක් පසින් ඩන්සිනන් වතුයායද උරුම කරගත් ඇය මෙම වතුයායන් දෙක දෙපසට කරමින් දගකාර විලසින් ඩන්සිනන් ගලාබසී

dunsinane waterfall

මැයට ෂීන් වතුයාය පසිකින් ඇති බැවින් ෂීන් ඇල්ලලෙසත් ඩන්සිනන් වතුයාය තවත් පසෙක වන බැවින් ඩන්සිනන් ඇල්ල ලෙසත් හා පුඩළු ඔයින් නිර්මානයවන බැවින් පුඩළු ඔය ඇල්ල ලෙසත් විවිද නම් ලැබීඇත

image002

image003

මැයව නිර්මානය කරන පුඩළු ඔය ග්රේට් වෙස්ටන් (Great Western) වලින් ආරම්බව අතර මැද දියපෝෂක කලාප හරහා ගලාඑන දිය දහරයන්ද එක්කරගනිමින් ඩන්සිනන් ඇල්ලද නිර්මානය කරමින් කොත්මලා ඔය ඉතාමත් ආදරයෙන් වැලදගනී.

image004

උසින් අඩි 330 ලෙස වාර්තාවන මෙම ඩන්ස්නන් ඇල්ලේ 3/1ක් පාලමට උඩින්ද 3/2ක් පාලමට පහලින්ද පිහිටා ඇති අතර පහලින් පිහිටාඇති විදුලි බලාගාරය හේතුකොටගෙන පහලට ගොස් ඇල්ල නැරබීමට ඇති අවස්තාව අහිමිව ඇත.

image005

ඉතාමත් සුන්දර මනාලියක් ලෙසින් ගාලාබසින මැය සුන්දරත්වයට නොදවැනි ප්‍රචණ්ඩත්වයක් සගවාගෙන සිටිති ඉතාමත් පලලකින් යුත්වු ඩන්සිනන් ඇල්ල වම්පසින් වන්නට ඇති කොවිල ඇයට පුජනීයත්වක්ද එක්කර ඇත

image006

image008

image007

image010

image011

සභාදහමේ සින්නක්කර අයිතිය සභාදහමටම ලබාදෙන්න එය ඔබේ නොව මතු පරපුරේ උරුමයයි මතක තබාගන්න ඔබගේ මවටද ජීවය දුන්නේ මේ සභාකෙතයි එය කෙලෙසීම තම මව කෙලෙසුවා හා සමානයි

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: දියඇලි

Tags:

RSSComments (5)

Leave a Reply | Trackback URL

  1. Dilshan says:

    අපූරුයි. පින්තූර ටිකත් හරිම ලස්සනයි. අකුරු සහ ව්‍යාකරණ ගැන තව චුට්ටක් අවධානය යොමු කලා නම් තවත් හොඳයි. ජයවේවා!

  2. Praසන්ன says:

    අපිත් එකපාරක් නුවරඑලියෙ ගිහිල්ල පූඩළුඔය හරහා හැටන් යනකොට ඔය ඇල්ල බලල ගියේ. ලස්සන ඇල්ලක් වගේම අවට පරිසරයත් ලස්සනයි.

    හැබැයි ඔතන තියෙන දේවාලෙන් අයින්කරන කුණු ඔක්කොම දාල තිබුණෙ ඔය ඇල්ලට තමයි.

  3. viraj says:

    ලස්සන තැනක් නොවැ.

    විස්තරය‍ට ස්තුතියි.
    තව ලියන්න.

Leave a Reply