දුම්බර රහස් සොයා…

කතෘ : හසිත ජයවර්ධන
කතෘ හා සම්බන්ද වන්න : hasithajs@gmail.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2013 ජනවාරි 26/27 2 9 වැසි රහිත වෑන් රථ
මාර්ගය
මහනුවර – හුන්නස්ගිරිය – ලූල්වත්ත පාර
නවාතැන
නෑදෑ නිවසක්
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • පරිසරය මතු පරපුර වෙනුවෙන් රැක ගනිමු.

  • රටටම සෙත සදන පරිසරයක් බැවින් එය අපවිත්‍ර නොකරමු.

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

නකල්ස් රක්ෂිත වනාන්තරයට මෙතරම් සිත ඇද බැද ගනුයේ එහි නිරන්තර පවතින මීදුම නිසාද එසේ නොමැති නම් සතර අත පෙනෙන කදු මුදුන් නිසාදැයි නොදනිමි. මේ සිත්කළු, නෙත්කළු බව නිසාම ඒ පිළිබද බොහෝ කරැණු සොයන්නට උත්සුක වුනෙමි. පළමුව රත්තොට හරහා රිවස්ටන් වෙතද දෙවනුව බඹරැල්ල වෙතද තෙවනුව හුන්නස්ගිරිය වෙතද පිය මනින්නේ නොයා සිටිය නොහැකි නිසාවෙන්ම විය යුතුය.

වලාකුළු සමග රහස් කියන කදු මුදුන් දුටු අපේ පැරැන්නෝ දුමින් බර වුනු මේ ප්‍රදේශය ‘දුම්බර‘ ලෙස හැදින්වූහ. එම කදුකරයේ බටහිර ප්‍රදේශය පුරා බට වර්ගයන් වැවී තිබීම නිසා ‘බට දඩු කන්ද‘ ලෙස හැදින්වූයේද මෙම ප්‍ර‍දේශයමය. මෙහි ඇති භූ විෂමතා ලක්ණය කෙරෙහි අවධානය යොමු කළ ඉංග්‍රීසි ජාතිකයන් විසින්, ඈතින් සිට බලන විට මෙම කදු යාය පෙනෙන්නේ මිට මෙලවූ අතක ඇගිලි වල ඉහල නෙරුම් ලෙස නිසාවෙන් එහි අරුත් දෙන ‘නකල්ස්‘(knuckles) ලෙසින් නම් කෙරුනි. ඇසට මෙන්ම ඇගටද සුවදායක වන මෙම කදුකර වනගැබ බොහෝ සංචාරකයින්ගේ නෙත් සිත් ඇද බැද තබා ගෙන ඇත. ඊටත් වඩා පරිසර ලැදි අප සැමගේ අවධානය මෙයට යොමු විය යුත්තේ මෙහි පවතින ජෛව විවිධත්වය සහ ජල විද්‍යාත්මක වැදගත්කම නිසාවෙනි.

image001image002වලාකුළු සමග රහස් කියන කදු මුදුන්…

දුම්බර වන පෙත තුල කුඩා නගර ලෙස සැලකිය හැකි ස්ථාන කිහිපයක් ඇත. නමුදු ඒවායෙහි ඇත්තේ ඉතා අල්ප පහසුකම්ය. එහි වෙසෙන ජනයා ආර්ථික අපහසුතා තුළ ගිලෙමින් වනයත් සමගම ගැටෙමින් එහිම සිටිති. ඔවුහු ඔවුනටම උරුම විවිධ සංස්කෘතික අංගයන් රැක ගනිමින් දහසක් කම්කටොළු මැද වුවත් පවිත්‍ර වායුව ආඝ්‍රහනය කරමින් ජීවත් වෙති. වලාකුළක ඇති සියුම් ජල අංශු, ඒ කදු මුදුන් වල ඇති ශාක පත්‍ර මත ගැටෙමින් ජල බිදු සාදයි. ඒ ජල බිදු එකතු වී සෑදෙන කුඩා දිය පහරවල් වැසි නැතත් ඒ ගම් බිම් හරහා නිරන්තරයෙන් ගලා බසී. අපට ඒ දිය දහරාවන්ගේ ඇති සිහිලසත් නොයිදුල් බවත් අරුමයක් වුවද එහි වෙසෙන ගැමියෝ ඒ ගැන වගක් වත් නොමැතිව ඒවා තම ජීවිතයේ කොටසක්ම කරගෙන වෙසෙති.

image003image004

ඒ ජල බිදු එකතු වී සෑදෙන කුඩා දිය පහරවල්…

ගෝලීයකරණයෙන් සිදුවන්නේ නවීන දැනුම හුවමාරුව වැනි යහපත් දේ පමණක්ම නොවන්නා සේම ඒ ගම් බිම් දියුණු කිරීමේ අරමුණින් සෑදෙන නවීන මං මාවත් හරහා ඒ ගම් බිම් වෙත ඇදී යන්නේ නවීන වාහන පමණක්ම නොවන් ඇත. ඔවුන්ගේ සංස්කෘතියත් අනන්‍යතාවයත් ඔවුන්ට ඉතිරිකර දීම සදහාද අප බලධරයන්ගේ අවධානය යොමු විය යුතුමය.

මධ්‍යම පළාතේ මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක තුල පිහිටි මෙම දුම්බර කදු වැටිය ලංකාවේ ප්‍රධාන මෝසම් වැසි දෙකෙන්ම පෝෂණය වෙයි. තවද මහවැලි නදියේ ප්‍රධානම ජල පෝෂක ප්‍රෙද්ශය වන්නේද මෙම කලාපයයි.

දුම්බරින් ඇරඹෙන දිය දහරාවන්ගෙන් කිහිපයක් නම් හුළු ගග, කළු ගග, හසලක ඔය, තෙලිගම ඔය වේ. එමෙන්ම මෙහි ඇති දිය ඇලි වලින් කිහිපයක් නම් රත්කින්ද ඇල්ල, මීමුරේ ඇල්ල, වැද්දා පැනි ඇල්ල, සේරු ඇල්ල, රත්න ඇල්ල, හුළු ගග ඇල්ල වේ.

image005

තෙල්ගමු ඔය

image006

ජෝඩු ඇල්ල

image007
සේරු ඇල්ල

image008ගෙදරමඩ දියඇල්ල

image009ගැරඩි ඇල්ල

වසරේ සමහර කාල වල මෙම කදු ප්‍රදේශයේ තද සුළං සහිත කාළගුණයක් පවතී. එම සුළං වලට මුහුණදෙන ප්‍රදේශ වල පිහිටි ශාක හොදින් අතු බෙදී ඇති අතර කදන් ගැට සහිතය. තවද එම සුළං නිසා මෙහි ‘සුළං කපොලු‘ ද දැකිය හැකිය.

මෙම දුම්බර වන ගැබට පිවිසීමට ප්‍රධාන මාර්ග තුනකි.

• මාතලේ, රත්තොට හරහා ඉලුක්කුඹුර

• හුන්නස්ගිරිය, ඩීන්ස්ටන් හරහා මීමුරේ

• බඹරැල්ල

පළමු මාර්ගය ඔස්සේ රිවස්ටන්, පිටවලපතන, සේරු ඇල්ල, තෙල්ගමු ඔය වෙත ළගා විය හැක. එහි ඉලුක්කුඹුර සංචාරක මධ්‍යස්ථානය පිහිටා ඇත.

දෙවන මාර්ගය ඔස්සේ කුඩා ලෝකාන්තය, දෝතළුගල, වෙඩිලුණු ගුහාව, මීමුරේ කරා ළගා විය හැක. එහි අතර මගදී ඩීන්ස්ටන් සංචාරක මධ්‍යස්ථානය හමුවේ.

තෙවන මාර්ගය ඔස්සේ හුළුගග ඇල්ල(ප්‍රවේශ මාර්ගයක් නොමැත) නැරඹිය හැකි අතර බඹරැල්ල මාර්ගයේ අවසානය කරා ගොස් නකල්ස් හැඩයට ඈතින් අප දකින කදු මුදුන් කරා ළගා විය හැක.(ඒ සදහා තවමත් පහසුකම් සපයා නොමැත) ඉදිරියේදී සංවර්ධනය කිරීමට අවධානය යොමු වී ඇත.

මේ ඕනෑම මාර්ගයකින් පර්යේෂකයෙක් ලෙස හෝ සංචාරකයෙක් ලෙස හෝ මෙම වන පියසට හෙවත් නකල්ස් සංරක්ෂණ වනාන්තරයට ඇතුළු වන්නේ නම් ඒ සදහා වන සංරක්ෂණ ජනරාල්ගේ අවසරය ලබා ගත යුතුයි. එය වන සංරක්ෂණ ආඥා පනතින් පැනවූ නීතියකි.

මෙම වනාන්තර ප්‍රදේශය ප්‍රධාන වශයෙන්ම හානියට ලක් වී ඇත්තේ එහි සිදු කරනු ලබන කරදමුංගු වගාව නිසාය. එමගින් පාංශු ඛාදනයත් නායයෑමත් සිදුවේ.තවද ගොවිතැනත්, වනය තුලට මී හරකුන් විශාල ලෙස ඇතුළු වීමත් හානිදායක වී ඇත. තවද සංචාරකයින් විසින් ගෙනෙන දිරාපත් නොවන අපද්‍රව්‍ය මෙම වන පියස තුල දමා යෑම නිසා සිදුවන හානියද සුළු පටු නොවේ. ඊට අමතරව මෙම ප්‍රදේශයේ සිදුවන ගිනිගැනීම් සහ ගිනි තැබීම් ද වනයට තර්ජනයක්ව ඇත.

image010image011image012

දුම්බර කදුකර වන පියස සංරක්ෂණය කර ගැනීමෙන් සෙත සැලසෙන්නේ එහි වෙසෙන සුළුතර ජන කොටසට පමණක් නොවේ. එය සමස්ත ශ්‍රී ලාකිකයන්ටමද එපමණක් නොව මේ මිහිමත වෙසෙන සෑම ජීවියෙකුටමද ප්‍රයෝජනවත් දෙයක් වනවා නිසැකය. එවන් වටිනා උරුමයන් දෙවරක් නොසිතා අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම, මේ මිහිතලයෙන් අපමණ සෙතක් සලසා ගන්නා ඔබ අප සැමගේ යුතුකමක් මැයි සිතා කටයුතු කළ යුතු කාලය එළඹ තිබේ.

සංචාරයේදී අප විසින් කටේ රුවා ගන්නා බොහෝ ආහාරයන් අසුරා ඇති කුඩා පොලිතින් කැබැල්ලත් පරිසරයට එක් කිරීමට පෙර එය තම සාක්කුවේ හෝ බෑගයේ දමා ගන්නා හිතක් පහල වන තුරු අප විසින් අපට පරිසර හිතකාමියෙකැයි යන ලේබලය අලවා ගත යුතු නැත. හිතන්න. පොඩිම තැනින් පටන් ගමු. ලොවම නිම වෙන්නේ එවන් පුංචි දේවල් රැසක් එක් වීමෙනි. දිය බිදු එක් වී ගගක් සෑදෙන්නාසේම අපේ පුංචි පරිසර හිතකාමී ක්‍රියාවන් මගින් අපට ජීවය දෙන මේ පරිසර මාතාව රැක ගත හැක. ඒ සදහා නිරන්තරයෙන් දායක වෙමු.

මේ මිහි තලය අපි රැක ගනිමු. ඔබට සුවපත් ජීවිතයක් වේවා. ස්තූතියි.

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: දියඇලි

Tags:

RSSComments (10)

Leave a Reply | Trackback URL

  1. roville says:

    its always amazing to see the real beauty of sri lanka, thanks goes to you dinesh for this wonderful job you are doing,,,, cheers pal, good work,

  2. viraj says:

    හිතවත් හසිත,

    බොහෝම සුන්දර දසුන් පෙලක්, වැදගත් සටහනක් !

    ස්තුතියි.

  3. Hasitha says:

    ස්තූතියි.

  4. අමිල says:

    ලස්සන ඡායාරූප.වටිනා අදහස් සහිත ලිපියක්..

  5. U says:

    ලස්සන ලිපියක්. දිගටම ලියන්ට
    ඔබට ජය

Leave a Reply