අලවල පොත්ගුල් විහාරය හා පොත්ගුල් කන්ද

කතෘ : ඉසුරු චමීර මදුසංක
කතෘ හා සම්බන්ද වන්න : isuruayiya@gmail.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2012 දෙසැම්බර් 1 2 වැසිසහිත යතුරුපැදිය
මාර්ගය
නිට්ටඹුව >අත්තනගල්ල> අලවල
නවාතැන
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • බිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත් විය හැක.

  • වීදුරු බෝතල් ,ටින් කැබලි ,ප්ලාස්ටික් හා අපද්රුව්ය තැන තැන නොදමන්න.

  • පුජනිය ස්ථානයක් බැවින් නිශ්ෂබ්දව විනිතව හැසිරෙන්න. පුජනීය ස්ථානයකට උචිත අයුරින් යන්න.

  • චාරිකා අවසානයේ ඡායා රුප පමණක් රැගෙන එන්න අන් කිසිවක් රැගෙන නො-එන්න

ලහන් රන්සත් ඉන්සුක මා පුතුට !

2012 වසර තුල තිබු අධික කාර්ය බහුලත්වය නිසාත්, කුලුදුලේ ලබාගත් නව පිය පදවිය නිසාත් මෙම චාරිකා සටහන මිට පෙර ඔබ හමුවට ගෙන එමට නොහැකි විය. සිදු වු ප්‍රමාදය පිළිබදව සියලු දෙනා ගෙන්ම මා සමාව ඉල්ලා සිටින අතර ප්රිමාද වී හෝ මෙම සටහන් කිහිපය නඩේගුරා වෙබ් පිටු අතරට එක් කිරිමට ලැබිම ගැන සතුටු වෙමි. අද දවසේ අපගේ චාරිකා ස්ථානය අලවල පොත්ගුල් ගල්ලෙන් රජමහා විහාරයයි.

අත්තනගල්ල ගලපිටමඩ ප්‍රධාන  මාර්ගයේ අත්තනගල්ලේ සිට කි.මි 5-6ක් පමණ ගියපසු අලවල නගරය අසලින් වමට ඇති පොත්ගුල් විහාර පාරේ මිටර 500ක් පමණ ගමන් ගත්විට දකුණු දෙසට ඇති කුඩා ඔයෙන් එතර වී සුන්දර වෙල්යාය මැදින් ගිය විට පොත්ගුල් විහාරය දක්නට ලැබේ. එමෙන්ම මෙම විහාර භූමියට අයත් තවත් භූමි භාගයක කුඩා ප්‍රමාණයේ  චෛතයක් හා බණ ශාලාවක් දක්නට ලබේ. මෙම කොටස ඇත්තේ කුඩා ඔයෙන් එතර විමට පෙරයි. පුරාණ විහාරය තුල ඉපැරණි බෝධි වෘක්ෂය හා දැවැන්ත නා ගස විහාරයේ වටිනාකම ඉහළ දමයි.

අති විශාල ගල්ලේනක් තුල ඇති මෙම විහාරය තුල දැකුම් කලු පිළිම ගෙයක් ඇත.පිළිම ගෙය තුල තිබු පිළිම දැක ගැනිමට නොහැකි වු මුත් එහි සමාධි පිළිමයක් හා සැතපෙන පිළිමයක් ඇතිබවු දැනගන්නට ලැබුනි මිට අමතරව මහනුවර යුගයේ චිත්‍ර ආභාශය ලද චිත්රට කර්මාන්තයන්ද පිලිම ගෙයතුල සිතුවම් වි ඇත.

පොත්ගුල් විහාරය

පොත්ගුල් විහාරය

කුඩාඔය හරහා එතෙරවි

කුඩාඔය හරහා එතෙරවි

පොත්ගුල් කන්දට යන අතර මග

පොත්ගුල් කන්දට යන අතර මග

පොත්ගුල් කන්දට අන්නාසි හා රබර් වත්ත හරහා යායුතුය

පොත්ගුල් කන්දට අන්නාසි හා රබර් වත්ත හරහා යායුතුය

 

වන ලැහැබ හරහා ලෙන දෙසට

වන ලැහැබ හරහා ලෙන දෙසට

පොත්ගුල් විහාරය වැදගත් වන අනෙක් කාරන වන්නේ අලවල පොත්ගුල් කන්දේ ඇති ප්‍රාග් ඓතිහාසික වටිනා කමක් ඇති ගුහාවයි. ගම්පහ දිස්ත්‍රික්කය තුල දක්නට අති ප්‍රාග් ඓතිහාසික ස්ථාන අතරින් අලවල කන්දේ තිබි හමු වු සාධක ඉතා වැදගත්ය. වාරණ, කලොටුවාව සේම අලවල පොත්ගුල් කන්ද තුලින් හමුවු ඉපැරණි මානව සාධක රත්නපුර බෙලි ලෙන තරම් ඓතිහාසිකව වැදගත් වන්නේය. පොත්ගුල් විහාරය පසු කර තවත් මිටර් 200ක් පමණ ඉදිරියට යනවිට වම්පසට වන්නට ඇති දැවැන්ත ගල් ලෙන තුල මිට වසර දහස්ගනනකට පෙර ආදී මානවයා සිටිනට ඇත. එකල ඔහුගේ සියලුම අවශ‍යතා මේ අවට පරිසරයේ ඔහු පිරිමසා ගන්නට ඇත.

මෙම ගුහා ලෙන තුලට පිවිසිමට කිසිම ක්‍රමවත් මාර්ගයක් නොමැත. එම නිසා අඩි පාරක් නොමැති නිසා පොත්ගුල් කන්ද පාමුල පිහිටි අන්නාසි හා රබර් වත්ත හරහා ඉහලට නැගිය යුතුය.අඩ් 100-150 පමණ කන්ද ඉහලට නැගුණු පසු දකුණු දිශාවට වන්නට පිහිටි කුඩා වන ලැහැබ හරහා ගොස් ගුහාව තුලට පිවිසිය හැක. වසර ගනනාවකට පෙර මෙහි කැනිම් කටයුතු කර තිබුනද මෙවනවිට කිසිදු සංරක්ෂණ පිළිවෙලක් මෙම ගුහාවතුල නොවිම කනගාටුවට හේතුවකි. අඩි කිහිපයක් ගැඹුරට කනින ලද වලක් පමණක් එහි විය .

ගුහාව තුල එකවර 50කට පමණ පිරිසකට අව් වැසිවලින් අරක්ෂා විමට හැකියාවක් තිබේ. මිට අමතරව ගුහා බිම පුරා විසිරිතිබු බෙලි කටු එම ස්ථානයට පැමිණියේ අතීත මානවයාගේන් ද නැතහොත් වෙනත් අකාරයකට දැයි පැහැදිලි නොමැත. ගුහාව ඉදිරිපිට සිට බැලුවිට අවට පිහිටි කදු වළල්ල නෙත්කලු චිත්‍රයක් මවා දක්වයි.

ලෙන් ද්වාරය

ලෙන් ද්වාරය

 

ලෙන  ඇතුලත

ලෙන ඇතුලත

ගුහාව තුල තිබු අදිමානවයා භාවිතාකල ගල් අයුධ හා ගල් මෙවලන් අස්ථිමය අයුධ සතුන්ගේ අස්ථි කොටස් මෙම ගුහාවතුලින් හමු වුබව කියවේ. එලසම මෙහි තිබි මානවන් දෙදෙනෙකුගේ යැයි සැලකෙන අස්ථි කොටස් ද සංරක්ෂණය කිරිමට ඉවත් කර ඇත. ඒ පිළිඹදව කිසිම සටහනක් හො නාම පුවරුවක් මෙම ස්ථානය තුල නොවිම කණගාටු දායක හේතුවකි. කාලයේ ඇවැමෙන් මෙම ස්ථානය සංඝාවාසයක් බවට පත්වි ඇති අතර කටාරම් කොටා ඇති ලෙන හා ඉපැරණි බ්රාවහක්මී අක්ෂර එ බවට සාක්ෂි දරයි.එමෙන්ම මෙම ප්‍රදේශයට පොත්ගුල් යන නම භාවිතයට හේතු වුයේ ඉපැරණි පොත් විශාල ප්රකමානයක් මෙම ලෙන තුල තිබු නිසාවෙන් බැව් අදටත් ගැමියන්ගේ විශ්වාසය වේ.

අද වනවිට අලවල පොත්ගුල් කන්ද බලධාරීන්ගේ අවධානයට යොමු නොවු එහෙත් ඓතිහාසික වශයෙන් වැදගත් අලවල පොත්ගුල් විහාරය හා පොත්ගුල් කන්ද මතු පරපුරට සුරක්ෂිතව රැගෙන යාම අප සැමගේ යුතු කමක්ය. අලවල පොත්ගුල් විහාරය හා පොත්ගුල් කන්ද තරණයෙන් පසු අපගේ මීළග නැවතුම් ස්ථානය් වන අත්තනගල්ල රජමහා විහාරයේදී හමුවනතුරු අයුබෝවන් !

 

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: සංස්කෘතික සවාරි

Tags:

RSSComments (1)

Leave a Reply | Trackback URL

  1. viraj says:

    වටිනා සටහනක් !

    අදාල ස්ථානයෙහි පසු සංරක්ෂණ කටයුතු කෙරෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධාණය ලක්නොවීම කණගාටුදායක තත්වයක්

Leave a Reply