All Entries Tagged With: "Mountain"
නැති නිදහසක් සොයා අලගල්ලට

වේලාව උදැසන නමයත් පහුවෙලා ගමන ආරම්භයේදීම සිද්ද වෙච්ච ප්‍රමාදය නිසාම කට පියාගෙන රථය ධාවනය කළාට, හිස්වෙලා තිබ්බ කුසට නම් ඉවසිල්ලක් තිබ්බේ නැහැ. ඒ නිසාමදෝ කෑගල්ල නගරයට සෙන්න්දුවෙන්න මොහොතකට කලින් වේගය බාලවුන ජීප් රථය; දේශීය සංචාරකයන් අතර බොහොම ජනප්‍රිය අඹසෙවන භෝජනාගාරය ඉදිරියෙන් ඉබේම නතර වුණා.
ගල්කිරියාගම කඳුවැටිය අසබඩ මනරම් කඳවුරු බිම

වේලාව තවමත් උදැසන 7 යි. මනාව නඩත්තු කරනලද මාර්ගයෙහි රථයක් දෙකක් පමණක් ඉහල පහල ඇදෙමින් තිබුණා. මාර්ගය කොච්චර ආරක්‍ෂිත වුනත් වාහනයෙහි වේගය පැ.කි.මි. 70 න් ඔබ්බට යන්නට නොදී අමාරුවෙන් හිත පාලනය කරගත්තේ වේග මාන අතැතිව (අ)විනීත රියදුරන් දඩයමෙහි යෙදෙන පොලිස් මහතුන් මේ මාර්ගයේ ඉතා බහුල බව අත්දැකීමෙන් දන්නා නිසයි.
රාවණ රජුගේ තොටුපොල

මහඑලිය තැන්නට පැමිණෙන බොහෝ දෙනෙක් නොදන්නා ස්ථානයක් තමයි තොටුපොල කන්ද. තොටුපොල කන්ද ශ්‍රී ලංකාවේ පුරාවෘත්තයන්ගේ සඳහන්ව ඇත්තේ රාවණ රජුගේ තොටුපොල ලෙසිනි. රාවණ රජතුමා හුදෙක් මිත්‍යා කතාවකට සීමා කිරීමට කටයුතු කරන බටහිර ගැති පිරිසක්ද ඉන්න බව කණගාටුවෙන් වුවද කියන්න ඕන.
මිහිදුම් සළුවෙන් හැඩවූ කිරිගල්පොත්ත මනාලිය

පුංචි එංගලන්තය යයි විරුදාවලිය ලද නුවරඑලිය නරඹන බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය නොබඳව ලබන තැනක් තමයි හෝර්ටන් තැන්න. ලෝකාන්තය සහ බේකර්ස් ඇල්ල නැරඹීම ඔබ සියලු දෙනාගේ අපේක්ෂාවයි. නමුත් බොහෝ විට ඔබ අසා නැතුව ඇති සිරිලක දෙවැනියට උසම කිරිගල්පොත්ත කන්ද (මීටර් 2389) මේ භු විෂමතාවයේ පිහිටා ඇති බව.
ශ්‍රී ලංකාවේ උසම කන්ද උඩ ලැබූ සුන්දර අත්දැකීමක්…

පාසල් කාලයේ සාමාන්‍යය පෙළ විෂය ධාරාව හැදෑරු අප ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය ගැන අධ්‍යනය කිරීමේදී නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ගැන ප්‍රධාන වශයෙන් කතා කරයි. එමගිනුත් නුවරඑළිය ප්‍රධාන තැනක් ගනී.



