කබරගල කදු මුදුනේ දෙනිතින් දුටු සුන්දරත්වය

කතෘ : සුමුදු මහේෂ් සංජය පෙරේරා
කතෘ හා සම්බන්ද වන්න : p.s.m.s.perera@gmail.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2013–04-27 2 6 වියලි පොදු ප්‍රවාහන සේවය
මාර්ගය
කොළඹ – නාවල පිටිය – දොලොස්භාගේ පාර
නවාතැන
ඉගුරු ඔය
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • බිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත් විය හැක.

  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න

  • සොබා දහමේ සින්නක්කර අයිතිය සොබා දහමටම ලබාදෙන්න එය ඔබේ නොව මතු පරපුරේ උරුමයයි මතක තබාගන්න ඔබගේ මවටද ජීවය දුන්නේ මේ සභාකෙතයි එය කෙලෙසීම තම මව කෙලෙසුවා හා සමානයි

  • ස්තුතිය – නවාතැන් සැපයු ලාල් මහතා ඇතුලු පවුලේ සැමට

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

කබරගල යන්න නඩේගුරා අපි කට්ටිය කතාකරගත්ත විදියට කොටුවට ආව. දීර්ග සතිඅන්ත නිවාඩුවක් නිසා අම්බානකට සෙනග කොහොම හරි ඉතින් අනිතිමට නුවර CTB බසයකට ගොඩවෙදී රාත්‍රී 9ත් පහුවුනා රාත්‍රී 12-30 වෙනකොට නුවරට ලගාවුනා.

මම මේ මුලිම කියන්නේ කබරගල යන්න පිටත්වුන ගමනේ ඉස්සෙල්ල දවසේ කාපු සුන්දර කටුව ගැන නුවරට ගින අපට නවාතැන් ගන්නට තැනක් තිබුනේ නෑ. මොකද අපි හිතාගෙන හිටියේ වේලාසන නුවරට ගොස් නවාතැනක් හොයාගන්න. ඒත් ඉතින් යන්න පරක්කු වුන නිසා හැමතැනම වහල. මමයි රොවිලුයි අපේ නඩේගුරා දිනේෂ් තුන්දෙනාම එලිවෙනකම් ඇවිද ඇවිද යමුයි කියල ගියා වැව රවුමට හරිම ලස්සනයි හැබැයිතින් ටික වෙලාවක් යනකොට එතන ඉදලත් ඇතිවුනා.

පාන්දරට වැව රවුම දිස්වෙන ආකාරය

පාන්දරට වැව රවුම දිස්වෙන ආකාරය

පාන්දරට වැව රවුම දිස්වෙන ආකාරය

පාන්දරට වැව රවුම දිස්වෙන ආකාරය

ඒපාර අපි ගියා ආතර්සීට්(Aurther Seat) ඔන්න ඉතින් එතන තිබුන ලේන් තැරිවලින් හදපු බංකුව දිව්‍යවිමනක් වගෙයි දැක්කේ. ඔන්න ඉතින් ටිකක් එතන ඇලවුනා. ටිකවෙලාවයි ඇලවුනේ දිව්‍යවිමනක වුවත් නැගිට්ටේ අපායක. මොකද දන්නවාද හෝහපුට්ටොයි බලු මැක්කොයි අපිව වටකරගත්ත.

සද එලියෙන් නැහැවුන රාත්රි ය

සද එලියෙන් නැහැවුන රාත්‍රීය

 

එතනිනුත් අපිව පැන්නුවට පස්සේ අපිගියේ නුවර ස්ටේෂන් එකට. දෙයියො දුන්නවගේ නාවල පිටිය කොච්චියක් තිබුන දෙවරක් නොසිතා එකට ගොඩවු අපට සුවපහසුවට පොඩ්ඩක් ඉදගන්න පුලුවන් වුනා. හැම තැනම නවත්ත නවත්ත ගිය කෝච්චිය කාලය ගෙවාගන්නට අපට කදිම තෝතැනිනක් විය. අලුයම 5 පමන වන විට නාවල පිටියට පැමිනි අප පැයක් පමන එහි ගතකර නාවල පිටියෙන් අපට එක්වු අනුපමද එකතු කර ගනිමින් ගමන යාමට පිටවිය.

නාවල පිටියේ ලැගුම් ගත් යකඩ යකා

නාවල පිටියේ ලැගුම් ගත් යකඩ යකා

කබරගල නැගීමට පිවිසුම් මාර්ග කීපයක්ම වෙයි. ඉන් එක මාර්ගයක් නම් නාවල පිටිය රඹුක් පිටිය ප්‍රදේෂයෙනි. නමුත් මෙහිදී සීග්‍ර නැග්මක් හමුවීමත් පාර සොයා ගැනීමේ අපහසුවත් නිසා නැගීම තරමක් දුරට අපහසුය.

නාවල පිටිය දොලොස් භාගේ පාරට කබරගල දිස්වු අයුරු

නාවල පිටිය දොලොස් භාගේ පාරට කබරගල දිස්වු අයුරු

කබරගල තරනය ඇරබු තැනට මුලින්ම තරනය කල අන්තය දිස්වු අයුරු

කබරගල තරනය ඇරබු තැනට මුලින්ම තරනය කල අන්තය දිස්වු අයුරු

තවත් මාර්ගයක් වන්නේ නාවල පිටිය දොලොස් භාගේ පාරෙන් විත් පරගල වත්ත හරහා නගින මාර්ගයයි. මෙම මාර්ගයෙන් නගින අයෙකුට උස වාහනයකින් එනවානම් සැලකිය යුතු දුරක් වාහනයෙන්ම ගමන් කල හැක. මෙම මාර්ගයේ ඇති තවත් වාසියක්නම් කෙටි කාලයනදී කබරගල උසම ස්ථානයට පහසුවෙන්ම ලගාවීමට ඇති හැකියාවයි. අවාසියනම් කදු වැටියේ සුන්දර ස්ථාන බොහොමයක් මග හැරීමයි. කබරගල මුදුන පමනක් ඉලක්ක කරන අයෙකුට සුදුසුම මාර්ගය මෙයයි.

කබරගල නගින්න යන ගමන්

කබරගල නගින්න යන ගමන්

තරණය අරඹන ස්ථානය පෙනෙන මානයේ සිට

තරණය අරඹන ස්ථානය පෙනෙන මානයේ සිට

අනෙක් මාර්ගය අප විසින් තෝරාගත් මාර්ගයයි. ඒ සදහා නාවල පිටිය දොලොස්බාගේ පාරෙන් විත් ගම්පල දොලොස්බාගේ මාර්ගයයි නාවල පිටිය දොලොස්බාගේ මාර්ගයයි එක්වෙන හන්දියෙන් බැස දොලොස්බාගේ පැත්තට මීටර් 100ක් පමන යනවිට හමුවෙන CRAIGHEAD වත්තේ බෝඩ් එක ලගින් හැරී දොල බෝල හරහා වැටීඇති මාර්ගයයි. මෙම පාරේද උස වාහනයක පැමිනෙන්නේනම් කිලෝ මීටර් 2ක්3ක් වාහනයෙන්ම යාහැක.

image010

කබර ගල තරණය අරඹමින්

කබර ගල තරණය අරඹමින්

              ආරම්භක ස්ථානයේ ඇති මග සලකුන මෙයට වම්පසින් කබරගලට නගින පාර ආරම්භ වෙයි

ආරම්භක ස්ථානයේ ඇති මග සලකුන
මෙයට වම්පසින් කබරගලට නගින පාර ආරම්භ වෙයි

මද දුරකින් හමුවන තේවත්තේ බංගලාව

මද දුරකින් හමුවන තේවත්තේ බංගලාව

CRAIGHEAD වත්තට ඇතුලුවන අපට එම මාර්ගය දිගේ ගමන් කරනවිට ශ්‍රි ජේතවනාරාමය හමුවෙයි එතනින් ඇති පඩි පෙලදිගේ ගොස් ඉහල ඇති ගම්මානය හරහා ඉටත් උඩින් ඇති කරත්ත පාරට පැමිනිය හැක එහි මදදුරක් ගමන් ගත්පසු ඇති අඩිපාරදිගේ ගමන් ගැනීමෙන් කබරගල තරණය නල හැක.

image014

පංසල ලගින් ඉහලට නගින්න ඇති පඩිපෙල

පංසල ලගින් ඉහලට නගින්න ඇති පඩිපෙල

කරත්ත පාරින් මිදි නැග්ම පටන් ගන්නා අඩි පාරට පිවිසෙමින්

කරත්ත පාරින් මිදි නැග්ම පටන් ගන්නා අඩි පාරට පිවිසෙමින්

ඔං ඉතින් අවසානයට අපට හමුවෙන නිවත් පසුකරමින් යනවිට ඇතින් අවට කඳු වලල්ල පේන්න ගන්නව. එම නිවස පසුකිරීමෙන් පසු අවසාන තේවත්ත අවසාන තේවත්ත කිවුවට දැනට අලුතින් පවත්වා‍ගෙන යන මොකද කබරගල අක්කර 2000ක තේවත්තක් තිබුන බවට ගමිවාසියෙක් ගෙන් අපට දැනගන්නට ලැබුන. කොහොමටත් පරණ තේ වතුවල නැවත වගාවක් ලෙස ෆයිනස් ශාකය හොයාබැලීමකින් තොරව දිගට හරහට ව්‍යප්ත කලා, ඒකේ ආදීනව අද විදිනව මධ්‍ය කදුකරයේ දිය කදුරු බොහොමයක් සිදී යාමට හේතුව මෙම ශාකයයි. කබරගල ඇවිද යද්දි අතරමග අපට තැනින් තැන තේ ගස් හමුවුනා.

 හමුවන අවසාන ගෙය

හමුවන අවසාන ගෙය

දිගහැරීමට වෙර දරන මීවන දල්ල

දිගහැරීමට වෙර දරන මීවන දල්ල

දුර්ලභ නිල් බිනර මල

දුර්ලභ නිල් බිනර මල

ඔන්න දැන් අපි සේන්දු වුනේ මාන කැලෑවටයි මේ හරියේ මාන කැලෑවට පසුගිය නියන් සමයේදී ගිනි තියල තිබුන නිසා අලුතෙන් හැදු මාන තමයි තිබුනේ. තාමත් මේව පැල නිසා ඇවිදගෙන යන්න එතරම් අපහසු වුනේනෑ. මේ මානා කැලෑවේ යන්න තියෙන්නේ ටිකක් අපහසු බෑවුමක්ද සහිතවයි. මෙම දර්ශනයනම් හරිම ලස්සනයි එක යායට ඇති මානා කැලෑවත් තැනින් තැන ඉහලට එසවු කලුගල් චුටි චුටි පදුරුත් එක්ක හරිම ලස්සනට පේනව එක වරම සිහියට නැගෙන්නේ හන්තානයයි.

පලමු අන්තයේ තේවත්තෙන් මිදි මානා කැලෑවට

පලමු අන්තයේ තේවත්තෙන් මිදි මානා කැලෑවට

පලමු අන්තයේ ගිනිතබා තිබී හැදෙමින් පවතින මානා පදුරු අතරින් ඉහලට යන නඩේ ගුරා

පලමු අන්තයේ ගිනිතබා තිබී හැදෙමින් පවතින මානා පදුරු අතරින් ඉහලට යන නඩේ ගුරා

ඉතින් කොහොමින් කොහොම හරි අපි කබරගල කන්දේ එක් අන්තයක ඉහලටම ආවා. පුදුමාකාර ලස්සනක් ලංකාවේ දසත ඇති කදුවලල්ල හරිම ලස්සනට පේනව. නිහඩව හිස ඔසවාගෙන සිටින කදු වලල්ලත් අවට පරිසරයත් පුදුමාකාර චිත්‍රයක් මවාපානව මෙතන තිබුන. බැලුම්ගලින් පහත බලන්නත් අපි අමතක කලේ නෑ. එතනින් පහල බලද්දි ලෝකාන්තයම තමයි කබරගල ඉහලම ස්ථානය නැතිනම් අපගේ ගමනාන්තය මෙම ස්ථානයට හොදින් දර්ශනය වෙනව. මීදුම් සලුවෙන් වසාගෙන සිටි කදු මුදුන බැලු බැලුමට එතරම් දුරක් නැති බව සිතුනි. ඉහල ආකාසය දැන්දැන් වැහිබර ගතියක් පෙනෙන්නට ඇති බැවින් සිටිතැනින් නික් මුනේ අපගේ ඉලක්කයට හැකි ඉකිමනින් ලගාවීමටය.

එක් අන්තයක මුදුන චයාරුයට පෙනෙන අය

එක් අන්තයක මුදුන චයාරුයට පෙනෙන අය

 

බැලුම් ගලින් පහල බැලු කල දර්ශනය වන ආකාරය

බැලුම් ගලින් පහල බැලු කල දර්ශනය වන ආකාරය

අවටින් පෙනෙන සුන්දර කදුවලල්ල

අවටින් පෙනෙන සුන්දර කදුවලල්ල

මානා කැලෑවෙන් ෆයිනස් කැල්ට ආ අපට යාමට වුයේ කෙටි දුරක් පමනි. ෆයිනස් කෑල්ලේ යටි රෝපනයක් ලෙස නිර්මානයවු ලදු කැලෑවකි. ආයුධයක් වත් ලග නැත නමුත් ගමන අතහැරීමටද අප කිසිවෙකුත් සුදානම් නැත. ලීයක හා කකුලේ අධාරයෙන් ඝනව පැතිරුන ලදු කලෑවත් යෝධ මානා ශාකයනුත් තලමින් ඉදිරියට ඇදෙන්නට විය. අපට මෙතෙක් මුන පෑමට නොවු ගැටලුවකටද ලදු කැලෑවට ඇතුල්වනවාත් සමගම මුහුණ දීමට සිදුවිය. එනම් දරුනු ලෙස කූඩැල්ලන්ගේ ග්‍රහනයට හසුවීමයි. ලදු කැලෑ තුලින් රිංගාගන යන නිසා හිසේ සිට දෙපතුල දක්වාම කූඩැල්ලනිගේ දෂ්ඨනයන්ට ගොදුරුවිය. අතර මගදී අපට ඌරන් හෝ එවැනි සතුන් විසින් කලායැයි සිතිය හැකි පදුරුපොඩි කිරීම් දැකිය හැකිවිය. මෙම ප්‍රදේශයට මිනිසුන් මෑත කාලීනව ආවායැයි සිතිය හැකි කිසිදු සාධකයක් නොමැති නිසා මෙවැනි පදුරු පොඩිකිරීම් අනිවාර්යෙන් සතුන්ගේ ක්‍රියාකරම් බව පැහැදිලිය. එමෙන්ම දිවියෙකුගේ හෝ එම කුලයේ සතෙකුගේ වසුරුද දැකගත හැකිවිය. සිතට යම් චකිතයක් ආවද අප ඉදිරියටම ගියේ අපගේ අරමුනට ලගාවීමටය .

image026

ඔබ කබරගල කන්ද හරහා මුදුනට යන්නට සිතනවාවම් හොදින් කැපෙන මන්නයක් වැනි ආයුධයන් ගෙනයන්න අමතක නොකරන්න. එමෙන්ම ගමන් කිරීමේදී නිරන්තරයෙන් කන්දේ වම්පස දල බැවුම ලුහු බදින්න හැබැයි හොදින් මතක තියාගන්න බෑවුමට අඩි 12ක් වත් පහලින් ගමන් කරන්න. මොකද අයිනෙන්ම ගමන් කිරීමේදී සමහර ස්ථාන වල කන්ද තුලට ඛාදනයක් වී තිබුනොත් හා එම ස්ථානවල මානා පදුරු හැදී තිබුනොත් එම ඛාදනයවු ස්ථාන නොපෙනෙන බැවින් එවන් ස්ථානයකට පය තබා විශාල අනතුරක් විය හැක. ඒ වගේම GPS උපකරණයක් හෝ සිතියමක් තිබීම වඩාත් යෝග්‍යවේ.

කදුමුදුනින් ඉදිරියට නෙරාවිත් ඇති ගල කුලු

කදුමුදුනින් ඉදිරියට නෙරාවිත් ඇති ගල කුලු

අතර මග මුනගැහුන පුංචි අමුත්තා

අතර මග මුනගැහුන පුංචි අමුත්තා

ලදු කැලෑවෙන් බසු නැවතත් අපට හමුවුයේ තේ වත්තකි. කලින් කියු පරණ තේවත්තේ කොටසක් විය හැක. මොකද කැලෑවැදී තිබි ලගදී හෙලිපෙහෙලි කර කප්පාදු කල බවක් පෙනෙන්නට තිබුනි. මද දුරක් යනවිට අපට පරගල වත්ත පැත්තේන් එන පාර හමුවිය. තේවත්ත දිගේ ඉහලට යනවිට නැවතත් ලදුකැලෑව හමුවෙයි. එහි මද දුරක් යනවිට ගල් පොත්තක් හමුවෙයි. මෙතනට කදුමුදුන ඉතාමත් හොදින් පෙනෙයි.

පරගල පාරත් අප ගමන් ගත් පාරත් එක්වන ස්ථානය

පරගල පාරත් අප ගමන් ගත් පාරත් එක්වන ස්ථානය

අවසන් ලදු කැලෑව

අවසන් ලදු කැලෑව

මෙතැන් සිට අඩි 4ක් පමන උස මානා පදුරු පිරාගෙන යායුතු වන අතර එක් ස්ථානයක පමනක් කටු සහිත ලන්දක් හමුවේ. මෙය පසුකර යාමේදී පරිස්සම් විය යුත්තේ වේදනා කාරී සීරිම් අපගේ ශරීරයේ සටහන්වු බැවිනි.

කබරගල කදු මුදුනේ අවසාන මානා පදුරු පීරමින්

කබරගල කදු මුදුනේ අවසාන මානා පදුරු පීරමින්

දිනේෂ්  | අනුපම |රොවිල් | සුමුදු

දිනේෂ් | අනුපම |රොවිල් | සුමුදු

ඔන්න ඉතින් අපි කොහොම හරි මුදුනටම ආව. අවාසනාවකට මෙන් ඒ වනවිට වැහි අන්දකාරයත් මීදුම් වලාවත් අවට පරිසරය ගිලගෙන තිබුන. කබරගල කදුමුදුන සිසාරා හමාගිය සිසිල් සුලගත් මීදුම් පටලයත් සමග ආ පින්නත් අපගේ වෙහෙසකර ශරීරයට ගෙන ආවේ මහත් අස්වැසිල්ලකි. කදු මුදුන උඩ විනාඩි 45ක් පමන එහි සුන්දරත් විදගත් අප නැවත ඒමට සැරසෙද්දි වැහි බිදු එක දෙක වැටෙන්නට පටන් ගන්නවාත් සමග අප සිහියට ආවේ අප සිටින්නේ සම්පුර්න එලිමහන් උසක බවයි. කඩිමුඩියේ අප පය ඉක්මන් කරමින් ඇවිද ගියේ ආවරණ රහිත කලාපයක් අකුණු සැරට ආනාරක්ෂිත යැයි සිතට ආ නිසාය.

කබරගල නැග්ග අපි

කබරගල නැග්ග අපි

නටුවෙන් ගිලිහි සුලගේ පාවීමට වෙර දරන මල් රේනු

නටුවෙන් ගිලිහි සුලගේ පාවීමට වෙර දරන මල් රේනු

 

ඈතසිට බලන කල මිනිස් මුනක් මෙන් පෙනෙන කදු ශිකරයේ මුදුන

ඈතසිට බලන කල මිනිස් මුනක් මෙන් පෙනෙන කදු ශිකරයේ මුදුන

කබරගල උසම ස්ථානය

කබරගල උසම ස්ථානය

ආපසු ගමන අනෝර වර්ෂාවෙන් පසු මෙතැන්සිට පරගලට කිලෝමීටර් 4ක්         පමන ඇති අතර පරගල පැත්තෙන් වාහනයකින් එනවානම් මෙම                                   ස්ථානයටම වාහනයෙන් ආහැක

ආපසු ගමන අනෝර වර්ෂාවෙන් පසු මෙතැන්සිට පරගලට කිලෝමීටර් 4ක්
පමන ඇති අතර පරගල පැත්තෙන් වාහනයකින් එනවානම් මෙම
ස්ථානයටම වාහනයෙන් ආහැක

අවට සොදුරු දසුන්

අවට සොදුරු දසුන්

පරගල පැත්තෙන් කබරගල දිස්වෙන ආකාරය

පරගල පැත්තෙන් කබරගල දිස්වෙන ආකාරය

පරගල පැත්තෙන් අප පල්ලම් බැසීමට පටන් ගත්තේ අනෝර වැස්සේමය. සීග්‍ර බැස්මක් තිබු බැවින් ආරක්ෂා කාරීව බැසීම ඉතාමත් අපහසුවුනේ වැස්ස නිසාවෙන් පය තබන තබන තැන ලිස්සන බැවිනි. කොහොමින් කොහොම හෝ පරගලට එනවිට මඩේ ලැග්ග ඌරන් මෙනි. පරගලින් ත්‍රිවීලරයක් හොයාගත් අප මග නිවසක තබා තිබු අපගේ මලුද රැගෙන සවස 6.30 ය 7 පමන වනවිට නාවල පිටියට පැමිනීමට හැකිවිය. නාවල පිටියෙන් දහවල් ආහාරය ඒ වේලාවට ලබාගත් අප නැවතත් ත්‍රිවීලරයකට නැගගත්තේ එදින නවාතැන් ගැනීමට සිටි ඉගුරුඔය ලාල් මහත්මයගේ නිවස නැතිනම් මාගේ නෑනාගේ නිවසබලා යාමටය.

ජය වේවා!

ගොනු කර ඇත්තේ: කඳු තරණය

Tags:

RSSComments (13)

Leave a Reply | Trackback URL

  1. Manoj says:

    අපිවත් සෙට් කර ගන්න

  2. රවීන් says:

    නියම ගමනක් යාළුවා….
    ජයවේවා!!!

  3. roshan says:

    සුපිරි ට්‍රිප් 1ක්..කට්ටත් එ වගෙ.
    ජයවේවා!!!

  4. Asanka says:

    ෂෙහ්….මටත් යන්න ඇත්නම්….අවුරුද්දකින් කොහෙවත් ගියෙ නෑ…මේක නම් මරු ටුවර් එක….

    නඩේ ගුරා කට්ටිය එක්ක සෙට් වෙලා යන්න පුලුවන්ද??

    • සුමුදු මහේෂ් සංජය says:

      අනිවාර්යෙන් පුලුවන් දිනේෂ්ව අමතන්න

  5. Bandara says:

    ණියම ගමනක්. ඇපිත් Eකතු වෙන්න කමති.

    • සුමුදු මහේෂ් සංජය says:

      පුලුවන් දිනේෂ් අමතන්න

  6. viraj says:

    සුන්දර අත්දැකීමක් හැමෝම එක්ක බෙදාගත්තාට බොහොම ස්තුතියි.

  7. roville says:

    one of the most exiting hikes i have done with our team nadegura, wonderful experience, beautiful scenery, you name it, we had it all up there, best of all LEACHES, oh that was plenty, i also has 28 bites, but looking forward for another exiting hike again, soon……..

  8. Praසන්ன says:

    හොඳ චාරිකාවක් වගෙයි.

Leave a Reply