RSSAll Entries in the "වන්දනා ගමන්" Category

හුදකලාව සැතපෙන දකුණු ආසියාවේ විශාලතම බුදු පිළිම වහන්සේ

අසූ අටරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ

ශ්‍රී ලංකාවේ ඉදිවූ දැවැන්ත හිඳි පිළිම, හිටි පිළිම පිළිබඳව කොතෙකුත් අපේ මතකයට නැඟුනද සම්බුද්ධ පරිනිර්වාණය විදහා දැක්වෙන දැවැන්ත සැතපෙන පිළිම වහන්සේලා පිළිබඳව මතකයට නැඟෙන්නේ නැති තරම්ය. එසේ මතකයට නැඟුනත් නැඟෙන්නේ පොළොන්නරුව ගල් විහාරයේ නිර්මාණය කොට ඇති විශාල සැතපෙන පිළිම වහන්සේ පිළිබඳවය.

නිහඩ අරණ සල්ගල ආරණ්‍ය සේණාසනය

image011

ගවේෂණශිලී කාගේත් බලාපොරොත්තුව තමයි කෙටිකාලයකින් අඩු වියදමකින් විදින්න පුලුවන් විවිදත්වයක් සහිත ස්ථානයන්ට එක චාරිකාවකින් ළගා විම , අන්න එවැනි අයවෙනුවෙන් තමයි අද දවසේ සිට ඉදිරියට මම චාරිකා සටහන් ඉදිරිපත් කරන්නේ. මේ යටතේ සල්ගල සල්ගල අරණ්‍ය සේණාසනය(ගලපිටමඩ), දුනුමාල ඇල්ල ( අල්ගම ) , අලවල පොත්ගුල් ගල්ලෙන් රජමහාවිහාරය, අත්තනගල්ල රජ මහාවිහාරය යන ස්ථාන පිළිඹදව සටහන් තබනවා.

දඹදෙණි රජුන් මාළිගා තැනූ මාළිගා ගල

pic 5

දඹදෙණිය විහාරයට යාමට කොළඹ – කුරුණෑගල ප්‍රධාන පාරෙන් අතුරු පාරට හැරීමට සූදානම් වන විට අපට ‘වඩුවා කෙටු ගල’ පැහැදිලිව දැකගන්නට ලැබුනි. වඩුවා කෙටුවා යැයි පැවසෙන පඩිපෙල ඉතා පැහැදිලිව දැකගත හැකිවිය.එහි යාමට මාර්ගයක් නොදත් හෙයින් ප්‍රථමයෙන් මාළිගා ගල ද දෙවනුව පාර අසාගෙන වඩුවා කෙටු ගල යාමට අපි තීරණය කලෙමු.

වන මැද සැගවුනු ඔලංගල ආරණ්‍ය සේනාසනය

image013

විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හමාර කළ අපි වසර 3 හමාරක් ගෙවපු ඌව වෙල්ලස හැර යාමට පෙර යෙදුනු පුන්චි සංචාරයේ එක් නැවතුම් පොලක් බවට අහම්බෙන් ඔලංගල ශ්‍රී සුදර්ශන ආරණ්‍ය සේනාසන පුදබිම පත් වුනා.

සුන්දර මාලිගාතැන්න

maligathenna

නිවාඩු දිනයක බොහොම පහසුවෙන් ළගා විය හැකි නමුත් සුන්දරත්වයෙන් පිරුනු වටපිටාවක අසිරිය විදින්න කැමතිනම් මෙන්න සුදුසුම තැනක්, මාලිගාතැන්න. මාලිගාතැන්නට කොළඹ නුවර මාර්ගයේ මිරිස්වත්ත හන්දියෙන් හැරි වතුරගම පාරේ ගොස් බොහොම ලෙහෙසියෙන් ළගාවෙන්න පුලුවන් !

දැරණියගල උඩමාලිබොඩ හරහා සමනල රක්ෂිතය ඔස්සේ ශ්‍රී පාද වන්දනාව

Uda Maliboda Sri Pada 1

ඔන්න ආයෙත් සිරිපාද වන්දනා සමය එලඹිලා. උදුවප් මහ පෝයෙන් ඇරඹී වෙසක් පෝයෙන් අවසන්වන සිරිපා කරුණාකිරීමේ වාරයේදී දිවයිනෙහි හතරදිගින් පැමිණෙන විවිධ ආගම් වලට අයත් ලක්ෂ ගණනක බැතිමතුන්ගෙන්, සමන් දෙවියන්ගේ අඩවියේ සමනල සිරස මත පිහිටුවා ඇති සිරිපතුල වන්දනාවට පත්වෙනවා.

රත්නපුර – බලංගොඩ චාරිකාව 2 (කුරගල – වැනසී යන බෞද්ධ උරැමය)

312617_10150492357619202_706944201_11076482_487261346_n

උදැසන, 7ට පමණ බලංගොඩ රෙසිට් ඉන් වෙතින් පිටත් වුයේ දෙවන දිනයේ ප්‍රථම නැරඹුම් ස්ථානය වු කුරගල බලාය. බලංගොඩ සිට කුරගලට වු කිලෝමිටර් 22, කල්තොට මාර්ගය ඔස්සේ යැමට සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 45ක් පමණ වුවද, රියදුරා කල්තොට මාර්ගය වෙනුවට බෙලිහුල් ඔය දෙසට යැම නිසා,පඹහින්නෙන් හැරි උදැසන ආහාරයද ගෙන සමනල වැව මාර්ගය ඔස්සේ රජවකට පැමිණ කුරගලට පැමිණන විට උදැසන 9.30 පමණ වි තිබිනි.

රත්නපුර – බලංගොඩ චාරිකාව 1 (සමන් දේවාලය, පුංචි දඹදිව, දෙහන ඇල්ල, අලුපොල ඇල්ල)

314495_10150492338259202_706944201_11076246_281175848_n

සමන්දේවාලය පිහිටි පානදුර-රත්නපුරය මාර්ගයේ 66 වන කිලෝමිටර කණුවට තවත් කිලෝමිටර් 5ක් පමණ පෙර එනම් 61 වන කිලෝමිටර් කනුව ආසන්නයේ තිබු රබර් වත්ත, නිවසින් ගෙනා උදැසන ආහාර ගැනිමට කදිම ස්ථානයක් බව වැටහුනත්, ඒවන විටත් අප එයට වගකියා හමාර වි තිබිණි.

වරංගල පුරාණ පත්තිනී රිදී දේවාලය හා පන්සල

warangala purana paththini dewalaya1

මම අද මගේ ගමේ තියෙන පුරාණ දේවාලය හා පන්සල ගැන කරුණු කීපයක් කියන්නම්.කොළඹ අතුරුගිරිය (170/190 )බස් මාර්ගයේ හමුවන අරංගල හන්දියෙන් කහන්තොට දෙසට හැරී මීටර 100 ක් පමණ යන විට මේ පුරාණ දේවාලය හොයා ගන්න පුළුවන් වෙනවා.විදිය බණ්ඩාර රජු සමයේ හදපු මෙම දේවාලය අවුරුදු 150 ක් 200 ක් පමණ කාලයක් කඩා වැටී තිබුනලු.

කෝට්ටේ කලාලේ කිසිල්ලේ දත මැද ගන්න රාලේ

delgamu raja maha viharaya4

අද මම ඔයගොල්ලොත් එක්ක යන්න හදන්නේ ඓතිහාසික කමින් වැදගත් තවමත් මිනිසුන් හරිහැටි නොදන්නා පූජනීය තැනක් බලන්න. කට්ටිය රිපෝර්ට් එකේ නම දැකල බයවුනාද මේ මොන අන්ඩර දෙමළයක්ද කියල. ඒ ගැන දැනගන්න දිගටම කියවන්නකෝ.

කොත්මලේ මිටියාවතේ විශ්මිත නිමැවුම – කොත්මලේ මහවැලි මහා සෑය

Kothmale Reservoir Mahaweli Maha Seya 9

ඔබත් එක්වරක් හෝ දුම්බර මිටියාවතේ සංචාරයක යෙදුනු කෙනෙක් නම් තවමත් නිමවෙමින් පවතින මහවැලි මහා සෑය දැක ඇති බව නොඅනුමානයි. ලංකාවේ එකම භූගත ජල විදුලි බලාගාරය වන කොත්මලේ විදුලි බලාගාරය නැරඹීමට නම් අප සැම වරක් හෝ ඊට වැඩි වාර ගණනක් පැමිණ ඇති බව නිසැකයි.

කටගමුව වනෝද්‍යානය ඔස්සේ සිතුල්පව්වට සෆාරියක්

image008

ටිකක් අමාරුවෙන් උනත් උදෙන්ම අවදිවෙලා ලක ලැහැස්ති වුනේ පුලුවන් තරම් උදෙන් සිතුල්පව්වට ලඟාවෙන්නයි. මොකද දවල් වෙනකොට සිතුල්පහුවේ රත් වෙච්ච ගල මතුපිටදී; නිරුවත් පාද වලට දැනෙන සුවය නොලබන්නත්, අතරමගදී අඩුම තරමින් වනයේ නිදහසේ සැරිසරන මුව පොව්වෙක් වත් දකින්නත් උදෙන්ම යන එක වැදගත් වෙනවා.

මැණික් නිම්නය ඔස්සේ කෙටිම මඟකින්කතරගමට

image018

ඔයගොල්ලෝ මේක කියවන මොහොත වන විට 30 වසරක අමිහිරි යුද්ධයක් අවසන් වෙලා රටට සාමය උදාවෙලා රටේ ජනතාවට තමන් කැමති ඕනෑම තැනක යන්න නිදහස උදාවෙලා. අද තත්වය එහෙම උනත් රටේ යුද්ධය පවතින අවස්ථාවේදී දකුණේ ජනතාවට දින කිහිපයක් ගතවන, ආරක්ෂා සහිත දිගු දුර වන්දනා ගමනකට කියල ඉතුරුවෙලා තිබුනේ කතරගම වන්දනාව විතරයි.

කන්කසන්තුරේ නැරඹුවෙමි.. (Keerimale,naguleshwaram,kovil,dambakola patuna)

151

කවි පන්ති කොටස්කර ඇති අතර පහත ඇත්තේ “කන්කසන්තුරේ,නගුලේශ්වරම් කෝවිල, කීරිමලේ පොකුණ හා දඹකොළ පටුන”. ඉතිරිවා ප්‍රතිචාර මත ඉදිරියේදී පලකිරීමට බලාපොරොත්තු වෙමි.

කොළඹ සිට චාවකච්චේරිය බලා…( Colombo to Chavakacheri)

4261391075_0dc39d012d

මගේ නැන්දනිය වන ජේ.ඒ.සුවිනීතා ජයකොඩි මහත්මිය විසින් රචිත යාපනය සංචාරය කවියෙන් රචනා කර මා වෙත පිලිගැන් වුයේ මීට මාස ගණනකට පෙරය එහි කවි පන්ති 35 ක් පමණ අන්තර්ගත අතර ශ්‍රී ලංකා දේශාටන සාහිත්‍ය නව මානයක් කර ගෙන ඒම උදෙසා වෙබ් අඩවියේ පලකරමි.

සිංහ ලකුණක් සොයා

image017

ඉද්ද ගැසුවා වගේ කෙලින් තියෙන පාරේ තිබුන පුංචි රැලි ගැටිති ගැන කිසිම තැකීමක් නැතිව වගේ අප රැගත් ජීප් රථය වේගයෙන් ඉදිරියට ඇදුනා. කඩහපොල හන්දියේ ඉඳන් වාරියපොළ කිට්ටුවට යනතුරු කිලෝ මීටර 18 කට වැඩි දුරක් එක එල්ලේ දිවෙන මෙම අතුරු මාර්ගය; මට හුරු පුරුදු උනත් මගේ ගමන් සගයින් වෙච්ච බුද්ධික සමන් සහ චමිලා හටනම් අලුත් අත්දැකිමක් වූ බවක් පෙනුණා.

  • Page 1 of 2
  • 1
  • 2
  • >