All Entries in the "සවාරි" Category
වතුරෙන් සෙම්බුවක් මතුවූ සෙම්බුවත්ත

ඇල්කඩුව සිට පිටකන්දට ඇති මාර්ගයේ මද දුරක් ගමන් කරන විට දකුණු පැත්තට ඇති ඇල්කඩුව තේ කර්මාන්තශාලාවට යන මාර්ගය හමුවේ. ඒ පාර දිගේ සෑහෙන දුරක් තේ වතු මැදින් යන්න ඕන. මෙම තේ වතු යාය දෙස බලන විට එය ඉතා හොදින් නඩත්තු කරන බවක් පෙනේ. මෙම මග දිගේ යන විට කෝවිලක් හමුවේ. එම කෝවිල පසුකරගෙන දිගටම යා යුතුයි.
හුදෙකලා නිම්නය (සිංහරාජය)

අපේ අරමුණ වෙලා තිබුනෙ අඵත්ගමට ඇවිත් එතනින් මතුගම පාරෙ මතුගමට ඇවිත් අගලවත්ත, කුකුළේගඟ හරහා කලවානට ඇවිත් එතනින් සිංහරාජෙට යන එකයි. අපි කලිං ගණං හදලා තිබුණු විදියට අම්බලන්ගොඩ ඉඳං කලවානට කිලෝ මීටර් 150ක් විතර තියෙනවා. කුකුළේගඟ හරහා කලවානට යන අතරමඟ බලන්න දේවල් ගානක්ම තියෙනවා කියලා අපේ නඩේ සනත් අපිට කලින්ම කියල තිබුණා. ඒවත් බලාගෙනම අපි ඉස්සරහට යමුකො.
ආරුகம் Bay “රළ බිඳෙන තැන” – ගිණිකොණදිග වෙරලේ දිනක්

ගමන හරිම ඒකාකාරීය, එක දිගටම වාහනේ ඇතුලේ ගිය නිසා. හැබැයි ලාහුගල කැලේ මැද්දෙං යනකොට වට පිටාවේ තබ්බේ පුදුම දර්ශණයක්. ලා වැස්සත් එක්ක, අමුතු ගුප්ත බවක්, පාර ට ඉහලින් ඝනව වැඩුනු තුරු වියන අස්සෙන් යාන්තමට පාරට වැටෙන ආලෝකය, දෙපැත්තෙන් ඝණ කැලෑව, එක දිගට ඈතට පේන් පාර, පරිසරයට ගෙනාවේ බොහෝම අපූරු අත්දැකීමක්.
රත්නපුර – බලංගොඩ චාරිකාව 3 (කල්තොට දුවිලි ඇල්ල,සමනල වැව,බඹරකන්ද ඇල්ල)

බලංගොඩ මානවයා සොයා ගැනීම සිදුවුයේ මෙම දිය ඇල්ල ඇශ්‍රිත බෙල්ලන් බැදි පැලැස්ස ග්‍රාමයෙන් බව සදහන්ය.ලංකාවේ දුවිලි ඇලි 5ක් දක්නට ලැබෙන අතර මෙය ඉන් එකකි.සමන් දෙවියන් විසින් මැවිවැයි ගැමියන් විශ්වාස කරන මෙය, සොයාගත්තේ අලි දඩයමේ ගිය ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයෙකි.
සීතල නුවරඑලියේ ඔබ නොදුටු සොදුරු දසුන්

මේ සංචාරක සටහන කියවන ඔයගොල්ලන් අතරින් කීදෙනෙක් අපේ පුංචි එංගලන්තයට නැතිනම් වෙනත් විදිහකට කිව්වොත් නුවර එලියට ගිහින් තියෙනවාද කියලා මම ඇහුවොත් ගිහින් තියෙනවා කියලා වැඩිදෙනෙකු පිලිතුරු දේවි. ඒත් ඒ අතරින් කී දෙනෙක් නුවර එලිය නගරය ආශ්රිත ප්‍රදේශය ඉහල ස්ථානයක ඉදලා දැකලා තියෙනවාද කියලා ඇහුවොත් ඊට ඔව් යනුවෙන් පිලිතුරුදියහැකි වනුයේ ඔබ අතුරින් ඉතාම සීමිත පිරිසකට පමණයි.
ඔබ නුදුටු විල්පත්තුව – පොම්පරිප්පු

තලවිල බංගලාවේ රසවත් දිවා අහරකින් කුස පුරවාගත් අපගේ අරමුණ වුයේ සැඳා යාමය පොම්පරිපුවේ ගත කිරීමටයි. පස්වරු දෙක පසුවී අඩ හොරාවක් පමණ ගත වන විට ජීප් රියට ගොඩවූ අප අපගේ ගමන පටන් ගත්තේ උද්යෝගයෙන්.
ඔබ නුදුටු විල්පත්තුව – ඔච්චප්පුකල්ලු නටඹුන්

ඔබ නුදුටු විල්පත්තුව වැනි වෙනස් ආකාරයක නමක් යොදා තිබීම විල්පත්තුව නැරඹීමට ගිය ඔබගේ විමතියට හේතු විය හැකි බව සක්සුදක් සේ පැහැදිලිය. එනමුත් බොහෝවිට සංචාරකයකු විල්පත්තු වනපෙත නැරඹීමට පැමිණෙන්නේ දිවියෙකු, වලසකු හෝ අලියෙකු දැකගැනීමේ අදහස පෙරටු කොට ගෙනයි.
ඕලු පෙති වැස්සක් මැද තනිවූ හෝරාව

අවුරුද්දේ අවසන් සුර්යා අහස පුරා සිය තේජස පතුරමින් උන්නා. විවෘත ජීප් රථය තුල මධ්‍යහ්න සුර්යාගේ නිර්දය ප්‍රහාරයට ලක්වෙමින් සිටි අපට සරුවට වැඩුන රබර් වියන ඇතිකළේ මහත් වූ සහනයක්. 1876 දී ඉංග්‍රීසින් විසින් ලංකාවට හදුන්වාදුන් රබර් ගස; වනාන්තර සේවයක් ඉටුකරන මෙරට එකම වාණිජ වගාව ලෙස සැලකේ.
විජය – කුවේණි පෙම් පුවත සොයා තම්බපන්ණියට

අද මම ඔයගොල්ලන්ව එක්ක යන්න හදන්නේ විල්පත්තු ජාතික වන උද්‍යානයේ තුලින් අතීතය දකින්නයි. කට්ටිය ලෑස්තිද? හරි එහෙනම් ගමන පටන් ගමු. අපි යන්නේ කොළඹ ඉඳලානේ ඒක නිසා පළමුවෙන්ම අපි යන්න ඕනේ පුත්තලමට. ඊට පස්සේ පුත්තලම – අනුරාධපුරේ පාරේ සැලකිය යුතු දුරක් යනකොට අපිට හම්බවෙනවා විල්පත්තු හන්දිය. අන්න හරි, විල්පත්තු හන්දියෙන් තමයි විල්පත්තු උද්‍යානයේ පිවිසුම් දොරටුවට යන්න තියෙන්නේ.
යක්ෂයාගේ පියගැටපෙළ ඔස්සේ කළුපහන සිට ඔහියට

රිදී පාට බෝලයක් වගේ හිරු බබලමින් තිබුණා. මේ වනවිට බලන්ගොඩ නගරය පසුකරමින් සිටි අප; නමුණුකුල කර දිවෙන තවත් සුන්දර පරිසර සංචාරයක මුල්ම පැය කිහිපය ගෙවමින් තමයි උන්නේ. වහලයක් රහිත කුඩා සෆාරි ජීප් රථයෙහි අපි පස්දෙනෙක් හොදින් ඇහිරිලා හිටියා. එදා දිනයේ අපේ ගමනාන්තය වුනේ බදුල්ලෙනුත් ටිකක් දුරින් තිබුණ පස්සර කියන කුඩා නගරයයි .
කටගමුව වනෝද්‍යානය ඔස්සේ සිතුල්පව්වට සෆාරියක්

ටිකක් අමාරුවෙන් උනත් උදෙන්ම අවදිවෙලා ලක ලැහැස්ති වුනේ පුලුවන් තරම් උදෙන් සිතුල්පව්වට ලඟාවෙන්නයි. මොකද දවල් වෙනකොට සිතුල්පහුවේ රත් වෙච්ච ගල මතුපිටදී; නිරුවත් පාද වලට දැනෙන සුවය නොලබන්නත්, අතරමගදී අඩුම තරමින් වනයේ නිදහසේ සැරිසරන මුව පොව්වෙක් වත් දකින්නත් උදෙන්ම යන එක වැදගත් වෙනවා.
කොළඹ සිට චාවකච්චේරිය බලා…( Colombo to Chavakacheri)

මගේ නැන්දනිය වන ජේ.ඒ.සුවිනීතා ජයකොඩි මහත්මිය විසින් රචිත යාපනය සංචාරය කවියෙන් රචනා කර මා වෙත පිලිගැන් වුයේ මීට මාස ගණනකට පෙරය එහි කවි පන්ති 35 ක් පමණ අන්තර්ගත අතර ශ්‍රී ලංකා දේශාටන සාහිත්‍ය නව මානයක් කර ගෙන ඒම උදෙසා වෙබ් අඩවියේ පලකරමි.
ශ්‍රී ලංකාවේ උසම කන්ද උඩ ලැබූ සුන්දර අත්දැකීමක්… (Piduruthalagala)

පාසල් කාලයේ සාමාන්‍යය පෙළ විෂය ධාරාව හැදෑරු අප ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය ගැන අධ්‍යනය කිරීමේදී නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ගැන ප්‍රධාන වශයෙන් කතා කරයි. එමගිනුත් නුවරඑළිය ප්‍රධාන තැනක් ගනී.
අපි යමු අහස් ගඟේ හුලං කපොල්ලට තේ යායක් මැදින් (Lipton Seat)

අද අපි යන්න ලෑස්තිය “ලිප්ටන් සීට්” බලන්න. තවත් විදිහකින් කියනවනම් ලංකාවෙන් රට පටවන, සුද්දෝ එලව එලව හොය හොය බොන, ඉතාමත්ම රසවත් සුපිරි ගනයේ තද කළු තේ (black tea) නිෂ්පාදනය කරන ලංකාවේ හොඳම තේ වත්ත මැදින් ගොඩාක් උඩකට යන්න. එතන තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ නැරඹුම් ස්ථානයක් එහෙම නැත්නම් විව් පොයින්ට් (view point) එකක් එහෙමත් නැත්නම් පිල්කිංටන් පොයින්ට් (pilkington point) එකක්. ඒතන නම ලිප්ටන් සීට්.
මන්දාරම් නුවර (Mandaram Nuwara)

අපගේ චාරිකාවේ එක් ප්‍රධාන අරමුණක් වුයේ මන්දාරම් නුවර හොඳ හැටි දැක බලා ගැනීමයි. අප අපගේ ගමන නුවර එළියෙන් ආරම්භ කරන විට උදේ 9 පසුවී තිබුණි. අපි නුවරඑළියේ සිට මන්දාරම් නුවර දෙසට ගමන් කිරීමට රාගල පාර භාවිතා කළෙමු. යම් දුරක් ගමන් කරන විට අප හට ඈතින් දිස් වුයේ ශ්‍රී ලංකාවේ කඳුමුදුන් වල උස අතරින් හත් වෙනි ස්ථානයට ඇති මනරම් හක්ගල කඳු වැටියයි.
නලිනි ඇල්ල ( නිවැරදි නම හෝ උස නොදනී )

ඔක්තෝබරය ළඟාවත්ම වැසි කාලය එළඹීමට නියමිතව තිබුන මුත් මුළු පළාතම පුරා පැතිර පැවතුනේ අධික හිරු රශ්මියකි, සියලු දිය උල්පත් සිදෙමින් තම අවසන් හුස්ම අදිමින් පැවතුනි. අප නමුනුකුල කන්ද තරණයෙන් පසු ස්ප්‍රින්ග් වැලි දෙසට බැස්ම ආරම්භ කළෙමු. වතුකරයෙන් සොයාගත් සහයකන් දෙදෙනා සමග ක්රමක්ක්රමයෙන් පල්ලම් බස්සිදී හදිස්සියේ අප නෙත් යොමු වුයේ සුන්දර දිය ඇල්ලක් වෙතය.



