All Entries Tagged With: "රිකිල්ලගස්කඩ"
වනපෙත මැද හුදකලාවූ සුන්දර යුවතිය

එලමුල්ල විදුලි බලාගාරයට දිවෙන අතුරු පාරෙන් මන්දාරම් නුවර – පදියපැලැල්ල ප්‍රධාන මාර්ගයට පැමිණි ජීප් රථ යුගල පදියපැලැල්ල දෙසට ධාවනය ඇරඹුවා. ජීවිතේ පළමුවරට පයගහපු මේ සොඳුරු අඩවියේ සොබා සුන්දරත්වයෙන් මුසපත්ව හිටපු අපට නිමල් අය්යා මීට හෝරා කිහිපයකට කලින් තවත් ලස්සන දිය ඇල්ලක් ගැන කියපු මඟ විස්තරය මතක නැතිවුන එක මහ අරුමයක් උනේ නැහැ.
මන්දාරම් නුවර

අපගේ චාරිකාවේ එක් ප්‍රධාන අරමුණක් වුයේ මන්දාරම් නුවර හොඳ හැටි දැක බලා ගැනීමයි. අප අපගේ ගමන නුවර එළියෙන් ආරම්භ කරන විට උදේ 9 පසුවී තිබුණි. අපි නුවරඑළියේ සිට මන්දාරම් නුවර දෙසට ගමන් කිරීමට රාගල පාර භාවිතා කළෙමු. යම් දුරක් ගමන් කරන විට අප හට ඈතින් දිස් වුයේ ශ්‍රී ලංකාවේ කඳුමුදුන් වල උස අතරින් හත් වෙනි ස්ථානයට ඇති මනරම් හක්ගල කඳු වැටියයි.



