සුන්දර කඩි ඇල්ල / කඩියන්ලෙන / කැටබූල ඇල්ල

කතෘ : සුමුදු මහේෂ් සංජය පෙරේරා
කතෘ හා සම්බන්ද වන්න : p.s.m.s.perera@gmail.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2013–04-20 2 4 වියලි වෑන් රථයය
මාර්ගය
නාවල පිටිය තලව කැලේ (B317)
නවාතැන
ඉගුරු ඔය
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • බිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත් විය හැක.

  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න

  • සොබා දහමේ සින්නක්කර අයිතිය සොබා දහමටම ලබාදෙන්න එය ඔබේ නොව මතු පරපුරේ උරුමයයි මතක තබාගන්න ඔබගේ මවටද ජීවය දුන්නේ මේ සභාකෙතයි එය කෙලෙසීම තම මව කෙලෙසුවා හා සමානයි

  • සිහි බුද්දියෙන් බලන්න මදුවිතට සුන්දරත්වය යටවේ විනාෂය මතුවේ

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

සුන්දර කඩි ඇල්ල නැරබීමට නාවල පිටියට ගොස් තලව කැලේ මාර්ගයේ(B317) කිලෝ මීටර් 10ක් පමන යන විට මාර්ගයේ ඉහලින් හා පහලින් කොටස් තුනකින් සමන් විත මෙම අලංකාර දිය ඇල්ල දිස්වෙයි පොදු ප්‍රවාහන සේවයෙන් ඇල්ල නැරබීමට යනවානම් නාවල පිටියට කෝච්චියෙන් පැමින 715/1 නාවල පිටිය තලව කැලේ බසයට ගොඩවී කඩියන් ලෙනට ටිකට් ගෙන ඇල්ල ගාවින් බස්සවන්න කිවුවනම් ඇල්ගාවින්ම බැසගත හැක
image001image002

අලුත් අවුරුද්ද ඉවර වෙනවාත් සමගම නාවල පිටිය බලා පිටත් වුයේ නැගනියගේ නිවසට යාමටයි ගෙදර සාමාජිකයි සමග එදා සවස් වන විට අප නාවල පිටියට ලගාවිය අසල දොලකින් හිතේ හැටියට නාගත් නිසාවෙන් ගමන් විඩාව අතුරුදහන් වී ගියේය අපවිසින් එදින නින්දට වැටුනේ පසුදින උදෑසනින්ම කඩි ඇල්ලද බලා නැවතත් නිවසට ඒමේ අදහසින්ය

image003

උදෑසනින්ම පිටත්වෙන්න හිතා සිටියද අප ඉගුරුඔය නැගනියගේ ගෙදරින් පිටත්වන විට 11ත් පසුවි තිබුනි කෙසේහෝ පැයකින් පමන අපට කඩි ඇල්ලට ලගාවීමට හැකිවිය

image004

කඩියා ලේන ග්‍රමය පසුකරනවාත් සමගම නෙත් සිත් අදහාගත නොහැකි දසුනක් නෙත් මානයේ මැවින ඒ කඩිඇල්යි ඉතාමත් සුන්දර කොටස් තුනකින් සමන්විත මෙම ඇල්ල ඇලි තුනක් ලෙස තුන් පොලකි කඩාහැලේයි පලමු කොටස සිට මීටර් 200කින් පමන දෙවන කොටසත් තවත් මීටර් 200කින් පමන තුවන කොටසත් කඩාවෙටෙයි

image005

image006

image007

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ඇල්ලේ කොටස් තුනටම ලේසියෙන් ලගාවීමට ඇති හැකියාවයි පලමු කොටසට ලගාවීමට ඇල්ලේසිට දකුනු පස නැතිනම් නාවල පිටිය පැත්තෙන් පඩිපෙලක් ඇත ඉන් ඉතාමත් ලේසියෙන් පලමු කොටසට ලගාවිහැක

දෙවන කොටස ඉහලින් නාවල පිටිය තලව කැලේ මාර්ගයේ පාලම ඉදිවී ඇති අතර දෙවන කොටසට බැසීමට වම් පසින් ඇති ගලේ පඩි පෙලක් ආකාරයට සැකසී ඇති අතර ප්‍රවේස මෙන් බැසගත හැක

තුන් වන කොටසට බැසීමට බැලු බැල්මට තැනක් නොමැති වුවද නාවල පිටිය පැත්තට මීටර් 100ක් පමන එන විට පාලුවට අතහැර දැමු නිවසක් (මා යන විට මෙම නිවස පාලුවට ගොස් තිබු අතර පසුව කෙසේදැයි නොදනිමි) පහලි දිස් වෙයි එම නිවසට බැසීමට ඇති පඩිපෙල ඔස්සේ පහලට බැස එම නිවස පිටුපසින් තුන්වන කොටසට බැස ගත හැක.

image008image009

මෙහි පිහිටීම නාවල පිටිය තලව කැලේ මාර්ගයේ පාලමට ඉහලින් කොටස් දෙකක්ද පහලින් එක් කොටසක් ලෙසත් කඩා‍වැටෙයි

image010ඉහලම කොටසේ ආසන්නයටම යත්ම පින්න හේතුවෙන් මුලු ශරීරයම තේත් බරිතවෙයි මෙම කොටස ප්‍රචන්ඩ ලෙස එකවරම කඩාහැලේ දෙවන කොටසේ යම් කිසි ලාලිත්‍යක් දැකියහැකි අතර දෙපොලකින් කඩාහැලේ යලිත් තුවෙනි තට්ටුව පලමු තට්ටුව තරම්ම නැතිවුවත් යම් ප්‍රචන්ඩත්වක් පෙන්නුම් කරයි

image011image012

කඩිඇල්ලෙන් කුඩා ජල විදුලි බලාගාර දෙකක් පොෂනය ලබන අතර එක් කුඩා බලාගාරයකින් කැටබෝල වතුයායට විදුලිය ලබාදෙයි එම බලාගාරයට ජලය ඇල්ලේ ඉහලි ලබාගන්නා අතර අනෙකට ඇල්ලේ පහලින් ජලය ලබාගෙන ඇත.

image013
image014

හාත් පස බලත්ම චමත්කාර දර්ෂනක් මැවෙන අතර ඇල්ලට මායිම්ව ඇති කැටබෝල වතුයාය අවට පරිසරයේ චමත්කාර බව ත්වත් වැඩිකරයි මෙහි ඇති සුන්දරත්වය හා වටිනාකම තේරුගත නොහැකි කාලකනිනි සුනකයන් විසින් අප ගිය අන් දියඇලි මෙන්ම මෙහිද තැන් තැන්වල බෝතල් කුඩුකර තිබුනි දමා ගිය පොලිතින් තුන්ව තට්ටුවේ සිට ජල පහර දෙපස දැකගත හැක.

image015
image016

මෙම ඇල්ලට ස්නානය සදහා යන්නේනම් සැලකිය යුතු ප්‍රධානම කරුනනම් ඇල්ලේ දෙවන හා තෙවන කොටස් ඒ සදහා උචිත නොවන අතර පලමු කොටසේ ඇති ජල තටාකයන් ගෙන් පමනක් ස්නානය කිරීම තමන්ගේ ආරක්ෂාවට හිතකරය

image017 image018

image019

පලමු මාලයේ පිහිටා ඇති ස්නානය සදහා සුදුසු නොගැබුරු තටාක වර්ෂා සමයත් සමග ඇල්ලේ සියලු ස්ථාන අනාරක්ෂිත බව සලකන්න වර්ෂා සමයේදී ස්නානයේදී ඉකාමත් ප්‍රවේසම් වීම වැදගත්ය වරින් වර දියපහරේ සබාවය වෙනස්විය හැක ඉතාමත් ‍කෙටි වෙලාවකදි ජලපහර ප්‍රචංඩ විය හැක.

image024

මෙහි දියනෑමට එන පිරිසෙන් වැඩි පිරිසක් මදුවිත තොලගා අනාරක්ෂිතව දියනෑම සිදුකරන බව පෙනෙන්නට තිබුන අතර එය මාරයාත් සමග සෙල්ලම් කිරීමකි ඒ මන්දයත් මොනයම් ආකාරයකින් හෝ පය ලිස්සා ගොස් දෙවන කොටසේ ජල දහරත් සමග වැටුනහොත් බේරීමට ඇත්තේ ඉතා අල්ප ඉඩක් පමනි ඒ සමගම තෙවන කොටසේ සැඩ පහරට අසුවුවහොත් එය ගල් තලාවක් මතට කෙලින්ම පතිතවෙයි

මෙම ස්ථාන වන අනතුරුවලින් 99%ක්ම මදු විත නිසාවෙන් සිදුවන අතර ප්‍රවේසම ජීවිතයට සුවදායක වනුඇත

නඩේ ගුරා සංචාරක හා සංරක්ෂණ සංවිධානයේ කඩි ඇල්ල  / කඩියන්ලෙන ඇල්ල වාර්තා වැඩසටහන

 

ජය වේවා!

ගොනු කර ඇත්තේ: දියඇලි

Tags:

RSSComments (9)

Leave a Reply | Trackback URL

  1. roville says:

    It is a wonderful water fall so calm yet has its own danger zones, the beauty of it satisfies the eyes, and team nadegura, thank you for bringing out another wonderful gift of nature to our spectrum.

  2. chathura says:

    නියම ලිපියක් සහෝදරයා.මගේ සුභ පැතුම්.මෙහි එක් තැනක කාලකන්නි සුනඛයින් ලෙස ලියා තිබෙනු දුටුවා. සුනඛයන්ද මෙවැනි වටිනා ස්ථානය මෙලෙස විනාශ කරන්නේ නැත.මේ මිනිසුන් සුනඛයින්ටත් අන්තය.ඒ නිසා කාලකන්නි සුනඛයින් කියන වචනය මෙවැනි මිනිසුන්ට හොද වැඩිය.එසේ යෙදුව හොත් සුනඛයින්ටද අවනම්බුවකි.එබැවින් මෙවැනි මෝඩ ආත්මාර්ථකාමී මිනිසුන්ට මීට වඩා උචිත වචනයක් යෙදුවා නම් වඩා අගනේ ය.

    • සුමුදු මහේෂ් සංජය says:

      කමෙන්ටුවක් කොටා දිරිමත් කලාට හා ඇගයුවාට ස්තුති ඔපගේ මතය මා පිලිගන්නවා ඉදිරියේදි එම වචන භාවිතයේදි ප්‍රවේසම් වන්නම් ස්තුති!!!!!!

  3. viraj says:

    සුන්දර චාරිකා සටහනක් අපත් එක්ක බෙදාගත්තාට බොහොම ස්තුතියි.

  4. admin says:

    සුන්දර හා වැදගත් චාරිකා සටහනක්

  5. U says:

    ලස්සන සටහනක්!

  6. Praසන්ன says:

    ලස්සන දිය ඇල්ලක් වගෙයි.
    ඔය කොයි තැනත් විනාශ කරන්නෙ අපේම මිනිස්සු තමයි.

Leave a Reply