RSSAll Entries in the "ගල්ගුහා නැරබීම" Category

වවුල්පනේ හිරිගල් ගුහාව – ලංකාවේ එකම අභ්‍යන්තර කිවුල් දිය ඇල්ල

image021

මේ සංචාරක සටහන කියවන ඔබ, කවරදාක හෝ වවුල්පනේ හිරිගල් ගුහා නරඹලා තියෙනවාද? එහෙම නැතිනම්, පරිසර සංචාරකයෙක් විදිහට ඔබේ සංචාරක දිවිය සම්පූර්ණ නැතැයි කියා මම අද ඔබට කියනවා. ඒ මොකද, වසර කෝටිගනනක් පැරණි, අතිසුන්දර හිරිලඹින් සහ හිරි ටැඹින් පිරුණ වවුල්පනේ හුණුගල්ගුහා ගවේෂණයෙන් ලැබෙනා අත්දැකීම, අනෙකුත් ඒ හා සමාන පරිසර සංචාර හා සැසදීමේදී බොහෝම වෙනස් සහ විරල ගණයේ සංචාරක අත්දැකීමක් වන නිසාමයි.

නිහඩ අරණ සල්ගල ආරණ්‍ය සේණාසනය

image011

ගවේෂණශිලී කාගේත් බලාපොරොත්තුව තමයි කෙටිකාලයකින් අඩු වියදමකින් විදින්න පුලුවන් විවිදත්වයක් සහිත ස්ථානයන්ට එක චාරිකාවකින් ළගා විම , අන්න එවැනි අයවෙනුවෙන් තමයි අද දවසේ සිට ඉදිරියට මම චාරිකා සටහන් ඉදිරිපත් කරන්නේ. මේ යටතේ සල්ගල සල්ගල අරණ්‍ය සේණාසනය(ගලපිටමඩ), දුනුමාල ඇල්ල ( අල්ගම ) , අලවල පොත්ගුල් ගල්ලෙන් රජමහාවිහාරය, අත්තනගල්ල රජ මහාවිහාරය යන ස්ථාන පිළිඹදව සටහන් තබනවා.

වළගම්බා අතීතය සමග පිළිකුත්තුවට

image013

කොළඹ නුවර පාරේ මිරිස් වත්ත හන්දියෙන් හැරි වතුරගම ප්‍රධාන පාරේ කී.මී. 05 ක් පමණ ගිය පසු ඇති පිළිකුත්තුව හන්දියෙන් වමට හැරි මි. 500 ක් පමණ ගිය පසු පිළිකුත්තුව විහාරයට ලගා වන්න පුලුවන්. පිළිකුත්තුව යනු මෙම විහාරය හා ගම හදුන්වන නාමයයි. වළගම්බා රජු පහත රට සැගව සිටින කාලයේ පිළිකුත්තුව ලෙන් ගුහාතුල වැඩි කාලයක් සැගවිසිටිබව කියවේ.

බටදොඹ ලෙනට…

bata domba lena balangoda 3

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා වන “බලංගොඩ මානවයා” ගේ වඩා වැදගත් සාධක හඳුනාගත්තේ මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල හා ආචාර්ය ශිරාන් දැරණියගල යන් විසිනි. ඔවුන්ගේ පර්යේෂණ වලින් ප්‍රාග් ඓතිහාසික සත්ත්ව, මානව පොසිල අවශේෂ සොයාගනු ලැබිණි. පාහියන්ගලින් අවුරුදු 31,000 ත් පැරණි හිස්‌ කබලක්‌ද, බටදොඹ ලෙනින් අවුරුදු 28,000 ක්‌ පැරණි. හකු ඇටයක්‌ද හමුවිය.

ඔබ නුදුටු විල්පත්තුව – ඔච්චප්පුකල්ලු නටඹුන්

Occappukallu Ochchappukallu Cave Ruins 13

ඔබ නුදුටු විල්පත්තුව වැනි වෙනස් ආකාරයක නමක් යොදා තිබීම විල්පත්තුව නැරඹීමට ගිය ඔබගේ විමතියට හේතු විය හැකි බව සක්සුදක් සේ පැහැදිලිය. එනමුත් බොහෝවිට සංචාරකයකු විල්පත්තු වනපෙත නැරඹීමට පැමිණෙන්නේ දිවියෙකු, වලසකු හෝ අලියෙකු දැකගැනීමේ අදහස පෙරටු කොට ගෙනයි.

වළගම්බා රජු සැඟවී සිටි පෙට්ටගම් ගල

Dikanda temple pettagam gala 4

ගිය සතියේ ඔයගොල්ලොත් එක්ක කොට වානේ ගල බලන්න ගියා මතක ඇතිනේ.අදත් අපි යන්නේ යක්කල – කිරිඳිවැල පාරේ. අද අපි යන්න හදන්නේ වළගම්බා රජතුමා සැඟවිලා හිටපු පෙට්ටගම් ගල බලන්න. ඒ යන ගමන් වලගම්බා ඉතිහාසයට වැදගත් තවත් ස්ථානයක් බලන් යන්න තමයි හිතන් ඉන්නේ. ඒ මොක්කක්ද අප්පේ ඒ…? විස්තර පස්සේ කියන්නම්කෝ එහෙනම් ලෑස්ති වෙන්නකෝ අපිත් එක්ක යන්න.

සියනෑ කෝරළයේ වළගම්බා තතු සොයා කොටවානේ ගලට

kotawane gala 15

අද මං ඔයගොල්ලන්ව එක්කන් යන්න හදන්නේ වළගම්බා ඉතිහාසය දිගේ ගමනක්. ඔයගොල්ලෝ ඉතින් අපි එනකම් මග බලාගෙන ඉන්නවා කියල දන්නවා ඒක නිසා වැඩි කතා නැතිව කෙලින්ම ගමන යන්න පටන් ගමු. අපි පලමුමෙන් නුවර පාරේ මිරිස්වත්ත පහු කරලා යක්කල හන්දියට යන්න ඕන. යක්කල හන්දියේ ඔරලෝසු කනුව ලඟින් දකුණට හැරෙමු. මේ පාරට කියන්නේ යක්කල – කිරිඳිවැල පාර කියල.

නලිනි ඇල්ල ( නිවැරදි නම හෝ උස නොදනී )

5

ඔක්තෝබරය ළඟාවත්ම වැසි කාලය එළඹීමට නියමිතව තිබුන මුත් මුළු පළාතම පුරා පැතිර පැවතුනේ අධික හිරු රශ්මියකි, සියලු දිය උල්පත් සිදෙමින් තම අවසන් හුස්ම අදිමින් පැවතුනි. අප නමුනුකුල කන්ද තරණයෙන් පසු ස්ප්‍රින්ග් වැලි දෙසට බැස්ම ආරම්භ කළෙමු. වතුකරයෙන් සොයාගත් සහයකන් දෙදෙනා සමග ක්‍රමක්ක්‍රමයෙන් පල්ලම් බස්සිදී හදිස්සියේ අප නෙත් යොමු වුයේ සුන්දර දිය ඇල්ලක් වෙතය.