RSSAll Entries Tagged With: "බලතුඩුව හා ගොන්මොල්ලි කන්ද"

යක්ෂයාගේ පියගැටපෙළ ඔස්සේ කළුපහන සිට ඔහියට

image042

රිදී පාට බෝලයක් වගේ හිරු බබලමින් තිබුණා. මේ වනවිට බලන්ගොඩ නගරය පසුකරමින් සිටි අප; නමුණුකුල කර දිවෙන තවත් සුන්දර පරිසර සංචාරයක මුල්ම පැය කිහිපය ගෙවමින් තමයි උන්නේ. වහලයක් රහිත කුඩා සෆාරි ජීප් රථයෙහි අපි පස්දෙනෙක් හොදින් ඇහිරිලා හිටියා. එදා දිනයේ අපේ ගමනාන්තය වුනේ බදුල්ලෙනුත් ටිකක් දුරින් තිබුණ පස්සර කියන කුඩා නගරයයි .