RSSAll Entries in the "දිගු දුරක් ඇවිදීම" Category

ඔහිය සිට කළුපහනට, යකාගේ පඩිපෙළ හරහා පාද චාරිකාවක්

image057

පසුදින පාන්දරින්ම අප ගමන ආරම්භ කිරිමට අදහස්කර සිටියත් පෙරදින දුම්රිය ගමනේ නිදිවර්දිත බව නිසා අවදිවනවිට හත පසුවී තිබිණ. අප ගමන ආරම්භ කරනවිට අටත් පසුවී තිබිණ. මේ නිසා ගාමිණී මහතාගේ රථයෙන් අපව මහඑළිය (හෝර්ටන්තැන්න) දක්වා ඇරලවාගතිමු. මේ අතර මැදදී නැරඹිම සදහා ප්‍රවේශපත්‍ර ලබා ගත යුතුය.

වියළි සුළං රැළි දියබිඳු වළින් තෙත් කළ ගිමිහාන කඳවුර

image041

මෙතෙක් වේලා බොහොම නිශ්චලත්වයෙන් හිටි නල කුමරුන් හෙමින් හෙමින් සිය රංගනයන් දක්වන්නට පටන් ගත්ත. මඳ වේලාවකින් සිය වේගය වැඩිකර ගත් ඔහු අපවත් ඉහළට ඔසවා ගෙන යාහැකි තරමේ රංගනයක් අපි ඉදිරියේ රඟන්නට උනේ අපේ පුංචි එවුන්ට සතුට සදා දෙමින්. හිටපු ගමන් වියරු වෙස් අරගන ඔහු රැගුවෙ ඔහුගේ නල කුමරිය ඔහු අතහැර ගිය සෝකය හා කෝපය නිසා දෝ කියලත් හිතුන.

කිරිගල්පොත්තේ චුරු චුරුවෙන් ඇරඹී ලෝකාන්තයෙන් දෝරගලා ගිය වසන්ත කඳවුර

image027

අපි මහ නිදහස් ජාතියක්ලු. දේශමාමක කම ඉහින් කනින් බේරෙන්නෙ. ඒත් තවමත් අපේ ජාතික මහා උරුමයන් හඳුන්වන්නෙ අපේ රටට වින කරපු පරගැති සුද්දන්ගෙ නමින්. කොහොමෙන් කොහොමෙන් හරි අපේ පැරැුන්නො මහඑළිය තැන්න හෙවත් ගෝනතැන්න කියල හඳුන්වපු ඒ අයස්කාන්ත පරිසර පද්ධතිය හොයාගෙන අපේ ළමා සමාජ දරුවනුත් කැටුව ගිය ඒ වසන්ත කඳවුර ගැන ලියන ලියැවිල්ල වෙනදට වැඩිය වෙනස් මුහුණුවරක් අරගෙන.

දඹදෙණි රජුන් මාළිගා තැනූ මාළිගා ගල

pic 5

දඹදෙණිය විහාරයට යාමට කොළඹ – කුරුණෑගල ප්‍රධාන පාරෙන් අතුරු පාරට හැරීමට සූදානම් වන විට අපට ‘වඩුවා කෙටු ගල’ පැහැදිලිව දැකගන්නට ලැබුනි. වඩුවා කෙටුවා යැයි පැවසෙන පඩිපෙල ඉතා පැහැදිලිව දැකගත හැකිවිය.එහි යාමට මාර්ගයක් නොදත් හෙයින් ප්‍රථමයෙන් මාළිගා ගල ද දෙවනුව පාර අසාගෙන වඩුවා කෙටු ගල යාමට අපි තීරණය කලෙමු.

නකල්ස් කඳු අතරින් මීමුරේට ගිය ගමන

meemure25

කාලෙකින් කොහෙවත් යන්න බැරිඋන නිසා හිතුවා යන්න කොහෙවත් දිහාවක්.හැමදාමත් යන සුපුරුදු ජනප්‍රිය තැන් වලින් වෙනස් වෙලා යන්න තැනක් කල්පනා කරනකොට තමයි හිතුනේ නකල්ස් කදුවලින් වටවෙච්ච මීමුරේ ගම පැත්තේ ගියොත් ටිකක් වෙනස් අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කියලා.මේ දවස් වල කැම්පස් එකේ වැඩි වැඩක් කෙරෙන්නෙත් නැති නිසා අපි 7ක් මීමුරේ යන්න සෙට් උනා.මේ ගමන යන්ට ඒ තරං ලොකු ලැස්තියක් උනේ නං නැ.

මරණ භය කැන්දු බැරන්ඩිගල (Brandy Rock)

Brandy Rock 4

2011 අවුරුද්දේ නත්තල නඩේ ගුරා කණ්ඩායමේ අපි කිහිප දෙනෙකුට ඉතා සුවිශේෂී එකක් වුණා. මොකද මේ නත්තල අපි ගතකලේ මාතලේ දිස්ත්‍රිකයේ තියන රත්තොට කියල පුංචි නගරයක. අපේ ගම් රටවලින් ඈත්ව හුදකලාව ගතකල මේ කෙටි කාලය අප සියලු දෙනාගේ සිත් සතන්වල කිසිදා නොමියන සුන්දර මතකයන් සමුදායක් නිදන් කල එකක් වුණා.

දැරණියගල උඩමාලිබොඩ හරහා සමනල රක්ෂිතය ඔස්සේ ශ්‍රී පාද වන්දනාව

Uda Maliboda Sri Pada 1

ඔන්න ආයෙත් සිරිපාද වන්දනා සමය එලඹිලා. උදුවප් මහ පෝයෙන් ඇරඹී වෙසක් පෝයෙන් අවසන්වන සිරිපා කරුණාකිරීමේ වාරයේදී දිවයිනෙහි හතරදිගින් පැමිණෙන විවිධ ආගම් වලට අයත් ලක්ෂ ගණනක බැතිමතුන්ගෙන්, සමන් දෙවියන්ගේ අඩවියේ සමනල සිරස මත පිහිටුවා ඇති සිරිපතුල වන්දනාවට පත්වෙනවා.

සීතල ‍නුවරඑලියේ ඔබ නොදුටු සොදුරු දසුන්

lovers leap waterfall single tree hill nuwaraeliya14_wm

මේ සංචාරක සටහන කියවන ඔයගොල්ලන් අතරින් කීදෙනෙක් අපේ පුංචි එංගලන්තයට නැතිනම් වෙනත් විදිහකට කිව්වොත් නුවර එලියට ගිහින් තියෙනවාද කියලා මම ඇහුවොත් ගිහින් තියෙනවා කියලා වැඩිදෙනෙකු පිලිතුරු දේවි. ඒත් ඒ අතරින් කී දෙනෙක් නුවර එලිය නගරය ආශ්‍රිත ප්‍රදේශය ඉහල ස්ථානයක ඉදලා දැකලා තියෙනවාද කියලා ඇහුවොත් ඊට ඔව් යනුවෙන් පිලිතුරුදියහැකි වනුයේ ඔබ අතුරින් ඉතාම සීමිත පිරිසකට පමණයි.

හුණට කන්න බැරි හුන්නස්ගිරි කන්ද

hunnasgiriya mountain knuckles range 23

නකල්ස් කඳු පන්ති කිහිපයක් තරණය කර තිබුනද නකල්ස් කඳු පන්තියේ හුන්නස්ගිරිය කන්ද තරණය කිරීම විටින් විට උත්සහ කලද කාලය හරස් වූ නිසා මෙම සංචාරයේදී හුන්නස්ගිරිය තරණය කිරීමට අපි අදිටන් කර ගත්තා. හුන්නස්ගිරිය ගැන පළමුවෙන් මා හට දැනගැනීමට ලැබුනේ ඉතා සුන්දර ජන කවියක් මගින්.

කුළු නවයක් මැද අතරමංව

නමුණුකුල මුදුන දක්වා පස්සර-බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිට තේ වත්ත ඔස්සේ පැහැදිලි අඩිපාරක් ඇතැයි කලින් දවසේ අප ලැබූ වැරදි තොරතුරක් හේතුවෙන්; මෙම සංචාරය සඳහා අප මාර්ගෝපදේශකයෙක් සුදානම් කරගත්තේ නැහැ. එත් උදැසන ආහාරය සඳහා ආපන ශාලාවට ගිය අපට; කලින් දැන හදුනාගෙන සිටි ආපන ශාලා භාරකරු; මේ සංචාරය සදහා මාර්ගෝපදේශකයකුගේ අතවශ්‍යතාවය පැහැදිලිකර සිටියා.

නැති නිදහසක් සොයා අලගල්ලට

alagalla mountain kanda 12

වේලාව උදැසන නමයත් පහුවෙලා ගමන ආරම්භයේදීම සිද්ද වෙච්ච ප්‍රමාදය නිසාම කට පියාගෙන රථය ධාවනය කළාට, හිස්වෙලා තිබ්බ කුසට නම් ඉවසිල්ලක් තිබ්බේ නැහැ. ඒ නිසාමදෝ කෑගල්ල නගරයට සෙන්න්දුවෙන්න මොහොතකට කලින් වේගය බාලවුන ජීප් රථය; දේශීය සංචාරකයන් අතර බොහොම ජනප්‍රිය අඹසෙවන භෝජනාගාරය ඉදිරියෙන් ඉබේම නතර වුණා.

මිහිදුම් සළුවෙන් හැඩවූ කිරිගල්පොත්ත(Kirigalpoththa) මනාලිය

1

පුංචි එංගලන්තය යයි විරුදාවලිය ලද නුවරඑලිය නරඹන බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය නොබඳව ලබන තැනක් තමයි හෝර්ටන් තැන්න. ලෝකාන්තය සහ බේකර්ස් ඇල්ල නැරඹීම ඔබ සියලු දෙනාගේ අපේක්ෂාවයි. නමුත් බොහෝ විට ඔබ අසා නැතුව ඇති සිරිලක දෙවැනියට උසම කිරිගල්පොත්ත කන්ද (මීටර් 2389) මේ භු විෂමතාවයේ පිහිටා ඇති බව.

සිගිරිය අප්සරාවන්ගේ වැඳුම් පිදුම් ලැබූ පිඳුරංගල

2

ප්‍රථමයෙන් පිඳුරංගල නම අසු සැනින් බොහෝ සංචාරකයෝ පුදුම වන බවත් එය ඇත්තේ කොහේ දැයි පෙරලා විමසන බවත් ප්‍රකට රහසකි. පිඳුරංගල පිහිටා ඇත්තේ සීගිරියේ සිට කි.මි 2 කක් වැනි ඉතා කුඩා දුරකිනි. එනමුත් මෙම ඓතිහාසික ආකර්ෂනික පූජනීය ස්ථානය සිගිරිය නැරඹීමට එන පුද්ගලයන් හට මගහැරී යයි.

නලිනි ඇල්ල ( නිවැරදි නම හෝ උස නොදනී )

5

ඔක්තෝබරය ළඟාවත්ම වැසි කාලය එළඹීමට නියමිතව තිබුන මුත් මුළු පළාතම පුරා පැතිර පැවතුනේ අධික හිරු රශ්මියකි, සියලු දිය උල්පත් සිදෙමින් තම අවසන් හුස්ම අදිමින් පැවතුනි. අප නමුනුකුල කන්ද තරණයෙන් පසු ස්ප්‍රින්ග් වැලි දෙසට බැස්ම ආරම්භ කළෙමු. වතුකරයෙන් සොයාගත් සහයකන් දෙදෙනා සමග ක්‍රමක්ක්‍රමයෙන් පල්ලම් බස්සිදී හදිස්සියේ අප නෙත් යොමු වුයේ සුන්දර දිය ඇල්ලක් වෙතය.