RSSAll Entries Tagged With: "viraj"

ගල්කිරියාගම කඳුවැටිය අසබඩ මනරම් කඳවුරු බිම

image011

වේලාව තවමත් උදැසන 7 යි. මනාව නඩත්තු කරනලද මාර්ගයෙහි රථයක් දෙකක් පමණක් ඉහල පහල ඇදෙමින් තිබුණා. මාර්ගය කොච්චර ආරක්‍ෂිත වුනත් වාහනයෙහි වේගය පැ.කි.මි. 70 න් ඔබ්බට යන්නට නොදී අමාරුවෙන් හිත පාලනය කරගත්තේ වේග මාන අතැතිව (අ)විනීත රියදුරන් දඩයමෙහි යෙදෙන පොලිස් මහතුන් මේ මාර්ගයේ ඉතා බහුල බව අත්දැකීමෙන් දන්නා නිසයි.

කොකාගල හරහා පස්සර පුංචි ලෝකාන්තයට

image023

රාත්‍රිය පුරාවටම ඇදහැලුන වැස්ස නිසා මුළු පරිසරයම ප්‍රබෝදමත් බවක් ඇතිකරගෙන තිබුණා. උදේ තේ පානය අතරතුරේදී, ජිවිතේ පළමු වතාවට පයගපු ලුණුගල නගරය අවට තියෙන වැදගත් සංචාරක ස්ථාන ගැන, හිතමින් උන්න මම පුංචි ලෝකාන්තය බලන්න යමුදැයි කරපු යෝජනාවට; නොහිතපු විදිහට හැමෝගෙම අනුමැතිය ලැබුණා.