කුවේණිය දෙස් තැබූ යක්දෙස්සා ගල

කතෘ : සුමුදු මහේෂ් සංජය පෙරේරා
කතෘ හා සම්බන්ද වන්න : p.s.m.s.perera@gmail.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2012 ඔක්තෝම්බර් 1 8 යහපත් ත්‍රි රෝද රථය
මාර්ගය
නවාතැන

විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • බිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත් විය හැක.

  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න

  • සොබා දහමේ සින්නක්කර අයිතිය සොබා දහමටම ලබාදෙන්න එය ඔබේ නොව මතු පරපුරේ උරුමයයි මතක තබාගන්න ඔබගේ මවටද ජීවය දුන්නේ මේ සභාකෙතයි එය කෙලෙසීම තම මව කෙලෙසුවා හා සමානයි

  • නඩේ ගුරා සංචාරක හා සංරක්ෂණ සංවිධානය වෙනුවෙන් යක්දෙස්සගල සංචාරය සැලසුම් කල අනුපම සොයුරාව හා නඩේ ගුරා සංවිධානය වෙනුවෙන් සහභාගී වූ සාමාජිකයන් සිහිපත් කරනු කැමැත්තෙමි.

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

යක්දෙස්සාගල කන්ද තරණය කිරීම ඉතාම අවධානම් කටයුත්තක් මෙන්ම එය තරණය කිරීමේදී මාර්ගය ගැන අවදානයෙන් සිටීම තමන්ගේ යහපත සඳහා උපකාර වේ. මන්දයත් වන සතුන් දඩයම් කිරීම සඳහා භාවිතා වන බඳින තුවක්කු මෙහි බහුලව ඇති බැවිනි.

Yakdessagala1

ආරම්භය අපහසුවකින් තොරව තරනය කල හැකිවුවත් එසේ යාහැක්කේ මද දුරක් පමනි ඉන් පසුව කදුතරනය නිමාවන තුරුම අවදානම් බෑවුමක් තරනය කල යුතුය මෙම බෑවුම තරනය කල යුත්තේද ගස්ගල් මතිනි මෙහි තවතවත් අපහසු වන්නේ රුස්ස ගස් මතින් වැටීඇති කොල තට්ටුව නිසාවෙන් මෙම කොල තට්ටුව නිසාවෙන් යන මග ලිස්සන සුළුවී ඇත.

කදු ශිඛරයේ මුදුනත ඇත්තේ විශාල ගල් පරයකි මෙම ගල් පරය පිහිටා ඇත්තේද අංෂක 60ක පමන සීග්‍ර නැග්මකටය එහෙයින් මෙය තරනය කීරීමට ඉතා යහපත් ශරීර සුවතාවක් හා මානසික ශක්තියක් තිබිය යුතුය

තවද යක්දෙස්සාගල කැලයේ තුවක්කු බැද ඇති නිසාවෙන් යාමට ඇති පාරෙන් පිට යාම අනතුරකට අතවැනීමකි මෙහිදීපාර සොයාගැනීම එතරම් අපහසු නැත මන්දයත් රතු ඊතල මගින් ඉහලට යනතෙක් පාර සටහන් කර ඇත ඊතල හා මග සටහන් ගැන අවබෝදයකින් හා අවදානයකින් යාම ඉතාම වැදත් වෙයි.

යක් දෙස්සාගලට මෙම නම ලැබීප සම්බන්දව පුරාවෘත කීපයක් පවතී කුවේනියව විජය රජු විසින් නෙරපීමෙන් පසුව ඇය මෙම ගලට විත් දෙස් තබා ගලින් පැන දිවිතොරකර ගත් බවත් යත්ෂ ගෝත්‍රිකයෙක් දෙස් තැබු ගල යක්දෙස්සා ගල නමින් පසුව ප්‍රචලිත වු බව පැවසේ

තවත් ජනප්‍රවාදයක් නම් කුවේනියගේ ඇස් මෙම ගලේ නිදන් කර ඇතිබවත් එහෙයින් යක්ඇස්සා ගල පසුව යක් දෙස්සාගල වුබවත්ය.

අතර මැදි කලාපයට අයිතිව ඇති යක්දෙස්සාගල සරුසාර වනාන්තරයකට හිමිකම් කියයි විටෙක දැනෙනුයේ පහතරට තෙත්වනාන්තරයක සිටින වගයි මෙම වනාන්තරය දුටු සැනින් එහි විශාල ජීවී විවිධත්වක් ඇතැයි සිතට හැගේ. මෙහිදී අපට හමුවු පනුවන් දලඹුවන් සමනලයින් ගෙන් කියා පෑවේ සමනලයින්ගේ රජ දහනක් බවයි කිසිදුම ලොකු සතෙක් අපට හමු නොවුනද තුවක් බදික එකෙන් සිතෙනුයේ මෙහි විශාල සතුන්ද සිටින බවයි.

සැතපුම් 14ක් දිගින් යුතු කදුපන්තියේ උසම කන්ද ලෙසත් කුරුණෑගලින් දෙවනියට උසම කන්ද ලෙසත් වාර්තාවන යක්දෙස්සා ගල තරනය කර එහි මුදුනට පාතැබු සැනෙන් මහන්සිය අමතකවෙන ඇස් අදහා ගත නොහැකි අපුරුම දර්සනයක් මවා පාන්නේ හිනයක් ලෙසිනි අපේ ලක් මාතාව මෙපමනම ලස්සනද මෙතනට පාතබන අයෙකුගේ සිතට ඒම වලක්විය නොහැක මන්ද යත් එතරම්ම සුන්දරය

හාත්පස දිස්වන්නේ මධ්යචම කදුකරය දක්වා දිවෙන අහස් කුස සිපගන්නා කදු වලුය අනෙක් පස නිල්ලට හැදී සුලගත් සමග පොර බදන කේත්වතුය අපේ රජදරුවන්ගේ විෂ්මය ජනක නිර්මායන්වු වැවු තවත් පසෙකින් නෙත ගැටෙයි පහලින් කුරුනෑගල නගරය හා අවට කඳු වළල්ල (ඇතු ගල,ඉබ්බා ගල,කුරුමිනියා ගල,ආඳා ගල) දර්ශනයට තවත් සුන්දරත්වයක් එක්කරමිනි මේ මවාපන්නේ සභාදහම් මාතාවගේ අපුර්වතම විචිත්‍රවත් චිත්‍රයකි.


 

සොබා දහම් මාතාවගේ මේ අපුර්වත්වය රස විදින විට නැවතත් බැසීමද අමතක වීම අරුමයක් නම් නොවෙයි ඉර බැස යාමට තව වැඩි වෙලාවක් නෙමැති නිසාත් ආපසු බැසිය යුතු නිසාත් කරුවල වැටුනහෙත් බැසගත නොහැකි නිසාත් අපහසුවෙන් හෝ මෙම සුන්දරත්වයත් ජීවිතේ සුන්දර මතකයන්ට එක්කරමින් හැරුනෙමු.

මතක තබාගන්න මෙම කදු තරනයේදී කිසිදු ජල මුලාශ්‍රයක් හමු නොවන බැවින් අවශ්‍ය තරම් වතුර ගෙනයාමට මතක තබාගන්න කන්දේ ජල මුලාශ්‍රයක් ඇතිබව හමුදුරුවෝ පැවසුවද එය මෙම යන මාර්ගයට හමු නෙවෙයි

 

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: කඳු තරණයපෞරාණික උරුමය

Tags:

RSSComments (13)

Leave a Reply | Trackback URL

  1. Subha says:

    හ්ම්ම්ම් යන්න නොහකි වුනත් මෙය කියවා සිතින් ඔබලා සමග කන්ද තරනය කලා. හරිම රසවත්. සුමුදු තව ලියන්න.

  2. viraj says:

    හිතවත් මහේෂ්,

    බොහොම සුන්දර සංචාරක සටහනක්.
    වැඩි දෙනෙකු‍ගේ අවධානය‍ට ලක්නොවන, මෙවන් ස්ථාන පිලිබදව සිදුකෙරෙන දැනුවත් කිරීම් ඉතාමත් වටිනවා.

  3. සමීර ජයතිලක says:

    ඉතාමත් සුන්දර ගමනක්. වාර්ථාවත් හොදට ලියලා තියනවා. යක්දිස්සාගල මුදුනට නැග්ගට පස්සේ හිතට දනෙන සතුට කියා නිමකරන්න බෑ. තව දෙයක් කන්ද මුදුනටම නැග්ගට පස්සේ අපි කන්ද නගින්න පටන් ගත්ත පන්සල ඉතාමත් ලස්සනට පොඩියට පේනවා. හැම තැනම දලබුවන් එන්න නිසා ගස් වැල් අතින් අල්ලද්දී පරිස්සමට. ගොඩාක් ස්තුතියි සුමුදු අය්යේ………

    • sumudu says:

      ඔවු සමීර මල්ලි මේ ගමන ජීවිතේ සොදුරුම අත්දැකීමක්

  4. අමිල says:

    ලස්සන ඡායාරූප ටිකක්.සුන්දරත්වය විදින්න පුලුවන් තැනක්.ගමන් මාර්ගය ගැනත් ෙපාඩි හරි සටහනක් තිබුනානම් ෙගාඩක් වටිනවා…

    • sumudu says:

      අමිල මේවගේ සුන්දර ස්ථාන තවදුරටත් රැකගත යුතුයි ගමන් මිර්ගය ගැන විස්තරයක් ඔයාට දිනේෂ්ගෙන් ගන්න පුලුවන් වෙයි

  5. Ashoka says:

    බොහොම ස්තුති ..

  6. Praසන්ன says:

    ලස්සන විස්තරයක්. ටිකක් අවදානම් ගමනක් වගෙයි පේන්නෙ.

    • sumudu says:

      ඔවු ඇත්තටම අවදානමක් තියනව පරිස්සමෙන් හා කල්පනාවෙන් ගියොත් අනතුරු අවම කරගන්න පුලුවන්

  7. Asanka says:

    මමත් යද්දෙස්සගල ගිහින් තියෙනව 2001 විතර . හරිම අපුරු ගමනක් මෙ කෑලේ මංමුලා වැල් තියෙනව කියල කියනව.ඒවා පෑගුනාම අතර මං වෙනවලු..

  8. Hasitha says:

    අලංකාර පින්තූර පෙලක් සමග අගනා විස්තරයක්.ස්තූතියි.
    යන ගමන් මග ගැනත් පොඩ්ඩක් කියන්න පුළුවන්ද?

Leave a Reply