All Entries in the "දියඇලි" Category
සුන්දර කඩි ඇල්ල / කඩියන්ලෙන / කැටබූල ඇල්ල

සුන්දර කඩි ඇල්ල නැරබීමට නාවල පිටියට ගොස් තලව කැලේ මාර්ගයේ(B317) කිලෝ මීටර් 10ක් පමන යන විට මාර්ගයේ ඉහලින් හා පහලින් කොටස් තුනකින් සමන් විත මෙම අලංකාර දිය ඇල්ල දිස්වෙයි පොදු ප්‍රවාහන සේවයෙන් ඇල්ල නැරබීමට යනවානම් නාවල පිටියට කෝච්චියෙන් පැමින 715/1 නාවල පිටිය තලව කැලේ බසයට ගොඩවී කඩියන් ලෙනට ටිකට් ගෙන ඇල්ල ගාවින් බස්සවන්න කිවුවනම් ඇල්ගාවින්ම බැසගත හැක
දුම්බර රහස් සොයා…

නකල්ස් රක්ෂිත වනාන්තරයට මෙතරම් සිත ඇද බැද ගනුයේ එහි නිරන්තර පවතින මීදුම නිසාද එසේ නොමැති නම් සතර අත පෙනෙන කදු මුදුන් නිසාදැයි නොදනිමි. මේ සිත්කළු, නෙත්කළු බව නිසාම ඒ පිළිබද බොහෝ කරැණු සොයන්නට උත්සුක වුනෙමි. පළමුව රත්තොට හරහා රිවස්ටන් වෙතද දෙවනුව බඹරැල්ල වෙතද තෙවනුව හුන්නස්ගිරිය වෙතද පිය මනින්නේ නොයා සිටිය නොහැකි නිසාවෙන්ම විය යුතුය.
පුඩළු ඔය ඇල්ල (Dunsinane Falls)

එක් පසෙකින් ෂීන් වතුයායද අනෙක් පසින් ඩන්සිනන් වතුයායද උරුම කරගත් ඇය මෙම වතුයායන් දෙක දෙපසට කරමින් දගකාර විලසින් ඩන්සිනන් ගලාබසී
දුම්බර දිය ලලනාවිය

රත්නපුර පානදුර මාර්ගයේ ඉංගිරිය පසු කර යනවිට පුරාන පත්තිනි දේවාලය හමුවෙයි පත්තිනි දේවාලය පසුකරනවාත් සමගම දුම්බර වතුයායේ බෝඩ් එක දිස්වෙයි එතන ගග හරහා ඇති පාලම පසු කරනවාත් සමගම පාර දෙකට බෙදෙයි ඉන් වමට හැරී මද දුරක් යනවිට පාලම් දෙක යන ස්ථානය හමුවෙයි ඇල්ල නැරබීමට ගමන් ඇරබිය යුත්තේ එතැනෙනි එතැන් සිට දොල පාරට බැස මීටර් 500ත් පමන ඉහලට ගල් මතින් යනවිට දුම්බර ලලනාවිය දිස්වෙයි
නකල්ස් සුන්දරත්වය – සේර ඇල්ල

ඔබ රිවර්ස්ටන් කඳු මුදුන හා පිටිවල පතන ඇති බවට සැකයක් නැහැ. නමුත් ඊට නුදුරින් පිහිට ඇති ඉතා සුන්දර දිය ඇල්ලක් තමයි සේර ඇල්ල. මීටර් 10 ක උසකින් කඩ හැලෙන මෙම දිය ඇල්ල තෙල්ගමු ඔයේ නිර්මාණයක්. සේර ඇල්ලේ ඇති විශේෂත්වය වන්නේ දිය ඇල්ල වැටෙන ස්ථානයේ පසුපස ගල් ගුහාවක් පිහිට තිබීමයි. මෙම නිසා මෙම දිය අනිකුත් දිය ඇලි වලට වැඩ [...]
කොළඹ දියඇලි සොයා ගියෙමු

කොළඹ ජිවත් වන අප කොළඹ දිස්ත්‍රික්කය ගැන දන්නේ මොනවද? ලංකාවේ දිය ඇලි ගැන කියවීමේදී අපට දක්නට ලැබුනේ කොළඹ දිස්ත්‍රික්කයේ ද දිය ඇලි 4 ක් ඇති බවය. මම ත් මගේ මිතුරත් කතිකා කරගත්තේ මෙම කොළඹ දිස්ත්‍රික්කයේ ඇති දිය ඇලි ගැන සොයා යාමටයි.
ඔහිය සිට කළුපහනට, යකාගේ පඩිපෙළ හරහා පාද චාරිකාවක්

පසුදින පාන්දරින්ම අප ගමන ආරම්භ කිරිමට අදහස්කර සිටියත් පෙරදින දුම්රිය ගමනේ නිදිවර්දිත බව නිසා අවදිවනවිට හත පසුවී තිබිණ. අප ගමන ආරම්භ කරනවිට අටත් පසුවී තිබිණ. මේ නිසා ගාමිණී මහතාගේ රථයෙන් අපව මහඑළිය (හෝර්ටන්තැන්න) දක්වා ඇරලවාගතිමු. මේ අතර මැදදී නැරඹිම සදහා ප්‍රවේශපත්‍ර ලබා ගත යුතුය.
වවුල්පනේ හිරිගල් ගුහාව – ලංකාවේ එකම අභ්‍යන්තර කිවුල් දිය ඇල්ල

මේ සංචාරක සටහන කියවන ඔබ, කවරදාක හෝ වවුල්පනේ හිරිගල් ගුහා නරඹලා තියෙනවාද? එහෙම නැතිනම්, පරිසර සංචාරකයෙක් විදිහට ඔබේ සංචාරක දිවිය සම්පූර්ණ නැතැයි කියා මම අද ඔබට කියනවා. ඒ මොකද, වසර කෝටිගනනක් පැරණි, අතිසුන්දර හිරිලඹින් සහ හිරි ටැඹින් පිරුණ වවුල්පනේ හුණුගල්ගුහා ගවේෂණයෙන් ලැබෙනා අත්දැකීම, අනෙකුත් ඒ හා සමාන පරිසර සංචාර හා සැසදීමේදී බොහෝම වෙනස් සහ විරල ගණයේ සංචාරක අත්දැකීමක් වන නිසාමයි.
සැගවුනු හුන්නස්ගිරියේ සැගවිය නොහැකි දිය ඇල්ල

හුන්නස්ගිරිය නම ඇසූ පමණින්ම අපට මතක් වන්නේ මහනුවර-මහියංගන මාර්ගයේ ඇති හුන්නස්ගිරියයි. ඒ අපි කවුරුත් දන්නා මීමුරේ යනවිට හමුවන හුන්නස්ගිරියයි. නමුත් මේ කියන්නට යන්නේ එම හුන්නස්ගිරිය ගැන නම් නොවේ. මේ කියන්නේ Hunas Falls Hotel පිහිටා ඇති ප්‍රදේශය ගැනයි. හුන්නස්ගිරි වතු යාය ඇත්තේ මෙතැනයි.
පුංචි පටලැවිලි ටිකක්, සුන්දර දිය ලලනාවියක් “දුනුමාල ඇල්ල”

අද මම චාරිකා සටහනට එක්කර ගන්නවු ස්ථානය තරමක් මත බේදාත්මක කාරනා කිහිපයකට හේතුවුනු ස්වභාව සෞන්දර්යයෙන් පිරුනු ස්ථානයක්. ඇ පුංචි දිය ලලනාවියක්, මේ දිය ඇල්ල දුනු මාල ඇල්ල, අලවල ඇල්ල, දේවින් පැන්න ඇල්ල. යන නම් කිහිපයකින් හදුන්වනවා.
කිරිගල්පොත්තේ චුරු චුරුවෙන් ඇරඹී ලෝකාන්තයෙන් දෝරගලා ගිය වසන්ත කඳවුර

අපි මහ නිදහස් ජාතියක්ලු. දේශමාමක කම ඉහින් කනින් බේරෙන්නෙ. ඒත් තවමත් අපේ ජාතික මහා උරුමයන් හඳුන්වන්නෙ අපේ රටට වින කරපු පරගැති සුද්දන්ගෙ නමින්. කොහොමෙන් කොහොමෙන් හරි අපේ පැරැුන්නො මහඑළිය තැන්න හෙවත් ගෝනතැන්න කියල හඳුන්වපු ඒ අයස්කාන්ත පරිසර පද්ධතිය හොයාගෙන අපේ ළමා සමාජ දරුවනුත් කැටුව ගිය ඒ වසන්ත කඳවුර ගැන ලියන ලියැවිල්ල වෙනදට වැඩිය වෙනස් මුහුණුවරක් අරගෙන.
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල, දූල්තොට ඇල්ල

මේ සංචාරක සටහන කියවන බොහෝදෙනෙක් සොබාදහම් මාතාව අපේ රටට දුන්න මහානර්ඝ දායාදයක් ලෙසින් නම්කලහැකි, සංඛ්‍යාවෙන් දෙසියයකට නොඅඩු වූ සක්‍රිය දියඇලි සමූහය අතුරින් අඩුම තරමේ කිහිපයක්වත් නරඹලා ඇති (මෙතෙක් ඔබ නරඹා ඇති දියඇලි සංඛ්‍යාවේ අනුපාතය කෙතෙක් සුළුදැයි දැන් ඔබට වැටහේවි). මේ අතුරින් ලංකාවේ උසින් වැඩිම දිය ඇල්ල වූ දූල්තොට ඇල්ල වෙත ඔබව මොහොතකට රැගෙන යන්නටයි නඩේගුරාගේ මේ සූදානම.
රත්නපුර – බලංගොඩ චාරිකාව 3 (කල්තොට දුවිලි ඇල්ල,සමනල වැව,බඹරකන්ද ඇල්ල)

බලංගොඩ මානවයා සොයා ගැනීම සිදුවුයේ මෙම දිය ඇල්ල ඇශ්‍රිත බෙල්ලන් බැදි පැලැස්ස ග්‍රාමයෙන් බව සදහන්ය.ලංකාවේ දුවිලි ඇලි 5ක් දක්නට ලැබෙන අතර මෙය ඉන් එකකි.සමන් දෙවියන් විසින් මැවිවැයි ගැමියන් විශ්වාස කරන මෙය, සොයාගත්තේ අලි දඩයමේ ගිය ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයෙකි.
රත්නපුර – බලංගොඩ චාරිකාව 1 (සමන් දේවාලය, පුංචි දඹදිව, දෙහන ඇල්ල, අලුපොල ඇල්ල)

සමන්දේවාලය පිහිටි පානදුර-රත්නපුරය මාර්ගයේ 66 වන කිලෝමිටර කණුවට තවත් කිලෝමිටර් 5ක් පමණ පෙර එනම් 61 වන කිලෝමිටර් කනුව ආසන්නයේ තිබු රබර් වත්ත, නිවසින් ගෙනා උදැසන ආහාර ගැනිමට කදිම ස්ථානයක් බව වැටහුනත්, ඒවන විටත් අප එයට වගකියා හමාර වි තිබිණි.
රුවන්පුර මැද සැගවුන මිණිකැටය – කටුගස් ඇල්ල

උදේ පාන්දරම බැලුම්මහරට එකතු වූ අපගේ එකයන් බලාපොරොත්තුව වූයේ රත්නපුරේ අප්‍රසිද්ධ දිය ඇලි කිහිපයක් නැරඹීමයි. කිවාටත් වැඩ වේලාසනින් පැමිණි විරාජ්ගේ ජීප් රියේ අප රත්නපුර බලා ඇදුනා. පසුගිය දවස් කිහිපයේ පැවති වැසි තත්වය පහව ගොස් ඇති බවට අතරමගදී අහස අපට ඉඟි කිරීම මහත් අස්වැසිල්ලක් වුණා.
මිහිදුම් සළුමැද තනිවූ සුන්දර අශෝක වනය

පස්සරට ඉර උදාවෙන්නටත් කලියෙන් 1:50,000 මීටර් සිතියම මතින් එදාදවස ආරම්භ කලේ ඒතුලින් නමුනුකුල කදුවැටිය ආශ්‍රිත වතුකර මාර්ග පද්ධතිය සහ කලින්දවසේ අපගේ ගමන් මාර්ගය පිලිඹදව පැහැදිලි අවබෝධයක් ඇතිකරගන්නා බලාපොරොත්තුව ඇතිවයි.



