RSSAll Entries in the "පෞරාණික උරුමය" Category

රිටිගහඔය නිම්නය ඔස්සේ බුලත්කොහුපිටියේ සිට කොත්මලය දක්වා…..

මාර්ගය ආසන්නවම පවතින රුක්මල් ඇල්ල

උදේ පටන්ම වැටුන චිරි චිරි වැස්සට පුංචි විරාමයක් ලැබිලා, හින් අවුරැල්ලකුත් මිදුලපුරා පැතිරුණා. ඒ අනුව මෙතෙක් වෙලා බොහොම කණගාටුවෙන් අහස දිහා බලාගෙන උන්න නඩේ ඇත්තනගේ හිත් තුලට පුංචි බලාපොරොත්තුවක් ආයෙත් ඇතිවුණා. වැසි සමය මැද්දේ එලඹුන වෙසක් පුන් පොහෝදා වෙච්ච එදා දවස, විවෘත ජීප්රියකින් චාරිකාවක් යන්නටනම් සුදුසු දවසක් නොවෙයි. එහෙම වුනත් ලොව පුරා බොදු බැතිමතුන්හට සුවිශේෂී දවසක් වෙච්ච ඒ වගේ දවසක, බොහෝ දෙනෙක් නිරතවෙන ආමිස සහ ප්‍රතිපත්ති පූජා අතරේ, අපෙන් බොහෝ ඈතකින් පිහිටි, මෑත යුගයේ ඉදිවුන සුවිශාල පුන්‍ය ස්ථානයක් වන්දනාමාන කිරීම සඳහා දුෂ්කර චාරිකාවක නිරතවෙන්නට තමයි අපේ නඩය බලාපොරොත්තුවෙන් හිටියේ.

කුවේණිය දෙස් තැබූ යක්දෙස්සා ගල

Yakdessagala1

යක්දෙස්සාගල කන්ද තරණය කිරීම ඉතාම අවධානම් කටයුත්තක් මෙන්ම එය තරණය කිරීමේදී මාර්ගය ගැන අවදානයෙන් සිටීම තමන්ගේ යහපත සඳහා උපකාර වේ. මන්දයත් වන සතුන් දඩයම් කිරීම සඳහා භාවිතා වන බඳින තුවක්කු මෙහි බහුලව ඇති බැවිනි.

ලාක්ෂා : ශ්‍රී ලංකා හස්ත කර්මාන්තයේ සොඳුරු ලකුණ

laaksha6

නමින් ‘ලාක්ෂා කර්මාන්තය’ එහෙමත් නැතිනම් ‘ලාකඩ කර්මාන්තය’ ලෙස හඳුන්වන මෙය අතීතයේ ආසියාව මෙන්ම යුරෝපයේද පැවතියද වර්තමානය වන විට එම සුන්දර කර්මාන්තය ඉතිරි වී ඇත්තේ ලංකාව, ඇෆ්ගනිස්තානය, පකිස්ථානය, ඉන්දියාව, මාලදිවයින සහ චීනය වැනි රටවල් අතලොස්සක පමණක් වීම කනගාටුවට කරුණකි.

සැඟවුන මං පෙතක වංහුං ඔස්සේ – පනාවිටිය අම්බලම සොයා

image001

අම්බලමක්ය කියන්නේ පුරාණ ලංකාවේ බහුලවශයෙන් භාවිතයට ගැනුන වැදගත් පොදු ගොඩනැගිල්ලක්. බොහෝ විද්වතුන්ගේ මතය වෙලාතියෙන්නේ ගමේ වැඩිහිටියන් පොදුකාර්යන් සදහා එක්රැස්වුන රැස්වීම් ශාලාවක එහෙමත් නැතිනම් බුලත් විටක් හපමින් ඕපාදූප වල්පල් දොඩන්නට පහසුකම් සැපයූ ( මෑත කාලයේදී නම්කෝපි කඩයක ස්වරූපය ගත් ) සමාජ-ශාලාවක කාර්යය එමගින් ඉෂ්ඨ වන්නට ඇතිය කියන එකයි.

ආධ්‍යාත්මික සුවය සොයා යන්නන්ගේ නවාතැන්පොළ – කඵගල ආරණ්‍ය සේනාසනය

image022

ඉස්සෙල්ලාම කියලා ඉන්නම්කො අද අපි කොහාටද යන්න ලක ලෑස්ති වෙන්නෙ කියලා. මේක සංචාරයක් වගේම වන්දනා ගමනක් වශයෙන් හඳුන්වන්නත් පුඵවන්. මොකද මේ ස්ථානයට එන බොහොමයක් දෙනෙක් එන්නෙ දාන වේලක් පිළියෙල කරගෙන මේ ස්ථානය වන්දනාමාන කරගෙන යන්න. අද අපි මේ යන්න සූදානම් වෙන්නේ කඵගල ආරණ්‍ය සේනාසනයට.

හුදකලාව සැතපෙන දකුණු ආසියාවේ විශාලතම බුදු පිළිම වහන්සේ

අසූ අටරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ

ශ්‍රී ලංකාවේ ඉදිවූ දැවැන්ත හිඳි පිළිම, හිටි පිළිම පිළිබඳව කොතෙකුත් අපේ මතකයට නැඟුනද සම්බුද්ධ පරිනිර්වාණය විදහා දැක්වෙන දැවැන්ත සැතපෙන පිළිම වහන්සේලා පිළිබඳව මතකයට නැඟෙන්නේ නැති තරම්ය. එසේ මතකයට නැඟුනත් නැඟෙන්නේ පොළොන්නරුව ගල් විහාරයේ නිර්මාණය කොට ඇති විශාල සැතපෙන පිළිම වහන්සේ පිළිබඳවය.

දඹදෙණි රජුන් මාළිගා තැනූ මාළිගා ගල

pic 5

දඹදෙණිය විහාරයට යාමට කොළඹ – කුරුණෑගල ප්‍රධාන පාරෙන් අතුරු පාරට හැරීමට සූදානම් වන විට අපට ‘වඩුවා කෙටු ගල’ පැහැදිලිව දැකගන්නට ලැබුනි. වඩුවා කෙටුවා යැයි පැවසෙන පඩිපෙල ඉතා පැහැදිලිව දැකගත හැකිවිය.එහි යාමට මාර්ගයක් නොදත් හෙයින් ප්‍රථමයෙන් මාළිගා ගල ද දෙවනුව පාර අසාගෙන වඩුවා කෙටු ගල යාමට අපි තීරණය කලෙමු.

වන මැද සැගවුනු ඔලංගල ආරණ්‍ය සේනාසනය

image013

විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හමාර කළ අපි වසර 3 හමාරක් ගෙවපු ඌව වෙල්ලස හැර යාමට පෙර යෙදුනු පුන්චි සංචාරයේ එක් නැවතුම් පොලක් බවට අහම්බෙන් ඔලංගල ශ්‍රී සුදර්ශන ආරණ්‍ය සේනාසන පුදබිම පත් වුනා.

සුන්දර මාලිගාතැන්න

maligathenna

නිවාඩු දිනයක බොහොම පහසුවෙන් ළගා විය හැකි නමුත් සුන්දරත්වයෙන් පිරුනු වටපිටාවක අසිරිය විදින්න කැමතිනම් මෙන්න සුදුසුම තැනක්, මාලිගාතැන්න. මාලිගාතැන්නට කොළඹ නුවර මාර්ගයේ මිරිස්වත්ත හන්දියෙන් හැරි වතුරගම පාරේ ගොස් බොහොම ලෙහෙසියෙන් ළගාවෙන්න පුලුවන් !

රත්නපුර – බලංගොඩ චාරිකාව 2 (කුරගල – වැනසී යන බෞද්ධ උරැමය)

312617_10150492357619202_706944201_11076482_487261346_n

උදැසන, 7ට පමණ බලංගොඩ රෙසිට් ඉන් වෙතින් පිටත් වුයේ දෙවන දිනයේ ප්‍රථම නැරඹුම් ස්ථානය වු කුරගල බලාය. බලංගොඩ සිට කුරගලට වු කිලෝමිටර් 22, කල්තොට මාර්ගය ඔස්සේ යැමට සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 45ක් පමණ වුවද, රියදුරා කල්තොට මාර්ගය වෙනුවට බෙලිහුල් ඔය දෙසට යැම නිසා,පඹහින්නෙන් හැරි උදැසන ආහාරයද ගෙන සමනල වැව මාර්ගය ඔස්සේ රජවකට පැමිණ කුරගලට පැමිණන විට උදැසන 9.30 පමණ වි තිබිනි.

රත්නපුර – බලංගොඩ චාරිකාව 1 (සමන් දේවාලය, පුංචි දඹදිව, දෙහන ඇල්ල, අලුපොල ඇල්ල)

314495_10150492338259202_706944201_11076246_281175848_n

සමන්දේවාලය පිහිටි පානදුර-රත්නපුරය මාර්ගයේ 66 වන කිලෝමිටර කණුවට තවත් කිලෝමිටර් 5ක් පමණ පෙර එනම් 61 වන කිලෝමිටර් කනුව ආසන්නයේ තිබු රබර් වත්ත, නිවසින් ගෙනා උදැසන ආහාර ගැනිමට කදිම ස්ථානයක් බව වැටහුනත්, ඒවන විටත් අප එයට වගකියා හමාර වි තිබිණි.

ඇත්කඳ ලිහිණියා නැවත මතුකළ කරගහගෙදර අම්බලම

Karagahagedara Ambalama5

නාරම්මල – කුලියාපිටිය පාරේ කඩහපොල හංදියට කලින් හමුවූ අප්‍රකට තුන්මං හන්දියකදී අතුරුපාරට හරවන ලද කුඩා මෝටර් රථය තුල සිය තෙවැනි උපන්දිනය සමරන්නට කල්මදිවූ සිගිති සුරතලියකට අමතරව වැඩිහිටි අප පස්දෙනකු හොදහැටි ඇසීරී සිටියා. පමණ ඉක්මවා බර පටවාතිබූ මෝටර් රථයට මාර්ගයෙන්ද සහනයක් ලැබුනේ නැහැ.

සෙංකඩගල වැළලුනු සුදු ආඩම්බරය – ගැරිසන් සොහොන

Garrison Cemetery 5

ඔහු නමින් කපිතාන් ජේම්ස් එඩ්වර්ඩ් මැක්ග්ලෑෂන්.වෝටලූ සටනෙදි වගේම බසාකෝ,ඇල්බියුරා වගෙ සටන්වලදි රැජිනගෙ 19වැනි රෙජිමේන්තුව වෙනුවෙන් සටන් වැදුනු සම්මානලාභී රණ ශූරයෙක්.දරුණු සතුරු බලමුලු මැද්දෙ ජීවිතේ බේරගෙන යුධ වැදුනු බ්‍රිතාන්‍ය සෙන්පතියෙක්.

වරංගල පුරාණ පත්තිනී රිදී දේවාලය හා පන්සල

warangala purana paththini dewalaya1

මම අද මගේ ගමේ තියෙන පුරාණ දේවාලය හා පන්සල ගැන කරුණු කීපයක් කියන්නම්.කොළඹ අතුරුගිරිය (170/190 )බස් මාර්ගයේ හමුවන අරංගල හන්දියෙන් කහන්තොට දෙසට හැරී මීටර 100 ක් පමණ යන විට මේ පුරාණ දේවාලය හොයා ගන්න පුළුවන් වෙනවා.විදිය බණ්ඩාර රජු සමයේ හදපු මෙම දේවාලය අවුරුදු 150 ක් 200 ක් පමණ කාලයක් කඩා වැටී තිබුනලු.

බටදොඹ ලෙනට…

bata domba lena balangoda 3

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා වන “බලංගොඩ මානවයා” ගේ වඩා වැදගත් සාධක හඳුනාගත්තේ මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල හා ආචාර්ය ශිරාන් දැරණියගල යන් විසිනි. ඔවුන්ගේ පර්යේෂණ වලින් ප්‍රාග් ඓතිහාසික සත්ත්ව, මානව පොසිල අවශේෂ සොයාගනු ලැබිණි. පාහියන්ගලින් අවුරුදු 31,000 ත් පැරණි හිස්‌ කබලක්‌ද, බටදොඹ ලෙනින් අවුරුදු 28,000 ක්‌ පැරණි. හකු ඇටයක්‌ද හමුවිය.

ඔබ නුදුටු විල්පත්තුව – පොම්පරිප්පු

pomparippu burials pallekandal church2

තලවිල බංගලාවේ රසවත් දිවා අහරකින් කුස පුරවාගත් අපගේ අරමුණ වුයේ සැඳා යාමය පොම්පරිපුවේ ගත කිරීමටයි. පස්වරු දෙක පසුවී අඩ හොරාවක් පමණ ගත වන විට ජීප් රියට ගොඩවූ අප අපගේ ගමන පටන් ගත්තේ උද්යෝගයෙන්.