All Entries Tagged With: "sri lanka"
දුම්බර රහස් සොයා…

නකල්ස් රක්ෂිත වනාන්තරයට මෙතරම් සිත ඇද බැද ගනුයේ එහි නිරන්තර පවතින මීදුම නිසාද එසේ නොමැති නම් සතර අත පෙනෙන කදු මුදුන් නිසාදැයි නොදනිමි. මේ සිත්කළු, නෙත්කළු බව නිසාම ඒ පිළිබද බොහෝ කරැණු සොයන්නට උත්සුක වුනෙමි. පළමුව රත්තොට හරහා රිවස්ටන් වෙතද දෙවනුව බඹරැල්ල වෙතද තෙවනුව හුන්නස්ගිරිය වෙතද පිය මනින්නේ නොයා සිටිය නොහැකි නිසාවෙන්ම විය යුතුය.
සෙංකඩගල වැළලුනු සුදු ආඩම්බරය – ගැරිසන් සොහොන

ඔහු නමින් කපිතාන් ජේම්ස් එඩ්වර්ඩ් මැක්ග්ලෑෂන්.වෝටලූ සටනෙදි වගේම බසාකෝ,ඇල්බියුරා වගෙ සටන්වලදි රැජිනගෙ 19වැනි රෙජිමේන්තුව වෙනුවෙන් සටන් වැදුනු සම්මානලාභී රණ ශූරයෙක්.දරුණු සතුරු බලමුලු මැද්දෙ ජීවිතේ බේරගෙන යුධ වැදුනු බ්‍රිතාන්‍ය සෙන්පතියෙක්.
සුන්දර මාතලේ සෙම්බුවත්ත විල

අද මම ඔයගොල්ලන්ව එක්ක යන්න හදන්නේ හොඳ විවේකයක් ගත කරන්න පුළුවන් තැනක් බලන්න. හරි ලෑස්ති නේද?කොළඹ ඉඳන් ගමන පටන් ගන්නවා නම් ඔයගොල්ලෝ මුලින්ම නුවරට ඇවිල්ලා එතනින් උකුවෙල හන්දියෙන් හැරිලා ඇල්කඩුවට ඇවිල්ලා එතනින් හුණුගල පාරේ ආවොත් සෙම්බුවත්ත විලට (sembuwatte lake ) එකට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්. හැබැයි පුතෝ, තේවත්තේ යන්න නම් උස වාහනයක් තියෙන්න ඕන.
කොකාගල හරහා පස්සර පුංචි ලෝකාන්තයට

රාත්‍රිය පුරාවටම ඇදහැලුන වැස්ස නිසා මුළු පරිසරයම ප්‍රබෝදමත් බවක් ඇතිකරගෙන තිබුණා. උදේ තේ පානය අතරතුරේදී, ජිවිතේ පළමු වතාවට පයගපු ලුණුගල නගරය අවට තියෙන වැදගත් සංචාරක ස්ථාන ගැන, හිතමින් උන්න මම පුංචි ලෝකාන්තය බලන්න යමුදැයි කරපු යෝජනාවට; නොහිතපු විදිහට හැමෝගෙම අනුමැතිය ලැබුණා.
කටගමුව වනෝද්‍යානය ඔස්සේ සිතුල්පව්වට සෆාරියක්

ටිකක් අමාරුවෙන් උනත් උදෙන්ම අවදිවෙලා ලක ලැහැස්ති වුනේ පුලුවන් තරම් උදෙන් සිතුල්පව්වට ලඟාවෙන්නයි. මොකද දවල් වෙනකොට සිතුල්පහුවේ රත් වෙච්ච ගල මතුපිටදී; නිරුවත් පාද වලට දැනෙන සුවය නොලබන්නත්, අතරමගදී අඩුම තරමින් වනයේ නිදහසේ සැරිසරන මුව පොව්වෙක් වත් දකින්නත් උදෙන්ම යන එක වැදගත් වෙනවා.
ශ්‍රී ලංකාවේ උසම කන්ද උඩ ලැබූ සුන්දර අත්දැකීමක්…

පාසල් කාලයේ සාමාන්‍යය පෙළ විෂය ධාරාව හැදෑරු අප ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය ගැන අධ්‍යනය කිරීමේදී නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ගැන ප්‍රධාන වශයෙන් කතා කරයි. එමගිනුත් නුවරඑළිය ප්‍රධාන තැනක් ගනී.
මන්දාරම් නුවර

අපගේ චාරිකාවේ එක් ප්‍රධාන අරමුණක් වුයේ මන්දාරම් නුවර හොඳ හැටි දැක බලා ගැනීමයි. අප අපගේ ගමන නුවර එළියෙන් ආරම්භ කරන විට උදේ 9 පසුවී තිබුණි. අපි නුවරඑළියේ සිට මන්දාරම් නුවර දෙසට ගමන් කිරීමට රාගල පාර භාවිතා කළෙමු. යම් දුරක් ගමන් කරන විට අප හට ඈතින් දිස් වුයේ ශ්‍රී ලංකාවේ කඳුමුදුන් වල උස අතරින් හත් වෙනි ස්ථානයට ඇති මනරම් හක්ගල කඳු වැටියයි.



