ශ්‍රී ලංකාවේ උසම කන්ද උඩ ලැබූ සුන්දර අත්දැකීමක්…

3

පාසල් කාලයේ සාමාන්‍යය පෙළ විෂය ධාරාව හැදෑරු අප ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය ගැන අධ්‍යනය කිරීමේදී නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ගැන ප්‍රධාන වශයෙන් කතා කරයි. එමගිනුත් නුවරඑළිය ප්‍රධාන තැනක් ගනී.

දන මන පිනවන නානුඔය සුන්දරිය

1

තලවකැලේන් පසු මාර්ගයේ තත්වය ටිකෙන් ටික නරක අතට හැරුණා. ඉදිරියෙන් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු වැඩි ප්‍රමාණයක් සිද්දවෙමින් තියෙන බව කලින්ම දැනගෙන හිටපු නිසා; නැග්ම තරමක් වැඩි වුනත් අතරමගදී හමුවූ Y හන්දියෙන් රදැල්ල පාරට ජීප් රථය හරවන්නට මම තීරණය කළා.

අවසර ගෙන නැරඹිය යුතු ලාලිනිය

14

අපි උදෑසනම අපගේ බඩු භාහිරාදිය සුදානම් කරගත්තෙමු. නවාතැන් ගත් රජයේ සංචාරක බංගලාවේ භාරකරු මෙන්ම අහර පිසින්නා ලෙස කටයුතු කල මහතා අපට හොඳින් සංග්‍රහ කල නිසා ඔහුට ස්තුතිවන්ත වෙමින් ඔහුගෙන් සමුගතිමු. අපගේ සංචාරයට යොදා ගත්තේ ජීප් රථ දෙකකි.

අපි යමු අහස් ග‍ඟේ හුලං කපොල්ලට තේ යායක් මැදින්

image030

අද අපි යන්න ලෑස්තිය “ලිප්ටන් සීට්” බලන්න. තවත් විදිහකින් කියනවනම් ලංකාවෙන් රට පටවන, සුද්දෝ එලව එලව හොය හොය බොන, ඉතාමත්ම රසවත් සුපිරි ගනයේ තද කළු තේ (black tea) නිෂ්පාදනය කරන ලංකාවේ හොඳම තේ වත්ත මැදින් ගොඩාක් උඩකට යන්න. එතන තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ නැරඹුම් ස්ථානයක් එහෙම නැත්නම් විව් පොයින්ට් (view point) එකක් එහෙමත් නැත්නම් පිල්කිංටන් පොයින්ට් (pilkington point) එකක්. ඒතන නම ලිප්ටන් සීට්.

වනපෙත මැද හුදකලාවූ සුන්දර යුවතිය

image008

එලමුල්ල විදුලි බලාගාරයට දිවෙන අතුරු පාරෙන් මන්දාරම් නුවර – පදියපැලැල්ල ප්‍රධාන මාර්ගයට පැමිණි ජීප් රථ යුගල පදියපැලැල්ල දෙසට ධාවනය ඇරඹුවා. ජීවිතේ පළමුවරට පයගහපු මේ සොඳුරු අඩවියේ සොබා සුන්දරත්වයෙන් මුසපත්ව හිටපු අපට නිමල් අය්යා මීට හෝරා කිහිපයකට කලින් තවත් ලස්සන දිය ඇල්ලක් ගැන කියපු මඟ විස්තරය මතක නැතිවුන එක මහ අරුමයක් උනේ නැහැ.

ඩෙවොන් දියඇල්ල (මීටර 98)

1

පැය ගණනාවක් වංගු අතරින් ගමන් කල අප හට ම්ලෙස්නා තේ පැන් හල හමු වුයේ තලවකැලේ පසුවී කිලෝමීටර 7 ක් පමණ පසු වූ විටය. මෙම ස්ථානයේ ගිමන් හැරීමට නතර කරනුයේ නැවුම් තේ කෝප්පයක් රස බැලීමට ම නොවේ. නුවරඑළිය දක්වා A7 මාර්ගය ඔස්සේ ගමන් කල සංචාරකයකු හට මෙම ස්ථානයේ ඇති විශේෂත්වය අමුතුවෙන් විස්තර කල යුතු නැත.

මන්දාරම් නුවර

9

අපගේ චාරිකාවේ එක් ප්‍රධාන අරමුණක් වුයේ මන්දාරම් නුවර හොඳ හැටි දැක බලා ගැනීමයි. අප අපගේ ගමන නුවර එළියෙන් ආරම්භ කරන විට උදේ 9 පසුවී තිබුණි. අපි නුවරඑළියේ සිට මන්දාරම් නුවර දෙසට ගමන් කිරීමට රාගල පාර භාවිතා කළෙමු. යම් දුරක් ගමන් කරන විට අප හට ඈතින් දිස් වුයේ ශ්‍රී ලංකාවේ කඳුමුදුන් වල උස අතරින් හත් වෙනි ස්ථානයට ඇති මනරම් හක්ගල කඳු වැටියයි.

සිංහ ලකුණක් සොයා…

image017

ඉද්ද ගැසුවා වගේ කෙලින් තියෙන පාරේ තිබුන පුංචි රැලි ගැටිති ගැන කිසිම තැකීමක් නැතිව වගේ අප රැගත් ජීප් රථය වේගයෙන් ඉදිරියට ඇදුනා. කඩහපොල හන්දියේ ඉඳන් වාරියපොළ කිට්ටුවට යනතුරු කිලෝ මීටර 18 කට වැඩි දුරක් එක එල්ලේ දිවෙන මෙම අතුරු මාර්ගය; මට හුරු පුරුදු උනත් මගේ ගමන් සගයින් වෙච්ච බුද්ධික සමන් සහ චමිලා හටනම් අලුත් අත්දැකිමක් වූ බවක් පෙනුණා.

ලෝක උරුමයක් වන ගාලු කොටුව

11

ගාලු නගරයට ලඟා වනවිට පස්වරු 4.30 පසුවී තිබුණි. විනෝද ගමන් සඳහා නගරය පසුකර යන්නෙක් ගාලු කොටුව නැරඹුව නැත්නම් තම ගමන සම්පුර්ණ නැති බව මගේ පෞද්ගලික හැගීමයි. ඒ කෙසේවෙතත් අපගේ අරමුණ වුයේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාලු කොටුව හොඳහැටි නැරඹීමයි. ලන්දේසි කොටුව ලෙස විරුදාවලිය ලැබුවත් මෙය මුලින් ඉදිකර ඇත්හේ පෘතුගීසීන්ය.

දෙවුන්දර ප්‍රදීපාගාරය (උස අඩි 161)

dondra4

උතුරු කොනට පා තබා සිටි අප දකුණු කොන නැරඹීමට තීරණය කලේ හදිස්සියේය. අප අරමුණ වුයේ දෙවුන්දර ප්‍රදීපාගාරය නැරඹීමය. අපගේ වාසනාවට ගමනට එක් වූ එක් පුද්ගලයෙක් වරාය අධිකාරියේ ඉහල නිලයක් දරන පුද්ගලයෙකි. එමනිසා අවසර ගැනීම ඉතා පහසු කාර්යයක් විය. පෙරවරු 9.30 ට පමණ උණවටුනෙන් පිටත් වූ අපි පෙරවරු 11.30 පමණ වනවිට මාතරට ලඟා විය.

සිගිරි අප්සරාවන්ගේ වැඳුම් පිදුම් ලැබූ පිඳුරංගල

2

ප්‍රථමයෙන් පිඳුරංගල නම අසු සැනින් බොහෝ සංචාරකයෝ පුදුම වන බවත් එය ඇත්තේ කොහේ දැයි පෙරලා විමසන බවත් ප්‍රකට රහසකි. පිඳුරංගල පිහිටා ඇත්තේ සීගිරියේ සිට කි.මි 2 කක් වැනි ඉතා කුඩා දුරකිනි. එනමුත් මෙම ඓතිහාසික ආකර්ෂනික පූජනීය ස්ථානය සිගිරිය නැරඹීමට එන පුද්ගලයන් හට මගහැරී යයි.

ස්ප්‍රින්ග් වැලිහි කළුදිය පොකුණ

8

දහඩිය බිඳු අප මුහුණ පුරා දුවමින් පැවතුනි, අපගේ සාර්ථක ගමනක අවසානය සනිටුවන් කරමින් තිබුණි.කුසට අහරක් නැතත් අප සිත් පිරි ගොස්ය. දැඩි හිරු රශ්මිය අපගේ තෙහෙට්ටුව තවත් වැඩි කරන මොහොතක අප ස්ප්‍රින්ග් වැලි කරා ගමන් කිරීමට තීරණය කළෙමු. ඉතාමත් කෙටි දුරක් රිය පැදවීමෙන් පසු අප පස්වරු 3.30 පමණ වන විට ස්ප්‍රින්ග් වැලි වෙත ලඟා උනෙමු. නමුත් සියලු දේට ප්‍රථමයෙන් අපි කඩේකින් අපේ දහවල් ආහාරය ලබගතිමු.

නාලිනී | නලිනි ඇල්ල

5

ඔක්තෝබරය ළඟාවත්ම වැසි කාලය එළඹීමට නියමිතව තිබුන මුත් මුළු පළාතම පුරා පැතිර පැවතුනේ අධික හිරු රශ්මියකි, සියලු දිය උල්පත් සිදෙමින් තම අවසන් හුස්ම අදිමින් පැවතුනි. අප නමුනුකුල කන්ද තරණයෙන් පසු ස්ප්‍රින්ග් වැලි දෙසට බැස්ම ආරම්භ කළෙමු. වතුකරයෙන් සොයාගත් සහයකන් දෙදෙනා සමග ක්‍රමක්ක්‍රමයෙන් පල්ලම් බස්සිදී හදිස්සියේ අප නෙත් යොමු වුයේ සුන්දර දිය ඇල්ලක් වෙතය.