කිරිගල්පොත්තේ අසිරිය සොයා

කතෘ : උපුල් නන්දන
කතෘ හා සම්බන්ද වන්න : upul1net@gmail.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2013 අගෝස්තු 3 4 උදය වරුවේ හොඩින් හිරු පායා තිබු අතර දහවල් වන විට එය එකවරම වෙනස් වී මීදුම සමගින් මද වෑසි ඈද වෑටුනි පොදු ප්‍රවාහන සේවය
මාර්ගය
කොළඹ – පට්ටිපොළ -> මහඑලිය තැන්න
නවාතැන
හෝර්ටන්තෑන්න කදවුරු බිම
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • කුඩා ලමුන් වෑඩිහිටියන් රෑගෙන යාමෙන් වලකින්න

  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න

  • වෑසි ආවරනයක් රෑගෙන යන්න

  • නිහඩ බව රෑක ගන්න

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

හෝර්ටන් තෑන්න කදවුරු බිමේ ගත කල ගෙන දින 3න් දෙවන දිනය වෙන් කර තිබුනේ කිරිගල්පොත්ත කදු තරනය සදහායි. කලින් දිනයේ සෑලසුම් කල පරිදි උදේම නෑගිටල කෑම එහෙම හදාගෙන ලෑස්ති උනා. උදේ 9 වෙනකොට කිරිගල්පොත්ත කියන පුවරුව තිබුන තෑනින් ගමන පටන් ගත්තා. (මතක තියා ගන්න, ඔබත් මේ ගමන යනවනම් උදෙන්ම යන්න පටන් ගන්න. මොකද මේක පෑය 6ක් විතර යන ගොඩාක් දුශ්කර ගමනක්.අනිත් එක කාලගුනය එක පාරටම වෙනස් වෙනවා.)

image001

කොහොමහරි ඉතින් උදේම නම් හොදට ඉර පායල තිබුනා. ගමනේ මුල් ම කොටස වෑටිල තිබුනේ විවෘත තෑනිතලා ප්රදේශයක් මෑදින්. (වනජිවි නිලදාරින් කීව විදියට මේ මාර්ගයේ කලින් සතියේ ගියට පස්සේ කව්රුවත් ගිහින් තිබුනෙ නෑ) ඉතින් මෙහෙම පරිසරයේ අසිරිය විදිමින් 1Km විතර එනකොට බෙලිහුල් ඔය කොමලිය මුන ගෑසුනා.

image003image005

අයිස් වගේ සීතල වතුර ඈගේ දවටගෙන අපි ඉදිරියටම ඈදුන. (මතක තබා ගන්න, මෙතනින් දකුනු පස මාර්ගයේ ඔබ යා යුතුය)

image005image007image009

දෑන් නම් කාලගුනය මුලුමුනින්ම වෙනස්වෙලා. මීදුමෙන් හෑම දේම වෑහිල ගියා එක පාරටම. මෙහෙම තවදුරත් යනකොට තිබුන අඩි සටහන් වලින් නම් අපි ටිකක් තෑති ගත්තා. මොකද කියනවනම් ඒ දිවියෙකුගෙ අඩි සටහන් කියල අපිට තේරෙන්න වෑඩි වෙලාවක් ගියෙ නෑ.

image011

කොහොමහරි ඉතින් අපි දෑන් පිට්ටනිය පහු කරල කෑලේ ඈතුලට එවිත් තිබුනා ඒ වෙනකොටත්.

image013image015image017

මේ විදියට තවත් 1.5Km විතර එනකොට තවත් ලොකු ඈබෑද්දියකට මුන දෙන්න උනා. එ තමා ඉදිරියෙන් මීටර්10ක් විතර කොටසක් සම්පුර්නයෙන්ම මඩ වගුරක් වෙලා. අඩිය තියන්න බෑ එරෙනව. කොහොමහරි ඉතින් ලී කෑලි එහෙම දාල අමාරුවෙන් එතනින් එගොඩ උනා. (හෑබෑයි ඉතින් අපේ එක්කෙනෙක් ආසාවටත් එක්ක මඩ නෑවා)

දෑන් නම් වෑස්සත් පටන් ගත්තා. අඩිය තියන තෑන් ලිස්සනවා හෑමතෑනම. අමාරුවෙන් වෑටි වෑටි ඉස්සරහටම ගියා. දෑන් අපි ගල් පොත්තක් දිගේ නගින්න ඔනා. වෑස්ස නිසා එකත් ගොඩක් අමරු වෑඩක්. මොකද අඩිය තියන තෑන් හොදටම ලිස්සනව.

මෙහෙම ඉදිරියට යනකොට අපි කදු මුදුනට ලන් වෙන බව තේරුනා. හෑබෑයි අවාසනවකට වගේ වටපිටවනම් මොනවත් පේන්නෑ.
සේරම මීදුමට වෑහිල ගිහින්. අපි අහසේ ඉන්නව වගේ කියල තමා අපිටනම් දෑනුනේ.

 

මෙතනින් ඉස්සරහට ගමන ගොඩක් අවදාන්නම්. දෙපෑත්තෙන්ම හෙල, මීදුම නිසා මොනවත් පේන්නෑ. එ විතරක් නෙවේ හුලගත් ගොඩක් සෑරටම තිබුනා.

image037 image039“මෙතනින් එහාටනම් යන්න බෑ ඔන්න” අපේ 2ක් කීවා.එත් ඉතින් මටනම් ඉතුරු ටිකත් යනකන් ඉවසිල්ලක් නෑ. හෑමදාමත් මගේ ගමන් සගය උන “මෙගාටත්” එහෙමමයි. ඉතින් අපි 2 තනියම ඉතුරු ටික යන්න පටන් ගත්තා.

image041ආවට මොකද ගමන නම් ලේසි නෑ. අමාරුවෙන් කොහොමහරි මුදුනටම ගියා. ලන්කාවේ දෙවනියට උසම කන්ද උඩ නේද ඉන්නේ කියල හිතෙනකොටනම් පෑය 4ක් තිස්සේ අමාරුවෙන් කන්ද නෑගල තිබුන මහන්සිය කොහෙන් ගියාද නෑ. හෑබෑයි ඉතින් අවාසනාවකට වගේ මීදුම නිසා අවට කිසි දෙයක් පෙන්නේ නෑ.

ආයේමත් පහල හිටිය 2 ලගට ගිහින් ගෙනාව කෑම 1 කෑව.  තවත් ටික වෙලවක් ඉන්නකොට වෑස්ස පටන් ගත්තා.
දවල් 1 විතර අකමෑත්තෙන් උනත් එන්න පිටත් උනා. අයේමත් දවසක එනව කියන බලාපොරොත්තුවත් හිතේ තියානම.

image051 image053 image055 image057වෑස්ස නිසා ආපසු එන ගමන නම් ගොඩක් අමරු උනා. අපේ වෑටෙන යාලුවත් පෙරලි පෙරලි පල්ලම් බෑස්සා. 4 විතර වෙනකොට පටන් ගත්තු තෑනට එන්න පුලුවන් උනා අපට. ඒ වෙනකොටනම් හෑමෝම හොදටම හෙම්බත් වෙලා හිටියේ. ජිවිතේ කිසි දිනක අමතක නොවන සුන්දර අත් දෑකීම් රෑසක් එක් කල ගත් අපි ඉක්මනින් අපේ කදවුරු බිමට ගියේ උනුවෙන් කෝපි 1ක් බීලා මෙගාගේ ලස්සන කවියක් අහන බලාපොරොත්තුව හිතේ තියාන.

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: කඳවුරු බැඳීම

Tags:

RSSComments (4)

Leave a Reply | Trackback URL

  1. viraj says:

    බොහොම අපූරු අත්දැකීමක්.
    අපිත් එක්ක බෙදාගත්තාට බොහොම ස්තුතියි.

  2. රවීන් says:

    නියම ගමනක් සහෝදරයා… වැස්ස නිසා ඉතාම අමාරුවෙන් කන්ද තරණය කල බව නම් පේනවා.ඒත් ඒ අපහසුව මැඩගෙන කන්ද මුදුනට යාමත් තවත් හොද අත්දැකීමක් කියා මම හිතනවා.ඉතාමත් ලස්සන පින්තූර ටිකක්…..ජය වේවා…!!!

  3. U says:

    නියමයි!

  4. Praසන්ன says:

    නියම අත්දැකීමක්.
    අවදානම දරාගෙන ඉහළටම ගිය එක අගය කළයුතුයි.

Leave a Reply